කල්‍යාණ මිත්‍රයින් ඇසුරු කරමු

අපට අපේ දුකසැප බෙදා හදා ගැනීමට දැනුම ලබා ගැනීමට දැනුම බෙදා දීමට , හුදෙකලා බව හා පාළුව, කාන්සිය මගහරවා ගැනීමට ආදී සියළු දෑ සදහා මිතුරන් අවශ්‍ය වේ. මේ සංකීර්ණ සමාජයේ යහපත් කල්‍යාණ මිත්‍රයින් සොයා ගන්නේ කෙසේද? යන්න ගැටළුවකි. බුද්ධ දේශනාවට අනුව කල්‍යාණ මිත්‍රයින් හා පාප මිත්‍රයින් හදුන්වා දී ඇත. ඊට අනුව කල්‍යාණ මිත්‍රයින් මෙසේය.උපකාරක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා,අත්ථක්ඛායි මිතුයා, අනුකම්පක මිත්‍රයාය. එසේම පාප මිතුරන් ලෙස අඤ්ඤදත්ථුහර, වචී පරම,අනුපියභාණි, අපායසහාය මිත්‍රයන් දක්වා ඇත.

අපට උපදෙස්දීමට කල්‍යාණ මිත්‍රයකු සිටී නම් එය මහත් භාග්‍යකි.අද සමාජය දෙස බලන විට ඕනැම කෙනෙකුට මිතුරන් ඇති බව පෙනේ.එහෙත් බොහෝ අය මිතුරන් ඇසුරු කරන්නේ ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙනි.නැතිනම් අවස්ථාවාදී ලෙසය. අද සමාජයේ මිතුරන් නිසා නරක් වූයේ යැයි කියන, විපතට පත්වූ බව කියන බොහෝ අය වෙති.එසේ වන්නේ ඇයි දැයි අප සිතා බැලිය යුතුය. නරක මිතුරන් නිසා විනාසයට පත් වු අය අද සමාජයේ බොහෝ ඇත. සමහරු මිතුරන් නිසා මත්පැන් පානයට හෝ මත්ද්‍රවය භාවිතයට ඇබ්බැහි වෙති. තවත් සමහරු සොරකම් දූෂණ මංකොල්ලකෑම් මිනී මැරුම් ආදියට පවා පෙළඹෙති.මෙවැනි වැරදි වලට පෙළඹි විනාශයට පත් වුවන්ගේ සිරිත වන්නේ අනෙක් අයද කෙසේ හෝ මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වයට ඇද දැමීමයි. එබැවින් ඔවුන් ඉතා හොද මිතුරන් ලෙසින් පෙනී සිටිමින් සාපරාධි දේ වලට අනු අය පොළඹවා ගනී එම නිසා අප නිතරම කලණ මිතුරන් කවුදැයි වටහා ගෙන ඔවුන් ඇසුරු කළ යුතුය.

අප යමක් සිතාගන්නට, තීරණය කරගන්නට ශක්තිය ඇති අය බවට පත්විය යුතුය.ඒ සදහා බුද්ධිය මෙහෙයවා හොදින් ‍ඉගෙන ගත යුතුය. ඉක්මණින් සතුටුවිය හැකි ලාභදායි දේ පසුපස හඹා යාමෙන් වැලකී සිටින්නට අප දැනුවත් විය යුතුය. එවිට අන් අයගේ මුසාබසකට අප නොරැවටෙනු ඇත. කෙසේ වෙතත් කිව යුතුව ඇත්තේ කල්‍යාණ මිත්‍රයකු ඇසුරට පත්වීමට පෙර අප කල්‍යාණ මිත්‍රයකු බවට පත් විය යුතු බවයි. හොඳ බුද්ධියක් යහපත් සිතක් අවංක චේතනාවක් සහ උදාර පරමාර්ථයන් සහිත විශ්වාසවන්ත පුද්ගලයකු ලෙස තමා හැඩ ගැසුණු විට තමන්ටත් එවැනි මිතුරන් හමුවෙනු ඇත. කල්‍යාණ මිත්‍ර සැපය ඉතා උදාර සැපයක් වන හෙයින් අප ද එවැනි මිතුරන් ප්‍රාර්ථනා කරමු.

පරිගණකය හා අනාගත ලෝකය.

