මිනිසා හා තාක්ෂණය

ජාතික මිහිපිට උසස්‌ මනසක්‌ ඇති සත්වයා මිනිසාය. බුදුන් වහන්සේ ද තම දේශනාවල දී “මනං උස්‌සන්තීථි මනුස්‌සා” යනුවෙන් දේශනා කළේ ද මෙම කරුණමය. පරිණාමවාදය ඉදිරිපත් කළ චාල්ස්‌ඩාවින් කීවේ සත්ව සන්තතියේ අගේ්‍රශ්වරයා මිනිසා කියාය. තිරිසන් සතුන් අතර විවිධ හැකියාවන් සහිත සතුන් දැකිය හැකි වුවද නිර්මාණශීලී මනසක්‌ ඇති එකම සත්වයා මිනිසා පමණි. සතුන්ට ඇත්තේ සහජ කුසලතාවන් වුවද මිනිසාට තම පරිසරය සමග ගැටීම හේතුකොට ගෙන නව නිර්මාණ සහ සංකල්ප ජනිත කිරීමට හැකියාව තිබේ. මිනිස්‌ සමාජය වූ කලී සත්ව සන්තතිය නියෝජනය කරන එහි උප කුලකයකි. මිනිස්‌ සමාජය ගත් විට එහි වෙසෙන සිලුම දෙනා එක හා සමාන බුද්ධි ඵලයක්‌ ඇත්තෝ නොවෙති. එවැන්නන් සමාජයට දායක වන්නේ අතැඟිලි තරමටය. මානව ශිෂ්ඨාචාරය නිර්මාණය කිරීමට දායක වන්නෝ ඔවුහුය.

ගල් යුගයේ සිට වර්තමානයේ අප ජීවත්වන මේ ඉලෙක්‌ට්‍රොනික්‌ තාක්‍ෂණික යුගය දක්‌වා මිනිසා යෝධ පිම්මක්‌ ඉදිරියට තබා ඇත්තේ මිනිසා සහජයෙන්ම ගවේෂණයට සහ නිර්මාණශීලීත්වයට යොමුවූ මනසක්‌ තිබීම හේතුකොටගෙනය. එදා දෙපයින් ගමන්ගත් මිනිසා රෝදය සොයා  ගැනීමත් සමග චින්තනය මෙහෙයවා මෝටර් රථය ද, ඉන් අනතුරුව අහස්‌ යානය ද ඊටත් පසුව පිටසක්‌වල තරණය කිරීම සඳහා ඉවහල් කරගත හැකි ආකාරයේ මෙවලම් ද නිෂ්පාදනය කළේය. එදා ගල්ගුහාවල ජීවත්වූ මිනිසා අද විවිධ කායික සුවය ගෙන දෙන ආකාරයේ මෙවලම් සහිත නිවාස නිර්මාණය කළේය. එදා ප්‍රාථමික අවධියේ පැවැති මානව සන්නිවේදනය අද වැඩිදියුණු වී මුළු ලෝකයම එකට ගැට ගැසුන විශ්ව ගම්මානයක්‌ බවට පත්ව ඇත.‍

ගෝලීයකරණය

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගෝලීයකරණය යනු ගෝලීය වීමේ ක්‍රියාදාමයයි. යම් දේවල් හෝ විද්‍යාමාන දේවල් ගෝලීය දේවල් බවට පත් වී‍මේදී සිදුවන විපර්යාසයයි. එය විශ්ව ප්‍රජාව එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ සහ එකට වැඩ කිරීමේ ක්‍රයාදාමයක් ලෙසද විස්තර කළ හැකිය. මෙම ක්‍රියාදාමය ආර්ථික, තාක්ෂණික, සමාජීය සංස්කෘතික හා දේශපාලනික බලවේගවල සම්මිශ්‍රණයකි. ගෝලීයකරණය යන වචනය බහුලව භාවිතා වන්නේ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාප්තිය යනාදීන් හරහා ජාතික ආර්ථිකයන් අන්තර්ජාතික ආර්ථිකය බවට එක්වීම හඟවන ආර්ථික ගෝලීයකරණය අර්ථ දැක්වීම සඳහාය. තෝමස් එල්. ෆ්‍රයිඩ්මන් ගෝලීය ආර්ථික බිඳවැටීමේ බලපෑම පිළිබඳ පර්යේෂණ කරන අතර ඔහු, ගෝලීයකරණය වූ වෙළඳාම, සැපයුම් දාම සහ දේශපාලනික බලවේග විසින් ලෝකය, වඩා හොඳ සහ වඩා නරක යන දෙයාකාරයෙන්ම වෙනස් කොට ඇති බවට තර්ක කරයි. තවද, ඔහු ගෝලීයකරණයේ විචලන වේගය ඉක්මන් බවද ව්‍යාපාර සංවිධානයේ සහ ව්‍යවහාරයේ ඝට්ටන වර්ධනය තව දුරටත් පවතිනු ඇතැයිද කියා සිටියි.

