Home > කතාන්දර, කථා > මෝඩකමක මහත……….

මෝඩකමක මහත……….

ක් මහලු මවකට ඉතා මෝඩ පුතෙක් විය. මව දිනක් සිය පුතු අමතා මෙසේ කීවා ය:

”පුතේ මිනිසුන් අතරට ගොසින් ජීවත් වෙයන්. හුදෙකලා වීමෙන් නුවණ ලැබෙන්නේ නෑ”

පුතු ද එය ම කෙළේ ය. එසේ ඔහු ගම්මානයේ ඇවිද යන අතරතුර ධාන්‍ය වර්ගයක් කොටමින්, ධාන්‍ය කරට ගෙන බර අදිමින් සිටින මිනිසුන් කිහිප දෙනකු ඔහුට පෙනිණි.

”නුඹ කොහි සිට ආවාද? මේ හැටි විමසිල්ලෙන් අප දෙස බලන්නේ ඇයි?” ඒ මිනිස්සු ඇසූහ.

මෝඩ පුත‍්‍රයා කිසි පිළිතුරක් දුන්නේ නැත. අවසානයේ කුපිත වූ මිනිස්සු ඔහුට පහර දුන්හ. ඔහු හඬමින් නිවෙස වෙත ආවේ ය.

මහලු මවු සියලු තතු විමසා මෙසේ පුතුට අවවාද දුන්නා ය: “අනේ නුඹ කීවානම්, ඔය බර රැගෙන යෑමට නුඹලාට දේව කරුණාව ලැබේවා කියා ඒ මිනිස්සු බොහොම සතුටු වෙන්නට තිබුණා”

මීළඟ දිනයේ දී මෝඩ පුතා යළි ගම්මානයේ ඇවිද යන්නට විය. එවිට එහි අතුරු මාවතක් ඔස්සේ අවමංගල්‍ය පෙරහැරක් ඇදී ආවේ ය. මිනිස්සු බරක් ඔසොවාගෙන ඉදිරියට ඇදෙනු දුටු පුත‍්‍රයා මහා හඩින් කෑ ගසන්නට විය:

”අනේ ඔය බර රැගෙන යෑමට නුඹලාට දේව කරුණාව ලැබේවා”

එවර ද කුපිත වූ මිනිස්සු ඔහුට පහර දුන්හ. ඔහු යළි හඬමින් නිවෙස වෙත ආවේ ය.

”අම්මෙ නුඹ කී හැටියට කළාමත් මට මිනිස්සු ගැහුවා.” ඔහු හඬමින් ම ආඩපාලි කීය.

”පුතේ නුඹ කීවා නම් ස්වර්ග මෝක්ෂ සැප ලැබේවා කියා හරි අගේට ගැළැපෙන්නට තිබුණා. අනිත් එක නුඹට තිබුණේ හිස්වැස්ම එහෙමත් ගලවලා හඬා වැටෙමින් එසේ කියන්නටයි” මව කියා සිටියා ය.

තෙවැනි දින එළැඹිණි. අඥාන පුත‍්‍රයා යළි ගමනේ යයි. එදින ඒ ගම මහා සැණකෙළියකි. මිනිස්සු මහා හුඟක් සැණකෙළියෙහි එක්රොක් වී සිටිති.

මෝඩ පුතා එතැනට ගොසින් හිස්වැස්ම ගලවා මහා හඩින් හඬමින් නුඹලාට ස්වර්ග මෝක්ෂ සැප ලැබේවා යි කී විට ප‍්‍රීතියෙන් උදම් වී සිටි මිනිස්සු ඔහුට ඇති තරමට ගුටි බැට දෙන්නට වූහ.

  1. Sumudu
    September 17, 2010 at 11:20 am | #1

    එල කතා නොවැ

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.