
මිනිසුන්ට මිනිසුන් සේ සලකන පාලකයෝ ලෝකයේ දුර්ලභය.අපේ රටේ නම් එවැනි පාලකයන් බිහිවන්නේ බොහොම කලාතුරකිනි.මොහු නමින් නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලාය. විවිධ වර්ණනා මෙන්ම විවිධ විවේචනද මොහුගේ ජීවිත කතාවේ ඇත.ඒ සියල්ලෙන් පෙනියන්නේ අනෙකක් නොව මොහුගේ ජීවිත කතාවෙන් අපටද ආදර්ශ ලබාගත හැකි වගයි. මේ සටහන ඒ උතුම් මිනිසා පිළිබඳය.
“හොඳ හිසක් මෙන්ම හදවතක්ද සෑම විටම තදින් එකිනෙක බැඳී පවතියි.”
“ලෝකය වෙනස් කිරීමට ඔබට පාවිච්චිකල හැකි හොඳම ආයුධය නම් අධ්‍යාපනයයි.”
“එක්සත් ජනපදය හෝ එංගලන්තය ඔවුන්ගේ ඡන්ද කටයුතු වලදී ආසියාවෙන් හෝ අප්‍රිකාවෙන් නිරීක්ෂකයන් ඉල්ලන්නේ නැත. නමුත් අපේ (අප්‍රිකාවේ හෝ ආසියාවේ) ඡන්ද වලදී ඔවුන්ට නිරීක්ෂකයන් අවශ්‍යය.”
“ඔබගේ සතුරන් සමග සාමය අවශ්‍ය නම් ඔවුන් සමග එකට වැඩ කරන්න. එවිට ඔවුන් ඔබගේ සහකරුවන් වේවි.”
“යමක් කර අවසන් වනතුරුම එය කල නොහැකි ලෙසටම පෙනෙනු ඇත.”
“කෙනෙකුට තේරෙන භාෂවකින් ඇමතූ කල් හි එය ඔහුගේ හිසට ඇතුල් වෙයි. නමුත් ඔහුගේ භාෂාවෙන් ඇමතූ කල් හි එය ඔහුගේ හදවතට ඇතුල් වෙයි.”
“ඉතා අමාරුවෙන් කන්දක් තරණය කල පසු පමණක් කෙනෙක් දකියි, තරණය කිරීමට තවත් බොහෝ කඳු ඇති බව.”
1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපති නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලාප්රජාතන්ත්රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.
දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳු විය. නමුදු එවකට පැවති රජය විසින් ඔහුව බොහෝසේ විවේචනයට භාජනය කරන ලදී. ANC ය විසින් මැන්ඩෙලා ඇතුළු පිරිස කොමියුනිස්ට්වාදීන් හා ත්රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අතර ඇමරිකාව තවමත් හඳුන්වනුයේ ත්‍රස්තවාදියෙකු සේය.
1990, පෙබරවාරි මස 11 වන දින සිරෙන් නිදහස් වීමත් සමඟම මැන්ඩෙලා සමඟි සන්ධානවීමට හා සාකච්ඡා මාර්ගයට පිවිසීමේ ප්‍රතිපත්තියට අවතීර්ණ විය. දකුණු අප්‍රිකාවේ බහු ජාතීය ප්රජාතන්ත්රවාදයේ වෙනසක් ඇති කිරීමට එය ඉවහල් වන බව ඔහුගේ විශ්වාසය විය. වර්ණභේද යටතේ අවසාන දක්වාම මැන්ඩෙලා අතීත විරුද්ධවාදීන්ගේ පවා පැසසුමට පුළුල් ලෙස භාජනය විය.
දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය. එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව හඳුන්වනු ලබන්නේ කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඬ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකු වශයෙනි. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් මැන්ඩෙලාට තිළිණ කළ ගරු නම්බුනාමය “මැඩිබා” නම් වේ. එකී නාමය නෙල්සන් මැන්ඩෙලා යන නාමයන් සමඟ අපූරුවට පෑහිණි.
මහත්මා ගාන්ධි යනු මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශය කොට ගත් විශිෂ්ට චරිතයකි. මැන්ඩෙලා එකී චරිතය තම ජීවතයට නව අදහස් හා හැඟීම් ජාතික කරවීමට සමත් වූ වටිනා සම්පතක් ලෙසින් සලකනු ලබයි. එමෙන්ම මහත්මා ගාන්ධිතුමාගේ අවිනිසොවාදී දර්ශනයත්, විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කිරීමේ හැකියාවක් මැන්ඩෙලා විසින් ස්වකීය ජීවිතයට ද ඈඳා ගත් යහපත් ගුණාංග වේ.
නෙල්සන් මැන්ඩෙලා දිගු කලක් පැවති ශ්වසන ආසාදනයකින් ගැහැට විඳීමෙන් පසුව, 2013 දෙසැම්බර් 5 දිනදී වයස අවුරුදු 95 ක් ආයු වැළඳීමෙන් පසුව මැන්ඩෙලා මිය ගියේය. මොහු දකුණු අප්රිකානුවන්දිගේ චින්තනය වෙනස්ම අතකට පෙරලූ අසහාය පාළකයකු ලෙස සඳහන් කළ යුතුමය.අවිශ්වාසය අනවබෝධය වෙනුවට ඔහුමිනිසුන් තුළ ගොඩනැගුවේ විශ්වාසයයි.අවබෝධයයි. එබැවින් මෙතුමාගේ ජීවිත කතාවෙන් වත්මන් පාළකයින්ට මෙන්ම සිවිල් වැසියන්ටද ලබාගත හැකි ආදර්ශ බොහෝය.
Like this:
Like Loading...