ශ්‍රි ලංකාවේ වනගහනය හා වන සංරක්ෂණය..

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 23% ක් පමණ දැනට වනාන්තර වලින් වැසි ඇත. මින් 18% ක් වියළි කලාපයේ ද 2.1% ක් පහතරට තෙත් කලාපයේ ද 1.1% ක් කඳුකර කලාපයේද ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ වනාන්තර, ප්‍රධාන වර්ග 4 කි.

  1. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර

  2. කඳුකර වනාන්තර

  3. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර

  4. කටු පඳුරු හා ලඳු කැලෑ

ලෙසිනි.

1995 වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තිය

ලොව ජෛව විවිධත්වය සම්බන්ධ ප්‍රදේශ 18 න් 1ක් වශයෙන් සලකන්නේ වනාන්තරයි. ධරනීය සංවර්ධන උපාය මාර්ගත රියෝ සමුළුවේදී සම්මත කරන ලද 21 වන න්‍යාය පත්‍රයෙහි11.12(ආ) පරිච්ඡේදය වනහරනයට එරෙහිව වනාන්තර සංරක්‍ෂණයකර කළමනාකරනයට යටත්ව රටවල් ධරනීය සංවර්ධනය කරා යොමු කරන ජාතික වැඩසටහන් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පොළඹවන්නකි. එය ගුරුකරගනිමින් ශ්‍රී ලංකාව තුළ වනාන්තර සංරක්‍ෂණය කර කළමණාකරනය කර තිරසාර සංවර්ධනයක් සඳහා මෙහෙයවීමට 1995 දී ප්‍රථම වරට ජාතික වන‍ෂෙත්‍ර ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී.

වනගහනය

1995 වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තිය අනුව වන ගහනයක් යනු ඊටම අාවේනික වූ ජීව අජීව පදාර්ථවල හැඩය හෘ පැවැත්මේ ස්වාභාවය තීරණය කරන සංකීර්ණ භූගෝලීය තත්වයන් ඒකරාශී වූ විශේෂිතර කලාපයකි.

වන කළමනාකරණය

වන කළමනාකරණය යනුවෙන් හැඳින්වෙන්නේ වනාන්තරයක සංඝටක අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීමේදී ඊට හානි නොවන පරිදිත් අන්තර් පරම්පරා අතරත් තම පරම්පරා අතරත් තම පරම්පරාව තුළත් සමානාත්මතාව රැකෙන පරිදිත් ගෝලිය වගකීමක් වශයෙන් විධිමත්වූත් ක්‍රමානුකූලවූත් ප්‍රතිපත්තියක් තුළ සිට භාවිතයට ගැනීමයි.ප්‍රතිපත්තියේ 2,3,5 වගන්ති අනුව කළමනාකරණ රාමුවක් ඔස්සේ එය ක්‍රියාත්මක විය යුතුය.

වන විනාශය  යනු

ශ්‍රී ලංකාව තුළ පවතින වඩාත් බරපතල පාරිසරික ගැටලු වලින් එකකි.වර්ෂ 1920 දී,දිවයින සතුව පැවති වන වැස්ම 49% ක් වූ අතර වර්ෂ 2005 වන විට එය ආසන්න වශයෙන් 20% ක් දක්වා පහත වැටී ඇත. වර්ෂ 1990 -2000 අතර කාල පරාසයේදී මධ්‍යන්‍ය අගයක් ලෙස වසරකට හෙක්ටයාර 26800 බැගින් වන ගහනය අඩු වී ඇත.මේ අනුව සාමාන්‍ය වාර්ශික වන විනාශ සීඝ්‍රතාව 1.14% ක් පමණ වේ. වර්ෂ 2000 – 2005 අතර කාල සීමාව තුල මෙම සීඝ්‍රතාව වසරකට 1.43% කින් වැඩි වී ඇත. කෙසේ වුවත් පාරිසරික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති සහ නීති වල දීර්ඝ ඉතිහාසය හමුවේ සංරක්ෂණ මිනුම් වලට අනුව 1990 වසරේ සිට ප්‍රාථමික වන වැස්මේ වනනාශන සීඝ්‍රතාව 35% කින් පමණ අඩුවී ඇත. ශ්‍රී ලංකාවේ දකුණුදිග කඳුකර කලාපයේ පවතින ස්වාභාවික පරිසර ආරක්ෂාව නිසා එහි වනනාශනය, උතුරුදිග කඳුකර කලාපයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක නැත.

