ශ්‍රී දළදා මාලිගාව

n11ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජානන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට රටේ රජකම හිමි විය යුතුය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ.

හේමමාලා හා දන්ත කුමරු විසින් (හේමමාලා කුමරියගේ හිස කෙස් තුල සඟවාගෙන) ලක්දිවට වැඩම කල මෙම දළදා වහන්සේ එදා සිටම රජ තුමා සමඟ රාජකීය ආරක්ෂාව සහිතව එ‌් එ‌් රාජධානි වල වැඩවාසය කර ඇත. සතුරු උවදුරු ඇති සමයක මෙම දළදා වහන්සේ කුරහන් ගලක් තුල පවා සඟවා තබා ආරක්ෂා කර ඇත. අවසානයේ දළදා වහන්සේ, ගිරි දුර්ග හා වන දුර්ගවලින් ආරක්ෂිත මෙම මහනුවර රාජධානියේ ඉදිකල දළදා මාලිගයේ තැන්පත් කරන ලදී.

දලදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඔ‌ෟශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.
ශ්‍රී දලදා මාලිගාවේ රන් වහලය, වම් පසින් දිස් වන්නේ මඟුල් මඩුවයි.n21

බුදුරජාණන් වහන්සේගේ වම් දළදාවහන්සේ (ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය, මහාචාර්ය වල්පොල රාහුල හිමි 332 පිටුව) අප රටට වැඩම කරවීම සම්බන්ධ ඓතිහාසික පුරාවෘත්තය නොදන්නා කෙනෙකු නැති තරම් ය. ඉන්දියාවේ කාලිංග දේශයේ රජතුමා සතු රාජකීය වස්තුවක් වශයෙන් සලකන ලද දළදා වහන්සේ, එරටට එල්ල වූ සතුරු ආක්‍රමණයන් නිසා එහි ආරක්‍ෂාව සඳහා හේමමාලා, දන්තකුමාර යන රාජකීය දූතයන් අත ලංකාවට එවීය. ඉතා අනාරක්‍ෂිත දුෂ්කර ගමනකින් පසුව මේ කුමරා හා කුමරිය කීර්ති ශ්‍රී මේඝවර්ණ (කිත්සිරි මෙවන්) රජතුමාගේ නවවැනි රාජ්‍ය වර්ෂයේ දී ලංකාවට පැමිණියහ. අතිවිශිෂ්ට මෙම පූජනීය වස්තුව ගෞරව බහුමානයෙන් පිළිගත් රජතුමා දෙවනපෑතිස් රජු විසින් කරවන ලද ධම්මචක්ක නම් විහාර මන්දිරයෙහි තැන්පත් කොට පුද පූජා කරන ලද බව මහාවංශයෙහි සඳහන් වේ.
හේමමාලා, දන්තකුමාර යන රාජකීය දූතයන්

දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන විට දී මෙහි සම්ප්‍රදාය දෙකකට අයත් භික්‍ෂු මූලස්ථාන දෙකක් පැවතුණි. ඉන් එක් භික්‍ෂු මූලස්ථානයක් වූයේ මහා විහාරයයි. අනික් භික්‍ෂු මූලස්ථානය වූයේ තරමක් ප්‍රතිසංස්කරණවාදී භික්‍ෂූන් සිටි අභයගිරියයි. කිත්සිරිමෙවන් රජතුමා දළදා වහන්සේගේ භාරකාරත්වය පවරා දුන්නේ අභයගිරි පාර්ශ්වයේ භික්‍ෂූන් වහන්සේලාටයි. එතැන් සිට රජකම් කළ රජවරුනුත්, භික්‍ෂූන් වහන්සේත් බෞද්ධ ජනතාවත් දළදා වහන්සේට අති බහුමානයෙන් පුද සිරිත් ඉටු කළ බවට ඓතිහාසික ලිපිලේඛන, සාහිත්‍ය මුලාශ්‍ර, ජනශ්‍රැති, ජනප්‍රවාද මගින් තහවුරු වේ. එදා මෙදා තුර දළදා වහන්සේ වෙනුවෙන් නිර්මාණය වූ සාහිත්‍ය කෘති, ශාස්ත්‍රීය කෘති අතිවිශාලය. මහාවංසය, දාඨාවංසය, දළදා පූජාවලිය, දළදා සිරිත, කඳවුරු සිරිත වැනි ඉතා වටිනා ඉතිහාස සාහිත්‍ය කෘතිවලින් ද, ෆාහියන් චීන භික්‍ෂූන් වහන්සේගේ දේශාටන වාර්තාවෙන් ද දළදා වහන්සේට දක්වන ලද පූජා පිළිබඳ මාහැඟි තොරතුරු සමුදායක් හෙළිදරව් වේ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s