මහා පරාක්‍රමබාහු රජතුමා
පොලොන්නරුව රාජධාණියේ පොත්ගුල් විහාර සංකීර්ණයේ නිර්මාණය කර ඇති මෙම ප්‍රතිමාව මහා පරාක්‍රමබාහු රජතුමාගේ යයි ලෙස සැලකේ. මෙම ප්‍රතිමාව පිළිබදව තවත් මතයක් වන්නේ එය හින්දු පූජකවරයෙකු හෝ තවුසෙකුගේ පිළිරුවක් බවයි. මෙසේ නිගමනය කිරීමට ඇදුම් පැලදුම් , හිස පලදනාව , දික්වු රැවුල අත ඇති පුස්කොල පොත වැනි අංග උපකල්පනයට ගත් බව සදහන්. පොත් ගුල් විහාර සංකීර්ණය පරාක්‍රමබාහු ක්‍රි .ව 1153-1186 රාජ්‍ය කාලයේ ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණයකි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිහිටුවා ඇති හැදින්වීමේ පලකයේ මෙම ගොඩනැගිලි සංකීර්ණය කපිල මණ්දීරය හෝ මණ්ඩල මණ්දීරයයි සදහන් කර ඇත.
මහා පරාක්‍රමබාහු රජතුමාගේ දේවියක වන චන්‍ද්‍රවතී දේවිය විසින් ප්‍රතිසංස්කරණය කරන බව සදහන් ශිලා ලේඛණයක් ගොඩනැගිලි සංකීර්ණයෙන් හමු බව එම පලකයේ තවදුරටත් සදහන් කර ඇත.පුරා විද්‍යාත්මක තහවුරු කිරීම් අනුව මෙම ගොඩනැගිලි පුස්තකාල සංකීර්ණයකි. එසේනම් ලංකාවේ හමුවු විශාලතම පෞරාණික පුස්තකාල සංකීර්ණය මෙම ප්‍රතිමාව ස්ථාපනය කර ඇති භූමියේ පිහිටයි.
පොත්ගුල් විහාර සංකීර්ණයේ නිර්මාණය කල මහා පරාක්‍රමබාහු රජතුමා සිහිවනු පිණිස එතුමාගේ ප්‍රතිමාව මෙම භූමියේ පිහිටුවන ලද්දේා විය හැකියයිද යන්නත් සිතිය හැකි කරුණකි.
පරණවිතානයන් “ලංකා විශ්ව විද්ය්‍යාලයේ ලංකා ඉතිහාසය” නම් ග්‍රන්ථයට අදහසක් දක්වමින් මෙම ප්‍රතිමාව විය ගසක් දෑතින් දරා සිටින පුද්ගලයෙකුගේ ප්‍රතිමාවක් ලෙස හදුන්වා සිටී.එම පුද්ගලයා මහා පරාක්‍රමබාහු රජතුමාද විය හැකි බවද සදහන් වේ.
Categories: මගේ අදහස්











good.