වන සංරක්‍ෂණය

වන සංරක්‍ෂණය යනුවෙන් හඳුන්වා දී ඇත්තේ අනාගත පරම්පරාවට ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි අවශ්‍යතා සරලව හා බුද්ධිමත්ව ඉටු කර ගැනීමට හානි නොවන පරිදි වන පරිහරණයයි .

ප්‍රතිපත්තිය යටතේ මූලික අරමුණු

  • වනහරනයට ලක්ව ඇති කැලෑවල ගස් වැවීම

  • තාක්‍ෂණික ආධාර ලබාදීම

  • ප්‍රජාව දැනුවත් කිරීම

තිරසාර සංවර්ධනයේදී අනාගත අරමුණු ඉටු කර ගැනීමට බාධා ඇති නොවන පරිදි වත්මන් අරමුණු ඉටු කර ගැනීමත් ආර්ථිකයේ නොවෙනස් විම් මත තත්වය පාලනය කරමින් සංවර්ධනය වීමත් මෙහි ප්‍රධාන අපේක්‍ෂාවයි. තිරසාර මට්ටමින් ඉඩම් භාවිතයට ගැනීම ,නිත්‍ය වනාන්තර පද්ධතියක් ගොඩ නැගීම මෙම වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයයි.

ක්‍රියාත්මකභාවය

වන සංරක්‍ෂණය ‍අදියරවල් 4ක්ඔස්සේ සිදු කිරීමට පියවර ගෙන ඇත.

  • පළමු අදියර 1995 දී ආරම්භ විය. එක් අවුරුදු වැඩසටහනක් සේ ආරම්භ වූ මෙය ලංකාවේ සියලුම වනාන්තර ආවරණය වන පරිදි සකස් වූවක් විය.

  • දෙවන අදියර වශයෙන් 1995-2000 දක්වා කෙටි කාලීන ප්‍රතිපත්තීන් ගැලපෙන තත්වයට පත් කරමින් ජනතාව දැනුවත් කිරීමට පුහුනු වැඩසටහන් ද නැවත වන වගා යටතේ නිත්‍ය වනාන්තර ද ඇති කරන්නට .

  • දැනට ක්‍රි‍යාත්මක 2000-2015 දක්වා වන මධ්‍ය කාලීන ක්‍රමෝපායන් ඔස්සේ රටම ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘති කරමින් පාරිසරික බලපෑම් ඇගයීම් කරගෙන යයි. තම ප්‍රදේශයේ ඇති වනාන්තර ප්‍රාදේශීය වශයෙන් රැකීමේ පිරමීඩාකාර වැඩසටහනක් ක්‍රියාත්මක වේ.පාරිසරික තක්සේරැ බලපෑම් වාර්තා ඔස්සේ වනාන්තරවලට හානිකර ව්‍යාපෘති තහනම් කරීමද මෙමගින් සිදුවේ.සිංහරාජ වනය සේම බඩල්කුඹුර,රාහුගල්ල,නාරංමාන හා

ආනපල්ලම වැනි වනාන්තර ආශ්‍රිත ජෛව විවිධත්වය රැකීමද මෙමගින් සිදුවේ.

  • සිව්වන අදියර වශයෙන් සියලු පාර්ශවයන් සම්බන්ධ කරගෙන අවසානයේ ජාතික වශයෙන් තිරසාර ඉලක්ක සපුරාලන දීර්ඝ කාලීන ප්‍රමෝපායන් ක්‍රි‍යාත්මක කිරීම අවසාන කඩ ඉමයි.පහළින් ඉහළට යොමු වන සැලසුම්කරණය හා පාරදෘශ්‍යතාව ඔස්සේ මෙය ක්‍රියාත්මක වේ. වසරින් වසර ජාතික රතු දත්ත ලැයිස්තුවට එකතු වන වඳවී යන ශාඛ හා සත්ව ප්‍රමාණය අඩු කිරීම,සිංහරාජ වැනි කාගේත් අවධානයට ලක්වන වනාන්තර සේම බදුලුවෙල ,මැදගම,පට්ටිපොළ,පටපිළිකන්ද වැනි ප්‍රදේශ වෙතද මෙමගින් අවධානය යොමු කර තිිිිබේ.

ජෛව විවිධත්වය

වනාන්තර ආශ්‍රිත වැදගත්ම තත්වය වනුයේ ජෛව විවිධත්වයයි.සිංහරාජ වනය 1988 ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කළේ එයටම ආවේණික පරිසර කලාපයකින් යුතු නිසාය.සිංහරාජයටම ආවේණික ක්‍ෂීරපායී හා සමනළ විශේෂ 50% කටත් වඩා සිංහරාජයේ ජීවත් වෙති.

