Archive | November 9, 2009

මගේ ලක් මවුනි අපි ඔබ වදිමු මුදුනත් දීලා

එස්.මහින්ද හිමි පුරා අවුරැදු 15 කට වැඩි කාලයක් මෙරට වැඩ විසු ටිබෙටි ජාතික යතිවරයෙකි. දේශයේ නිදහස පතා කවිය අවියක් කොට ගත් වියත් හිමි නමකි. මෙරට ජාතිකානුගාරය හා දේශාභිමානය ඇති කිරීමට උනන්දු වූ උන්වහන්සේ ගද්‍ය පද්‍ය කෘති රැසක්ම සමිපාදනය කළ සේක. දේශ අභිමානී පද්‍ය මෙන්ම ළමා ගීත ද උන්වහන්සේ රචනා කළ පද්‍ය ග්‍රන්ථ අතර මුල් තැනක් ගනී. ලංකා මාතාවට දැක් වු සෙනෙහස මෙ පැදි පෙ‍ළෙහි මනාව නිරෑපණය ‍වෙ. .

සිතකින් සිතනු බැරි තරමට තිබෙන අගේ
සැපතින් වැඩනපෙමිබර ලක් මවුනි මගේ
ලබමින් පිහිට ඉටු දෙවියන් ගෙනුත් සගේ
යහතින් ඉන්න මල් බර සල් රැකක් වගේ

සතුවී තිබෙන කොට ඔබගේ සෙනේ දම
මුතු මිණි රනින් මට අත්වන පලේ කිම
පුතු වෙමි ඔබට උපදින හැම තැනේ දිම
පැතුමෙන් මගේ සිරිලක් මව වදිමි මම

කදු වන රසට කැදවා ලොව දසනු දෙස
ඉදවා වඩා සමනොළ මල් යහන කුස
ඉදුරා සමය කුල නිල ‍ වෙ නපුරැ විස
පුදුමයි ඔබ කවන හැටි සමගියේ රස

රාහුල කුමරදස් යනුවෙන් නමි දන්නා
කෝකිලයන් දෙ‍දෙන ඔබ දෑලට ගන්නා
සීතල මිහිරි ගී රස විදවිද උන්නා
මී තල අදත් එම ඔද වෙන්නා

නොමැකෙන නිලැති සෙවණැලි දෙන මහ වල්ය
නොකැනෙ වැලති වන බිගු රැදි මල් විල්ය
නොපෙනෙන හිසැති ගන කුළු යස කදු හෙල්ය
නොනැසෙන රැවැති ඔබ මෙලෙසින් නකල්ය

කොපමණ ඇතත් ලොව පොහොසත් අමිමලා
අපමණ පුතුන් දුරැන් ගැන පවසලා
සැපදෙන මවක් නැහැ ඔබ මෙන් ඉපදිලා
අපි ඔබ වදිමු එහෙයින් මුදුනත් දීලා

Advertisements