Archive
Archive for September, 2010
මුදලේ අගය දන්නා සරිසේන මුදලාලි විය පැහැදම් කිරීමේදි බෝහොම කල්පනාකාරි වුණා. සතයෙන් සතය එකතු කොට දියුණු පමුණුවට ගත් වෙළදසැලේම නිවසද ඔහුගේ නිධානය බදු විය. අතමිට සරැවූ කල ගත් වෑන් රථය ද බලා කියාගත්තේ දරැවකුට නොදෙවැනි ලෙසය.
සිරිසේන මුදලාලි දැන් දැන් තම වැඩ කටයුතු සදහා තම පුත්‍රයාගෙන්ද සහාය ලබා ගන්නේය. ඒ ඉදිරි අනාගතයේදි තම දායාද පුතණුවන්ට ලබා දීමට පෙරහුරැවක් මෙනි . ඒ නිසා පුත්‍රයාටද අරපිරිමැස්ම ද එතරම් නුහුරැ වූවාක් නොවේ. ඇතැම් විට පියාටද වඩා පුත්‍රයා අතින් ඒ කාර්ය වඩාත් හොදින් සිදුවිය.
අන්න අර කඩේ මේ වාහනයට ගැලපෙන ලයිට් තියෙනවා. හරියට හොයලා බලලා අඩු ගානකට ලයිට් එකක් අරන් එන්න.
සරිසේන මුදලාලි වහනයේ නොදැල්වෙන බල්බය ගලවා ඉවත් කරමින් පුත්‍රයාට කීවේය. ඔහුද පියා කී ලෙසින්ම එය ඉටු කිරීමේ අදහසින් පිටව ගියේය.
මහත්තයා ඔය කියන විධියට ලාභෙට බඩු නෑ. ඒ ඉස්සර.කඩහිමියා කීවේය.
එහෙම කියලා බෑනේ.අපේ තාත්තා මෙතනින් තමයි හැමදාම බඩු ගත්තේ. ඉතින් ඒ ගානටම දෙන්නකෝ.පුත්‍රයා කඩ හිමියා ඉදිරියේ බැගෑපත් වුණා.
අනේ මහත්තයෝ මේ ගානට වඩා සතයක්වත් අඩු කරන්නේ නෑ. ගන්නවානම් ගන්නවා කඩහිමියා එසේ පවසා ඉවත්ව ගියාය. ඒ අතර සේවකයා පුත්‍රයා අසලට හෙමින් හෙම්න් කිට්ටු විය.
මහත්තයා ඔය අතේ තියෙන කීය හරි දීලා මේකත් අරගෙන ඉක්මනට යන්වා මෙතන තවත් මෙතන වද දෙන්න එපා. සේවකයා බෑගයකට දැමූ පාර්සලයක් පුත්‍රයා අත තබා කීවේය.
ඉහේ මල් පිපුණු පුත්‍රයා අත තිබූ මුදල් සියල්ල ම සේවකයාට දී වට පිට නොබලා පාර්සලයත් අරන් ගියාය.
ජයග්‍රාහි ලීලාවකින් ගෙට ගොඩවන පුත්‍රයා දෙස බැලූ පියා ගේ මුවගට සිනා රැල්ලක් නැගුනේ කොලුවා හපනා, බය වෙන්න කාරි නෑ.මටත් වඩා සූරයා යැයි සිතමිනි.පාර්සලය දිගහැර බල්බය සවි කිරීමට පියාද පුත්‍රයාද සූදානම් වූහ.එහෙත් එහි තිබුණේ ඉවතලන විදුලි පන්දමකි.පියාටද පුත්‍රයාටද හීන් දාඩිය දැමුවේය.පාඩුව විදගනු විනා දෙදෙනාටම කළහැකි වෙනත් දෙයක් නොවීය.
Categories: Uncategorized
Tags: අන්තර්ජාලය, බොලොග් අඩව්, මුදල්, ලංකාව, ලෝකය, සංවිධාන, සංශෝධනය, සමගිය, Batuwangala Maha Vidyalaya, cat, Education, flower, internet, network
එක් කරුණාබර යුවතියක් එක්තරා කාලයක සිය පියා සහ කුඩම්මා සමඟ දිවි ගෙව්වා ය. මේ නපුරු කුඩම්මාටත් දියණියක සිටියා ය. කුඩම්මා ඇගේ දියණියට මිස පුරුෂයා ගේ දියණියට නම් කාරුණික වූයේ නැත. කුඩම්මා ගේ දියණිය වනාහි ඇගේ පෙර විවාහයේ දරුවා ය.
