අපි කහ ඉර මත…….
“හරි මාමේ මේක තමයි ඉස්කෝලේ. අර උඩහ ශාලාවේ තමයි උත්සවය තියෙන්නේ.
ගමට ආගන්තුක මගේ යතුරු පැදිය පිටිපස්සේ වාඩිවෙලා පසුකඑන කදුවැටි ඕවිට අතුරු පාරවල් ගැන තොරතුරු කිය කියා ආපු පුංච් පිරිම් දරුවා බයිසිකලෙන් බිමට කකුළ තියන ගමන් එහෙම කිව්වා. පන්සලේ නායක හාමුදුරුවන්ගේ පණිවිඩයක් අරගෙන හැතැප්ම පහළොවක් ඈත තියෙන අනෙක් පන්සලට පයින් ගිහිං හෙම්න් හෙම්න් එනකොට පසුකරල යන හැම වාහනයකට අත දමදමා හැතැප්මක් විතර පයින් ආපහු ඒනකොට තමයි ඒ දරුවාට මාව මුනගැහුණේ.
වාහන කීයකට අත දැම්මද? උඩහට යන හැම වාහනයටම අත දික්කලා. ඒත් නැවැත්තුවේ නෑ.
මමත් නවත්තන එකක් නැහැයි කියල හිතුණේ නැද්ද.
නෑ.මම හිතුවා මාමා නමා නවත්වල මාව දාගෙන යාවි කියල.
අනුන්ට උපකාර කරනසුලු පෙනුමක් මගේ මුහුණේ තියෙනවද. ඇත්තටම මම හීන් සීරුවේ පැති කණ්ණාඩියෙන් මුහුණ බැලුවා.
පුතා ඉස්කෝලේ යනවද?
නෑ මාමේ.
ඒ ඇයි?
මම පන්සලේ නතර වෙලා ඉන්නේ.
පන්සලේ ඉගෙන ගන්වද? ඔවි. තවත් පොඩි හාමුදුරුවොත් එක්ක පිරිවෙනේ ඉගෙන ගන්නවා.
ඔයාට ඉස්කෝලයකට යන්න ආසනැද්ද? වෙනසක් නෑ මාමේවෙනසකට තියෙන්නේ සෙල්ලමි කරන්න බැරි එක විතරයි.
පුතා මේ ඉස්කෝලේ මොකක්ද? මේ ගුලනවත්ත ඉස්කෝලේ.
මාමා යන්නේ යටිටපාත ඉස්කෝලෙටද?
පාර මැද ඇදපු කහ ඉර අතරින් පුංචි දරු පැට්වි ටිකක් පාර මාරු වෙනතුරු යතුරුපැදිය මදක් නතර කළා.
අපේ හාමුදුරුවෝ කියන කතාවක් ඇත්තටම ඇත්තමයි මාමේ.මොකක්ද පුතේ. මේ කහ ඉර කියල කියන්නේ හරි ගෞරවනීය තැනක් නේද?
එ කිවිවේ පුතේ. නෑ බලන්න මේ බයිසිකලේ මොන තරමි ශක්තියක් ද අපි දෙන්නවත් දාගෙන ලොකු කදු වැටි පහුකරගෙන ඉදිරියට ඇදෙන්නේ මොනතරමි වේගයෙකින්ද. ඒත් මේ කහ ඉර ළගදී ශක්තිය හීන කරන්න වෙනවා.
ඒ වගේම කරදර පිරිචිච ජීවිතෙත් හරියට මහ වල ගොඩැලි බොරළු පිරිචිච කළුම කළු මේ තාර පාර වගේ .ඒ අතරින් ලෙහෙසියෙන් එගොඩ වෙන්න හැකි හොදම තැන මේ කහ ඉර තමයි නේද මාමේ. එක හරියට අපේ අධ්‍යාපනය වගේ.
මේ කරදර දුක් කමිකටු පිරිචිච මාර්ගයෙන් එහාපැත්තට යන්න හොදම තැන මෙතැන.
අපේ ලොකු හාමුදුරුවෝ පුංචි හාමුදුරුවන්ට කියනවා නිතරම ඔය කසාවත හරියට සංසාරේ වගේ දිග මහ පාර නැමති කරදර වලින් එතරවෙන්නට දීපු කහ ඉර කියලා.
ගේටිටුව ළග රැකවරණයට යොදවල හිටිය ආරක්ෂක කමිටු දෙමවුපියන් යුවළට සිනාවකින් සංග්‍රහ කරන ගමන්ම මම ගේට්ටුවෙන් ඇතුළට බයිසිකලය ඇතුළු කළා.
Categories: Uncategorized











කියවපු අය හිතන දේවල්..