ආතර් සී .ක්ලාක් මහතා

වර්තමානයේ විසු කීර්තිමත් විද්‍යාඥයා,විද්‍යා ප්‍රබන්ධකයා,ජනප්‍රිය විද්‍යා ලේඛකයා ආදී වශයෙන් හදුන්වන ආතර් සී .ක්ලාක් මහතා අතින් විද්‍යා ක්ෂේත්‍රයට සිදු වූ සේවාව ඉමහත්ය.1917 දෙසැමිබර් 16 වැනිදා එක්සත් රාජධානයේ සමර්සෙටිහි වෙරළ අසබඩ පිහිටි මිනිහෙඩි නමි ගමිමානයේ උපත ලද ඔහු කුඩා කළ සිට අධ්‍යාපනය ලැබු‍වේ ටොන්ටන්හි හුයිෂ් භාෂා පාසලේදීය. චන්ද්‍රිකා සන්වේනදනයේ පියා යනුවෙන් හැදින්වුණු මෙතුමා ශ්‍රී ලංකාව තමන්ගේ නිත්‍ය වාසභූමිය බවට පත්කර ගත්තේය. ශ්‍රී ලංකාවට මහත්සේ ආදරය කළ මෙතුමා 2008 මාර්තු 19 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය

ලක්ෂපාන ඇල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහි‍ටා ඇත.උස මීටර් 125කි.සමනළ කන්දෙන් ඇරඹී ‍කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි.දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත.එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ.මෙහි දිය දහර කුඩා ඔය ඔස්සේ කිරිදි ගගට ගලා යයි. පසුව තිසිසමහාරාමය ආසන්නයේදී මුහුදට එක්වෙයි.

බඹරකන්ද දිය ඇල්ල

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ලයි.ලොව උසම දිය ඇලි අතර 48 වැනි ස්ථානය ගනී.උසින් මීටර් 241 පමණ වේ.පිහිටා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රීක්කයේය. බඹරගල කන්ද හා වැලි හේන කදු දෙක අතරින් ගලා බසියි.‍බඹරකන්ද දිය ඇල්ල යන නාමය ලැබී ඇත්තේ ඒ අව‍ට ඇති ගල්වල විශාල වශයෙන් බඹර වද බැද තිබූ නිසා බව පැවසේ.අවට ඇති සදාහරිත වනාන්තර නිසා මෙම දිය ඇල්ල වඩාත් සුන්දර වී ඇත.

දුන්හිඳ ඇල්ල

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මීටර් 63 පමණ උසය.බදුලු ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි.කඳුමුදුනේ සිට පහලට වැටෙන ජල බිඳු ගල් කුලවල හැපි වාතය සමග මුසුව මීදුමක් සේ විසිරෙන බැවින් මී‍ට ,දුම්හිඳ නම ලැබුණු බවත් පසුව කටවහරේ දී දුන්හිඳ ‍ලෙස නම ලැබුණු බවත් පැවසේ.කාලයාගේ ඇවෑමෙන් සිදු වු භූ ගෝලීය විපර්යාසයක් නිසා හෝ බදුලු ඔයේ ගමන් මග වෙනස්වී‍ම තුළ මෙම ඇල්ල නිර්මාණය වන්නට ඇත

හීන්බෝවිටියා ශාකය

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ශාකයක් වූ ලෙස හීන්බෝවිටියා ශාකය හැදින්වේ.මෙම ශකය පඳුරු සහිත ශාක විශේෂයක් වන අතර පුෂ්ප දම් පැහැයෙන් යුක්තය.ඉත්තක පෙති පහකින් යතු මල් කිහිපයක් දැක ගත හැක.ලංකාවේ වියළි හා තෙත් කඳුකර ප්‍රදේශ වල බහුල වශයෙන් වැඩෙන අතර මෙම ශාකය ලඳු කැලෑ අතරද මද වශයෙන් දැකගත හැක. ශාකයේ පත්‍ර හා පෙතු ඖෂධීය වශයෙන් වැදගත් වේ.විසිතුරු පැළෑටියක් ලෙස ද යොදා ගත හැක.

ඇහැළ ශාකය

ඇසළ මාසය හා බැඳුණු ඇහැළ මල් ඉතා අලංකාර මල් විශේෂයක් ලෙස හැඳින්විය හැකිය.මෙම ශාකයේ ස්වභාවය ගත් විට සාමානයයෙන් මීටර පහක් පමණ උස මධ්‍යම ප්‍රමාණයෙන් වැඩෙන ශාකයකි. හොඳින් වැඩුණු ශාකයක පොකුරු ආකාරයෙන් වැඩුණු මල් රාශියක් දක්නට ලැබේ.මේවා පහතට නැවී මල් කිනිති ආකාරයෙන් දිස් වේ. මල් තද කහ පැහැති වන අතර පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මල් හට ගනී.ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව දක්නට ලැබෙන ඇසළ ශාකය දකුණු සහ නැගෙනහිර ආසියාවට ආවේණිකය. ඉන්දියාව, පිලිපීනය, ජාවා, මැලේසියාව යන රටවල ද ඇසළ ශාකය දක්නට ලැබේ.ඇසළ ශාකය ගෘහස්ත වගාවේදී ත්,උද්‍යාන අලංකරණයට ත් බෙහෙවින් උපයෝගී කර ගනී. සංස්කෘතික වශයෙන් ද මෙම ශාකයට විශේෂ ස්ථානයක් ඇත. ඇසළ පෙරහැරේ කප් සිටුවීමේ මංගල්‍යට ඇසළ ගස භාවිත කරයි.සිංහල මාස ක්‍රමයට අනුව ජූලි මාසය ඇසළ මාසය ලෙස නම් කෙරේ.ශාකයේ මුල් සහ කරල් ඖෂධ වශයෙන් උපයෝගී කර ගනී.

අඹ පලතුර

අඹ ඝර්ම කාලාපීය පලතුරකි. අඹ,ඝර්ම කලාපීය පළතුරු හටගන්නා ශාක විශේෂ 30 ක් පමණ ඇති ගෝත්‍රයට අයත් වන්නා වූ සපුෂ්ප ශාක කුලයට අයත් ශාකයකි.අඹ වල නියම සම්භවය නොදන්නේ වුවද ,ආසියාතික ප්‍රදේශ වල ඇති ප්‍රවේණි විවිධත්වයේ විශාල පරාසය හා අවුරුදු මිලියන 25 සිට 30 දක්වා පැරණි ෆොසිල සාක්ෂ නිසා අඹ ශාකය පිලිපීනය, ඉන්දුනීසියාව,ඉන්දියාව,බුරුමය,ශ්‍රී ලංකාව,පකිස්ථානය,බංගලිදේශය ඇතුළු දකුණු හා ගිණිකොනදිග ආසියාතික ප්‍රදේශයට ආවේණික බව බොහෝ දෙනාගේ මතයයි.අඹ ඉතාමත් රසවත් පළතුරක් වන අතර ඉතාමත් ගුණවත් පළතුරකි.