Archive | October 2009

මා තුළ වු යහපත් හැම දෙයකටම මම පොත්වලට ණය ගැති‍වෙමි. මම  පොත්වලට ආදරය කරන්නෙමි. හැම පොතක් ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියටය. ගැඹුරැ හැගීමිවලින් හා ප්‍රීතිමත් උද්යෝගයකින් යුතු ව මිස මට පොත් ගැන කථා කළ නොහැකිය. මගේ අතට පොතක් පත් වූ විට ජිවමාන දෙයක් ආශ්චර්යවත් දෙයක් මා අමතා කථා කළ හැකි දෙයක් මගේ අතට මගේ ජීවිතයට ඇතුලු වූවාක් මෙන් හැගෙයි.

(මැක්සිමි ගෝර්කි  )

මගේ මාතෘ භුමිය

රත්න දිප ජන්ම භුමි

ලංකා දිප විජය භුමි‍‍

ෙමි අපේ උදාර වු

මාතෘ භුමියයි//

ආදි සිංහලේ

වීර ‍මීතුන් ලෙයින්

සාර වු උදාර වු

මාතෘ භුමියයි//

මාණික්‍ය ‍සේ පො‍ලෝගැබෙ නිධාන වී//

ඇත්තේ ඒ අභීත දු පුතුන්

ජාතයේ නාමයෙන්

සංග්‍රාම භුමි‍යේ//

ජිවිතේ පුදා හැලු ලේ කදයි

සින්ධුපමාන වැවි තලා මතින් ඇදි//

පද්ම රේණුවෙන් සුගන්ධ වී

රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා//

එන්නේ උන් හෙලු ප්‍රාණ වායුවයි

ගංගා තරංග රාව දී රිදි වණින්//

මල් පිපි කුලින් කුලේ හැපී

ගායනා කරන්නේ

ආකාශයේ නැගි

වීරයන්ගේ ඒ යශෝ ගීතයයි

රත්න දිප ජන්ම භුමි

ලංකා දිප විජය භුමි‍‍

ෙමි අපේ උදාර වු

මාතෘ භුමියය//

රචනය – මහගම‍සේකර මහතා

අපි පරිසරය සුරකිමු

headපරිසරයට ආදරය කරන්නන් ලොව පුරා සිටිති. පරිසරය ආරක්ෂා කරන්න ඔවුන් නොගන්නා වෙහෙසක් නැත. මේ සම්බන්ධයෙන් වෙහෙස වන්නන් වැඩිපුරම සිටින්නේ බටහිරය. මේ අය සංවිධානය වී කටයුතු කරති. මෙවැනි එක් ව්යාපාරයක අදහස වන්නේ මිනිසා ස්වේච්ඡාවෙන් මොලොවින් තුරන්වුවහොත් ස්වභාවධර්මය ආරක්ෂා වනු ඇති බවය.

මේ අදහස ප්රචලිත කිරීම සඳහා ‘ස්වේච්ඡාවෙන්  මිනිසා තුරන් වී යෑමේ ව්යාපාරය’ යනුවෙන් ව්යාපාරයක් ද පිහිටුවාගෙන ඇති අතර අන්තර්ජාල වෙබ් අඩවියක් ද මේ සඳහා ඇත. මෙම වෙබ් අඩවියෙන් දරුවන් බිහි නොකරන ලෙස ලෝක වාසීන්ගෙන් ඉල්ලා සිටිති. මෙම අදහසට සමාන අදහසක් ඉදිරිපත් කරන පොතක් මෑතකදී පලවී තිබේ. මෙම පොතේ කර්තෘ ඇලන් වයිස්මන් කියා සිටින්නේ ලෝකයේ සියලූම පවුල් විසින් බිහි කළ යුත්තේ එක දරුවෙක් බවය. එවිට පරිසරය විනාශයට යොමු කරන මිනිසාගේ බෝවීම අඩුවනු ඇත. දැනට බිලියන 6 ක් වන ලෝක ජනගහණය බිලියන 1.6 තෙක් අඩුවනු ඇත. මේ ජනගහණය 1900 දී පැවති ලෝක ජනගහණයයි. පරිසරය ආරක්ෂාවීම එමගින් සිදුවනු ඇත. අපි පරිසරය සුරකිමු

උඩවලව ජාතික වනෝද්‍යානය

dscf0009 thbහෙක්ටයාර 3400 ක් පුරා විහිදුණු උඩවලව ජලාශය මූලික කර ගනිමින් මෙම වනෝද්‍යානය ඉදිකර ඇ‍ත. රත්නපුර හා මොණරාගල යන දිස්ත්‍රික්කයන් දෙකටම අයත් වන මෙම වන උයන තුල අතරමැදි තෙත් කලාපීය දේශගුණයක් දැකිය හැකිය.

