ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ

කිසි‍යම් ජීව විශේෂයක් යම් භූගෝලීය කලාපයකට ආවේනික හෙවත් ඒකදේශික වීම යනුවෙන් අදහස් කරන්නේ එම ජීව විශේෂය ස්භාවීකව හමුවන්නේ එම විශේෂිත භූගෝලීය කලාපය තුළ පමණක් බවයි. මේ අනුව ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ ශ්‍රී ලංකාව හැර ලොව අන් කිසිදු ප්‍රදේශයක හමු නොවෙති. එම ඒකදේශික විශේෂ බිහි වන්නේ භූගෝලීය විසංගමනය යන පරිණාමික සංසිද්ධිය හේතුවෙනි. භූගෝලීය විසංගමනය යනු කිසියම් සත්ව කාණ්ඩයක් යම් භූගෝලීය බාධකයක් (උස් කඳූ වැටියක්,විශාල ජල තලයක්) හේතුකොට ගෙන තම විශේෂයේ සෙසු සාමාජිකයන්ගෙන් ප්‍රජනක වශයෙන් හුදෙකලා වීමයි. වර්තමාන වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට ආවේනික කුරුලූ වගර්‍ සංඛ්‍යාව 23ක් නැතහොත් 26කි.මෙම විචල්‍යතාවයට හේතුව ඇතැම් විද්වතුන් හිස කළු කොණ්ඩයා කඳුකර වී කුරුල්ලා සහ හීන් කොට්ටෝරුවා යන කුරුල්ලන් තිදෙනා ආවේනික උප විශේෂ ලෙසත්,ඇතමුන් ආවේනික විශේෂ ලෙසත්, සැලකීමයි. මීට අමතරව ශ්‍රී ලංකාවට ආවේනික උප විශේෂ ගණනාවක් ඇත. මෙම කුරුල්ලන් ශ්‍රී ලංකාවට අමතරව ඉංදියාව සහ අග්නිදිග ආසියාව වැනි ප්‍රදේශ වල හමුවන මුත් අපගේ ප්‍රභේද අප රටට ආවේනිකය. එකම විශේෂයක් තුළ හමු වන මෙවන් ප්‍රභේද එකිනෙකින් වෙනස් වන්නේ පැහැය, දේහ ප්‍රමාණය සහ හඩ ආදී කරුණු වලිනි.

ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ

*හබන් කුකුළා

*වළි කුකුළා

*බට ඇටි කුකුළා

*මයිල ගොයා අළු ගිරවා

*ගිරා මලිත්

*වත රතු මල් කොහා

*දුඹුරු කැලෑ බස්සා

*ළු කෑදැත්තා

*රතු නළල් කොට්ටෝරුවා

*පීතකන් කොණ්ඩයා

*අරංගයා

*පුල්ලි වල් ආවිච්චියා

*අළු දෙමලිච්චා