Archive | June 2010

අපි හෙට මියදුන ද අද උත්සහවන්තව කටයුතු කරමු……

කෙනකුගේ ජිවිතයේ දියණුව හා පරිහානිය යන දෙකම සිදුවේ. ඒ තමන්ගේ ගමන් රටාව අනුව ලබන ඵලයයි. දියණුව ලෙස හදුන්වන කල අධ්‍යාත්මක දියුණුව හා හෞතික දියණුව යන දෙකම සැලකිල්ලට ගත යුතුය. අධ්‍යාපනය ලැබිම , ගුණදහමින් පෝෂණය විම, අධ්‍යාත්මක දියණුවයි. වතු පිටි, මිල මුදල්, යාන වාහන, යනාදි වස්තුව රැස් කිරිම හෞතික දියණුවයි.

සමහරක් භෞතික සම්පත් වලින් පූර්ණව ජිවිත ගත කරයි. එහෙත් ඔවූහු අධ්‍යාත්මිකව පිරිහිමට ලක්ව සිටිති. මනා අධ්‍යාපනයක් නොමැතිව ගුණ දහමින් පෝෂණය නොවුන විට ඔහු රටට වැඩදායි පුද්ගලයකු නොවනු ඇත. ගුණ දහමින් පිරිණු නිසි අධ්‍යාපනය ලැබු අය හෞතික සම්පත් වලින් අඩු වුවද ඔවූහු දියණුවට ලගා වුවෝ වෙති. මන්ද ඔවුන් රටට වැඩදායක පිළිගැනිමට ලක් වුවෝ වෙති. මෙසේ දෙයාකාරයෙන්ම දියණුව වෙත ලගා විමෙදි ඒ සඳහා යා යුතු මගක් ඇත. එනම් උත්සහයයි. බාලවියේ සිටම අධ්‍යාපනය ලැබිමට උත්සහ ගත යුතුය. සමහරු තුළ සහජ දක්ෂතාවයන් ඔප්නංවන්නේ උත්සහයයි.

බෞද්ධයන් ලෙස ගත් කල මෙය කර්මයට භාර දිමට කෙනෙක් උත්සහ කරති. වාසනාව ඇත්නම් දියණුවට ලගා වේ යැයි සමහරු කියති. උත්සහ කලත් වාසනාව නැතහොත් එයට බාධාවක් වෙතැයි විස්වාස කරති. වාසනාව අපට ඇසට නොපෙනෙන බලවේගයකි. එයට වහල් විම මිනිසකුට තරම් නොවන්නේය. කෙනෙකු අධ්‍යාපනය ලැබිමට වෙහෙසෙන අයුරු, කැපකිරිම්අයුරු තවකෙකුට මනාව පැහැදිලි වේ.

උත්සහයෙන් තොර වු කම්මැලියෝ කාලය කා දමමින් නිකරුනේ දිවි ගෙවමින් පරිහානියට පත්වෙති. බාල වියේදිම පොත පතෙහි ඇලෙමින් ගැලෙමින් අධ්‍යාපනයේ ඉහල පෙලටම යාමට උත්සහ දරන අය රටේ ලොවේ උගත්තු වෙති. ඒ තුලින් ඔවූහු යහපත් ජිවිත ගතකරති. බාල වියේදිම අධ්‍යාපනයට පහර ගැසු අය සමාජයට අහිතකර විනාශකාරි පුද්ගලයෝ වෙති. ඔවුන් සමාජයට පිළිලයකි.

මෙලෙස බලන විට දියණුවට ඇති එකම මග උත්සහයයි. වාසනාව තිබුණ ද උත්සහය නැති කල අපට දියණු විය නොහැකිය.ලොව අහඹු ලෙස උත්සහයෙන් තොරව දියුණු වු අය නැතුවා ද නොවේ . එහෙත් සමහර අය හට ලැබු වාසනාවන් නිසි ඵල ලැබිමට නොහැකි වු අවස්ථා ද එමටය. අපි හෙට මියදුන ද අදත් උත්සහ වන්තව කටයුතු කිරිමට අදිටන් කර ගනිමු

Advertisements

ජිවිතේ ජිවත් කරවන්නේ බලාපොරොත්තු………..