මේ නිවසේ ගැටුම් බහුල විය. දිනක් කුඩම්මා සිය පුරුෂයා අමතා මෙසේ කීවා ය: “නුඹේ දූ කොහොමටවත් හදන්නට බැරි එකියක්. ඈ වනාන්තරයේ බිම්ගෙට ඇරලවපං. එහිදී ඈ හොඳින් හැදේවි”
පුරුෂයාට කළ හැකි අන් දෙයක් නො වී. ඔහු ඈ ඒ බිම්ගෙ හි රඳවා කාරුණික අවවාදයක් ද දී පිට ව ගියේ ය: “දුවේ, නුඹට ගින්දර තිබෙනවා. කැඳ උයාපං. කිසිවක් නිකරුණේ නාස්ති කරන්නට එපා. කාලයත් ඒ වගේමයි”
ඈ කැඳක් පිසුවා ය. රාති‍්‍රය එළැඹිණි. එක්වර ම කුඩා මී පැංචෙක් ඈ වෙත ආවේ ය: “කෙලි පැංචියේ බොහොම බඩගිනියි. කැඳ හැන්දක් ඇත්නම් හොඳයි”
”හැන්දක් විතරක් මොකටද? ඇති වෙන්න ම කමු.” දියණි මී පැංචා සමඟ ඉක්මනින් මිතුරු වූවා ය.
මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. විසල් වළහෙක් ගොරවාගෙන බිම්ගෙට ඇතුළු විය.
දියණි බියෙන් වෙව්ලා ගියා ය. “බය වෙන්න එපා පුංචි කෙල්ලේ අපි ඒකා සෙල්ලමට ගනිමු. නුඹ පෝරණුව යට හැංගියන්. මං සීනුව හඬවා ඌ රවටන්නම්.”
මී පැංචා ගේ උපක‍්‍රමය සාර්ථක විය. වළහාට පරාජය පිළිගැනීමට සිදුවිය: “කෙල්ලේ නුඹ හපනියක්. මං පැරදුණා. හෙට උදේට රන් කාසි ගැලක් එවන්නම්.”
පසුදා දියණි ගැන සොයා බලන්නට පියා ආවේ ය. රන් කාසි ද ගෙන ඔවුහු යළි නිවෙස වෙත ගියෝ ය.
කාසි දකින කුඩම්මා ඊර්ෂ්‍යාවෙන් දැවේ.
”ඇයි නුඹේ දුව විතරක්? මගේ දු වත් බිම්ගෙට ගෙනියාපං” ඈ කීවා ය.
කුඩම්මා ගේ දියණි ගේ වාරය ආවේ ය. ඈ ද බිම්ගෙට වැදී කැඳක් පිසුවා ය. රාති‍්‍රය එළැඹිණි. මී පැංචා ද ආවේ ය. එහෙත් මී පැංචා ගේ ආයාචනය මේ දියණි ඉවසුවේ නැත.
”නුඹ ජරා මීයා. වහා ම මේ ගෙයින් පිටවෙයං”
මී පැංචා යන්නට ගියේ ය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. පෙරදා මෙන් ම වළහා පැමිණ ගොරවන්නට විය. කළ යුත්තේ කුමක් දැයි මේ දියණි නො දනී.
ඈ වළහා ගේ ගොදුරක් බවට පත්වූවා ය.
එක් මහලු මවකට ඉතා මෝඩ පුතෙක් විය. මව දිනක් සිය පුතු අමතා මෙසේ කීවා ය:
”පුතේ මිනිසුන් අතරට ගොසින් ජීවත් වෙයන්. හුදෙකලා වීමෙන් නුවණ ලැබෙන්නේ නෑ”
පුතු ද එය ම කෙළේ ය. එසේ ඔහු ගම්මානයේ ඇවිද යන අතරතුර ධාන්‍ය වර්ගයක් කොටමින්, ධාන්‍ය කරට ගෙන බර අදිමින් සිටින මිනිසුන් කිහිප දෙනකු ඔහුට පෙනිණි.
”නුඹ කොහි සිට ආවාද? මේ හැටි විමසිල්ලෙන් අප දෙස බලන්නේ ඇයි?” ඒ මිනිස්සු ඇසූහ.
