වරද………………

ඔන්න එක ‍නිවසක  අක්කා කෙනෙකුයි මල්ලී කෙනෙකුයි හිටියා.දෙන්නම ටිකක් පොඩියි .මල්ලිට නම් අවරැදු 5ක් විතර ඇති.මේ දෙන්නගේ අම්මයි තාත්තයි මේ දෙන්නටම එක වගේ ආදරෙයි.ඉතින් මේ දෙන්නට දෙන්නා නිතරම රණ්ඩු සරැවල් කරගන්නවා.දවසක් මේ පොඩි මල්ලිගේ උපන්දිනයට එයාලගේ ආච්චිගෙනුයි සීයගෙනුයි මුද්දක් හමබ වුණා. ඉතින් අක්කාට ඉරිසියාවේ බෑ මල්ලිගේ මුද්ද දැකලා. ඊට පස්සේ එයාත් හොදටම ඇඩුවා එයාටත් මල්ලි වගේ මුද්දක් ඕන කියලා.ඒ කොහොම උනත් අක්කටත් එයාගේ උපන්දිනයට මුද්දක් හම්බ වුණා.නැන්දගෙන්.ඒත් අර මල්ලිට බැන බැන  ඇඩුවා

ඊට පස්සේ මොකද දන්නවද කලේ මල්ලි රෑ නිදාගන්නකොට මල්ලිගේ අතැගිල්ලේ දාලා තිබුණු  මුද්ද මල්ලිට ඇහැරෙන්නේ නැති විධියට මුද්ද ගලවා ගත්තාඊට පස්සේ මල්ලි උදේ නැගිටිනකො‍ට මුද්ද නැති නිසා අම්මට ගිහින් කිව්වා.ඊට පස්සේ අක්කගෙන් ඇහුවා ඒත්අක්කා කිව්වා මම ගත්තේ නෑ කියලා. මුද්ද නැතිවෙලා කියලා දැනගත්තම මල්ලි හොදටම ඇඩුවා. ටික වෙලාවක් යනකොට අක්කගේ කටින් ඉබේටම කියවුණා මෙන්න මුද්ද ඔහේම තියාගන්නවා කියලා.ඉතින් මොනවා කරන්නද කට හින්දනේ මාළුවා නහින්නේ කියලා.එයා කරපු හොරකම එයාගේ කටින්ම කියවුනා.ඊට පස්සේ මල්ලිට මුද්ද දුන්නට පස්සේ මල්ලිගේ මුණ සතුටින් පිරිලා ඉතිරිලා ගියා.  ඊට පස්සේ අම්මා මේ අක්කට තේරැම් කරලා දුන්න අයෙත් මෙහෙම දේවල් කරන්න එපා කියලා. ඊට පස්සේ හේ අක්කයි මල්ලියි සතුටින් හිටියා. බලන්න  යම්කිසි වරදක් අපි අතින් සිදු වුනු විට ඒ වරද හදාගන්නවනම් කොච්චර හොදද කියලා……………

Advertisements

3 thoughts on “වරද………………

    • මම ඉරේෂිකා මධුවන්ති.මම ඉගෙන ගන්නේ බටුවංගල මහා විද්‍යාලයේ .මේ තියෙන්නේ අපේ සර්ගේ E-mail Address = arunabmv@gmail.com . සර් එක්ක කතා කරන්න.

  1. ලස්සනයි. මේ නිර්මාණය හොදයි. ඔයාට සුභ අනාගතයක් වේවා කියලා මම පතනවා!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s