ජිවිතේ ජිවත් කරවන්නට එකට එකතු වන කුඩා දිය පාරවල් තමයි ජිවිතේ ජිවත් කරවන බලාපොරොත්තු.බලාපොරොත්තු නැති ජිවිතේ හරියට නියගෙන් ඉරිතලා පුපුරාගිය කාකාර්ශ පොළවේ වියලි ගිය වෘද්ධ ගසක් වගේ මේ ඟඟ ඉලක්කය කියන වර්ෂාවෙන් පිරිලා ඉතිරිලා යන්න පුලුවන්. ඉලක්ක වලින් ජිවය ලබපු ජිවිත හරියට මහවැස්සකින් පිරිලා ඉතිරිලා දෝරේ ගලන මහවැලි ඟඟ වගේ හරි පැහැදිලියි. පිරිසිදු වතුරෙන් පිරිලා ඉතිරිලා බලාපොරත්තු ඉලක්ක වලට එකතු කරගෙන ඒ ජිවිත වලින් කල්පාන්තරයක් ජිවිතය අස්වද්දන්න පුලුවන්. ඉඩෝරයක් ආවත් ඒ ජිවිත වේලිලා හිදිලා යන්නේ නෑ. ඒත් ජිවිතේ ලොකු ලොකු බලාපොරත්තු විතරක් පොදි බැදගෙන ජිවිතය කියන ගංගාව ගලාගෙන යන්න ඉඩදෙන්න බෑ. බලාපොරත්තු වලින් පමණක් පිරිලා ඉතිරිලා ගිය ජිවිත වල එක බලාපොරත්තුවක් කැඩුනාම දරාගන්න බෑ. පුංචි පුංචි මල් හරිම ලස්සනයි. සුවඳයි. බඹරු මී මැස්සො එන්නේ එහෙම මල්වලට ඒ පුංචි මල් පරවුනාම කාටවත් පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ලොකු මලක් පර වුනාම කාටත් ඒක පෙනෙනවා. මාලිගාවක් හදන්න නම් එක එක ගඩොල තියලා බදාම තියලා හදන්න ඕන. ඒ මාලිගය අත්තිවාරමට දරාගන්න පුළුවන් වෙන්න ඕන. ජීවිතයේ අත්තිවාරම තමයි ඉලක්ක. ඒ ඉලක්ක අත්තිවාරම පැහැදිළි වෙන්න ඕන. පුංචි පුංචි බලාපොරත්තු ඉලක්ක එක්ක එකතු කරලා හැදුවාම ඒ ජිවිත මාලිගය ශක්තිමත්ව ගොඩක් කල් තියේවි. ඒ මාලිගය කාටවත් කඩලා දාන්න ලේසි වන එකක් නැහැ. කුණාටුවකට වත් ලේසියෙන් පෙරලෙන එකක් නැහැ. ඒ ජිවිත හදවත් මාලිගාව අත්තිවාරම දරාගන්න පුළුවන් ඉලක්ක පුංචි බලාපොරත්තු එකතු කරලා හදන ජිවිතත් ඒ වගේ හරිම ශක්තිමත්. ඒ ජිවිත පෙරපා දාන්න හරි අමාරුයි. කඩා වැටෙන්නේ නැහැ. පුංචි නහරයක් තුවාල උනාම එතනින් එන්නේ පුංචි ලේ බින්දු නමුත් බල නහරයක් තුවාල උනාම සමහර විට මැරෙන්න උනත් පුළුවන් ජිවිතේ පුංචි බලාපොරත්තු බිදුනට ජීවිතේ දරාගන්න බැරිවෙන්නෙ නෑ. වීදුරුවක් බිදුනාම යලිත් හදන්න බෑ වගේ ලොකු බලාපොරත්තු බිදුනාමත් ජිවිතේ ගොඩක් පහලට වැටෙනවා. නමුත් අමාරුවෙන් හරි අපි ඒ වැටුණු ජිවිතේ ගොඩගන්න ඕනෑ. ඒ අලුතෙන් හදන ජිවිතේ ප්‍රතිබිම්භය තමයි පැහැදිළි ඉලක්කය. පැහැදිළි ඉලක්කය හරියට මුහුද වගෙයි. ගඟකින් ගලාගෙන යන හැම කුණු කසලක්ම මුහුදට යනවා. ඒත් ඒවා මුහුද භාර ගන්නේ නැහැ. ආපහු වෙරලට ගෙනත් දානවා. ජිවිතේ සාර්ථක වෙන්න වෙන්න ජිවිත මුහුදත් ඒ වගෙ තමන්ගෙ කුණු ඉවත් කරනවා. නෙළුම් කොලයට වැටෙන වතුර නෙළුම් කොළයේ රැදෙන් නෑ වගේ ලොතු බලාපොරත්තු වේලාවකට කැඩිලා යනවා. ඒත් ඒ නෙළුම් කොළය මාළුවන්ට මුතු කුඩයක් වගේ. ඉලක්කය හරියට මඩෙන් උඩට යන නෙළුම් මල වගේ. ඒ වගේ පුංචි බලාපොරොත්තු ඉලක්ක හමුවේ අපිට දුර ගමනක් යන්න තියෙනවා. ජිවිතයේ සැබැ පරිණත යථාර්තය හදුනා ගන්නට පුළුවන් වෙන්නෙ එහෙම උනාම බලාපොරත්තු බිදුනට අපි සැලෙන්න ඕනි නැහැ. එහෙම උනාම අපි හැමදෙනාගේම අවසාන ජය කණුව අපිට තේරුම් ගන්න බැරිවෙන්නේ නැහැ.

