Home > Uncategorized > ඉතිරිය………(පුංච් කතාවක්)

ඉතිරිය………(පුංච් කතාවක්)

මුදලේ අගය දන්නා සරිසේන මුදලාලි විය පැහැදම් කිරීමේදි බෝහොම කල්පනාකාරි වුණා. සතයෙන් සතය එකතු කොට දියුණු පමුණුවට ගත් වෙළදසැලේම නිවසද ඔහුගේ නිධානය බදු විය. අතමිට සරැවූ කල ගත් වෑන් රථය ද බලා කියාගත්තේ  දරැවකුට නොදෙවැනි ලෙසය.

සිරිසේන මුදලාලි දැන් දැන්  තම වැඩ කටයුතු සදහා තම  පුත්‍රයාගෙන්ද සහාය ලබා ගන්නේය. ඒ ඉදිරි අනාගතයේදි තම දායාද පුතණුවන්ට ලබා දීමට පෙරහුරැවක් මෙනි . ඒ නිසා පුත්‍රයාටද අරපිරිමැස්ම ද එතරම් නුහුරැ වූවාක් නොවේ. ඇතැම් විට පියාටද වඩා පුත්‍රයා අතින් ඒ කාර්ය වඩාත් හොදින් සිදුවිය.

අන්න අර කඩේ මේ වාහනයට ගැලපෙන ලයිට් තියෙනවා. හරියට හොයලා බලලා අඩු ගානකට ලයිට් එකක් අරන් එන්න.

සරිසේන මුදලාලි වහනයේ නොදැල්වෙන බල්බය ගලවා ඉවත් කරමින් පුත්‍රයාට කීවේය. ඔහුද පියා කී ලෙසින්ම එය ඉටු කිරීමේ අදහසින් පිටව ගියේය.

මහත්තයා ඔය කියන විධියට ලා‍භෙට  බඩු නෑ. ඒ ඉස්සර.කඩහිමියා කීවේය.

එහෙම කියලා බෑනේ.අපේ තාත්තා මෙතනින් තමයි හැමදාම බඩු ගත්තේ. ඉතින් ඒ ගානටම දෙන්නකෝ.පුත්‍රයා කඩ හිමියා ඉදිරියේ බැගෑපත් වුණා.

අනේ මහත්තයෝ මේ ගානට වඩා සතයක්වත් අඩු කරන්නේ නෑ. ගන්නවානම් ගන්නවා කඩහිමියා එසේ පවසා ඉවත්ව ගියාය. ඒ අතර සේවකයා පුත්‍රයා අසලට හෙමින් හෙම්න් කිට්ටු විය.

මහත්තයා ඔය අතේ තියෙන කීය හරි දීලා මේකත් අරගෙන ඉක්මනට යන්වා මෙතන තවත් මෙතන වද දෙන්න එපා. සේවකයා බෑගයකට දැමූ පාර්සලයක්  පුත්‍රයා අත තබා කීවේය.

ඉහේ මල් පිපුණු පුත්‍රයා අත තිබූ මුදල් සියල්ල ම සේවකයාට දී වට පිට නොබලා පාර්සලයත් අරන් ගියාය.

ජයග්‍රාහි ලීලාවකින් ගෙට ගොඩවන පුත්‍රයා දෙස බැලූ පියා ගේ මුවගට සිනා රැල්ලක් නැගුනේ  කොලුවා හපනා, බය‍ වෙන්න  කාරි නෑ.මටත් වඩා සූරයා යැයි සිතමිනි.පාර්සලය දිගහැර බල්බය සවි කිරීමට පියාද පුත්‍රයාද සූදානම් වූහ.එහෙත් එහි තිබුණේ ඉවතලන විදුලි පන්දමකි.පියාටද පුත්‍රයාටද හීන් දාඩිය දැමු‍වේය.පාඩුව විදගනු විනා දෙදෙනාටම කළහැකි වෙනත් දෙයක් නොවීය.

  1. chinthaka sir
    November 29, 2010 at 9:19 am | #1

    mata oyala gena aadambarai.Puluvan hema velavema aluthin hithala aluth deyak liyanna.GOOD LUCK

  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.