පුරාණ ගැමි දිවියේ සුන්දරත්වය.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ආර්ථික රටාවකට හිමිකම් කී වැව්බැදි සංස්කෘතියෙන් පෝෂණය වූ රටකි. අතීතයේ පැවතියේ ගම මූලික කොට ගත් සමාජ රටාවකි. බොහෝ විට ගම් මුලාදෑනියාගේ යටතේ පාලනය වූ ගමට ගුරු හරුකම් ලැබුනේ ගමේ පන්සලෙනි. ජනතාව බහුල නොවූ ගම් හුදෙකලාව පිහිටා තිබූ අතර ඒවායේ මාර්ග පහසුකම් සුලභ නොවීය.ඒ හේතුවෙන් ගම්මුන්ට අවශ්‍ය දෑ ගමේම නිෂ්පාදනය කර ගත්තේය. විශේෂයෙන් උඩරට ප්‍රදේශය කදුහෙල් සහිත බිමක් වූ නිසා මාර්ග සකසා ගැනීම පහසු නොවිණි.ගම්වල වැසියෝ තමන්ට අවශ්‍ය කරන ධාන්‍ය වර්ග, අල, බතල හා එළවලු, පළතුරු සියල්ලම තමන්ගේ හේන් කුඹුරු වල වගා කර ගත්තේය. ඒ වගා කටයුතු වලට අවශ්‍ය පොහොර ආදිය තමන්ගේ ගොවිපළෙන්ම සකසා ගැනීමට ද උනන්දු විය.

අතීතයේ ගමේ සෑම ගෙදරකම එළදෙනුන් දෙතුන් දෙනෙක් සමන්විත ගව රැළක් හා කිකිළියන් හතර පස් දෙනකු ගෙන් යුතු කුකුළු රංචුවක් ද සිටීම සුලභ දසුනක් විය. තම ගොවි තැනට අවශ්‍ය පොහොර ද දරුවන්ගේ හා අනෙක් අයගේ පෝෂණයට අවශ්‍ය කිරි, බිත්තර ආදිය ද එයින් ලබා ගැනීමට ඔවුන්ට ඉන් හැකිවිය. ගවයින් තණබිමට දක්කා ගෙන යාමට වෙනත් මෙහෙකරුවන් නොසිටි අතර ගොවිතැනට යන ගෙහිමියා විසින්ම ඕවිටට දක්කනු ලබන අතර හවස් වරුවේ හේනට හෝ කුඹුරට යන ගෙවිලිය හෝ වැඩිහිටි දරුවන් නැවත හරකුන් ගාලට දක්කා ගෙන එයි. මේ එන අතර තුරදී පුරුද්දට මෙන් ගෙවිලිය ඕවිටෙන් පල නෙළා‍ ගෙන දරෙ මිටියක් ද බැඳ ගෙන හිසමත තබා ගෙන එයි. මේ අයුරින් අතීත ගම් වැසියන් තම ජීවිකාව සැහැල්ලුවෙන් ගෙන ගියේය. අල, බතල, ධාන්‍ය වර්ග පලාවර්ග සහිත වු ආහාර වේළ ඔවුන්ට සුපුරුදු දෙයකි. මේ නිසා අද කාලයේ මෙන් සමබර ආහාර වේලක ප්‍රශ්නයක් අමුතුවෙන් ඇති නොවිණි. එමෙන්ම කිසිදු කෘෂි නාශක වර්ගයක් භාවිත කිරීමට ද අවශ්‍ය නොවීය.තම ගොවිතැන් විවිධ උවදුරු වලින් බේරා ගැනීමට කෙම් ක්‍රම සහ වෙනත් කොහොඹ වැනි ස්වභාවික දෑ පාවිච්චි කරන ලදී. එමනිසා ආහාර වල අද මෙන් විෂ සහිත බවක් ‍නොමැති විය. පෝෂණය අතින් ද ඉතා උසස් මේ ආහාර ප්‍රියමනාප වූ අතර හැම දෙනාගේම වර්ධනයට එය රුකුලක් විය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s