නෝර්ම් චොම්ස්කි තර්ක කරන්නේ ගෝලීයකරණය යන වචනය ආර්ථික ගෝලීයකරණයේ නව නිදහස් ආකෘතිය විස්තර කරන ආගමික අර්ථයකින් ද යුක්ත බවයි.

මේ අවුරැද්දේ කිරි ඉතිරෙන්නේ………

ඔයාලට ඇහෙනවද ගම්මැද්දේ කොහා කුරුල්ලා කොහෝ කොහෝ ගාන හඬ. එරබදු ගස් හැඩවෙන්න මඟ බලනවා. අඹගස් වල කජු ගස්වල මල් පිපිලා.. පරිසරයේ මේ වෙනස්කම් සමඟ ඔයාලා ආසාවෙන් බලාගෙන ඉන්න සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවීමට තවත් තියෙන්නේ සති කිහිපයක්.

අපි කොතරමි අවුරැද්දට සතුටු වනවද? ඔන්චිලි පදිනවා, පංච දානවා, කැට‍ සෙල්ලමි කරනවා එක එක සෙල්ලමි මේ කාලෙට මතුවෙනවා.ඒ වගේම මුළු රට පුරාම විවිධ අවුරැදු උත්සව පැවැත්වෙනවා.ඒ වගේ ම අප්‍රේල් 14 වෙනිදා අපේ රටට සුවිශේෂි දිනයක්. එදාට මුළු රටම එකම වෙලාවකදී විශේෂ චාරිත්‍ර වාරිත්‍ර අනුව  ලිපගිනි මොලවනවා , ආහාර අනුභව කරනවා. ඒ සියල්ලම කරන්නේ නැකත් වෙලාවකට අනුව බව ඔයාලා දන්නවනේ.
ඒ වගේම අපිට දෙමාපියන්ගෙන්  , නෑදෑ හිතමිතුරන්ගෙන් අළුත් අවුරැද්දට අළුත් ඇදුමි, තෑගි ලැබෙනවා. ඒ වගේම මේ දිනවලදි හැම ගෙදරකම රසකැවිලි හදනවා. සෑම ගෙදරකම පාහේ කැවුමි සෑදීම හැම අවුරැද්දකම දක්නට ලැබෙනවා.ඒ වගේම අසල්වැසියන්, නෑදෑ හිත මිතුරන් මේ දිනවලදී තැගි ලබා්ග රැගෙ අපිව බලන්න එනවා.අපිත් තැගි අරගෙන ඔවුන් බලන්නට නෑගමි යනවා. ඒ වගේම අවුරැද්ද නිසා පැරණි තරහ මරහ නැති යනවා.
අවුරැද්ද හැමදාම එන්නේ නෑනේ.අවුරැදු තියෙන්නේ අ‍ප්‍රෙල් මාසේ විතරයිනේ.ඉතින් අපි මේ දින කිහිපයේදීවත් අවුරැද්ද සතුටින් සහයෝගයෙන් සමරන්න ඕන ‍නේද? අපි ජාති කුල මල බේදයකින් තොරව මේ අවුරැද්ද සතුටින් සමරනවාමි වඩාත් හොද යැයි මම සිතනවා…..

ඔයාලා හැම දෙනාටම ලබන්නාවූ අළුත් අවුරැද්ද
සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා


ගෙදර බුදුන් අමිමා……

මිහි මඩලේ අදුරැ කුසේ
දිය උල්පත අමිමා….

ගෙදර බුදුන් කියන්නේ අපේ අමිමා.අපේ අමිමාට සමාජයේ හිමි වී තියෙන ස්ථානය ගැන සිතන විට ඉතාමත් ශෝකනීයයි. දසමසක් තුසේ තියාගෙන.මෙලොවට බිහි කරපු අපේ අමිමා අපිව පරිස්සමින් හදලා , ලෙඩකදි දුකකදී අපි ලගින්ම සිටියා.ඒ වගේම අපිව යහපත් හැම දේකින් ම ජයගන්න අපිට මං පාදා දෙන්න,අපිව  උනන්දු කරනවා..

