කරපිංචා ශාකය

න්දියාව, බංගලාදේශය, බුරුමය මෙන්ම ශ්‍රී ලංකාවේ බහුලව වැවෙයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සරුවට වැවේ.
කරපිංචා සහ වල් කරපිංචා යනුවෙන් වර්ග දෙකකි. බහුවාර්ෂික ශාකයකි. මීටර් 5ක්‌ පමණ උසට වැවේ. තනි ගස්‌ වශයෙන් හෝ පඳුරු වශයෙන් හෝ දක්‌නට ලැබේ. සංයුක්‌ත පත්‍ර වින්‍යාසයක්‌ හෙවත් පත්‍ර කිනිත්තක කුඩා පත්‍ර රාශියක්‌ හටගනී. කුඩා පත්‍රවල සියුම් රෝම දක්‌නට ලැබේ. පත්‍ර කඳ කොළ පැහැති ය. වල් කරපිංචා එතරම් සුවඳ නැතත් කරපිංචාවල සුවිශේෂී සුවඳක්‌ ඇත. කරපිංචා දලු රත් පැහැයෙන් යුක්‌ත ය. වල් කරපිංචා දලුවල එවන් පැහැයක්‌ දක්‌නට නැත. මල් පොකුරු අතු බෙදුණු ස්‌වභාවයක්‌ ගනී. කිනිති අග මල් හටගනී. මිහිරි සුවඳක්‌ ඇත. වසරේ දෙසැම්බර් හා අගෝස්‌තු යන මාසවල දී මල් හටගනී. මල් මෝරා ඇට හටගනී.එසේම ඕනෑ ම ගෙවත්තක දෛනික ප්‍රයෝජනය සඳහාත් ආර්ථික බෝගයක්‌ ලෙසත් වගා කළ හැකි ය. වසර පුරා ම අස්‌වැන්න ලබාගත හැකි ය. අස්‌වැන්න ලබා ගැනීමට අතු කපා ගැනීම වඩාත් සුදුසු ය. කැපූ අතුවලින් නව අතු රිකිලි වර්ධනය වීම අස්‌වැන්න වැඩි වීමටත් ගසේ දිගු කල් පැවැත්මටත් හේතු වෙයි.

ඖෂධීය ගුණයන් ලෙස ආහාර අජීර්ණය, කෑම අරුචිය, බඩගින්න නැතිකම, බඩේ කැක්‌කුම, වැනි අවස්‌ථාවල දී කරපිංචා කොළ දෛනික ආහාරයට මැල්ලුමක්‌ ලෙස හෝ සම්බෝලයක්‌ ලෙස හෝ ලුණු මිරිසක්‌ ලෙස හෝ යොදා ගැනීමෙන් දෝෂ තත්ත්වය සුව වෙයි.

කරපිංචා කොළ කැඳ උදෑසන ආහාරයට එක්‌ කර ගැනීම ද කලින් සඳහන් කළ දෝෂ තත්ත්ව මඟහැරවීමට හේතු වෙයි. සර්ප විෂ ශරීරගත වූ විට කරපිංචා කොළ කැඳ හීනටි හාල් සමග පිස ලුණු නො දමා  බීමෙන් විෂ නැති වී යයි.

සෙංගමාල රෝග අවස්‌ථාවේ දීත් ඉහත සඳහන් ආකාරයට උදෑසන බීමෙන් සුවය ලැබෙයි.විද්‍යාත්මක පර්යේෂණවලින් රුධිරගත කොලෙස්‌ටරෝල් අඩු කිරීමේ ගුණයක්‌ ඇති බැව් හෙළි වී ඇත. දේශීය වෛද්‍ය විද්‍යාවේ දීත් රුධිරගත කොලෙස්‌ටරෝල් අඩු කිරීම සඳහා දිනපතා ආහාරයට කරපිංචා ඇතුළත් කර ගන්නා ලෙස නිර්දේශ කර ඇත. කරපිංචා ශාකය ඖෂධීය ගුණයෙන් පිරි වටිනා ශාකයකකි.



Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s