මුදල් වලට වඩා සහෝදරකම් කොච්චර වටිනවද…………

ඔන්න එක පවුලකට පුත්තු දෙන්නෙක් හිට්යා.ඉතින් මේ දෙන්නා ට්ක ට්ක ලොකු වෙලා පාසල් යන වයසට පත් වුණා.ඉතින් මේ දෙන්නා පාසල් ගිහින් ඉගෙන ගත්තා. ඒත් රැකියාවක් ලබාගන්න පුළුවන් තරමට නෙවෙයි. ඒ දෙන්නාගේ අම්මයි තාත්තයි මේ දෙන්නට උගන්වන්න ගොඩාක් මහන්සි වුණා.ඒත් ඵලක් වුණේනැ. මේ දෙන්නා ඉගෙන ගත්තෙත් ඒ තරම් උනන්දුවකින් නෙවේ.හරි කොහොම උනත් මේ දෙන්නට දැන් රස්සාවක් නැ.
ඉතින් ගෙදරිනුත්‍ මේ දෙන්නට බැනුම්ම තමයි අහන්න තියෙන්නේ ඇයි කිසිම වැඩක් කරන්නෙත් නැනේ. ඊට පස්සේ මේ දෙන්නත් බැනුම් අහලා බැරිම තැන රස්සාවක් හොයන්න පටන්න ගත්තා.ඒත් හොයා ගන්න බැරි වුණා.ඊට පස්සේ මේ දෙන්නගෙ අම්මයි තාත්තයි එකතු වෙලා මේ දෙන්නට රස්සාවක් හොයලා දුන්නා.මේ දෙන්නට ටිකක් Computer වැඩ පුළුවන්.මොකද එයාලයි ගෙදර පරිගණකයක් තිබුණා.කොමහරි ඉතින් මේ දෙන්නා කොම්පැණියක Typing වැඩ පටන් ගත්තා.එතකොට තමයි තේරැණේ මුදල් හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා.අපි මේ මහන්සි වෙනවා වගේ අම්මලාත් අපිට උගන්වන් කොච්චර මහන්සි වෙන්න ඇත්ද  කියලා.මේ දෙන්නට හිතුනා.මාසයක් විතර යනකොට මේ දෙන්නට මාසික වැටුපක් හම්බ වුණා. මේ දෙන්නා ඉස්සර කොච්චර සමගියෙන් සතුටෙන් හිටියත්  දැන් එක්කෙනාට එක්කෙනා රණ්ඩු වෙනවා.මොකද දන්නවද දැන් දෙන්ටම ජීවත් වෙන්න රස්සාවකුත් තියෙනවනේ.අනික දැන් ඉස්සරට වඩා සල්ලිත් තියෙනවනේ..අනික තමයි මේ දෙන්නාත් සහෝදරයෝ වුණාට රණ්ඩු වෙලා වෙන් වුණා. බලන්න ඉස්සර මේ දෙන්නා කොච්චර සමගියෙන්ද හිටියේ.ඒත් මුදල් නිසා අද සමාජයේ සහෝදරකමුත් නැතිකරගෙන. පොඩ්ඩක් හිතලා බලන්න මුදල් වලට වඩා සහෝදරකම් කොච්චර වටිනවද කියලා.

