Archive | August 2010

අළුත් සිරිතක් වෙන්නැති…………නේද?

ඔන්න මම අද පුංචි කතාවක් කියන්න  හදන්නේ.එක ගමක හිස උදුම්මවාගත් ආරච්චි කෙනෙක් සහ ඔහුටම හරියන බිරිදක්ද හිටියා.මේ දෙන්නට හිටියේ එකම එක් දරැවයි.ඒ දියණියක්. මේ දියනියගේ පැවැත්ම එච්චර හිතකර වූයේ නෑ.මොකද කියනවනම් මේ දෙන්නට විශාල හිසරදයක් වුණේ මේ දියණියගේ කෑදරකම. ඉතින් ආරච්චිලගේ නිවස  ඉතා පොහොසත් නිවසක්නේ. ඉතින් කෑම බීමෙනුත් මෙහි කිසි අඩුවක් වූයේද නෑ .මේ දියණිය වෙලාවට කෑම ගන්නේ නෑ.ඒ වගේම තමයි පෙනෙන්නට කොච්චර කෑවත් හොරෙන්  කන  එකත් අඩුවක් වුණේ නෑ.

තම එකම දියණියගේ මේ වැඩ කටයුතු නිසා මේ දෙමහල්ලෝ මහත් වදයක් වින්දා. ගමේ අනිත් අය දැනගත්තොත්  තමාගේ ආරච්චි පට්ටමටත් ලැජ්ජාවක් කියලා නිතරම මේ ආරච්චි හා හාමිනේ  නිතරම  ඇයට කියයි. කොතරම් තරවටු කළත් අඩම් තේට්ටම් කලත් මෑගේ කෑදරකමනම් අඩු වුණේ නෑ.මැය තරැණ වීමෙන් පසුව වත් ඇයගේ මේ කෑදරකම අඩු වේයැයි සිතුවත් එය සීතු පරිදි  අඩු වූ බවක් පෙනුනේ නෑ.

මෙහෙම ටික කාලයක් යන විට මේ දියණියගේ විවාහ මංගල්‍ය ද එළඹුණා.මේ දෙමහල්ලොන්ට අවශ්‍ය වූයේ මෙකලක් ගමේ සිදු නොවූ ආකාරයට ඉතා ඉහලින් මේ දියණියගේ මංගල උත්සවය සිදු කිරිමට. ඒ අනුව පිටස්තර උසස් ධනවතුන්ට ආරාධනා කර තිබුණා. දියණියගේ වැඩ මෙයාගේ මව හොදට දනි.ඒ නිසා මෙදිනට මගුල් මේසයේ කෑම ගන්නා ආකාරය ගැන ගම හාම්නේ කියා දුන්නා.
රසවත් ආහාර වලින් මෙදින මගුල් මේසය පිරිලා තිබුණා. මංගල කටයුතු අවසන් වුණා.මේ මනාල යුවල සමග අමුත්තෝ කෑම මේසයේ වාඩිවුණා. ආරච්චිත් ගම හාම්නේත් දියණියගේ කෑම ගැනීම ගැන විමසිල්ලෙන් හිටියා.ඇය බොහෝම පිළිවෙලට කෑම කෑවා.ඉතින් මවුපියෝ ‍දෙදෙනාට මේ දියණියගේ යහපත් ක්‍රියාව ගැන ගොඩාක් සතුටට පත්වුණා.

