සුබ අලුත් අවුරුද්දක් වේවා!

හෙළ දිව ජන සිරිත් යහ ගති මතු කරන
නව වසරකින් නව පැතුමන් හද පුරන
සාමයෙ සමඟියේ බැඳි බැමි සවි වඩන
නව අවුරුදු කුමරු එයි සොම්නස් රැගෙන

 කෝකිල ගී නාද එරබදු මල් සුවඳ
සරු අස්වනු පිරී සිත් කරවයි පබොද
ඔංචිලි, රබන්, අවුරුදු වාරම් නද ද
විසිරේ රටපුරා නව සිතුවිලි වැලඳ

 සුව සැප සතුට සාමය සැමටම වේවා!
අත මිට සරුවෙවී කිරි පැණි ඉතිරේවා!
නිදහස් මිහිර දස අතටම පැතිරේවා!
හෙළ දිව කිත් යසස් ලෝතුළ රැවුදේවා!

අපෙන් එය උදුරගෙන…………

ගොඩාක් කාලයකින් blog එකට ලියන්නත් බැරිවුනානේ.අද තමයි ඔන්න මට ඒකට අවස්ථාවක් ලැබුනේ.

ඒත් අද මම  blog එකට ලියන්නේ වෙනදා වගේ සතුටකින් නම් නෙවයි.ගොඩාක් දුකින්.මොකද  අපේ ලැබ් එක මේ කුරිරු සමාජය විසින් අපෙන් උදුරගෙන  දැන් මාස දෙකකටත් ලගයි.ඒකට තාම විසදුමක් ලැබුණේ නෑ.මේ සමාජය ඉදිරියට යන මිනිසුන්ට ඉදිරියට යන්න දෙන්නෙම නෑ.ඒ වගේම තමයි අපේ සර්..සර්ගේ ජීවිතය වගේ වෙලා තිබුන් මේ ලැබ් එක. සර් ගොඩක් මහන්සි උනා ‍මේ ලැබ් එක ගොඩ නගන්න. ඒත් මේ නපුරු සමාජය ඒකට ඉඩ දෙන්නේ නෑ.සර් ගොඩක් කණගාටුවෙන් ඉන්නේ මේ හින්දා.ඒ වගේම අපිටත් ගොඩක් දුකයි.අපි ගොඩක් ආසාවෙන් වැඩ කල ලැබ් එක,අපි ගොඩක් ගරුකල ලැබ් එක,ඒත්… අපෙන්  එය උදුරගෙන. අනේ ඇත්තටම ඒක ඒක  සාධාරණද? ඇයි මේ අසාධාරණය නිතරම ලෝකයේ රජවෙන්න හදන්නේ.ඇයි ඇත්තට,සාධාරණයට,යුක්තියට තැනක් නැත්තේ.මිනිස්සු ගොඩක් දෙනා හිතන්නේ තමන් ගැන විතරයි.නමුත් හැමදෙනාම එහෙම නෑ. අපේ සර් වගේ ගොඩක් හොද මනුෂ්‍යයොත් ඉන්නවා.ඒ වගේම තමයි මේ විදියට ලැබ් එක වසා දැමීම ගැටලුවක්.ඇත්තටම ඇයි මේ දේවල් ගැන නිසි බලධාරින් හොයා බලන්නේ නැත්තේ. එසේ නිසි බලධාරීන්ගේ අවධානය යොමුවනතුර අපි හැමෝම විමසිල්ලෙන්…………..