Archive | March 2010

අසාධාරණය

අසාධාරණය හැම තැනකම පවතින දෙයක්.අසාධාරණය නිසා සුදුස්සාට සුදුසු තැන හිමි නොවීම වැනි ඉතා අවාසනාවන්ත තත්වයකට තත්වයකට සමාජෙ සිටින මිනිසුන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා.කවුරැන් අතරද  මේ අසාධාරණය තිබෙන්නේ? කවුරැන් අතරවත් නොව  මේ මිනිසා ලගමයි.ඒයට කදිම උදාහරණයක් ලෙස  අපටත් දවසක ඉර පායාදෝ නමි කෙටි කතාවේ එන ළමයා චිත්‍ර ඇදීමට කෙතරමි දක්ෂ වුවත් දුප්පත් පොහොසත් යන් පන්ති පරතරය නිසා ඒම ලමයාට හිමිතැන නොලැබීම නිසා ඒ ලමයා මහත් පීඩාවට පත්වන ආකාරය ඒම කෙටි කතාවේන් මනාව චිත්‍රනය වෙනවා.
මෙම අසාධාරණය අපේ රටේත්  තියෙන දෙයක්.කවුරැන් අසාධාරණ වුවත් අපි නිතරම සාධාරණ විය යුතුය. ඒ වගේම මිනිසුන් තමන්ගේ වාසිය සදහා සදහා ඕනෑම අසාධාරණ වැඩක් කරාවී. ඒත් මිනිසුන් නොදැන හෝ දැන නොයෙකුත් ක්‍රියා සිදු කරන්න පුලුවන්.

ජීවිතය ජයගැනීම කියන්නේ  හැම  දෙයක්ම ඉවසා දරාන ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමයි.අපට  මේ වන විට කොතරමි අසාධාරණකමි සිදු වී ඇත්ද? එහෙත් අප ඒවාට කොරමි දුක් වී ඇත්ද? ඒහෙත් අප  අසාධාරණකමි නිසා දුක් වෙන්න හොද නෑ.අපි මිනිස්සු , මිනිස්සු කියන්නේ මනසින් උසස් අය.අපි මිනිසුන් වශයෙන්  සමාජය තේරැමි ගත යුතුය.සමාජය කරන හැම දෙයක්ම භාරගන්න කියලා මම කියන් නෑ. සමාජයේ හොද වැඩ කරන මිනිසුන් ඉන්නේ බොහෝම සුලු පිරිසක්.අපි ඒ අයව ආදර්ශයට ගෙන අපි මිනිසුන් වශයෙන් ධෛර්යෙන්  ජීවිතය නැමැති කන්ද තරණය කළ යුතුය.

Advertisements

මුදල් නිසා නැතිවන මනුස්සකම………

ඇස් ඇරලා බලන්න අද සමාජය දිහා, මුදල් වලට  තණ්හාව නිසා මිනිසුන්ගේ මනුස්සකම  කොතරමි  දුරට  නැතිවෙලා තියෙනවද කියලා. සහමහර මිනිසුන් මෙ අමනුෂය්‍ය ගති නිසා මිනිසුන්ගේ ජීවිත පවා විනාශ කරන  පහත් තත්වය පත් වෙලා තියෙනවා.අද සමාජයේ මිනිසුන් මුදල් වලට ම යටවෙලා.තමන්ගේ අමිම තාත්තා  සහෝදර සහෝදරයන්,වැඩිහිටියන් සමාජයේ මෙ තත්වය නිසා පේන්නේ නෑ.මෙ රටෙි ඉන්න සල්ලිකාර මිනිසුන්  මුදල් නැති දුප්පත් මනිස්සු සමාජයේ ගණන් නොගන්න තත්වයකට පත්වෙලා තියෙනවා. මුදල් කියන්නේ අපිට අවශ්‍ය දෙයක්.ඒ අපි මුදල් වලට අනවශය ලෙස කෑදර වෙන්න හොද නෑ.අද සමාජය මුදල් නැතිව කිසිම දෙයක් බැරි තත්වයකට මුහුණ දී තිබෙනවා. ඇයි‍ මෙහෙම උනේ බලන්න නිවැරදි දේ කුමක්ද කියලා.නිතරම නිවැරදි දේ තොරාගන්න.

