කියවීම මිනිසා සම්පූර්ණ කරයි

මෙම කියමන සර්වකාලීන වූත් වටිනාමකින් යුක්ත කියමනකි. මෙයින් අදහස් කෙරෙනුයේ  මිනිසා දැනුමින්, අත්දැකීම් වලින් සහ කුසලතාවන්ගෙන් පෝෂණය ලැබිය යුතු බවය. එසේ නැතහොත් මනා පෞරුෂයකින් යුත් පූර්ණ මිනිසකු වීම සඳහා අවශ්‍ය දැනුම් කුසලතා සම්භාරයක් ගොනු කර ගත යුතු බවය.ඇත්ත වශයෙන්ම අද ලෝකය දෙස බලන විට එය අතීත ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් බව පැහැදිලි කරුණකි. ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වී ඇත. ග්‍රහලෝකවලට පවා සමීපවෙන්නට සමත්කම් දක්වයි. මෙවන් ලෝකයක සැරිසැරීමට නම් අතීතයේ පැවති අල්ප දැනුම ප්‍රමාණවත් නොවේ.          හෙට ලෝකයට අවශ්‍ය වන දැනුම වර්ධනය කර ගැනීමට නම් එම දැනුම් සම්භාරය ගොනු වී ඇති පොත පත පරිශීලනය කිරීමට මිනිසා හුරු පුරුදු විය යුතු වේ. මේ හුරුව ලබා ගැනීම සිදුවිය යුත්තේ කුඩා කළ සිටමය. එසේ නම් දරුවන් කියවීමට හුරු කිරීම කළ යුතුව ඇත්තේ, හෙට ලෝකයේ උරුමකරුවන් දරුවන් වන නිසාත්, ඔවුන් දැනුමින් පෝෂිත පිරිසක් බවට පත් විය යුතු නිසාත්ය. එහෙත් අද වැඩිහිටියන් නගන චෝදනාවක් වන්නේ දරුවන් පොත්පත් කියවීමෙන් ඈත්වී සිටින බවත් , ඔවුන් ඊට හුරු කිරීම කළ නොහැකි බවත්ය. ඊට ඔවුන් ඉදිරිපත් කරන හේතුව ලෙස දක්වන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය ජනමාධ්‍යක් වන රූපවාහිනියට ළමුන් දැඩි සේ ඇබ්බැහි වී ඇති බවකි. මෙම මාධ්‍යයෙන් ඉතා පහසුවෙන් ළමුන්ට විනෝදාස්වාදයක් ලබා ගත හැකි විමත්, ඉතා පහසුවෙන් බාධාවකින් තොරව එය නැරඹීමට අවකාශය ලැබීමත් නිසා ළමුන් ඊට ඇබ්බැහි වී සිටින බව දෙමාපියන්ගේ මතයයි. අපට හමුවන පොත්, ලිපි, පුවත්පත්,සඟරා වැනි දේ කියවා අපි අපේ කියවීමේ දක්ෂතාව දියුණු කර ගනිමු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s