බත් කෑමෙන් පසු අතුරැපස කෑමක් වූ කිරිපැණි කෝප්පයක් බැගින් එක් එක්කෙනාට ගෙනත් තිබුණා.ඒ අනුව මේ මනාලියටද ලැබූණේ කිරි කෝප්ප එකක්. ඒත් ඇයට එකකින් සෑහීමට පත්විය නොහැකිව තව තව කෑමේ  ආසාවක් ඇතිවුනා. එහෙත් පිරිස ඉදිරියේ කෑමට නොහැකිය. කෑමෙන් පසු මේ මනාල යුවල පිටත්ව යන වෙලාව ළගාවුණා. සියළු දෙනාම ඒ ගමන සුදානම් කිරිමට කටයුතු කළා. මේ අතර මනාලිය ඉඩ ප්‍රස්ථාව ලැබුණු විගස ගේ ඇතුළට ගොස් කෑම බීම තබා ඇති කාමරයට වැදී වටපිට බලා හොරෙන්ම කිරිපැණි පුරවා තිබුණු භාජනය පිටින්ම කටට හලා ගත්තා. මනාලිය මෙ‍හෙම කිරිපැණි කෑම නිසා කට පුරාමත් මූණ පුරාමත් කිරිපැණි තැවරැණා. එහෙත් ඇයට ඒවා පිසදමා ගැනිමට අවස්ථාවක් නොලැබුණේ මනාල යුවල පිටත්වන සුභ මුහුර්තිය එළඹී තිබුණ නිසා පිරිස යුහුසුළුව මනාලියව සොයාගෙන ගෙයි ඉදිරියට කැදවාගෙන ගිය නිසා. මනාලියගේ මුහුණෙහි තිබුණු වෙනස දුටුව අමුත්තෝ කසු කුසු ගෑමට පටන් ගත්තේය.ආරච්චිලටත් ගම හාම්නේටත් මේ දියණිය කළ දේ වැටහිණි.ඉතින් මේක අනිත් අය දැන ගත්තොත් අපිට වස ලැජ්ජාව.ඒ නිසා ආරච්චිය කල්පනා කෙරැවා.අදහසක් පහල වුණා. ආ හාමිනේ සිරිත් විරිත් එහෙම හරියට කෙරැවද .කිරි මූණේ ගෑවද යැයි හාමිනේගෙන් ඇසුවා. ඉතින් හාමිනේටත් මේ ආරචිචිගේ අදහස වැහුණී.සේරම හරියැයි කීවාය.ඊට පසුව පැමිණි අමුත්තන් මේ ගමේ අළුත් සිරිතක් වෙන්නැති කියම්න් මනාලිය යුවල කැන්දාගෙන මනාලයාගේ පාර්ශවයේ අය සමග මනාලිය  පිටත් වුණාය. බලන්න කපටිකමින් සහ තැනට සුදුසු නුවණ මේ ආරච්චි යෙදුව හැටි.

Advertisements

ආහ්! හොල්මනක්…………

මම අද කියන්න යන්නේ පුංච් හොල්මන් කතාවක් ගැන.ඔන්න  විශ්ව,ආකාශ් ,දුෂ්‍යන්ත ,රවී ,සිසිර හා තිසර කියලා යාළුවෝ කට්ටියක් හිටියා.මේ කට්ටිය හොදම යාළුවෝ මොකද කියනවනම් මේ කට්ටිය හරිම එකමුතුයි . සමගියි.

දවසක් තිසරගේ ගෙදර පිරිත් පිංකමක් තිබුණා. ඉතින් තිසරගේ ගෙදර පිරිත් අහන්න එන්නකෝ කියලා යාළුවෝ කටිටිය‍ට තිසර කිවිවා. ඉතින්‍ යාළුවාගේ ගෙදර යන්න නැතුව ඉන්න බෑනේ. ඉතින් ඒ යාළුවෝ ටික කිව්වා ආ හරි අපි අද රෑ පිරිතට එන්නම්කෝ කියලා. ඉතින් තිසරට හරි සතුටුයි ඇයි ඉතින් යාළුවෝ ටික එනවනේ.

විශ්වගේ ගෙදරට නුදුරෙන් තමයි සිසිරගේ ගෙදර තිබුණේ. ඉතින් සිසිරගේ ගෙදරට මේ යාළුවෝ ටික එකතු වෙලා හැන්දෑවේ 6.00 ට විතර ඒ කට්ටිය තිසරගේ ගෙදරට ගියා    .එහේට ගියාට පස්සේ තිසරට ගොඩාක් සතුටුයි. පිරිත පටන් ගන්න තව පැය කීපයක් තිබුණ නිසා තිසරගේ අම්මා කැවුම් කෙසෙල් ආදියෙන් මේ අයට සංග්‍රහ කළා. ඊට පස්සේ පිරිත් මණ්ඩපයේ ඉතිරිව තිබුණු සුළු සුළු වැඩ වලට මේ යාළුවෝ ටික උදව් කළා. පිරිතට භික්ෂුන් වහන්සේ ලා වැඩම වූයේ රෑ 8.00 ට විතර . ගොඩක් අය පිරිත් අහන්න ඇවිත් හිටියා.

