රන්පැහැ ගනි ගුවන් තලාවම
පුළුන් වලා පාවේ…..
ඇතට ඈතට ගුවන් ගැබේ
සියොතුන් මිහිරි ගී නවතා ….
කෙත් යාය උඩින් ගුවනේ
කැදලි සොයා පියා සලා …..
පිනි දියෙන් තෙමි ගොමිමනේ
මල් සුවද විද ක්ෂිතිජ ඉමෙන්
ගිලී යන හිරැට අතවනා…..
හිනැහි හිනැහි සද කුමරැ
තරැකැට විසිරැණු
පෙරඹර නැගෙනතුරා…..
අපේ ලැබි එකේ කරන්ටි එක කැපුවට පස්සේ අපිට ගොඩාක්ම දුක හිතුනා.ඒ වගේම අපි ඒ වෙලාවෙ කර කියා ගන්න දෙයක් නැතිවයි හිටියේ.ඒත් මොනවා කරන්නද. අපිට කාගෙන්වත් උදවිවක් උපකාරයක් ලැබුනේ නැ. අපේ සර්ගේ සහ අපේ උත්සාහයෙන් උනන්දුවෙන් ටිකක් ලැබි එකේ කරන්ටි බිල ගෙවන්න සල්ලි හොයා ගත්තා.2010-02-03 දින අපේ සතුටුම දවසක් වුනා.එදා තමයි අපේ ලැබි එකට කරන්ටි එක ලැබුණේ.අපිට දැන් කියාගන්න බැරි තරමට සතුටුයි. ලැබි එකට කරන්ටි එක නැති දවස් ටික අපට දැනුනේ හරියට අවුරැද්ක් ගෙවුනා වගේ. දැන් ඉතින් අපිට ආයිමත් අලුතින් වැඩ පටන් ගන්න පුළුවන්නේ.අපිට අපේ ලැබි එකට කරන්ටි එක ගන්න නන් අයුරින් උදවි උපකාර කල අයට ගොඩාක්ම ගොඩාක් ස්තූතියි.