Home > Uncategorized >

 

 

 

ගම්මැද්දේ කොහා කුරුල්ලා කොහෝ කොහෝ ගාන හඬ. එරබදු ගස් හැඩවෙන්න මඟ බලනවා. අඹගස් වල කජු ගස්වල මල් පිපිලා.. පරිසරයේ මේ වෙනස්කම් සමඟ ඔයාලා ආසාවෙන් බලාගෙන ඉන්න සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවීමට තවත් තියෙන්නේ සති කිහිපයක්.

අප්‍රේල් 14 වෙනිදා අපේ රටට සුවිශේෂි දිනයක්. එදාට මුළු රටම එකම වෙලාවකදී විශේෂ චාරිත්‍ර වාරිත්‍ර අනුව ලිපගිනි මොලවනවා , ආහාර අනුභව කරනවා. ඒ සියල්ලම කරන්නේ නැකත් වෙලාවකට අනුව බව ඔයාලා දන්නවනේ.
ඒ වගේම අපිට දෙමාපියන්ගෙන් , නෑදෑ හිතමිතුරන්ගෙන් අළුත් අවුරැද්දට අළුත් ඇදුමි, තෑගි ලැබෙනවා. ඒ වගේම මේ දිනවලදි හැම ගෙදරකම රසකැවිලි හදනවා. සෑම ගෙදරකම පාහේ කැවුමි සෑදීම හැම අවුරැද්දකම දක්නට ලැබෙනවා.ඒ වගේම අසල්වැසියන්, නෑදෑ හිත මිතුරන් මේ දිනවලදී තැගි අරන්  අපිව බලන්න එනවා.අපිත් තැගි අරගෙන ඔවුන් බලන්නට නෑගමි යනවා. ඒ වගේම අවුරැද්ද නිසා පැරණි තරහ මරහ නැති යනවා.
අවුරැද්ද හැමදාම එන්නේ නෑනේ.අවුරැදු තියෙන්නේ අ‍ප්‍රෙල් මාසේ විතරයිනේ.ඉතින් අපි මේ දින කිහිපයේදීවත් අවුරැද්ද සතුටින් සහයෝගයෙන් සමරන්න ඕන ‍නේද? අපි ජාති කුල මල බේදයකින් තොරව මේ අවුරැද්ද සතුටින් සමරනවාමි වඩාත් හොද යැයි මම සිතනවා…..

ඔයාලා හැම දෙනාටම ලබන්නාවූ අළුත් අවුරැද්ද
සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා………..!

  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.