රෑ 10.00ට විතර මහ පිරිත අවසන් වුණා. ‍මේ පිරිත රෑ පහන් වන තුරැ දේශනා කරන පිරිතක්. මහ පිරිතෙන් පසු මේ කට්ටිය රාත්‍රී ආහාරය තිසරගේ නිවසෙන්ම ගත්තා.
මැදියම් රාත්‍රිය පමණ වන තෙක් ඒ යාළුවෝ ටික පිරිත් ඇසුවා. ඔවුන්ට පසුදා වැඩ කටයුතු බොහෝමයක් ඇති නිසා මේ යාළුවෝ ටික රාත්‍රී 12.00 ට විතර තිසරගේ නිවසින් පිටවුණා.

විශ්වගේ ගෙදරට තව සැතපුම් දෙකක් විතර පයින් ඒමට තිබුණා. පාරත් ඉතා පටුයි. මේ පාර අතර සොහොන් පිට්ටනියක්ද තිබුණා. තැනින් තැන කැළෑවෙන් ගහණයි. අහසේත් පේන්න තිබුණේ බැසයන සදයි. අවට ප්‍රදේශයම අදුර ගිලගනිමින් තිබුනා. හද බැසයන විට අදුර ටික ටික වැඩි වුණා. ඒ නම් මදැයි  මහ අමුතු  භයානක හඩ ‍ඒ යන පාර අවට පරිසරයෙන් ඇහුණා.

විශ්වට තරමක් බය හිතුණා. එක එක දේවල් හිතුණා. ඒත් තව යාළුවන් 4 දෙනෙක් හිටිය නිසා එච්චරටම බයක් වුණේ නෑ. ඒ කොහොම උනත්මේ හද්දා කරැවලේ යන මේ ගමන් ගැන ඔවුන්ට බියක් මෙන්ම චකිතයක්ද ඇති වුණා. මේ කණ්ඩායමේ හිටිය රවී විහිලු කතා කාරයෙක්. ඔහු කියවන්නට පටන් ගත්තේ යක්කු, හොල්මන් , ආවතාර ගැන. ඉතින් මේ මහ රෑ ඔය වගේ දේවල් ගැන කතා කරනකොට මොන වගේ දේවල් ඔවුන්ගේ සිත්වලට එන්න ඇත්ද? මෙහෙම ටික දුරක් කතා කරකර යනකොට විශ්වට මහ අමුතු දෙයක් දකින්නට ලැබුණා. සුදුපාටින් වගේ ඇදගත් උසට උසේ මිනිසකු වගේ අයෙකුගේ ඡායාවක්. මේ ගැන අනිත් අයටත් පෙන්නුවා. ඇත්තටම හොල්මනක්ද  ආකාශ් ඇහුවා. අනේ මන්දා . ඇත්තටම මොකෙක්ද ඒ දුෂ්‍යන්ත එහෙම කියමින් ඉදිරියට ගියා. එපා දුෂ්‍යන්ත. යන්න එපා. අපි වෙන  ෂෝර්ටි කට් එකක් දාලා යමු.යාළුවෝ ටික දුෂ්‍යන්තට කීවා. මොකටද බය වෙන්නේ අපි හතර දෙනෙක්ම ඉන්නවනේ.දුෂ්‍යන්ත කිව්වා. ඉතින් අනිත් අයත් දුෂ්‍යන්තගේ පස්සෙන් ගියා.ටික ටික ළන් වෙනකොට ඒ සුදුවට ඇදගත්තු වගේ මිනිසා ටික ටික උස වෙනවා වගේ පෙනුනා. මේ අය ඇවිද්දෙත් සුළු හඩක්වත් නො ඇසෙන ගානට. කොහොම උනත් දුෂ්‍යන්ත මොන යකාටවත් බයනැති කෙනෙක්. එයානම් බයනැතිව ඉදිරියටම ගියා. ‍ඒ ස්ථානයට ළං වෙනකොට මොකක්ද දන්නවද මේ අයට දක්කනට ලැබුණේ. රාත්‍රීයේද හැමු තද සුළග නිසා පාරට කඩා වැටුණු විශාල මාර ගහක්.මාර ගහේ කදත් ඉතින් සුදු පාටට හුරැයි නේ.ඉතින් දුරට පෙනෙන්න ඇත්තේ ඒ විධියට. ආ මේකද හොල්මන. අපෝ අපි බය වුණු තරමක්. අපිට ඈතට පෙනුනේ ඇත්තටම හොල්මනක්  වගේ. බලනකොට ‍මේ මාර ගහක්නේ.විශ්ව එසේ කීවේ දිගු සුසුමක් හෙලමින්.ඊට පස්සේ දුෂ්‍යන්ත මෙහෙම කිව්වා.

