මිනිසා හා තාක්ෂණය

ජාතික මිහිපිට උසස්‌ මනසක්‌ ඇති සත්වයා මිනිසාය. බුදුන් වහන්සේ ද තම දේශනාවල දී “මනං උස්‌සන්තීථි මනුස්‌සා” යනුවෙන් දේශනා කළේ ද මෙම කරුණමය. පරිණාමවාදය ඉදිරිපත් කළ චාල්ස්‌ඩාවින් කීවේ සත්ව සන්තතියේ අගේ්‍රශ්වරයා මිනිසා කියාය. තිරිසන් සතුන් අතර විවිධ හැකියාවන් සහිත සතුන් දැකිය හැකි වුවද නිර්මාණශීලී මනසක්‌ ඇති එකම සත්වයා මිනිසා පමණි. සතුන්ට ඇත්තේ සහජ කුසලතාවන් වුවද මිනිසාට තම පරිසරය සමග ගැටීම හේතුකොට ගෙන නව නිර්මාණ සහ සංකල්ප ජනිත කිරීමට හැකියාව තිබේ. මිනිස්‌ සමාජය වූ කලී සත්ව සන්තතිය නියෝජනය කරන එහි උප කුලකයකි. මිනිස්‌ සමාජය ගත් විට එහි වෙසෙන සිලුම දෙනා එක හා සමාන බුද්ධි ඵලයක්‌ ඇත්තෝ නොවෙති. එවැන්නන් සමාජයට දායක වන්නේ අතැඟිලි තරමටය. මානව ශිෂ්ඨාචාරය නිර්මාණය කිරීමට දායක වන්නෝ ඔවුහුය.

ගල් යුගයේ සිට වර්තමානයේ අප ජීවත්වන මේ ඉලෙක්‌ට්‍රොනික්‌ තාක්‍ෂණික යුගය දක්‌වා මිනිසා යෝධ පිම්මක්‌ ඉදිරියට තබා ඇත්තේ මිනිසා සහජයෙන්ම ගවේෂණයට සහ නිර්මාණශීලීත්වයට යොමුවූ මනසක්‌ තිබීම හේතුකොටගෙනය. එදා දෙපයින් ගමන්ගත් මිනිසා රෝදය සොයා  ගැනීමත් සමග චින්තනය මෙහෙයවා මෝටර් රථය ද, ඉන් අනතුරුව අහස්‌ යානය ද ඊටත් පසුව පිටසක්‌වල තරණය කිරීම සඳහා ඉවහල් කරගත හැකි ආකාරයේ මෙවලම් ද නිෂ්පාදනය කළේය. එදා ගල්ගුහාවල ජීවත්වූ මිනිසා අද විවිධ කායික සුවය ගෙන දෙන ආකාරයේ මෙවලම් සහිත නිවාස නිර්මාණය කළේය. එදා ප්‍රාථමික අවධියේ පැවැති මානව සන්නිවේදනය අද වැඩිදියුණු වී මුළු ලෝකයම එකට ගැට ගැසුන විශ්ව ගම්මානයක්‌ බවට පත්ව ඇත.‍

Advertisements

4 thoughts on “මිනිසා හා තාක්ෂණය

  1. නැගණිය, ඉතාම සරළව ඔබ මේ අදහස ඉදිරිපත් කරලා තියෙනවා..

    තාක්ෂණය උපයෝගීකරගෙන මිනිස විසින් මනුශ්‍ය වර්ගයාව නැති කරන උපාංග ද නිපදවා තිබෙනවා… සරළම උදාහරණය වෙඩිබෙහෙත්.

    මිනිසුම් වශයෙන් වැදගත් වන්නේ තාක්ෂණය අපගේ උන්නතිය උදෙසා බාවිතා කිරීමයි… යහපත් සිතුවිලි ඇතුව හුදී ජනයාගේ හිත සුව පිණිස තාක්ෂණය
    මෙහෙයවීමයි. එහෙම නේද?

    දිගටම ලියන්න.

  2. පලමුව මම සුබ පතනව 10 වසරෙ ඉගෙන ගන්න ගමන් මෙහෙම දෙයක් කරන එකට. මම 10 වසරෙ ඉන්නකොට ඉස්කෝලෙ තිබුනෙ 286 කොම්පියුටර් එකක්. ඒකෙ OS එක DOS. start up කරන්න තිබුනෙ Floppy disk එකක්. (5 1/4″). හිතාගන්න පුළුවනිද ?
    මේ බ්ලොග් එක කියවන්න හේතුව තමයි ඉස්කෝලේ නම දැකීම. ඔයාලගෙ සර් ටත් මගේ සුබ පැතුම දෙන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s