මෝඩ පුත‍්‍රයා කිසි පිළිතුරක් දුන්නේ නැත. අවසානයේ කුපිත වූ මිනිස්සු ඔහුට පහර දුන්හ. ඔහු හඬමින් නිවෙස වෙත ආවේ ය.
මහලු මවු සියලු තතු විමසා මෙසේ පුතුට අවවාද දුන්නා ය: “අනේ නුඹ කීවානම්, ඔය බර රැගෙන යෑමට නුඹලාට දේව කරුණාව ලැබේවා කියා ඒ මිනිස්සු බොහොම සතුටු වෙන්නට තිබුණා”
මීළඟ දිනයේ දී මෝඩ පුතා යළි ගම්මානයේ ඇවිද යන්නට විය. එවිට එහි අතුරු මාවතක් ඔස්සේ අවමංගල්‍ය පෙරහැරක් ඇදී ආවේ ය. මිනිස්සු බරක් ඔසොවාගෙන ඉදිරියට ඇදෙනු දුටු පුත‍්‍රයා මහා හඩින් කෑ ගසන්නට විය:
”අනේ ඔය බර රැගෙන යෑමට නුඹලාට දේව කරුණාව ලැබේවා”
එවර ද කුපිත වූ මිනිස්සු ඔහුට පහර දුන්හ. ඔහු යළි හඬමින් නිවෙස වෙත ආවේ ය.
”අම්මෙ නුඹ කී හැටියට කළාමත් මට මිනිස්සු ගැහුවා.” ඔහු හඬමින් ම ආඩපාලි කීය.
”පුතේ නුඹ කීවා නම් ස්වර්ග මෝක්ෂ සැප ලැබේවා කියා හරි අගේට ගැළැපෙන්නට තිබුණා. අනිත් එක නුඹට තිබුණේ හිස්වැස්ම එහෙමත් ගලවලා හඬා වැටෙමින් එසේ කියන්නටයි” මව කියා සිටියා ය.
තෙවැනි දින එළැඹිණි. අඥාන පුත‍්‍රයා යළි ගමනේ යයි. එදින ඒ ගම මහා සැණකෙළියකි. මිනිස්සු මහා හුඟක් සැණකෙළියෙහි එක්රොක් වී සිටිති.
මෝඩ පුතා එතැනට ගොසින් හිස්වැස්ම ගලවා මහා හඩින් හඬමින් නුඹලාට ස්වර්ග මෝක්ෂ සැප ලැබේවා යි කී විට ප‍්‍රීතියෙන් උදම් වී සිටි මිනිස්සු ඔහුට ඇති තරමට ගුටි බැට දෙන්නට වූහ.
එක ගමක පුංචි පවුලක් ජීවත් වුණා.අම්මයි තාත්තයි දුවයි පුතයි. පවුල පුංච් වුණත් සමගිය විශාලයි. ඒකනේ කියන්නේ පුංචි පවුල රත්තරං කිලා. මොනතරමි අඩුපාඩුකම් තිබුනත් සතුටින් ජීවිතයට මුහුණ දෙන්න මේ උදවිය පුරැදු වෙලා හිටියා.
තාත්තා බොහෝම මහන්සියෙන් උපයාගන්නා දේවල් අමිමා වියහියදම් කළේත් පරිහරණය කළේත් හරිම අරපිරිමැස්මෙන්.ඒ පුරැද්ද දුවටත් පුතාටත් නොමදව තිබුණා.
ගේ දොර අස්පස් කිරීමේ කාර්ය පැවරිලා තිබුණේ දුවට.ඒ කාරිය හරිම ආසාවෙන් ඉටු කළා.මකුළුදැල් කඩලා දූවිලි පිහදාලා ගේ ලස්සනට තියාගන්න දු මෙන්ම අමිමත් හුගක් උනන්දු උනා.
ආලින්දය හැ වුණේ ලස්සන මල් පෝච්චියකින් එය අමිමාගේ උපන්දිනයට තාත්තාගෙන් ලැබුණු තෑග්ගක්.ඒ නිසා අම්මා ඒ මල් පෝච්චිය පාවිච්චි කළේ හරිම ආදරයෙන්.
