ඇත්ත තිත්තයිනේ….
July 10, 2011
Leave a comment
එක්තරා ඈත රුසියානු ගම්මානයක සිය ශ්‍රමය වගුරුවා ජීවත්වන අහිංසක අවංක මිනිසෙක් වාසය කළේ ය. හෙතෙම දිනක් සිය වගා බිමෙහි වපුරමින් සිටින කල, එක් වළසෙක් ගුගුරමින් ඔහු වෙත ‘විත් මෙසේ කීය. “මා නුඹ කා දමනවා”
“අනේ එපා. මා අස්වැන්න නෙළා ගත් විට හොඳම කොටස නුඹට දෙන්නම්.” මරණ බිය දැනුණු මිනිසා පොරොන්දු විය. වළහා ද එකඟ විය.
අස්වනු නෙළන කාලය එළැඹිණි. ගොවියාට පොරොන්දු ප්‍රකාර කටයුතු කළ නොහැකි විය. තම අස්වැන්න වළහාට දුන් විට ඔහුගේ අඹු දරුවන් රැකෙන්නේ කුමකින් ද?
මෙයින් වළහා කිපිණි. ඔහු පළිගැනීමට සැරැසිණි. මෙවිට එක් කපටි නරියෙක් මේ මිනිසා ගේ පිහිටට පැමිණියේ ය.
“බිය වන්නට එපා. මා නුඹ ගලවාගන්නම්” ඒකා පොරොන්දු විය.
ඔවුහු උපක්‍රමයක් යෙදූහ. වළහා මිනිසා වෙත පැමිණි විට නරියා අමුතු ම ශබ්දයක් නිකුත් කරන්නට විය. මෙයින් වළහා තිගැස්සිණි.
“මොකක්ද ඒ සද්දේ?” ඔහු මිනිසාගෙන් ඇසීය. “ඒ දඩයක්කරුවන් වළසුන් අල්ලන හඬ” මිනිසා කීය.
වළහා මහත් සේ බියට පත් ව මිනිසාගේ ලී කරත්තය මතට පැන ගත්තේ පිළිසරණක් අපේක්ෂාවෙනි. එවිට මිනිසා සිය සුරතෙහි වූ පොරොවෙන් තලා වළසා ජීවිතක්ෂයට පත් කෙළේ ය.
හරි නුවණ ජය ගනී. එහෙත් නරි කිසිවිටෙකත් අනුන් වෙනුවෙන් නුවණ නොයොදවති. මෙවිට වනයෙන් පිටතට ආ නරියා මෙසේ කීය. “මා නුඹේ දිවි ගැලවූවා. දැන් මට වන්දි ගෙවාපං.”
මේ අවංක මිනිසාට මේ සියල්ල මහා වදයකි. ඔහු සිය නුවණින් ම උපායක් සිතුවේ ය.
නරියා තමා වෙත ආ විට ඔහු සිය බලු රැල උසිගැන්වූවේ ඒ උපායට අනුව ය. මෙවිට නරියා බියපත් ව සිය නරි ගුහාව වෙතට ම දිව ගියේ ය. ගුහාවට වන් නරියා සිය නෙත් අමතා මෙසේ ඇසීය. “මා දිව යනවිට නුඹලා කුමක් කළා ද?”
“අප නුඹට නොවැටී සිටීමට උපකාර කළා.”
“අප බලු රැළ ගේ ශබ්දය හොඳින් ශ්‍රවණය වන්නට සලසා දුන්නා”
“එසේ නම් නුඹ කළේ කුමක් ද?” ඒකා සිය වලිගයෙන් ඇසූ විට ලැබුණේ මෙවන් පිළිතුරකි.
“නුඹේ දෙකකුල් අතර පටලැවී නුඹ බිම හෙළන්නට මාන බැලුවා”
“එසේ නම් නුඹ මගේ වලිගය ඒ බලු රැලට මා නුඹ ගොදුරු කරනවාද? යි කී නරියා සිය ගුහාවෙන් පිටතට වලිගය දිගු කළ විට ඒ වලිගයෙන් අල්වා ගෙන බලු රැළ නරියා පිටතට ගෙන කා දැමූහ.
කෙනකු තවක’කුට උපකාර කළ යුත්තේ ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් නොවේ.
Categories: Uncategorized
ඉරේෂිකා මධුවන්ති, කටවුටයන්, ගාල්ල, ජනාධිපති, පොදු ජනතාව, බටුවංගල මහා විද්‍යාලය, මැතිවරණය, හම්බන්තොට, batuwangala evillage, Cutouts, Dayananda Dissanayake, Election Commissioner, ireshikamadhuwanthi of batuwangala e-village











කියවපු අය හිතන දේවල්..