ඒකනේ කියන්නේ හැම දෙයක්ම විමසිල්ලෙන් හා බුද්ධිමත්ව කරන්න කියලා.

පුංචි කතාවක්……

මෙය සිදුවූයේ ඉතා ඈත කාලයකදී ය. එක්තරා අඹුසැමි යුවළකට දරුවෝ නැත්තා හ. ඔවුහු කෙමෙන් මහලු වියට ද එළැඹුණා හ. මැහැල්ල හැමවිට ම කවුළුවෙන් පිටත බලමින් සුසුම් හෙළමින් සිටිනු දකින මහල්ලා ගේ සිත ද මහා දුකකින් පිරිණි. ඔවුනට සියල්ල තිබිණි. නොතිබුණේ සිතේ සතුට පමණි. ඒ දරුවකු නොමැති හෙයිනි.

මෙසේ හිම කාලය ද එළැඹිණි. එවිට මහල්ලා සිය බිරිය අමතා මෙසේ කීය;

”හැමදාම මෙහෙම ඉඳලා බෑ. යමු අපි මේ හිමෙන් දරුවකු තනමු. යමු.”

මැහැල්ල ගේ සිත සතුටින් පිරිණි. එය හොඳ යෝජනාවකි. ඔවුහු වහා හිම ගොඩැල්ල මැදට වැදී හිමෙන් දැරියක හිමෙන්  සෑදූහ. දැඩි ශීතය මැද හිම දැරිය සුදු නිල් පැහැයෙන් යුතු ව ගොඩ නැඟුණා ය. ඈ රච්කා යි.

පණ ලැබූ  රච්කා ද රැගෙන දෙමහල්ලෝ සිය නිවසට වන්හ. ඔවුහු ඉහවහා ගිය සතුටින් යුතු වූහ.

කලක් ගෙවිණි. ග්‍රීෂ්මය එළැඹිණි. හිම දියවිණි.

රච්කා දුකිනි. හේමන්ත මල් පිපී හාත්පස සුවඳ විහිදෙද්දී ඈ දුකින් ගෙතුළට වැදී සිටියා ය. හිරු එළිය ඈට හිරිහැරයකි.

යහළු යෙහෙළියෝ ඈ වෙත’විත් ඈ සෙල්ලමට කැඳවූහ. රච්කා අකැමැත්තෙන් මෙන් ඔවුන් සමඟ නික්මුණා ය.

යෙහෙළියෝ අසල කැලෑවට වන්හ. ඔවුහු වනමල් නෙළූ හ. මාලා ගෙතූහ. රච්කා අසල වූ කුඩා දිය කඳුර වෙත ගොසින් මහත්වූ ආශාවෙන් දිය බිඳු දෝතට ගෙන ඒවා හා සෙල්ලම් කළා ය.

මේ අතර ඇගේ මිතුරෝ ගිනිමැලයක් දැල්වූහ. එය සරුවට ඇවිලිණි. කුඩා කෙල්ලෝ ගිනිමැලය මතින් එහා මෙහා පනින්නට වූහ.

”රච්කා එන්න. එන්න. සෙල්ලම් කරමු” ඔවුන් ගේ ඇවිටිලි නිමා නොවූ තැන  රච්කා ගිනිමැලය වෙත ගියා ය. ඒ මතින් පැන්නා ය.

එවිට ඈ දිය වී කඩා හැලෙන්නට වූවා ය. ගිනිමැලය මත කුඩා වලාකුළක් සෑදිණි. එය අහසට ම එසැ වී ක්‍රමයෙන් නොපෙනී යන්නට විය.

රච්කා තවදුරටත් මෙලොව නොමැති විය.

දෙමහල්ලෝ හඬා වැළපී යමක් අවබෝධ කරගත්හ. එනම් ස්වභාවධර්මයා ට එරෙහිවීමට කිසිවකුට නොහැකි බව ය.

