උස් හඩින් හැඬූ වටුවා………..
June 28, 2011
Leave a comment
එක් වනයක උස් හඩින් හඬන වටුවෙක් විය. ඒකා දිනක් ගසක් මතට වී කල්පනාවෙන් බර වූ සිතින් නිහඬ ව සිටියේ ය. මෙවිට එක්වර ම යමක් ඒකා ගේ හිස මත වැටිණි.
”අහස කඩා වැටෙනෝ” වටුවා උස් හඩින් හඬ ගෑවේ ය. “මේ ගැන රාජාලියාට කිව යුතුයි” යැයි ද කියූ වටුවා වහා රාජාලියා සොයා දිව යන්නට විය.
අතරමඟ දී වටුවා ට වැලි කුකුළා මුණ ගැසිණි.
”මිත‍්‍රයා මොකෝ හදිස්සිය?” වැලි කුකුළා වටුවා ඇමතී ය.
”අහස කඩා වැටෙනවා. මං රාජාලියාට ඒක කියන්න දුවනවා”
”මාත් එන්නම්. යමු.” වැලි කුකුළා ද ගමනට පිටත් විය.
දෙමිතුරන් මෙසේ දිවයන අතර ඔවුනට තාරාවා හමුවිය.
”යාළුවනේ කොහේ දුවනවාද?” තාරාවා ඇසී ය.
”අහස කඩා වැටෙනවා. අප රාජාලියාට ඒ බව දන්වන්න යනවා.”
”හොඳමයි. මාත් එන්නම්”
දැන් තිදෙනෙක් දුවති. මෙසේ දිවයන්නන්ට මීළඟට රතු දුඹුරු වැලි කුකුළා මුණ ගැසේ. ඒකා ද පෙර පරිදි ම පැන විමසා ඔවුන් හා ගමනට පිටත් විය.
මේ සිව්දෙනා යති. යති. ඉදිරියට ම යති.
මෙවිට මොවුන් හමුවට එන්නේ නරියෙකි. නරියා ගේ නම ටි‍්‍රක්සි ය.
”යාළුවනේ, හදිස්සියක්වත් ද?” නරියා ඇසී ය.
මිතුරෝ කරුණු පැහැදිලි කළහ.
නරියා ගේ කපටි නුවණ පණ ගැන්විණි. ඒකා මෙසේ කී ය. “හොඳයි, හොඳයි. රාජාලියාට කිව යුතු ම තමා. ඒත් නුඹලා පාර වරද්දාගෙන. මා සමඟ වරෙල්ලා. පාර පෙන්වන්නම්.”
මෙවිට සියල්ලෝ නරියා පසුපස ඇදුණා හ. නරියා මොවුන් කැඳවාගෙන ගියේ අන් කවර තැනකට නොව ඒකා ගේ ම නිවෙසට යි.
”මෙන්න තැන.” නරියා සිය නිවෙස ඉදිරිපිට නැවතී කී ය. “මා මුලින්ම යන්නම්. ඊළඟට එක එක්කෙනා ඇතුළට වරෙල්ලා.”
නරියා නිවෙසට ඇතුළු වූ පසු, වැලි කුකුළා ද තාරාවා ද එහි ඇතුළු වූහ. ඒ දෙදෙනාට ම සිදුවූයේ සිය ජීවිතවලින් වන්දි ගෙවන්නට යි. මීළඟට වටුවා ගේ වාරය ආවේ ය. ඒකා නිවෙසට ඇතුළු වූ සැණින් නරියා වටුවා ගේ බොටුව තද කරන්නට විය.
මෙවිට වටුවා කෙතරම් හඩින් ලතෝනි නැඟුවේ ද යත්, රතු දුඹුරු වැලි කුකුළා ද තැති ගෙන නිවෙස තුළට වැදුණේ ය. මෙයින් ඒ දෙදෙනා ගේ දිවි ගැලවිණි. අහස කඩා වැටෙන පුවත තවමත් කිසිවෙක් රාජාලියාට කියා නැත.
Categories: Uncategorized
අවවාද, අවවාදයක්, ආකල්ප, ඉරණමඩු, ඌරා, එල්.ටී.ටී.ඊ, කෙල්ලෝ, කොටි, කොල්ලෝ, ජීවිතය, තාත්තා, තීරණ ගැනීම, දෙමාපිය යුතුකම්, දෙමාපියන්, දේශපාලනය, පාසල් ගැහැණු ළමයි, පාසල් පිරිමි ළමයි, පාසල් ළමයි, පුතා, පොඩි ළමයි, බටුවංගල, බටුවංගල ඊ ගම්මානය, බටුවංගල මහා විද්‍යාලය, බටුවංගල විද්‍යුත් ගම්මානය, බල්ලෝ - බල්ලො මය ඇති – නැතිමුත් නැට්ට, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම, සිසුවියෝ, හිතේ සතුට, හෘද සාක්ෂිය, ළමා කාලය, Batuwangala, batuwangala e-village, batuwangala evillage, Batuwangala Maha Vidyalaya











කියවපු අය හිතන දේවල්..