අද  ලොව සෑම දෙනාගේම මුවඟ රැදුණු නාමයකි පරිගණකය. නැතහොත් කම්පියුටරය. එසේම ලොව සියලු තටයුතු වලට තැතුවම බැරි දෙයක් ලෙස  පරිගණකය පත්වි තිබේ. ගණන් සැදිමේදි සැම දෙනා භාවිතා කරණ කැල්කියුටරය පරිගණකයේ මුල්  අවධියයි.

අද පරිගණකයෙන් කරන කාර්යන් දෙස බලන විට  ඒවා කෙසේ කරන්නේදැයි ප්‍රශ්නයකි.  පාසලක කරන කාර්යන් දෙස බලන විට  සියලුම සිසු සිසුවියන්ගේ  තොරතුරු පරිගණකය  කුළ රැස්කර  තැබිය හැකිය. අවශ්‍ය ඕනෑම විටක එම තොරතුරු ක්ෂණිකව ලබාගත හැකිය.  අධ්‍යාපන ක්ෂේත්‍රය ගත් විට අද විභාග දෙපාර්තමේන්තුව  පරිගණකය භාවිතා කරන නිසා සියළු කටයුතු පහසු විඇත.  බැංකු කටයුතු හා මුඅදල් කටයුතු දන් පහසු වි ඇත්තේ පරිගණකය නිසාය.

පුවත්පත් මුද්‍රණයේදි එදා මහත් වෙහෙසක් දැරිමට සිදුවිය.  එසේම විශාල කාලයක්ද ගතවිය. නමුත් අද ඕනෑම තොරතුරක්  ක්ෂණිකව ජනතාව වෙත ලබාදිමට  පරිගණකය නිසා හැකිවි තිබේ.  අප රූපවාහිනිය නරඹන විට තිරයේ දිස්වන දර්ශන ගැන අපට පුදුම හිතේ.  එවැනි දර්ශන සියල්ලම සකසන්නේ  පරිගණකය මඟිනි.කාටුන් නරඹන විට චිත්‍රයට නගා  ඇති රූප ක්‍රියා කරන්නේ පරිගණකය මඟිනි. ඒ සියල්ල පරිගණකයට ඉතා සුලු දෙයකි.

ඒ අනුව ඉදිරියේදි පරිගණකය තුලින් අධ්‍යාපනය ලැබිමට දරුවන්ට  හැකිවනු ඇත. අපේ රටේ තාක්ෂණ දියණුව අඩු හෙයින්  තවමත් ඒ පහසුකම් අල්පය. එහෙත් ඇමරිකාව,ජපානය, චීනය වැනි රටවල  පරිගණකය සෑම නිවසකම සෑම ආයතනයකම ඇති සාමාන්‍ය දෙයක් බවට පත්වි  තිබේ.

පුරාණ ගැමි දිවියේ සුන්දරත්වය.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ආර්ථික රටාවකට හිමිකම් කී වැව්බැදි සංස්කෘතියෙන් පෝෂණය වූ රටකි. අතීතයේ පැවතියේ ගම මූලික කොට ගත් සමාජ රටාවකි. බොහෝ විට ගම් මුලාදෑනියාගේ යටතේ පාලනය වූ ගමට ගුරු හරුකම් ලැබුනේ ගමේ පන්සලෙනි. ජනතාව බහුල නොවූ ගම් හුදෙකලාව පිහිටා තිබූ අතර ඒවායේ මාර්ග පහසුකම් සුලභ නොවීය.ඒ හේතුවෙන් ගම්මුන්ට අවශ්‍ය දෑ ගමේම නිෂ්පාදනය කර ගත්තේය. විශේෂයෙන් උඩරට ප්‍රදේශය කදුහෙල් සහිත බිමක් වූ නිසා මාර්ග සකසා ගැනීම පහසු නොවිණි.ගම්වල වැසියෝ තමන්ට අවශ්‍ය කරන ධාන්‍ය වර්ග, අල, බතල හා එළවලු, පළතුරු සියල්ලම තමන්ගේ හේන් කුඹුරු වල වගා කර ගත්තේය. ඒ වගා කටයුතු වලට අවශ්‍ය පොහොර ආදිය තමන්ගේ ගොවිපළෙන්ම සකසා ගැනීමට ද උනන්දු විය.