පටු මඟක් ළඟ මිතුරකුට

සුමට පාෂාණ අතුරා ඇති
නුඹට පෙනෙනා ඔය මඟ එක
පහසුයි ඇවිද යන්නට
දුරත් නැහැ සොඳුරු පෙදෙසට

ඒත් හරි පටුයි නෙව
කොහිද ඉඩ අපි හැමෝට ම!
නුඹට ඉඩ හැර
මෙතැන නවතිනු හැකියි මට

වෙනත් මං පෙත් ඇතැයි
සිතන කිසිවකු හමුවේ යයි
පැතුමකින් නවතිනු හැකියි මට
මෙතැන මේ නොසොඳුරු පෙදෙසෙහිම!

වාද කරන්නීට වුන දේ………….

දය ඉතා පි‍්‍රය කළ කාන්තාවක් එක්තරා පුරුෂයෙකුට බිරිය ව සිටියා ය. ඇය ඉතා මුරණ්ඩු ය. තමා ගේ ගෙමිදුලට එන අන් අයකුගේ කුකුළකු හෝ එළුවකු හෝ වේවා තමාට හිමිකර දෙන මෙන් ඇය සිය සැමියාට බලකොට කියා සිටින්නී ය. සැමියා සිටියේ බිරිය පිළිබඳ මහත් වූ කලකිරීමකිනි.

මෙසේ කල්ගතවන අතර දිනක් තම ගෙවත්තට පැමිණි වතුහිමියා ගේ පාත්ත රැළ දුටු ඈ සිය සැමියා අමතා මෙසේ ඇසුවාය.

”කාගේ පාත්තයෝ ද?”

”ලොක්කා ගේ” සැමියා පිළිතුරු දුන්නේ ය. (ඔවුන් වතුහිමියා ඇමතුවේ එසේ ය.)

”එහෙම වෙන්නෙ කොහොමද?” ඇය පොළොවේ ඇද වැටී යළි කෑ ගසා මෙසේ විමැසුවා ය : “මං මැරෙනවා. ආයෙත් කියාපං පාත්තයො කාගෙද?”

”ලොක්කගෙ“

බිරිය බිම පෙරළෙමින් වියරුවෙන් මෙන් හඬ තලන්නට වූවා ය.

නුඹට මේ මොනවා වුණාද? සැමියා බිරියට ළං ව ඇසී ය.

”මං මැරෙනවාමයි. පාත්තයො කාගෙ එවුන්ද?”

”ලොක්කගෙ“

”දැන් නම් හොඳටම මැරුණා. ගොහිං පල්ලියෙ සුවාමි එක්ක වරෙන්.”

පියතුමා පැමිණියේ ය.

”දැන්වත් කියාපං. කාගේ පාත්තයෝද?” බිරිය මොර දෙයි.

”ලොක්කගෙ“

”අවසාන ආශිර්වාදය කරපුවාවේ”

පියතුමා ආශිර්වාද කෙළේ ය. ආගමික වතාවත් අවසන් විය. ඉතිරි ව ඇත්තේ ඈට මියයන්නට යි.

”කාගේ පාත්තයො ද?” ඈ යළි අසයි.

”ලොක්කගෙ තමයි”

”මං මැරුණා. පෙට්ටියේ දමාපං”

ඇගේ දෙණ සොහොන් පිටිය වෙත රැගෙන එයි.

”කාගේ පාත්තයො ද?” ඇය එහි සිට මුමුණා අසයි.

”ලොක්කගෙ එවුන්”

”පෙට්ටිය ගැබට දමාපුවාවේ. මැරුණා. මැරුණා. මං හොඳටම මැරුණා”

සිරුර සොහොන් ගැබ තුළ තැන්පත් කෙරේ.

”පාත්තයො කාගෙ එවුන්ද?”

”ලොක්කගෙ“

”පස් දමාපුවාවෙ“

එවිට පස් දමා සොහොන් ගැබ වසා දැමිණි.

This entry was posted on August 23, 2010, in Uncategorized. 1 Comment

අලුතින් සිතන්න………..