දවසක් නිම්සරා ඒ කියන්නේ මේ දුවගේ අතින් මල් පෝච්චිය බිමට වැටුණා.ලස්සන මල් පෝච්චිය දෙකඩ වුණා.ඇගේ හිතට බයකුත් එක්ක දුකක් ඇති වුණා. අම්මට මොන තරම් දුකක් ඇති වෙයිද? නිමිසරාගේ ඇස්වල කදුළු පිරැනා.මේ ගැන අම්මට කියනවද නැත්ද? ඇගේ සිත චංචල වූනා.
අවසානයේ නිම්සරා තීරණයකට පැමිණියා.ඈ මල් පෝච්චියේ කෑලි එකට තියලා ඇලෙව්වා.ඒ කිබූ තැන ම තිබ්බා. හිතේ දෙගිඩියාවෙන් වුණත් අනිත් වැඩ වල නිරත වුණා.
එදා රෑ කෑම ට පුවුලේ උදවිය කෑම මේසයට ආවා.අනිත් අය සතුටින්.ඒත් නිම්සරා නම් හිටියේ හරිම දුකින් හා කුමක්දෝ බියකින්.මේ අතරේ අම්මා කටහඩ අවදි කලා.
මේ බලන්න මගේ මල් පෝච්චිය බිදිලා.ඒක කාගේ අතින්ද බිදුනේ. අම්මා ඇහුවා.නිම්සරා අම්මාගේ මූණ බැලුවා.කිසිම වෙනසක් නෑ.ඒත් ඈ උත්තර දුන්නේ නෑ . බිම බලා ගත්තා.
මේ බලන්න……….. මල් පෝච්චිය බිදිලා තියෙන්නේ මට ඕන විධියටමයි. මට ඒක කරගන්න බැරිවයි හිටියේ. අම්මා සතුටු මුහුණක් මවගෙන කිව්වා.
නිම්සරාගේ මුවගට සිනහවක් ආවා.එහෙමනම් මම කළේ උදව්වක්.ඒ නිසා නිම්සරා කතා කළා.
අම්මා ඒක බින්දේ මම……නිම්සරා හෙමින් හඩ අවදි කළා.
ඉතින් ඔයා මේක මට ඒ වෙලාවේම කියන්න තිබුණනේ….අම්මා ආදරයෙන් කතා කළේ හොරා අල්ලාගත්තා බවට අනෙක් අයට ඉගි කරමින්.නියම උපාය නේද?
ලොව ඇති සියළු දේ මැනුමට මිමි සෑදූ
මිනිසා මනින්නට නැත්තේ ඇයි කෝදු
මිනිසට අන් දෙකක් දැන්වී ඇත මෝදු
ඔක්කොම අමතකයි ඒකයි අරියාදු
බොහෝ ඈත කාලයක කුත්ක් නමින් මිනිසෙක් විසී ය. ඔහු ගේ බිරිය විත්ති ය . දෙදෙනා ජීවත් වූයේ මසුන් මැරීමෙනි.
දිනක් කුත්ක් සරු මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගෙන සිය හිම කරත්තය මසුන්ගෙන් පුරවාගෙන නිවෙස බලා එමින් සිටියේ ය.
හිම මත ලිස්සා යන සේ සකස් කර තිබූ ඒ කරත්තය ඇද්දේ සීල් මත්ස්‍ය යුවළකි.
”ඉක්මනින් ගෙදර යමු. වේගයෙන් දුවන තරමට අතරමඟ දී ප‍්‍රණීත කෑම ලැබේවි “ කුත්ක් සීල් මසුන් අමතා කීය.
ඒ මත්ස්‍යයෝ සිය වේගය දෙගුණ කළහ. රිය ඉක්මනින් නිවෙස බලා ඇදෙමින් තිබිණි.
එහෙත් මසුන්ට වෙහෙස ය. ආහාර ලැබෙනා පාටක් නම් නැත!
”අපට වෙහෙසයි. කන්න ඕනෑ “ ඔවුහු කීහ. ඒත් කුත්ක් මේ වචන සැලකිල්ලට ගත් බවක් නොපෙනිණි.
” තව ටිකක් වේගෙන් යමු. අනිවාර්යයෙන්ම කෑම දෙනවා” ඔහුගෙන් ලැබුණේ තවත් පොරොන්දුවක් පමණි.
සීල් මත්ස්‍යයෝ යළි දුවන්නට වූහ. එහෙත් ඔවුන් සැබැවින් ම වෙහෙසට පත්වෙලා ය. ඔවුහු යළි ඉල්ලති. කුත්ක් පොරොන්දු දෙයි.
