ඛණිජ තෙල් සම්පත හා එහි අනාගතය

ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් අතර අද කාගේත් කතා බහට ලක්වී ඇති ඛණිජ තෙල් සම්පත අප රටේ අනාගතය වෙනස් මගකට යොමු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. තුන්වන ලෝකයේ රටක් වශයෙන් තවමත් නම් දරණ අප ශී ලංකාව සැතපුම් 1100ක පමණ මුහුදු තීරයක් හිමිකර ගෙන තිබේ. පෘථිවිය මත ජල තලයෙන් 20%ක් වසා සිටින ලොව තුන්වන විශාල සාගරය වන ඉන්දියන් සාගරයෙන් වටවී ඇති අප රටට එක්සත්ජාතීන්ගේ සාගර නීති ප්‍රඥප්තියට අනුව සාගර කලාප කීපයකම අයිතිය හිමිව ඇත.  ලෝකයේ නොයෙක් කලාප වල භූමිතලය සමීපයෙන් ගලා යන්නා වූ සම්පතක් ලෙස හදුන්වා ඇති ඛණජ තෙල් පෘථිවියේ වෙසෙන මිනිසාගේ ආගමික , ආර්ථික ජීවන රටාව පමණක් නොව, සෞඛ්‍යය රටාව පවා වෙනස් කිරීමට සමත්ව ඇත. අපට අයත් සාගර කලාපයේ අප නෙලා ගන්නා සම්පත් ප්‍රමාණය පවතින සම්පත් ප්‍රමාණයට සාපේක්ෂව බැලූ විට ඉතා සුළු පමාණයකි. ඉතා වටිනා සම්පතක් වන ඛනිජ අඩංගු ඛණිජ නිධි ද ස්වභාවික වායු හා ඛණිජ තෙල් නිධි වලින් ද සමන්විත මුහුදු ප්‍රදේශය ගැන නවතම ප්‍රවෘත්ති අසන්නට ලැබේ. ඒ අනුව ඛණිජ තෙල් නිධි පිළිබඳව ගවේෂණය කොට, ඒවා ලබා ගැනීම සඳහා අදාල පියවර ගැනීමට කටයුතු සම්පාදනය කර ඇත.           ලෝකයේ ඛණිජ සම්පත් ඵල ප්‍රයෝජනයට ගන්නා සෑම රටක්ම අසීමිත කැප කිරීමකින් ඒවා ලබා ගත් බව ඉතා පැහැදිලිය. ඈත අතිතයේ සිටම තෙල් නිධි මුහුද ආශ්‍රිතව තිබිණි.පෙන්සිල්වේනියාව වැනි රටවල් ලොව ප්‍රකට වූයේ මෙසේ සොයා ගත් ඛණිජ තෙල් නිධි නිසාය. ඉන්ධන පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා රට තුල හටගෙන ඇති ඉන්ධන අර්බුදය තව තවත් සංකිර්ණ වෙමින් පවතී. තවද ලොව සියලු පෙට්‍රෝලියම් ඉන්ධන සංචිත පවා මෙම සියවස සඳහාවත් ප්‍රමාණවත් නොවන බව බොහෝ විද්‍යාඥයින්ගේ මතය වේ. ඒ සඳහා විකල්පයක් සෙවීම ද අසීරුය. ඉහත සඳහන් හේතු මත දෙගුණ තෙගුණ වන ඉන්ධන මිල ගෙවීමට අප රටේ පාරිභෝගිකයින්ට කිසිසේත් හැකියාවක් නැත. අන්තර්ජාතික වෙළඳපොලේ තෙල් මිල ඉහල යාමට සාපේක්ෂව අප වෙළඳපොලේ භාණ්ඩ මිල ද නියත වශයෙන් ඉහළ යන නිසා ඉදිරියේ ඉන්ධන අර්බුදයක් ඇති වුවහොත් සාමාන්‍ය ජනතාවට කුසගින්නේ මියැදීමට සිදුවේ.

එසේ නම් අප කෙසේ හෝ අපට අයත් මේ සමුද්‍ර සම්පතින් ඵල නෙලා ගැනීමට සූදානම් විය යුතුය. මෙම තෙල් ලැබුණු පසු එය රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට කෙසේ බලපායි ද යන්න පිළිබඳව විමසිලිමත් විය යුතුය. ලැබෙන්නා වූ යම්කිසි සම්පතක සංවර්ධනය තිරසාර කර ගැනිම එම රටේ දියුණුවට හේතු වේ.ඕනෑම රටක සෑම සංවර්ධනයක් පිටුපසම දක්නට ලැබෙන පරිසර දූෂණය ඛණිජ තෙල් කැණිම් කටයුතු වලදී ද සිදුවිය හැකිය. පරිසර දූෂණය මඟින් මිනිස් ජීවිත වල ට මෙන්ම රටේ ආර්ථිකය අඩපණ කිරීමට ද හේතු වේ. සාගර පරිසරය දූෂණය නොවන ආකරයට විධිමත් සැලැස්මකින් මෙම කාර්යය කළ යුතුය.           මෙසේ ලබා ගන්නා ඛණිජ තෙල් නිසා අපරට සංවර්ධිත රටක් වීමට බොහෝ ඉඩකඩ ඇත. එහෙත් තුන්වැනි ලෝකයේ රටවල් මේ ආකාරයේ සංවර්ධනය වූ සෑම අවස්ථාවකදීම සුපිරි බලවතුන්ගේ බලපෑම් වලට ලක්විය. එසේම ඉන්ධන මුල්කොට ගෙන සිදුවූ යුද්ධ ගැන ඉතිහාසයේ අසන්නට ලැබුණූ අවස්ථා ඇත. ඇමරිකාවේ පර්ල් වරායට ජපානය බෝම්බ දැමීම එවැනි අවස්ථාවකි.තවද ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීම ද මේ නිසා සිදුවුවකි.  මෙවැනි සම්පතක් අප වැනි කුඩා රටකට ලැබීමේ භාග්‍ය පිටුපස අභාග්‍ය ගෙන දෙන ලක්ෂණ ද නැතුවා නොවේ. එහෙත් සංවර්ධිත රටවල් ඌණ සංවර්ධිත රටවලට ලබා දෙන ආධාර බුද්ධිමත්ව තෝරා බේරා ගෙන මිනිසාට හා පරිසරයට සිදුවන අතුරු විපාක වලක්වා ගෙන රටේ තිරසාර සංවර්ධනයක් ඇති වන අයුරින් මහ මුහුද ශ්‍රී ලාංකිකයන් වන අපට දායාද කොට ඇති මෙම  ඛණිජ තෙල් නිධි ඵල ප්‍රයෝජනයට ගැනිමට අදාල බලධාරීන් සුභවාදිව කටයුතු කළ යුතුය.

Advertisements

One thought on “ඛණිජ තෙල් සම්පත හා එහි අනාගතය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s