මියුරැ සන්ධ්‍යාව

රන්පැහැ ගනී ගුවන් තලාවම
පුළුන් නලා පාවේ
ඇතට ඇතට ගුවන් ගැබේ
සියොතුන් මිහිරි ගී නවතා
කෙත් යාය උඩ්න් ගුවනේ
කැදලි සොයා පියා සළා
පිනි දියෙන් තෙමී
හිරැට අතවනා
හිනැහි හිනැහි සද කුමරැ
තරැකැට විසිරැණු
පෙරඹර නැගෙන තුරා……………

හොදම යාළුවෝ තරහ වෙච්ච හැටි………(පුංච් කතාවක්)

ඔන්න එක ඉස්කෝලෙක එක පන්තියක ‍කවදාවත්ම තරහ නොවුණු හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හිට්යා.ඒ අය හැමදාම එකට කැවේ බීවේ.මේ කණ්ඩායම තවත් කණ්ඩායම් දෙකකට බෙදිලා  හිට්යා.ඒත් මේ කට්ටිය හොදම යාළුවෝ. වැඩ්පුරම  හිට්යේ ඒ අය ඒ හතර දෙනා  හිටියේ එයාලගේ හොදම යාළුවත් එක්ක.ඒ කොහොම උනත් මේ අය පන්තියේදී නම් එකම පේළියේ තමා හිටියේ.කොයි වෙලාවෙත් මේ අය සතුටින් තමයි හිට්යේ. මේ හතර දෙනාම අධ්‍යාපන කටයුතු වලටත් දක්ෂයි.
දවසක් හවස ටියුෂන් පන්තියකට මේ හතර දෙනා ගියා.ඔන්න ඊට පස්සේ තමයි වැඩේ.මේ එක යාළුවෙක් එයාගේ හොදම යාවවාට කිව්වා මටත් එක්ක ඩෙස් එකක් අල්ල ගන්න කියලා. ඊට පස්සේ පළමු වැනි පේළියේ අයිනේ ඩෙස් දෙක මෙයා ඉතිරිකරගත්තා ඒ දෙන්නට කියලා. ඔන්න ඊට පස්සේ අර දෙන්නත් ආවා. හරිම වෙනස් විදියට .ආ අපි පළමුවැනි පේළියේ අයින අපිට ඕන කියලා ඒ දෙන්න අර ළමයි දෙන්නාට අල්ලගත්ත  තැනින් වාඩ් වුණා අර ළමයා කිව්වා ඔය ඩෙස් දෙක අපි දෙන්නට අල්ල ගත්තු ‍එකනේ. ඔයාලා දෙන්නා එහා ඩෙස් එකට යන්නකෝ.හා එහෙම කොහොමද? කෝ ඔයාගේ යාළුවා තාම ආවේ නැනේ. ඒ හින්දා අද අපි දෙන්නා මේතන. කියලා කිව්වා .ඉතින් අරයට කරගන්න  දෙයක් නැ. හොදටම කේන්ති ගිහිල්ලා තිබුණේ.ඉතින් ඊට පස්සේ ඒගාගේ යාළුවත්   ආවා. එයාටත් කිව්වා අපි දෙන්නා ඉන්න තැන අල්ලාගත්තා කියලා.ඊට පස්සේ මේ දෙගොල්ලෝ අතරේ වචන හුවමාරැවක් ගියා.කොහොම නමුන් අර ‍දෙන්නට වෙන තැනකට යන්න සිද්ධ වුණා.ඊට පස්සේ මේ දෙගොල්ලෝ කතා කරන්නේ නැතුව හිටියා.මෙහෙම ටික දවසක්  යනකොට මේ දෙගොල්ලෝ තරහ වුණා.ඇත්තටම තරහ වුණා.
පස්සේ ආයිමත් යාළු වුණා. ඒත් ඉස්සර වගේ නැ.බලන්න කොච්චර නරකද කියලා මෙහෙම සුළු දේවල් වලටත් තරහ වෙනවනේ. ඔන්න ඔයාලනම් එහෙම වෙන්න එපා.තේරැණාද?

