ජීවිතයට ඔවදනක්

*ඉතාම සාර භුමිය පවා වගා නොකළ‍ විට  එය වල්පැළ වලින් පිරී යනු ඇත.

(ප්ලූටාර්ක්)

*නිදහස දිනාගැනීමට වඩා අමාරැ කාරිය දිනූ නිදහස රැක ගැනීමයි

(මහත්මා ගාන්ධි)

*අතීතය ගෙවි ගොස්ය.එය අපට වෙනස් කළ නොහැකිය.එය මද ලෙසින් හෝ හැඩ ගැස්වීමට අපට පුළුවන.

(ශ්‍රි නේරැ)

*විනයගරැක භාවයෙන් තොර උගත්කමින් වැඩක් නැත.

( වෙලිංටන් )

*මෝරන වී කරල
නැමෙයි රස වැඩුණු කල
නුවන මෝරන  කල
එමෙන් දරැ කැල – නැමෙත් මනකල

*භාෂාව යනු මිනිසා දීර්ඝ කාලීන ජීවන  අරගලය , සන්නතිය තුල තමා ලත් දැනුමි ,කුසලතා , හැකියා , ධාරිතා , වින්දන යනාදිය නිදන් තර තැබීමටත් අන්‍යන්ට සන්නිවෙදනය කිරිමටත් තනාගත් උපකරණයයි.

කියවීම මිනිසා සම්පූර්ණ කරයි

මෙම කියමන සර්වකාලීන වූත් වටිනාමකින් යුක්ත කියමනකි. මෙයින් අදහස් කෙරෙනුයේ  මිනිසා දැනුමින්, අත්දැකීම් වලින් සහ කුසලතාවන්ගෙන් පෝෂණය ලැබිය යුතු බවය. එසේ නැතහොත් මනා පෞරුෂයකින් යුත් පූර්ණ මිනිසකු වීම සඳහා අවශ්‍ය දැනුම් කුසලතා සම්භාරයක් ගොනු කර ගත යුතු බවය.ඇත්ත වශයෙන්ම අද ලෝකය දෙස බලන විට එය අතීත ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් බව පැහැදිලි කරුණකි. ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වී ඇත. ග්‍රහලෝකවලට පවා සමීපවෙන්නට සමත්කම් දක්වයි. මෙවන් ලෝකයක සැරිසැරීමට නම් අතීතයේ පැවති අල්ප දැනුම ප්‍රමාණවත් නොවේ.          හෙට ලෝකයට අවශ්‍ය වන දැනුම වර්ධනය කර ගැනීමට නම් එම දැනුම් සම්භාරය ගොනු වී ඇති පොත පත පරිශීලනය කිරීමට මිනිසා හුරු පුරුදු විය යුතු වේ. මේ හුරුව ලබා ගැනීම සිදුවිය යුත්තේ කුඩා කළ සිටමය. එසේ නම් දරුවන් කියවීමට හුරු කිරීම කළ යුතුව ඇත්තේ, හෙට ලෝකයේ උරුමකරුවන් දරුවන් වන නිසාත්, ඔවුන් දැනුමින් පෝෂිත පිරිසක් බවට පත් විය යුතු නිසාත්ය. එහෙත් අද වැඩිහිටියන් නගන චෝදනාවක් වන්නේ දරුවන් පොත්පත් කියවීමෙන් ඈත්වී සිටින බවත් , ඔවුන් ඊට හුරු කිරීම කළ නොහැකි බවත්ය. ඊට ඔවුන් ඉදිරිපත් කරන හේතුව ලෙස දක්වන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය ජනමාධ්‍යක් වන රූපවාහිනියට ළමුන් දැඩි සේ ඇබ්බැහි වී ඇති බවකි. මෙම මාධ්‍යයෙන් ඉතා පහසුවෙන් ළමුන්ට විනෝදාස්වාදයක් ලබා ගත හැකි විමත්, ඉතා පහසුවෙන් බාධාවකින් තොරව එය නැරඹීමට අවකාශය ලැබීමත් නිසා ළමුන් ඊට ඇබ්බැහි වී සිටින බව දෙමාපියන්ගේ මතයයි. අපට හමුවන පොත්, ලිපි, පුවත්පත්,සඟරා වැනි දේ කියවා අපි අපේ කියවීමේ දක්ෂතාව දියුණු කර ගනිමු.