අපි ජීවත් වෙන ලෝකයේ විවිධාකාර  ලෙසින් සිතන්නට හැකි මිනිසුන් සිටිනවා.මෙම සිතීමේ හැකියාව සෑම මිනිසෙකුට ම තිබෙනවා.කලාතුරකින් මෙම සිතීමේ හැකියාව නොමැති පුද්ගලයින් ද අද සමාජයේ ජීවත් වෙනවා.  මොළයක් කියලා ‍දෙයක් අපිට හිමිවෙලා තියෙන්නේ  සිතන්න.ඉතින් අපි නිතරම අළුතින් සිතන්න පුරැදු වෙන්න ඕන එවිට තමයි අපේ ජීවිත සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්කරගන්නට පුළුවන් වෙන්නේ.එසේම  සමහරැන් තමා අතින්  සිදුවූ වැරදි පිළිබද සහ තමන්ට කිරීමට නොහැකි වූදේ ගැන සිතමින් පසුතැවිලි වනවා අප කොතෙකුත් දැක තිබෙනවා.. ගිය අකුරට නාඩන්නේ  තියෙන අකුර රැකගන්නේ කියලා පැරණි කියමනකුත් අපි අසා තියෙනවනේ. ඉතින් අපි ඒ දේවල් ගැන සිතමින් පසුතැවිලි වෙන්නේ කුමකටද? අපි අළුතින් සිතන්න පුරැදු වෙනවනම් මෙහෙම පසුතැවිලි වෙන්න සිද්ධ වේන්නේ නෑනේ. අළුතින් සිතන්න අළුත් දේ කරන්න.හැබැයි යහපත් දේ පමණයි………….

වරද………………

ඔන්න එක ‍නිවසක  අක්කා කෙනෙකුයි මල්ලී කෙනෙකුයි හිටියා.දෙන්නම ටිකක් පොඩියි .මල්ලිට නම් අවරැදු 5ක් විතර ඇති.මේ දෙන්නගේ අම්මයි තාත්තයි මේ දෙන්නටම එක වගේ ආදරෙයි.ඉතින් මේ දෙන්නට දෙන්නා නිතරම රණ්ඩු සරැවල් කරගන්නවා.දවසක් මේ පොඩි මල්ලිගේ උපන්දිනයට එයාලගේ ආච්චිගෙනුයි සීයගෙනුයි මුද්දක් හමබ වුණා. ඉතින් අක්කාට ඉරිසියාවේ බෑ මල්ලිගේ මුද්ද දැකලා. ඊට පස්සේ එයාත් හොදටම ඇඩුවා එයාටත් මල්ලි වගේ මුද්දක් ඕන කියලා.ඒ කොහොම උනත් අක්කටත් එයාගේ උපන්දිනයට මුද්දක් හම්බ වුණා.නැන්දගෙන්.ඒත් අර මල්ලිට බැන බැන  ඇඩුවා

ඊට පස්සේ මොකද දන්නවද කලේ මල්ලි රෑ නිදාගන්නකොට මල්ලිගේ අතැගිල්ලේ දාලා තිබුණු  මුද්ද මල්ලිට ඇහැරෙන්නේ නැති විධියට මුද්ද ගලවා ගත්තාඊට පස්සේ මල්ලි උදේ නැගිටිනකො‍ට මුද්ද නැති නිසා අම්මට ගිහින් කිව්වා.ඊට පස්සේ අක්කගෙන් ඇහුවා ඒත්අක්කා කිව්වා මම ගත්තේ නෑ කියලා. මුද්ද නැතිවෙලා කියලා දැනගත්තම මල්ලි හොදටම ඇඩුවා. ටික වෙලාවක් යනකොට අක්කගේ කටින් ඉබේටම කියවුණා මෙන්න මුද්ද ඔහේම තියාගන්නවා කියලා.ඉතින් මොනවා කරන්නද කට හින්දනේ මාළුවා නහින්නේ කියලා.එයා කරපු හොරකම එයාගේ කටින්ම කියවුනා.ඊට පස්සේ මල්ලිට මුද්ද දුන්නට පස්සේ මල්ලිගේ මුණ සතුටින් පිරිලා ඉතිරිලා ගියා.  ඊට පස්සේ අම්මා මේ අක්කට තේරැම් කරලා දුන්න අයෙත් මෙහෙම දේවල් කරන්න එපා කියලා. ඊට පස්සේ හේ අක්කයි මල්ලියි සතුටින් හිටියා. බලන්න  යම්කිසි වරදක් අපි අතින් සිදු වුනු විට ඒ වරද හදාගන්නවනම් කොච්චර හොදද කියලා……………