1972 ජූනි 30 වෙනිදා මෙය ජාතික වනෝද්‍යානයක් වශයෙන් නිල වශයෙන් ප්‍රකාශයට පත කර තිබේ. මෙයට හෙක්ටයාර් 3018ක භූමි ප්‍රමාණයක් අයත් වේ.

අලි ඇතුලු නොයෙකුත් සත්වයන්ගේ නිවස්නක් ලෙසත්, උඩවලව ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය ලෙසත් මෙම වන බිම වැදගත් තැනක් උසුලයි. වලවේ ගඟ හා මව් ආර මේ හරහා ගලා බසී. උඩවලව ජලාශය සාදා ඇත්තේ මෙම වලවේ ගඟ හරස් කිරීමෙනි.

සතුන් රැසක් සිටිනා වනෝද්‍යානයක් වුවද අලි සඳහා උඩවලව වන උයන වඩාත් ප්‍රකටය. ඒ දවසේ ඕනෑම වෙලාවක මෙහිදී අලි දැකිය හැකි බැවිනි. ඒ කතාව අපිටත් ඇත්ත බව සිතුනේ අවස්ථා කිහිපයකදීම සමීපව අලින් දැකීමට හැකිවූ බැවිනි. එම ඡායාරූප වෙනමම දක්වා තිබේ. අලින්ට අමතරව තවත් සතුන් රැසක් අපේ ඇස ගැටුණු අතර ඔවුන්ගේ ඡයාරූපද මේ සමඟ දක්වා ඇත.

අපේ සෞරග්‍රහ මණ්ඩලය

dscf6229_meසෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකශ වස්තූන් (celestial objects) පද්ධතිය වේ: ප්‍රධාන ග්‍රහයන් අට (8) දෙනා, ඔවුන්ගේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 165 දෙනා, වාමන ග්‍රහයන් තුන් (3) දෙනා (Ceres, Eris සහ ප්ලුටෝ) හා ඔවුන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් සිව් (4) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසන් සඳහන් ප්‍රවර්ගය ග්‍රහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක දුහුවිලි වලින් සමන්විත වේ..

මහා පරාක්‍රමබාහු රජතුමා

dscපොලොන්නරුව රාජධාණියේ පොත්ගුල් විහාර සංකීර්ණයේ නිර්මාණය කර ඇති මෙම ප්‍රතිමාව මහා පරාක්‍රමබාහු රජතුමාගේ යයි ලෙස සැලකේ. මෙම ප්‍රතිමාව පිළිබදව තවත් මතයක් වන්නේ එය හින්දු පූජකවරයෙකු හෝ තවුසෙකුගේ පිළිරුවක් බවයි. මෙසේ නිගමනය කිරීමට ඇදුම් පැලදුම් , හිස පලදනාව , දික්වු රැවුල අත ඇති පුස්කොල පොත වැනි අංග උපකල්පනයට ගත් බව සදහන්. පොත් ගුල් විහාර සංකීර්ණය පරාක්‍රමබාහු ක්‍රි .ව 1153-1186 රාජ්‍ය කාලයේ ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණයකි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිහිටුවා ඇති හැදින්වීමේ පලකයේ මෙම ගොඩනැගිලි සංකීර්ණය කපිල මණ්දීරය හෝ මණ්ඩල මණ්දීරයයි සදහන් කර ඇත.

මහා පරාක්‍රමබාහු රජතුමාගේ දේවියක වන චන්‍ද්‍රවතී දේවිය විසින් ප්‍රතිසංස්කරණය කරන බව සදහන් ශිලා ලේඛණයක් ගොඩනැගිලි සංකීර්ණයෙන් හමු බව එම පලකයේ තවදුරටත් සදහන් කර ඇත.පුරා විද්‍යාත්මක තහවුරු කිරීම් අනුව මෙම ගොඩනැගිලි පුස්තකාල ‍ සංකීර්ණයකි. එසේනම් ලංකාවේ හමුවු විශාලතම පෞරාණික පුස්තකාල සංකීර්ණය මෙම ප්‍රතිමාව ස්ථාපනය කර ඇති භූමියේ පිහිටයි.
පොත්ගුල් විහාර සංකීර්ණයේ නිර්මාණය කල මහා පරාක්‍රමබාහු රජතුමා සිහිවනු පිණිස එතුමාගේ ප්‍රතිමාව මෙම භූමියේ පිහිටුවන ලද්දේා විය හැකියයිද යන්නත් සිතිය හැකි කරුණකි.
පරණවිතානයන් “ලංකා විශ්ව විද්ය්‍යාලයේ ලංකා ඉතිහාසය” නම් ග්‍රන්ථයට අදහසක් දක්වමින් මෙම ප්‍රතිමාව විය ගසක් දෑතින් දරා සිටින පුද්ගලයෙකුගේ ප්‍රතිමාවක් ලෙස හදුන්වා සිටී.එම පුද්ගලයා මහා පරාක්‍රමබාහු රජතුමාද විය හැකි බවද සදහන් වේ.

