බුදු ගුණ නිවනට මඟ………….

දස දෙස සව් සතන් වෙත මෙත සිසිල සදා
පිස එන සුවඳ පිපි මුල් දම් රසින් පුදා
දස අකුසල් සමාජය යහ මඟට යොදා
රසවත් කරන්නට පියවර ගනිමු මෙදා

සල් සපු නා නෙළුම් වනමල් පිපෙන්නා
සිල් සුවඳින් සුවය මනසට ලැබෙන්නා
පිල් බෙදුමක් නැතිව දහමට නැවෙන්නා
මල් මල් අනාගතයට පිය නැඟෙන්නා

බල මහිමය සොබාදම විලසට රඳනා
සලතුන බුදු බවය සැම කෙළෙසුන් නසනා
කළගුණ සැලැකීම බුදු ගුණයකි අගනා
මිල කළ නොහේ බුදු නැණ නිවනට වඩනා