ශ්‍රී ලංකාවේ ආගමික විවිධත්වය

ශ්‍රී ලංකීය සංස්කෘතිය ආගම හා බැදී පවතී. ශ්‍රී ලංකාව තුල විවිධ ආගම් නියෝජනයක් පවතී. බෞද්ධ බැතිමතුන් පොහොය දිනයන් සමරන අතර හින්දු හා මුස්ලිම් භක්තිකයන් ඔවුන්ට වැදගත් වන දිනයන් සමරනු ලැබේ. ශ්‍රී ලාංකිකයන් දැඩි ආගම් භක්තිකයන්ය. මක් නිසද යත් පුරතන යුගයේ පටන් විවිධ ආගමික ඇදහිලි සඳහා මුල් තැන ලබා දී ඇති නිසාය. ශ්‍රී ලංකාව පුරා බොහෝ පන්සල් මෙන්ම මුස්ලිම් පල්ලි, හින්දු දේවස්ථාන පැතිර පවතී. ලංකවේ ප්‍රාදේශීයව පවතින ආගමික සිද්ධස්ථාන දෙස බැලීමෙන්ම ආගමික නැඹුරුව තීරණය කළ හැක. ශ්‍රී ලංකවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල බොහෝ හින්දු දේවාල සහ මුස්ලිම් පල්ලි දැක ගත හැකි වන්නේ එම ප්‍රදෙශයන්හි දෙමළ හා මුස්ලිම් ජනගහනයක් ව්‍යප්තව ඇති බැවිනි. රෝමානු කතෝලික හා පොතෙස්තන්ත්‍ර ආගම් අදහන්නන් බොහොමයක් දකුණු මුහුදු තීරයේ ව්‍යාප්තව ඇති බැවින් බොහෝ පල්ලි දැක ගත හැක. ශ්‍රී ලංකවේ ප්‍රධාන ආගම බුද්ධාගම වීම බැවින් දිවයින අභ්‍යන්තරයේ මෙන්ම දීප ව්‍යාප්තව බෞද්ධ ආගමිකයන් විසිරී පැතිරී ඇත.

ශ්‍රී ලංකාවේ තේ වගාව

ලෝකයේ විශාල වශයෙන් තේ නිපදවන්නන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාව තේ පානය කිරීම සම්බන්ධයෙන්ද අනෙකුත් රටවල් අභිබවා සිටියි. බොහොමයක් ශ්‍රී ලාංකිකයන් දිනකට අවම වශයෙන් උණු තේ කෝප්ප තුනකවත් රස බැලීමට අමතක නොකරති. ශ්‍රී ලංකාව ලෝකයේ උසස්ම තත්වයේ තේ නිපදවන රටවල් අතරින් එකක් වීම විශෙෂත්වයකි. එක්සත් රාජධානියේ රාජකීය පවුල පවා ස්වකීය පානයන් අතරට ලාංකීය තේ සඳහා ද මුල් තැනක් ලබා දීම තුලින් ලාංකීය තේ සඳහා ලෝකයේ ඇති ඉල්ලුම මොනවට පසක් වේ. නිවසට අමුත්තෙකු පමිණි අවස්ථාවකදී, උත්සව අවස්ථාවලදී මෙන්ම උදෑසන ආහාරයක් ලෙසද තේ පිලිගැන්වීමට හැක.

නව වසර වාසනා

ලා දළු මල් වඩාගෙන
තුරැලතා හිනැහුණා……
ඇසේ ගස් අතරින්
මිහිරි කුරැළු ගායනා
සාමයේ පරවියන්
නිදහසේ පියඹනා…..
නව වසරේ සතුට සැනසුම
රැගෙන එලැබුනා
රැදුරැ ගිනි අවි
සතුරැ අත් මගින්
ගිලිහුණා……
උන් තුටින් සාමයේ
මාවතට පිවිසුනා
ඇසේ සතරතින්
ජය මගුල් ගී ගායනා
මවිබිමේ සැමට වාසනා…….