අතීතයේ ගමේ සෑම ගෙදරකම එළදෙනුන් දෙතුන් දෙනෙක් සමන්විත ගව රැළක් හා කිකිළියන් හතර පස් දෙනකු ගෙන් යුතු කුකුළු රංචුවක් ද සිටීම සුලභ දසුනක් විය. තම ගොවි තැනට අවශ්‍ය පොහොර ද දරුවන්ගේ හා අනෙක් අයගේ පෝෂණයට අවශ්‍ය කිරි, බිත්තර ආදිය ද එයින් ලබා ගැනීමට ඔවුන්ට ඉන් හැකිවිය. ගවයින් තණබිමට දක්කා ගෙන යාමට වෙනත් මෙහෙකරුවන් නොසිටි අතර ගොවිතැනට යන ගෙහිමියා විසින්ම ඕවිටට දක්කනු ලබන අතර හවස් වරුවේ හේනට හෝ කුඹුරට යන ගෙවිලිය හෝ වැඩිහිටි දරුවන් නැවත හරකුන් ගාලට දක්කා ගෙන එයි. මේ එන අතර තුරදී පුරුද්දට මෙන් ගෙවිලිය ඕවිටෙන් පල නෙළා‍ ගෙන දරෙ මිටියක් ද බැඳ ගෙන හිසමත තබා ගෙන එයි. මේ අයුරින් අතීත ගම් වැසියන් තම ජීවිකාව සැහැල්ලුවෙන් ගෙන ගියේය. අල, බතල, ධාන්‍ය වර්ග පලාවර්ග සහිත වු ආහාර වේළ ඔවුන්ට සුපුරුදු දෙයකි. මේ නිසා අද කාලයේ මෙන් සමබර ආහාර වේලක ප්‍රශ්නයක් අමුතුවෙන් ඇති නොවිණි. එමෙන්ම කිසිදු කෘෂි නාශක වර්ගයක් භාවිත කිරීමට ද අවශ්‍ය නොවීය.තම ගොවිතැන් විවිධ උවදුරු වලින් බේරා ගැනීමට කෙම් ක්‍රම සහ වෙනත් කොහොඹ වැනි ස්වභාවික දෑ පාවිච්චි කරන ලදී. එමනිසා ආහාර වල අද මෙන් විෂ සහිත බවක් ‍නොමැති විය. පෝෂණය අතින් ද ඉතා උසස් මේ ආහාර ප්‍රියමනාප වූ අතර හැම දෙනාගේම වර්ධනයට එය රුකුලක් විය.

ශ්‍රී ලංකාවේ වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිවල ජෛව විවිධත්වය

ලංකාවේ ජෛව විවිධත්වය උපරිම වශයෙන් දක්නට ලැබෙන එක් ස්ථානයක් ලෙස වනාන්තර හැඳින්විය හැකිය.තෙත් කලාපීය වැසි වනාන්තර විශ්මයජනක ලෙස ජෛව විවිධත්වයෙන් පොහොසත්ය. මේවායේ ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ඇත.එනම්, ආවේණික ශාක විශේෂ වලින් 90% ක් ද, ආවේණික සතුන්ගෙන් 75% ක් ද,මෙම වනාන්තරවල දැකිය හැකිය.ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන හොර ශාක විශේෂය ලංකාවේ පහතරට තෙත් කලාපයේ හා කඳුකර වනාන්තරවල බහුලව දැකිය හැකි ආවේණික ශාක විශේෂයකි.එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පමණක් ආවේණික ශාක විශේෂ ද ඇත.ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන ‘මෙන්ඩෝරා’ නකල්ස් වනාන්තරයේ කුඩා පෙදෙසකට පමණක් සීමා වෙයි. ආවේණික කටුසු විශේෂයක් වන ‘කුරු බෝදිලියා’ හෙවත් ඳුකර කටුස්සා හමුවන්නේ මීටර් 1300ට වඩා උස් කඳුකර වනාන්තර වලිනි.මෙන්ම ‘පෙති අග කටුස්සා’ නැමති සතුන් හමුවන්නේ මීටර් 800ට වඩා උස නකල්ස් කඳුකරයෙන් පමණි.නමුත් වර්තමානය වන විට මිනිසාගේ අනිසි ක්‍රියාකලාපය නිසා වනාන්තර පද්ධති විනාශ වෙමින් පවතී.