බුද්ධිය බුද්ධිය යනු අප උපතින්ම ගෙන ආ දෙයක් නොවේ.සමහර අය
කියන්නේ බද්ධිය වාසනාව මත තීරණය වන දෙයක් කියලා.නැහැ එහෙම දෙයක් නොවේ. බුද්ධිය ලබනවාද නැද්ද යන්න තීරණය කරන්න ඕන අපියි. ඉගෙනීම මගින් බුද්ධිය අප වෙත ළගා වෙනවා වගේම උගත් දෙය නැවත ආවර්ජනය කිරීම තුලින් අපේ බුද්ධිය තව දුරටත් දියුණු වෙනවා. කියවීම බුද්ධියේ සහෝදරයෙකි. බුද්ධිමත් පුද්ගලයාට සමාජය ගරැ කරනවා.ඒ වගේම තමයි පාසල් ගිය පමණින් අපට බුද්ධිය ලැබෙන්නේ නෑ.ඉගෙන ගත් දෙය ඇසුරින් අළුත් දෙයක් සිතීමට ඇති හැකියාව බුද්ධියයි. ඒ වගේම තමයි තමා බුද්ධිමතකු යැයි සිතා ඒ පිළිබදව උඩගු වීම සැබෑ බුද්ධිමතකුගේ ලක්ෂණයක් නොවේ. බුද්ධ්මතා යනු කාටත් උදව් උපකාර කරන, දැනුමෙන් පිරිපුන්,ඒ වගේම සෑම අතකින්ම යහපත් පුද්ගලයාය. අපටත් බුද්ධ්මතකු වන්න පුළුවන්. අපිත් අර බුද්ධ්මතකු තුළ ඇති ලක්ෂණ අප ජීවිතයට ඇතුළු කරගන්න ඕන.
අනාගතය නැමැති සයුර තරණය කිරීමට ජීවිතය නැමති ඔරැවට බුද්ධිය නැමැති හබල උපකාරී කරගත යුතුය. හබල අහිම් ඔරැව සයුර මැද අතරමං වේ . ඒ නිසා අපි බුද්ධිය රැගෙන අනාගතයට පියනගමු. එව්ට අප ජීවිත කිසි විටෙක තනි නොවෙනු ඇත.
අපි අතීතයේ කරපු හැම දෙයක් ගැනම දෙපාරක් හිතුවද? ඒ නිසා වැඩ වරද්ද ගත්තු අවස්ථා කොචිචර ඇත්ද?ඒ වගේම සමාජයේදීත් කොච්චර අහන්න දකින්න ලැබෙනවද?ඇත්තටම අපි දෙයක් කරන්න කළින් දෙපාරක් නොවෙයි තුන්පාරක් හතර පාරක්වත් හිතන්න ඕනි.එතකොට තමයි ඕනෑම වැඩක් සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ දේ කළොත් මට මොකද වෙන්නේ? සාමාජයට මොකද වෙන්නේ? කියන දේ ගැන බුද්ධ්මත්ව හා සුභවාදීව හිතන්න ඕන. එතකොට තමයි හැම දෙයක්ම සාර්ථක වෙන්නේ.
අපි හැම දෙනාටම සිතීමේ ශක්තිය තියෙනවනේ.කලාතුරකින්තමයි එහෙම හිතීමේ ශක්තිය අඩු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නේ.ඒත් මිනිස්සු හිතන්නේ නැති එකනේ ප්‍රශ්නෙ.ඇත්තටම අද සමාජයේ මිනිස්සු හැම දෙයක් ගැනම සුභවාදීව හා බුද්ධිමත්ව හිතනවනම් මේ සමාජයේ ප්‍රශ්න නෑනේ.
*සිතන්න සිතන්න …..
*හැමදෙයක් ගැනම
*බුද්ධිමත්ව හා
*සුභවාදීව……..
ලෝකේ ගෝලාකාරයි කියලා ඔයාලා කවුරැත් දන්නවනේ.ඒක ඇත්ත. ඒත් ලෝකේ ගෝලාකාර වුනාට මිනිස්සු නමි විවිධාකාරයිනේ. අපිට කොචිචර මිනිස්සු මේ සමාජ පද්ධතිය තුලදී මිනිස්සු මුණ ගැහෙනවා ඇත්ද? ඒත් හැමෝම එක වගේ නෑනේ. එක එක අය එක එක විධියක්.පමණක් අය වැඩිහිටියෝ ,පමණක් අය ළමයි ,තවත් සමහරැ ආච්ච් අම්මලා සීයලා,තවත් අය විවිධ වෘත්තීන්වල නියලෙන ,ආදී වශයෙන් කියන්න බැරිතරමි.
