යාල ජාතික වනෝද්‍යානය

යාල     ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ
නිරිත දිගට වන්නට විශාල භූමි ප‍්‍රමාණයක පැතිර ඇති ප‍්‍රධානම ජාතික වනෝද්‍යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.

රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ  ප‍්‍රමාණයකට වාස භූමිය සපයයි.

යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාති‍්‍රයේ හැසිරෙන විශාල ප‍්‍රමාණයේ මාංශභක්ෂක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි. අපි මෙම ජාතික වනෝද්‍යානය රැක‍ගනිමු.

අප රටේ ජාතික පක්ෂියා වන වළිකුකුළා

වළිකුකුළා ලංකාවේ ජාතික පක්ෂියා ය. ලංකාවේ පහතරට වියළි

වනාන්තර පර්තරදේශ වන විල්පත්තු වන උයන, යාල, හෝර්ටන්තැන්න, ලාහුගල, කලුගල රක්ෂිත වනය, ගල්ඔය සිංහරාජ වනය, දොඹගස්කන්ද රක්ෂිත වනය හා කිතුල්ගල වැනි ජාතික වනෝද්යා,න හා රක්ෂිත වනයන්ට පමණක් අද මේ පක්ෂියා සීමා වී ඇත. මේ සතා ගම් කුකුළාට වඩා තරමක් කුඩා ය.

කළු සහ තද දුඹුරු පැහැති පිහාටු අතර දම් පැහැයෙන් ඔප වැටුණු පියාපත් ඇත. පෙඳය යට කොළ මිශරමේ කළු පැහැයක් දක්නට ලැබේ. පාද දෙකෙහිම තියුණු පොරකටුව බැගින් ද ඇත.

වළිකිකිළිය පරක්නමාණයෙන් වළිකුකුළාගෙන් අඩක් පමණ කුඩාය.

උගේ සිරුරේ පරක්නධාන පැහැය කළු පාටට හුරු දුඹුරු ය. වර්ණවත් බැවින් අඩු ය. කිකිළියගේ යටි බඩ පෙදෙස කළු දුඹුරු ලපවලින් යුක්ත වේ. පාද කහ පාට ය. පිලවුන් පණුවන් හා කෘමි සතුන් ආහාරයට ගනී. ඒ හැරුණ විට නිල්ලු ගසේ ඇට වළිකුකුළන්ගේ ඉතා හොඳ ආහාරයකි. වළි කුකුළා සටන් කිරීමට ඉතා කැමති සත්වයෙකි. බොහෝ විට සටන අවසන් වන්නේ එකෙකුගේ මරණයෙනි.

වළිකිකිළිය වර්ෂය පුරාම බිත්තර දමන නමුත් වැඩි වශයෙන් පෙබරවාරි සිට මැයි දක්වා කාලයේ බිත්තර දැමීම සිදු කෙරේ. වළිකුකුළාගේ ඇස් තියුණුය. ජන වහරේ කියවෙන පරිදි නිල් පළාකොළ හතක් විනිවිද පෙනෙන බව කියන්නේ මේ නිසා ය. මිනිසා විසින් වළිකුකුළන් දඩයම් කිරීම හා ඔවුන් ජීවත් වන වනගත පරපළ දේශ හෙළි පෙහෙළි කිරීමෙන් වර්තමානයේ වළිකුකුළන් වඳ වී යන තර්ජනයකට මුහුණ පා ඇත.

ලංකාවට පමණක් ආවේණික අප රටේ ජාතික පක්ෂියා ලෙස පිළි ගැනෙන මෙම පක්ෂියා රැක ගැනීමට ලාංකික අප කවුරුත් උත්සාහ ගත යුතුය.

උත්සාහවන්තයා ජය ගනී

උත්සාහය යනු උනන්දුවයි.උනන්දුවෙන් මහන්සිවී යමි අරමුණක් කරා කටයුතු කරයි නමි එම තැනැත්තා ජය ගනු නිතයි.අද බොහෝ උසස් නිළතල දරණ ,එ‍මෙන්ම ඉතා ධනවත්ව  කැප කිරීමක්,උනන්දුවක් දරා ඇත.බොහෝ ලෝක නායකයින් කුඩා කල ඉතා අසරණ දිළිදු ජීවිත ගතකර පසු කලෙක තම කාලය ශ්‍රමය ඉතා ප්‍රයෝජනවත් අන්දමින් යොදවා එම තත්වය ලබාගෙන තිබේ.අපි උත්සාහයෙන් කටයුතු කර ජීවිතය ජය ගනිමු.

මිහිතලය රැකගැනීම අපේ යුතුකමකි

ආදිකාලයේ සිට පැවත එන වනාන්තර අප අවට තිබෙන පරිසරය විනාශ නොකල යුතුය.එසේ විනාශ කළ විට අපට ආශ්වාස කිරීමට අවශ්‍ය ඔක්සිජන් වැයුව අහිමි වී යයි.අප ජීවත් වන පරිසරය කාන්තාරයක් බවට පත්වේ.එපමණක් නොව අපට සිසිල දීමට එක් ගසක්වත් නැතිවේ.අපට ආහාර සදහා කිසිදු දෙයක් නොමැති වේ.එවිට අප මිය යනු ඇත.

දැන් කාලය වන විට අප පරිසරය විනාශ වෙමින්පවතී. වීම නිසා අනතුරැද සිදු වේ.නාය යෑම,නියගය   ගස් වැල් විනාශ කිරීම නිසා ඇති වන අයහපත් ප්‍රතිඵල වලින් කිහිපයකි.ඒවා අඩු කර ගැනීමට නමි අප වැඩි වැඩියෙන් පැල සිටුවිය යුතුය.මේ පරිසර‍යේ අප පමණක් නොව සතුන්ද ජිවත් වෙති. අප ඔවුන්ට ද අවස්ථාව ලබාදිය යුතුය.එවිට ඔවුන් මේ සුන්දර මිහිතලය තව තවත් සුන්දර කරාවි. අපි අපේ පරිසරය පණනල මෙන් සුරකිමු.