කඩොලාන පරිසර පද්ධතියේ වැදගත්කම..

          කඩොලාන පරිසර පද්ධති ලෝකයේ තිබෙන පරිසර පද්ධතීන් අතරින් වැදගත්මින් මෙන්ම වටිනාකමින් ඉහල පරිසර පද්ධති ලෙස දැක්විය හැකිය.කඩොලාන යනු බීජ දරන, අතිශය විශේෂණය වූ,පඳුරුවල සිට උස් ගස් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වන ශාක වේ. මේවා සාමාන්‍යයෙන් ආවරණය සහිත මුහුදු තීරයේ මෝය සහ කලපු ආශ්‍රිතව දක්නට ලැබේ.

කඩොලාන සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂිත ශාක ප්‍රජාවකි.නමුත් ජපානය,ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලොරීඩා වෙරළ ආශ්‍රිත නිරක්ෂයට උතුරින් පිහිටි කොටස්වල සිට නවසීලන්තය,ආජන්ටිනාව වැනි නිරක්ෂයට දකුණින් පිහිටි ප්‍රදේශ දක්වා ම කඩොලාන ශාක ප්‍රජාව ව්‍යාප්ත වී ඇත. මෙම ශාක ප්‍රජාව වඩාත් පුළුල්ව ව්‍යාප්තව ඇත්තේ ඝර්ම කලාපීය රටවල පුහුදු ප්‍රදේශවල කලපු සහ බොකු ආශ්‍රිතව ය. ලෝකයේ ඇති කඩොලාන ශාක ප්‍රජාවන්ගේ ප්‍රමාණය හෙක්ටයාර මිලියන 15.9ක් ලෙස ගණනය කර ඇති අතර මින් හෙක්ටයාර මිලියන 4.25ක් එනම්, 27%ක් ඇත්තේ ඉන්දුනීසියාවේ ය. බ්‍රසීලයේ 16%ක් ද ඕස්ට්‍රේලියාවේ 7%ක් පමණ ද දැකිය හැක.

ශ්‍රී ලංකාවේ කඩොලාන ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12500ක් පමණ වේ. කඩොලාන වඩා විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතව ය. ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇත.

          කඩොලාන ශාකවල සුවිශේෂී බවට ප්‍රධානම හේතුව ඒවා වැඩෙන පරිසරයයි. සාමාන්‍යයෙන් කඩොලාන ශාක වර්ධනය වන්නේ අන්තර් උදම් කලාපය තුල මෝය හා කලපු ආශ්‍රිතව ය. මෙම ප්‍රදේශය විටින් විට ජලයෙන් වට වීම හේතුවෙන් මෙහි පස ආම්ලික හා මඩ සහිත වේ. ඒ නිසා මෙම පරිසරයේ නොනැසී පැවතීමට සුවිශේෂී අනුවර්තන අත්‍යවශ්‍ය වන අතර එවැනි අනුවර්තන පැවතීම නිසා කඩොලාන පරිසරයේ අයිතිය කඩොලාන ශාකවලට හිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ බහුල කඩොලාන ශාක විශේෂ

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කලපු හා මෝය ආදී ස්ථාන ආශ්‍රිතව කඩොලාන ශාක විශේෂ 23ක් පමණ දක්නට ලැ

මහ කඩොල්- Rhizophro mucronta / Rhizophro apiculata

මල් කඩොල්- Bruguera gymnorhiza

රතු කඩොල්- Ceriops tagal

මණ්ඩා- Avicennia marina

බෑරිය- Lumnitzera recemosa

තෙල- Excoecarias agallocha

හීන් කඩොල්- Aegiceras cornicul

කටු ඉකිලිය- Acanthus ilicifolius

ගිංපොල්- Nypa fruticans

කඩොලාන පරිසරයේ වැදගත්කම

බොහෝ මසුන්, ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්ව විශේෂවල ලාබාල අවධි ගත කරන ස්ථාන මෙන් ම අභිජනන ස්ථානයක් වීම.

කුඩා සතුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහාසැඟ වී සිටීමට හැකි වීම හා ආහාර සුලභ වීම.

කඩොලාන ශාක මඟින් පත්‍ර හා අනෙකුත් ශාක කොටස් ලෙස කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු කිරීම.

ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය අධික වීම.

මෙම පරිසර පද්ධතිය මගින් ජීවීන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයීම.

වෙරළාසන්න ප්‍රදේශවලින් මුහුදට එකතු වන දූෂිත ජලය රඳවා තබා ගනිමින් ඒවායේ විෂ බව පහත හෙළීම මගින් පරිසර දූෂණය අවම කිරිමට දායක වීම.

මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීම.

ධීවර කර්මාන්තය සඳහා මසුන් බහුල ස්ථානයක් වීම හා මත්ස්‍ය උගුල් ලබා ගත හැකි ස්ථානයක් වීම.

මාළු දැල් සඳහා සායම් ලෙස ද ඔරු සඳහා දැව ද මෙම පරිසරයෙන් ලබා ගත හැක.

කඩොලාන ශාක ඉන්ධන, දැව, පොහොර හා ඖෂධ ලෙස ද යොදා ගනි.

පරිභෝජනය සඳහා කැරන් කොකු ද පැදුරු හා කූඩා විවීමට පන් වර්ග ද සපයා ගත හැකිවීම.

ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ජීව විද්‍යාව හදාරන්නන්ට කඩොලාන පරිසරය එළිමහන් විද්‍යාගාරයක් වීම.

             කඩොලාන යනු පාරිසරික හා  ආර්ථික අංශවලින් ඉතා වැදගත් පරිසර පද්ධතියකි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන මෙම පරිසර පද්ධතිය විනාශවීමේ තර්ජනයට මුහුණ දී තිබේ. එබැවින් අනාගත පරපුරේ පැවැත්ම උදෙසා කඩොලාන පරිසරය ආරක්ෂා කිරීම අද පරපුරේ යුතුකමක් මෙන් ම වගකීමක් ද වේ.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s