Home > කතාන්දර, කථා, මගේ අදහස් > පාන් බබා…………

පාන් බබා…………

එක්තරා ඈත අතීත කාලයක රුසියාවේ පිටිසරබද ගම්මානයක අඹුසැමි යුවළක් වාසය කළ හ. ඔවුහු ඉතා දිළින්දෝ ය. දිනක් ඔවුන්ට ආහාර පිණිස කිසිවක් ම නොමැති විය.බිරිය ඉතා වෙහෙස වී එක්රැස් කරගත් පිටි ස්වල්පයකින්  පාන්ගෙඩියක්  තනන්නට වූවා ය. එය රවුම් අපූරු පාන් ගෙඩියකි. ඈ එය කෙතරම් කදිමට තැනුවා ද යත් එය දරුවකු ගේ මුහුණක් බඳු විය. ඈ ඒ රවුම මත දෙඇසක් ද, මුවක් සහ නාසයක් ද සලකුණු කළා ය.

එහෙත් එක්වර ම ඈ නොසිතූ® යමක් සිදුවිණි. ඒ පාන් ගෙඩියට පණ ආවේ ය. එවිට මේ පාන් බබා එක්වර ම මුළුතැන්ගෙහි කවුළුවෙන් පිටතට පැන අඩි පාර ඔස්සේ පලා දුවන්නට විය.

මෙසේ යන පාන් බබා අසල වනය තුළට වන් විට ඔහුට සාවකු මුණ ගැසිණි.

”අපූරු පාන් බබෙක්. මා නුඹ කා දමන්නම්” සාවා කීය.

”මා කන්නට එපා. මා නුඹට ගීයක් ගයන්නම්. පාන් බබා කීය:

මා පිටියෙන් තැනුණා
තෙලින් ඇනුණා
සීයාගෙන් මිදුණා
අත්තම්මාගෙන් මිදුණා
සාවාගෙනුත් මිදෙනවා…

ගීය නිම වූ සැණින් පාන් බබා අතුරුදන් විය. සාවාට තවදුරටත් ඔහු නොපෙනිණි.

පාන් බබා ඉදිරියට ම දිව ගියේ ය. ඔහු දැන් වනය මැද ය. මෙවිට ඔහු ඉදිරියට ආවේ වෘකයෙකි. ඔහු වෘකයාට ද ගීය ගැයුවේ ය. එසේ කොට පෙර සේම නොපෙනී ගියේ ය.

මීළඟට ඔහු ඉදිරියට වළසකු පැමිණ ඔහු කා දමන්නට සූදානම් වූ විට යළි ඔහු ගේ පිහිටට ආවේ පෙර කී ගීතය ම ය.

අවසානයේ දී ඔහු ඉදිරියට පැමිණියේ කපටි නරියෙකි. නරියාට ද පාන් බබා ගීය ගැයී ය.

සාවධානව ගීතය අසා සිටි නරියා මෙසේ කීය: “අනේ පුංචි බබෝ, මං දැන් වයසයි හරිහැටි කන් ඇහෙන්නේ නෑ නොවෑ. නුඹ මගේ හොම්බ උඩට නැගලා ඔය ගීතය කීවෝතින් නම් මට හොඳින් ඇහේවි.”

පාන් බබාට දුක හිතිණි. ඔහු නරියාගේ හොම්බ මතට වන්නේ ය. කපටි නරියා වහා ම පාන් බබා ගිල දැමුවේ ය. කවුරුන් වුවත් නිදහස භුක්ති වින්ද යුත්තේ ප්‍රවේසමෙනි!

  1. September 1, 2010 at 1:18 pm | #1

    ඔවු නිදහස බොහොම නිදහස් වුනත් ඒක භයානක වෙන්න පුලුවන්

  2. LU
    September 30, 2010 at 8:45 am | #2

    LASSANAI ..PODI AYATA WAGEMA LOKU AYATAT HODAI..

  3. Dr Sujeewa
    December 31, 2010 at 4:41 pm | #3

    My dear sons and doughters
    I am so happy aboyt you
    You are the future world
    thanks
    I am
    Dr Sujeewa Rathnayake

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.