තරමින් කුඩා වූ පමණින්………………
පොඩි පොඩි දියබිඳු එක් වී
තැනේ යැ පුවතර සයුරක්…
කැට කැට පස්කැටි එක් වී
ගොඩනැඟේ යැ පසන් බිමක්…
දහස් ගණන් පොඩි මිනිත්තු
නිහතමානි සෙයින් බැඳී,
තනති සතිර දිගු යුගයන්
පවතින ලොව තිබෙන තුරා…
කුලුණු සිතින් කරන වැඩට
දයා ගුණෙන් පිරුණු බසට
මැවේ යැ ලොවැ සුර පුරයක්
ඉහළ දෙව් විමන විලසට …
Categories: Uncategorized











කියවපු අය හිතන දේවල්..