අවසානයේ දී මසුන් ගේ ඉවසීම සිදුණු බව පෙනෙන්නට විය. මත්ස්‍යයෝ එක්වර ම දිවයමින් සිටි දිශාව වෙනස් කළහ.
උන් හරුණේ මුහුද දෙසට ය. දැන් කරත්තය ඉතා වේගයෙන් යයි.
කුත්ක් ට යමක් සිතා ගැනීමට පවා කාලයක් නැත. ඔහු මහා බියකින් පසුවන බව පමණක් පැහැදිලි ය.
”නවත්තපල්ලා, නවත්තපල්ලා “අවසානයේ දී ඔහු මොර දිණි.
එහෙත් ගමන නොනැවතේ. මත්ස්‍යයන් කෙළින් ම දිව ආවේ මුහුද වෙත ය.
උන් දෙදෙනා දෙවරක් නොසිතා මුහුදට පැන්නාහ. කරත්තය දැන් මුහුදේ ය. කුත්ක් දිවි ගලවා ගත්තේ අනූ නවයෙනි.
එසේ කොට හිස් අතින් ම ගෙදර යන අතර ඔහු මෙසේ සිතන්නට විය. පොරොන්දු දීලා කඩකරන එක බොහොම භයානක දෙයක්!
එක්තරා ඈත අතීත කාලයක රුසියාවේ පිටිසරබද ගම්මානයක අඹුසැමි යුවළක් වාසය කළ හ. ඔවුහු ඉතා දිළින්දෝ ය. දිනක් ඔවුන්ට ආහාර පිණිස කිසිවක් ම නොමැති විය.බිරිය ඉතා වෙහෙස වී එක්රැස් කරගත් පිටි ස්වල්පයකින් පාන්ගෙඩියක් තනන්නට වූවා ය. එය රවුම් අපූරු පාන් ගෙඩියකි. ඈ එය කෙතරම් කදිමට තැනුවා ද යත් එය දරුවකු ගේ මුහුණක් බඳු විය. ඈ ඒ රවුම මත දෙඇසක් ද, මුවක් සහ නාසයක් ද සලකුණු කළා ය.
එහෙත් එක්වර ම ඈ නොසිතූ® යමක් සිදුවිණි. ඒ පාන් ගෙඩියට පණ ආවේ ය. එවිට මේ පාන් බබා එක්වර ම මුළුතැන්ගෙහි කවුළුවෙන් පිටතට පැන අඩි පාර ඔස්සේ පලා දුවන්නට විය.
මෙසේ යන පාන් බබා අසල වනය තුළට වන් විට ඔහුට සාවකු මුණ ගැසිණි.
”අපූරු පාන් බබෙක්. මා නුඹ කා දමන්නම්” සාවා කීය.
”මා කන්නට එපා. මා නුඹට ගීයක් ගයන්නම්. පාන් බබා කීය:
මා පිටියෙන් තැනුණා
තෙලින් ඇනුණා
සීයාගෙන් මිදුණා
අත්තම්මාගෙන් මිදුණා
සාවාගෙනුත් මිදෙනවා…
ගීය නිම වූ සැණින් පාන් බබා අතුරුදන් විය. සාවාට තවදුරටත් ඔහු නොපෙනිණි.
පාන් බබා ඉදිරියට ම දිව ගියේ ය. ඔහු දැන් වනය මැද ය. මෙවිට ඔහු ඉදිරියට ආවේ වෘකයෙකි. ඔහු වෘකයාට ද ගීය ගැයුවේ ය. එසේ කොට පෙර සේම නොපෙනී ගියේ ය.
මීළඟට ඔහු ඉදිරියට වළසකු පැමිණ ඔහු කා දමන්නට සූදානම් වූ විට යළි ඔහු ගේ පිහිටට ආවේ පෙර කී ගීතය ම ය.
අවසානයේ දී ඔහු ඉදිරියට පැමිණියේ කපටි නරියෙකි. නරියාට ද පාන් බබා ගීය ගැයී ය.
සාවධානව ගීතය අසා සිටි නරියා මෙසේ කීය: “අනේ පුංචි බබෝ, මං දැන් වයසයි හරිහැටි කන් ඇහෙන්නේ නෑ නොවෑ. නුඹ මගේ හොම්බ උඩට නැගලා ඔය ගීතය කීවෝතින් නම් මට හොඳින් ඇහේවි.”