කරදර කරන යාළුවෝ (කතාවක්)

ඔන්න එක ඉස්කෝලෙක එක පන්තියක ළමයි ට්කක් හිට්යා හරිම දගකාරයි.ඒ අතරේ හිට්යා හරිම අහිංසක හොද ළමයෙකුත් . අනිත් අය නම් හරිම දගයි.පන්තියේ ගුරැවරයෙක් නැති වෙලාවට පුදුම ව්දිය‍ට දගකරනවා.ඒත් අර ළමයා නම් පොතක පතක වැඩක් කරගෙන ඉන්නවා.ඒකට අර දග ළමයි කිසිම කමකට නැ.
ඔන්න දවසක්  පන්තියේ ට්චර් කෙනෙක් හිට්යෙ නැ.එදා අර ළමයා පොතක් කියවමින් හිට්යා.  අර දග  ළමයි ටික රොකට්ටු හදලා යවනවා. අර ළමයාගේ පොත් වලින් පිටු කඩ කඩ.ඔක්කොම රොකට්ටු යවන්නේත් ඒ ළමයා පාඩම් කරන දිහාවට. එයාට හරිම කරදරයක්.අනික එයාගේ පොතත් කඩනවා. එයාට හරයට දුක හිතුනා. එයාගේ යාළුවෝ මෙහෙම ක‍රනකොට.අනික  ගොඩාක්ම කේන්ති ගියා. ඉවසගන්න බැරි තැන ගිහිල්ලා ටීචර් කෙනෙකුට කිව්වා.ඊට පස්සේ දගකරපු හැම ළමයෙක්ම පන්තියේ දණ ගැස්සුවා.අර දග ළමයි ට්ක මේ ළමයා දිහා බල බල රැව්වා.හා පස්සේ බලාගන්නම් කියලත් කිව්වා. දැන්න අර ළමයාට ගොඩක් දුකයි. ඊට වැඩ්ය ගොඩාක්ම බයත් හිතුනා.මෙහෙම ව්නාඩ් පහක් ව්තර හිට්යා ටීචර් ඒ ළමයිට මෙහෙම කීවා.අදට සමාව දෙනවා. පස්සේ මෙහෙම දෙයක් කරලා අහු වුණොත් මම ප්‍රින්සිපල් ගාවට එක්කගෙන යනවා තේරැණාද? කියම්න් ටීචර් පන්තියෙන් එළියට ගියා. ඔන්න අර දග ළමයි ටික අර හොද ළමයා ළගට ඇවිත් රවලා බැලුවා.  මහ දුෂ්ට ළමයෙක් ඔයාට සෙල්ලම්කරන්න බැරිනම් පැත්තකට වෙලා ඉන්න අනුන්ගේ ඒවාට හොට දාන්නේ නැතුව කියමින් හොදටම බැන්නා. ඒ අතරේ තව ළම‍ෙයක් ඇවිල්ලා තල්ලු කෙරැවා .මෙයා තල්ලු කරලා දුවන්න හදනකොටම  ප්‍රින්සිපල්තුමා   එතනින් ගියා. මේ  වැඩේ එතුමා දැක්කා. අර ‍හොද ළමයාට ගොඩාක් තුවාලයි. අනේ පව්.ඊට පස්සේ ප්‍රින්සිපල් ගුරැතුමියකට කියලා මේ ළමයාට බෙහෙත් ටිකක් දැම්මා.ඊට පස්සේ අර ළමයා විස්තරේ කිව්වා.  ඉතින් ඊට පස්සේ ප්‍රින්නසිපල්තුමා ඒ පන්තියට ආවා.ළමයි හොදටම බයවෙලා .හීන් දාඩියත් දානවා.ඊට පස්සේ ප්‍රින්සිපල් ළමයිට තේරැමි කරලා දුන්නා විවේකි හැම වෙලාවකම යමකිසි ප්‍රතිළඵලයක් ඇති වැඩක කරන්න කියලා. ඊට පස්සේ නම් මේ ළමයි ටීචර් කෙනෙක් නැති වෙලාවට පන්තියේමයි හිට්යේ.

