සාගර බිමේ මොහොතක්

සාගර ජලයේ හැපි හැපී….වෙරල සිප ගනී සෙනෙහෙන්……
ගල්පර දෙස බලා සිටි තනියෙන්
බෙලි කටු අහුලන මට අලුත්
සිතිවිලි පහළ වූ සේය…..
මෙතෙක් මෙහි සුන්දරත්වය
විදි මම පියනගන්න
සරසුණෙමි නිවසට….

සොබා දහම

හිරැ පිබිදී මල් විකසිත වි
සොබාදහමි මව
සැරසී
සදාරිතව සිහිල්සෙවණ
දෙනතුරැ ගොමු
නීල වර්ණ සේලයක් මෙනි
මහ සයුර
විදු මන පුබුදුවා
විෂ වායු වාතලය
මත සයුරැ දුෂ්‍ය වී
තුරැ ලතා ඇද වැටී
පවිටු මිතුරෙකු වෙයි
විද්‍යාව
සොබාදහමි මෑණියනි
මේ වියවුලට
වගකියන්නේ කවුරැන්ද

රමිබොඩ ඇල්ල

පිහිටා තිබෙන ගමේ නමින් මෙම දිය ඇල්ල නමිකර තිබේ.මහවැලි ග‍ඟෙන්

පෝෂණය ලබයි. දිය දහරා දෙකක් ලෙසින් ඇද හැ‍ලෙයි. උස මීටර් 109කි. ශ්‍රී ලංකාවේ උසම දිය ඇලි අතර දහවැනි ස්ථානය ගනී. දුටුගැමුණු කුමරැ කොත්මලේ කොටගේපිටිය ප්‍රදේශයේ අප්‍රකටව ජීවත් වූ කාලයේදී මෙම ඇල්ලෙන් දිය නෑ බවට ජනප්‍රවාදයක් පවතී.

දියලුම ඇල්ල

උසින් මීටර් 171 වන දියලුම ඇල්ල ශ්‍රී ලංකාවේ තෙවැනි උසම දිය ඇල්ල වේ.බදුල්ල දිස්ත්‍රීක්කයේ පිහිටා ඇති පූනාගල ඔයෙන් පෝෂණය වේ. අතීතයේදි දිය ගැලුම ඇල්ල,දිය හැලුම ඇල්ල යන නමි වලින්ද හදුන්වා ඇත.දියලුම ඇල්ලේ නිර්මාණය පිලිබද ජනප්‍රවාදයක් තිබේ.එක්තරා රජ කුමාරයෙක් පහත් යැයි සමිමත වු කුලයකට අයත් කුමාරිකාවක් විවාහ කර ගැනීමට තීරණය කලේය.එයට විරැද්ධ වූ වැසියෝ කුමාරයාත් කුමාරිකාවත් එම ප්‍රදේශයෙන් පලවා හැරීහ.ඔවුන් උඩරටට පලා යන අතරතුරේ වැල්පටක ආධාරයෙන් මෙම ගලෙන්ඉහලට නැගිමට උත්සාහ කර තිබේ.එහිදී වැල්පට ගල් අතර සිරවී කුමාරිය මිය ගොස් ඇත.කුමරියගේ මරණයෙන් දැඩි ලෙස ශෝකයට පත්වූ රජ කුමාරයාගේ දෙනෙත්වලින් ගලා ගිය කදුළු එකතුකර දෙවියන් විසින් මෙම දිය ඇල්ල නිර්මාණය කෙ‍රැණු බව කියවේ.මෙහි දිය දහර කුඩා ඔය ඔස්සේ කිරිදි ගගට ගලා යයි.පසු තිස්සමහාරාමය ආසන්නයේදි මුහුදට එක්වෙයි.