පාන් බබාට දුක හිතිණි. ඔහු නරියාගේ හොම්බ මතට වන්නේ ය. කපටි නරියා වහා ම පාන් බබා ගිල දැමුවේ ය. කවුරුන් වුවත් නිදහස භුක්ති වින්ද යුත්තේ ප්‍රවේසමෙනි!
Categories: කතාන්දර, කථා, මගේ අදහස්
Tags: animation, bake, Batuwangala Maha Vidyalaya, doctor, internet, ireshikamadhuwanthi of batuwangala e-village, moon, sky, sun

එක් රජකුට දියණිවරු සත් දෙනෙක් සිටියෝ ය. රජු ගේ බිරිය මිය ගොසිනි. මේ දියණියෝ රාති‍්‍රයේ දී අතුරුදහන් වෙති. ඔවුහු කොහේ දෝ යති. උදෑසන යළි පැමිණෙති. කිසිවකුට මේ ගමන වැළැක්විය හැකි නො වේ. එය මහා අබිරහසකි.
රජුට මේ ගමන නවත්වන්නට වුවමනා ය. එහෙත් එය කළ හැකි නොවේ. මේ අබිරහස හෙළිදරව් කර ගැනීමට එරට විසූ එක් දිළිඳු තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු සතු ව මායාකාරී තොප්පියක් තිබිණි. එය පැළැඳි විට තරුණයා නොපෙනී යයි.
පිය රජුගේ අනුදැනුමින් යුතු ව තරුණයා රාත‍්‍රි කාලයක දී මාලිගාවට ඇතුළු විය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. කුමාරියෝ ගමනට සූදානම් වූහ. ඔවුහු වටිනා වස්ත‍්‍ර හැඳ, වටිනා සැරසිලි කළහ. වැඩිමහල් සොහොයුරිය සිය යහන පසෙකට කළ විට එතැන අබිරහස් දොරටුවක් මතු ව ආවේ ය. මායාකාරී හිස්වැස්ම පැළඳ ගත් තරුණයා මේ සියල්ල දුටුවේය.
විවර වූ අබිරහස් දොරටුවෙන් කුමාරියෝ ඇතුළු වූහ. එතැන වූ පිය ගැට පෙළ අවසානයේ සංගීත රාජධානිය හමුවිය. එහි සංගීතය වැයේ. ඒ හඬ අතිශය මියුරු විය.
මේ රාජ කුමාරියන් හට සිය පිය රජු ගේ රාජධානියෙහි සියලු ඉසුරු තිබූ නමුත් වින්දනයට යමක් තිබුණේ නැත. පිය රජතුමා සංගීතය ප‍්‍රිය නො කෙළේ ය. එහෙයිනි මේ දූ කුමාරියන් සංගීත රාජධානිය සොයා පැමිණ තිබුණේ.
මේ රාජධානියේ රන්වන් රෝස පිපේ. තරුණයා එයින් එකක් ද නෙළා ගත්තේ රජතුමාට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නට යි.
රැය පහන් වන තුරුම මධුර සංගීත ස්වර අසමින් ගත කළ දූ කුමාරියෝ යළි උදාසන මාලිගයට ආහ. තරුණයා ද යළි ආවේ ය. කිසි ම අයකුට ඔහු පෙනුණේ නැත.
දැන් තරුණයා ගේ වාරය යි. ඔහු සියලු කරුණු රජතුමාට හෙළි කෙළේ ය. ධනවත් වීමට නම් පාවා දීම් කළ යුතු බව ඔහු දැන සිටියේ ය. ඔහු ගේ පාවා දීම අකුරට ම වැඩ කළේ ය.
සිය රාජධානියෙන් අඩක් ද, ළාබාල ම කුමරිය ද ඔහුට රජතුමාගෙන් තිළිණ සේ ලැබිණි. ඔහු මේ කුමරිය සිය බිරිය කොට ගෙන සතුටින් දිවි ගෙවී ය. එහෙත් කුමරිය සතුටින් දිවි ගෙව්වා දැයි කිසිවෙක් නොදනී.
Categories: කතාන්දර, කථා, මගේ අදහස්
Tags: අධ්‍යාපනය, අනුරාධපුරය, අම්මා, ජන කතා, ජීවිතය, පොළොන්නරැව, ලෝකාන්තය, සීගිරිය, හිමකන්ද, Education, google, network, students, wikipedia, yahoo
කියවපු අය හිතන දේවල්..