ජල සමිපත

ජලය යනු සියළුම ජීවීන්ගේ පැවැත්ම සදහා අත්‍යාවශ්‍ය පොදු රසායනික ද්‍රව්‍යයකි. සාමාන්‍ය භාවිතයේ දී ජලයේ අවශ්‍යවන අවස්ථාව වන්නේ ද්‍රව අවස්ථාවයි. නමුත් මෙය ඝන අවස්ථාවේ (අයිස්) හා වායු අවස්ථාවේ දී ද (ජල වාෂ්ප) දක්නට හැක.  මෙයින් වැඩිපුරම ප්‍රමාණයක් සාගරයේ හා  ජලාශවල ද , ජලයෙන් 1.6% ප්‍රමාණයක් පොළව යට ජලධර තුළ ද bopath0.001% ක ප්‍රමාණයක් වාෂ්ප , වලාකුළු ( වායුවේ ඝණ හා ද්‍රව ජල අණු එකිනෙකෙ තෙරපී සෑදෙන) සහ වර්ෂාව ලෙස වායුගෝලයේ ඇත. සමහර භූගත ජලය ජල ටැංකි , සතුන් හා ශාක , නිමි භාණ්ඩ , ආහාර ගබඩා වැනි ස්වාභාවික හා කෘතීම වස්තූන් තුළ පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ අන්තර්ගත වේ.

පෘෂ්ඨීය ජලයෙන් 97% ක්ම ලවණ සාගර තුළ ද 2.4% ක් ග්ලැසියර් හා ධ්‍රැව ප්‍රදේශවල අයිස් වැසුම් තුළ හා 0.6% ක් අනෙකුත් පොකුණු , විල් හා ගංගා තුළ අඩංගු වේ. වාෂ්පීකරණය , උත්ස්වේදනය (වාෂ්පීකරණ උත්ස්වේදනය) අව‍ක්ෂේපණය, සහ ගලා යාම (සාගරය දක්වා) යන චක්‍රයක ජලය සාමාන්‍යයෙන් ගමන් කරයි. මුහුද දක්වා ජලය ගලා යන සීඝ්‍රත‍ාවෙන්ම සුළග මගින් ජල වාෂ්ප ගොඩබිම මතුපිටින් රැගෙන යයි. ගොඩබිම මතුපිට වර්ෂයකට 107 Tt අවක්ෂේපණයකට උත්ස්වේදනය හා වාෂ්පීකරණය මගින් වර්ෂයකට 71 Tt ප්‍රමාණයක් දායක වේ. සමහර අවස්ථාවල දී ජීවීන්ට නැවුම් ජලය සපයමින් සමහර ජලය අයිස් වැසුම් ග්ලැසියර් , ජල ධර හා විල් පොකුණු තුළ විවිධ කාලයන් තුළ රැදවී ඇත. මිනිසාට හා අනෙකුත් ජීවීන්ට පිරිසිදු හා නැවුම් ජලය අත්‍යාවශ්‍යයනමුත් ලෝකයේ බොහෝ පෙදෙස්වල – විශේෂයෙන් දියුණු වන රටවල මෙම සැපයුම ඌනය. ජලය යනු රසායනික ද්‍රව්‍යය බොහොමයක හොද ද්‍රාවකයකි.  ජලය සිමිතයි. ජල සමිපත අප සුරකිමු4

මෙතරම් ප්‍රයෝජනවත්වූ ජලය අපට හැකි පමණින් රැකගැණීම හා අරපිරිමැස්මෙන් භාවිතය අප කාගේත් සාමූහික මෙන්ම පෟද්ගලික වගකීමක් හා යුතුකමකි. අපට සුලුවෙන් මෙම ජලය සුරැකීම ඇරඹිය හැකියාව ඇත. එය මුලින්ම අප පවුලෙන් ආරම්භ කලහැක. පවුලෙන් සමාජය දක්වාද එසේ රට,ලෝකය, දක්වාද මෙය ව්‍යාප්ත කලහැක