එවුන්ගේ දරැවන් සමාජයේ හොද තැනකට ගිය ව්ට,අපි අධ්‍යාපනයෙන් විවිධ ජයග්‍රහණ ලබන කොට අම්මට කොචිචර සතුටු හිතෙනවා ඇත්ද? ඒ වගේම දරැවෝ ටිකක් ලොකු වී උස් මහත් වූ විට ඔවුන් සිතන්නේ ඔවුන්ට වඩා කෙනෙකු මේ රටේ තැතැයි සිතාය.එවිට ඔවුන්ට ඔවුන්ගේ අම්මාද අමතක වී යයි.අමිමා ටික ටික මහලු බවට පත් වන විට පමණක් අය  තම මව මහලු මඩමි වලට ගොස් දමනවා. අමිමා දරැණු වද හිංසා වලට ලක් කරනවා. අමිමාට නොසලකා හරින්නේ ඇයි? අප පුංචි කාලේ රැක බලාගත් සේම අපද ඔවුන් රැක බලා ගත යුතු නොවේද?

මිහි මඩලේ අදුරැ කුසේ
දිය උල්පත අමිමා….
අමිමා කියන්නේ මට නමි ලෝකේ තියෙන ලස්සනම වචනය.ඒ වගේම අමිමා කරැණාව,දයාව,ආදරය, යන දේවල් වල උල්පත අමිමාය. ඒ වගේම අමිමාට ගොඩාක්ම ගරැ  කරන්න ඕන. අමිමා අපිව රැක බලාගත් සේම අපද අපේ අමිමා ඇස්දෙක මෙන් රැක බලාගත යුතුය.

දක්ෂකම ජීවිතය සාර්ථක කරගැනීමට මං පෙත් සාදයි

දක්ෂකම  වැඩි  දියුණු කරගැනීම ඉතා පහසු දෙයක්.බැහැ යන හැගුම වෙනුවට ,නිතරම  මට පුළුවන් යන හැගුම ඇති කරගන්න   ඕන.එතකොට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ, ජීවිකතේ සාර්ථක වෙන්නේ.ඒ වගේ ම හැකිතාක් කියවීමෙන් තමන්ගේ දක්ෂතාවන් වැඩි දියුණු කරගන්න පුළුවන්.ඒ වගේම මෙි සදහා නිරවුල් මනසක් මෙන්ම නොපසුබට උත්සාහයත් එකසේ  පවත්වා ගැනීමටසිහි සැලකිල්ලත් ඉවසීමත් තිබෙන්න ඕනි.ඒ වගේම යමක් අලුත් දෙයක් ඉගෙන ගන්න නිතර උවමනාවක් තිබෙන එක ගොඩාක්ම වැදගත්.

පාසල් ලමුන් වශයෙන්  සිත අවුල් වන නොවුමනා දේ වල‍ට සිත නොයොදවා ඉගෙනීම ආදී තම දියුණුවට අදාළ කරැණු වලට  ටැඩ වලට සිත යොදවන්න පුරැදු වන්න ඕන.ඒ වගේම  එවන් වැඩ සැලසුමි කරගෙන ඒවා නිසි සේ ඉටුකර ගැනීමට කලසටහනකට අනුව ක්‍රියා කිරිම ඉතාම වැදගත්.
ඒ වගේම තමා අවට සිටින පවුලේ අය,ගුරැවරැන්,යහළු යෙහෙලියන් සහ යහපත් වැඩිහිටියන් අශ්‍රය කිරිම තුලින් අන් අයගෙන්ද අදහස් විමසා කටයුතු කිරිම තුලින් තම ජීවිතයට අලුත් අදහස් අලුත් දේ එකතු කරගන් පුළුවන්.  ඒ වගේ ම අන් අයව අනුකරණය කරන්න හොද නෑ.ඒ වගේම යහපත් අය කියන දේවල් පිළිගන්න ඕන.ජිවිතය ලස්සන වෙන්නේ අපේ සිත් තුළ ඇති වන සිතුව්ලිත් එක්ක.අපේ සිත තුල ඇති වන සිතුවිලි නිතරම යහපත් වෙන්ව ඕන.ඉහත සදහන් කළ දේවල් වලින් තරමක් හෝ තම දක්ෂතා දියූණු තරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒත් ‍මීට අමතරව කොචිචර දේවල් තියෙනවද අපේ ජීවිත වලට එකතු කරගන්න.