ආර්ය අෂ්ටාංගික මාර්ගය.

බෞද්ධ වූ අපි කවදා හෝ නිවන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමු. නිවන යනු සියලු කෙලෙස් නැති කොට සිත පිරිසිදු කර ගැනීම යි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයක් අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. ඒ මාර්ගය හැඳින්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමිනි. උතුම් වූ අංග අටක් ඇති මාර්ගය හෙවත් පාර යනු එහි අදහසයි. මේ මාර්ගයට මැදුම් පිළිවෙත කියාත් කියනු ලැබේ. ශරීරයට දැඩි දුක් දීමේ අන්තයට හෝ ශරීරයට  වැඩි සැපදීමේ අන්තයට නො ගොස් ඒ අතර මැදි පිළිවෙතක් අනුගමනය කෙරෙන බැවින්, එය මැදුම් පිළිවෙත නමින් හැඳින්වේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මැදුම් පිළිවෙත පිළිපැදීමෙන් නිවන් ලබා ගැනීමට හැකි වෙනවා පමණක් නොව ඉගෙනීම ඇතුළු දිනපතා ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ.

ආර්ය අෂ්ටංගික මාර්ගයේ අංග අට මෙසේය.

1. යහපත් දැකීම හෙවත් සම්මා දිට්ඨී
2. යහපත් කල්පනාව හෙවත් සම්මා සංකප්ප
3. යහපත් වචනය හෙවත් සම්මා වාචා
4. යහපත් ක්‍රියාව හෙවත් සම්මා කම්මන්ත
5. යහපත් දිවි පැවැත්ම හෙවත් සම්මා ආජීව
6. යහපත් උත්සහාය හෙවත් සම්මා වායාම
7. යහපත් සිහිය හෙවත් සම්මා සති
8. යහපත් සිතේ එකඟ කම හෙවත් සම්මා සමාධි

උත්සාහායෙන් ජය

කුරැලු කූඩුවක සිටින
පුංචි කුරැලු පැටවකුට
ලොවක් ගීතවත් කළ හැක
කදු මුදුනක සිට
ගලා හැලෙන……
දිය පහරකට
ලොවක් ප්‍රබෝධවත්
කළ හැක………
මවු තුරැලේ සිටින
කුඩා දරැවකුට
දිනක ලොවක් දිනිය හැක
උත්සාහ කරන්න
දිනක ඔබත් නිසැකයෙන්ම
ජය ගනීවි………

අධ්‍යාපනය

ඔබ කොයිතරමි හොදද
ඔබ කොයිතරමි  නරකද?
එහෙම  හිතෙන්නේ
ඔබ වෙලාවකට අපිට හිතාගන්නවත් බැරි තරමට
සතුට දෙනවා
ඒ වගේම වෙලාවකට හිතාගන්නවත් බැරි තරමට
දුක් දෙනවා
ඒත් ඔබත් එක්ක කවදාවත්ම තරහ නෑ
ඔබ ලබාගන්න මොනතරමි දුක් විදිනවද?
මොනතරමි දේවල් කරනවද?
ඔබ ඒ කිසිදෙයක් නොදන්නවා වගේ හිටියට
ඔබ මගේ අනාගතයට මහගු සමිපතක්
මට අවශ්‍ය ඔබ ගැන  හැම දෙයක්ම දැනගන්න
නිවැරදි බවත් මම දන්නවා
ඔබ ලබා ගැනීමෙ වටිනාකම ගැනත් දන්නවා
ඉතින්
ඔබ මගේ ජීවිතයට මිණි පහනක් වනවා නේද?