ඇත්තටම මේ හැමදෙනාම හොද අයද? නෑ .සමහර හොද අයත් අපට මුණගැහෙනවා.හැබැයි වැඩියෙන් හමුවෙන්වෙන්නේ නරක අය. මට ඔයාලාට කියන්න දෙයත් තියෙනවා. මට මේ සමාජයේදී හොද පුද්ගලයෙක් මුණ ගැහුණා.ඒ අපෙ ඉස්කෝලෙට ආපු සර් කෙනෙක්. ඒ සර් තමයි අපිට කමිපියුටර් එක පාව්ච්ච් කරන හැටි කියලා දුන්නේ.ඒ වගේම තමයි සර්අපිට ඉංග්‍රීසි ව්ෂයත් උගන්නනවා. ඒ සර් i තමයි අපි අද computer විෂය අතින් මේ තත්වයේ ඉන්නේ මේ තත්වයෙන් ඉන්නේ.ඇත්තටම අපේ සර් වගේ හොද අය මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම මගේ අම්මා තාත්තායි. ඒ දෙන්නා තමයි අපිට අධ්‍යාපනය ලබා දෙන්න උදවි කරන්නේ .ඒ වගේම උනන්දු කරන්නේ. අප පාසලේ අපිට අධ්‍යාපනය ලබාදෙන ගුරැවරැන් හින්දා නිසා තමයි මම අධ්‍යාපනය අතින් මේ තත්වයේ ඉන්නේ.ඒ අපේ සිතුව්ලි වලට හාත්පසින්ම වෙනස් අය. පුළුවන් නමි කියන්න බලන්න ඔයගොල්ලොන්ගේ සිතුම් පැතුම් තියෙන තව එක්කෙනෙක් ගැන…………….
සන්නිවේදන ක්‍රියාවලියේ ඉතා වැදගත් ආධාරකරැවකු වන පරිගණකය එන්න එන්න ම ජනප්‍රිය වෙමින් පවතිනවා. පරිගණකයද ඉතා සීඝ්රයෙන් පරිණාමයට ලක්වෙලා තියෙනවා.අති විශාල වු ප්‍රබල පරිගණක පද්ධති වල දත්ත ගබඩා කර තබාගෙන ඊට යා වුණු කුඩා පරිගණක රාශියකට දිවා රාත්‍රී මුළුල්ලේම අවශ්‍ය විට තොරතුරැ ලබා දීම දැන් හැකියාව ලැබී තියෙනවා.
ඒ වගේ ම තමයි පරිගණකය අපේ වැඩ පහසු කරගන්න කොචිචර උදවි කරනවද? අද කාලය වන විට පරිගණකය නැතුවම බෑ.ඒ වගේම තමයි පුස්තකාලයකින් හෝ වෙනත් ක්‍රමයකින් තොරතුරැ ලබාගන්නවාට වඩා පරිගණකය උපයෝගී කරගනිමින් අන්තර්ජාලයට (Internet) පිවිසෙමින් තොරතුරැ ඉතා ඉක්මනට ලබාගන්න පුළුවන්. මුළු ලෝකෙම සිදුවන දේවල් අන්තර්ජාලය හරහා නිවසේ දී වුනත් බැලීමට හැකිවීම කොතරමි අපූරැද? ඇත්තෙන්ම පරිගණකය අපි නිවැරදිව හැසිරවිය යුතුය. විශේෂයෙන් ළමයින්ට නොගැලපෙන දේවල් .
මම නමි කියන්නේ පරිගණකයෙන් තියෙන උපරිම ප්‍රයෝජනය නෙලාගෙන ගෙන අනවශ්‍ය දේවල් බැහැර කරන්න කියලා…………….
සංසාර ගමන නම් වූ ඔරැවේ
පැද යන හබලක් වූ ජීවිතය
චන්ඩ මාරැතයට හසු වී
පෙරළි අතරමං වූවා සේ…………
වෑයමින් නැගිටින්න උත්සාහ වුවද
තේරැමි ගත නොහැකි
බලවේග පසුපස ඇදෙයි ………..
ජීවිතයේ දැවෙන ගිණි පුපුරැ
රශ්මිය තව කෙනෙකුට දැනෙන්නේ නමි
තවත් අවුලා එම ගින්නට
සතුටු වේ නම් මිනිස් සිත……
කදුළු ,වේදනා ,පරාජය
නොදැනෙන මිනිසුනි
සංසාර ගමනට……..
අබලන් වූ හබල වාරැකරන්
යථාර්ථයට පියනගින්න………….