අපි විවේකි හැම වෙලාවම ඵලදායි වැඩකට කාලය යොමු කරමු.එහෙම  නේද?

එහෙම හොදයි නේද………….(පුංචි කතාවක්)

ඔන්න දවසක්  x යාළුවා  මුණගැහෙන්න  yයාළුවා ආවා. මේ දෙන්නා ගොඩාක් කාළයකට පස්සේ තමයි මුණ ගැහුණේ.ඉතින්යාළුවා y යාළුවාට කිව්වා මෙහෙම. අපි දෙන්නා ගොඩාක් කාලෙකට පස්සෙනෙ හමිබ වුණේ.ඉතින් අපි යමුද පොඩ් ගමනක් යන්න.  යාළුවත් ඒකට එකග වුණා. ඒත් y යාළුවා කිව්වා x  යාළුවාට මට මේ ඇදුම නමි ඇදන් යන්න බෑ. කියලා කිවිවා.මට ඔයාගෙන් ඇදුමක් දෙන්න පුළුවන්ද?කියලා x ගෙන් ඇහුවා.ඉතින් ඊට පස්සේ x යාළුවා තමන්ගේ ළග තිබුණු ඇදුමක් මේ යාළුවාට ඇදන් යන්න දුන්නා.හැබැයි එච්චර කැමැත්තකින් නවේ.අනික තමයි x ට තිබුණු අළුත්තම ලස්සනම  ඇදුම. X ඇදන්  හිට්යෙත් ඒ ඇදුම තරම් ලස්සන ඇදුමක් නවේ. යාළුවා ලස්සන ඇදුමක් ඇදන්න යද්දි මට කැත එකක් තමා ඇදන් යන්න වෙන්නේ.මොනා කරන්නද ඉතින් එයා අකමැත්තෙන් උනත් දුන්නා.

ඊට පස්සේ මේ දෙන්නා ගමන යන්න පිටත් වුණා.මෙහෙම ටික දුරක් යද්දී x යාළුවාගේ තවත් යාළුවෙක් මුණගැහුණා.ඊට පස්සේ මේ x  යාළුවා y යාළුවාට මේ යාළුවාව හදුන්වලා දුන්නා.මේ මගේ යාළුවෙක් මෙයා මාව බලන්න ඇවිල්ලා තියෙන්නේ.ඒ වගේම ඒ යාළුවාටත් මේ y යාළුවාව හදුන්වලා දුන්නා. මේ මාව බලන්න අපේ ගෙදර ආව යාළුවෙක්.හැබැයි මෙයා ඇදන් ඉන්නේ මගේ ඇදුමක්.ලස්සනදැයි ඇහුවා. ලස්සනයි කියම්න් දෙදෙනාට සුභ පතම්න් ඒ යාළුවා නික්ම ගියා. Y යාළුවාට මාර විදියට කේන්ති ගිහිල්ලා තිබුණා.ඇයි ඔයා ඒ යාළුවාට එහෙම කීවේ. ඔයා එනකොට කිව්වනමි මම මගේ ඇදුමම ඇදගෙන එනවනේ.  හරි හරි සොරි මම ආයෙත් එහෙම කියන්නේ නෑ x යාළුවා කිවුවා.ඔන්න ඊට පස්සේ තවත්  යාළුවෙක් මුණ ගැහුණා.ඒ යාළුවවත් අර විදියටම හදන්වලා දුන්නා.  හදුන්වලා දිලා මෙහෙම කිව්වා.මම මගේ yයාළුවාගේ ඇදුම ගැනනම් මුකුත්ම කියන්නේ නෑ. එහෙම හොදයි නේද කියලා yගෙන් අහුවා. ඉතින් y ට කරගන්න දෙයක් නෑ.මොනවා කරන්නද y x බැන බැන ගියා මිසක්.