Wildlife7.gif

වනාශ්‍රිත ජෛව විවිධත්ව ආකාරය

    • පරිසර පද්ධතිවල විවිධත්වය
    • විශේෂවල විවිධත්වය
    • ජානවල විවිධත්වය
210px-Diademed ready to push off.jpg

ලංකාව තුල ඇති වනාන්තර අතරින් සිංහරාජ වනාන්තරය ඉතා වැදගත් වනේන, එහි ඇති වටිනා ශාක නිසාය.

විශේෂ විවිධත්වය

භෞමික,සමුද්‍රීය හා වෙනත් ජලජ පරිසර පද්ධති ,ජීව විශේෂ තුළ විශේෂයන් අතර හා පරිසර පද්ධතීන්ගේ හා ජීවීන්ගේ විවිධත්වයද ඇතුළුව ප්‍රභවයන් අතර පවතින විපරීයතාවයයි.

250px-Blue Linckia Starfish.jpg

වනාන්තර ආශ්‍රිත ශ්‍රී ලංකා නීති

    • 1907 වන ආඥා පනත
    • 1953 වන සත්ව හා වෘක්‍ෂලතා පනත
    • 1992 පතල් හා කැණීම් පනත
    • 1991 සම්පත් කළමනාකරණ පනත
    • 1993 ජෛව ආරක්‍ෂණ පනත

1907 වන ආඥා පනත

1907 වන ආඥා පනතේ ප්‍රධාන අරමුණ වැසි වනාන්තර ආරක්‍ෂා කිරීමයි.පනතේ 7 වන වගන්තිය අනූව රක්‍ෂිත වනාන්තර තුළ සත්ව දඩයම එළිපෙහෙළි කිරීම් මෙන්ම අනවසර ඇතුළුවීම්ද තහනම් කර ඇත.1995 දී මීට කළ සංශෝධනයෙන් වඳවී යන සතුන් සංරක්‍ෂණය , පස සෝදායාම වැළැක්වීම හා ස්වාභාවික විපත් වලින් ආරක්‍ෂාවීම පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කර ඇත.

වනාන්තර රැකීම සම්බන්ධයෙන් පවතින අන්තර් ජාතික මූලධර්ම

    • වනාන්තර රැකීම සම්බන්ධයෙන් සියලුදෙනා ඇපකැපවීම
    • වනාන්තර සංරක්‍ෂණය සංවර්ධනයෙන් වෙන් කළ නොහැකි කොටසක්වීම
    • තිරසාර සංවර්ධනය
    • වනාන්තර විනාශ නොකිරීමේ යුතුකම
    • දූෂකයා විසින් වන්දි නොගෙවීමේ යුතුකම
    • නිවාරණ මූලධර්මය
    • පරම්පරා තුළ හා පරම්පරා අතර සාධාරණත්වය
    • පාරිසරික අයිතීන් හා මානව අයිතීන් සමාන වීම
    • සංවර්ධනයවීමට ඇති අයිතිය සමාන වීම
    • මහජන සහභාගීත්වය හා පොදු භාර සිද්ධාන්තය

ජාන විවිධත්වය

වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබෙන තවත් වැදගත් ලක්‍ෂණයක් වනුයේ ජාන විවිධත්වයකින් යුත් විශේෂ රාශියක පැවැත්මයි. විශේෂයන් දියුණු වන්නේ ජාන විවිධත්වයක් ඇත්නම් පමණි. වනාන්තර ආශ්‍රිත විශේෂයන්ගේ ජාන සමාන වන විට සතුන් හා ශාඛ වඳවීමට බොහෝ ඉඩකඩ ඇත.අප්‍රිකාවේ චීටාවන් වඳ‍වීමට ලක් වූ විශේෂයක් ලෙස බොහෝ කතා බහට ලක් වී ඇත්තේ ද මෙලෙස ජාන සමානවීම නිසාය.


වනාන්තර ආශ්‍රිතව ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරීම සඳහා පවතින අන්තර් ජාතික සම්මුති

    • 1971 රැම්සාර් සම්මුතිය
    • 1973 තර්ජනයට ලක් වූ ශාඛ හා සතුන් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය
    • 1979 සංචාරක ජීවීන් ආරක්‍ෂා කිරීම පිළිබඳ සම්මුතිය
    • 1993 ජෛව විවිධත්ව සම්මුතිය හා ජෛව ආරක්‍ෂණය පිළිබඳ කාටජීනා ප්‍රොටකෝලය

රැම්සාර් සම්මුතිය

රැම්සාර් සම්මුතිය මඟින් වගුරැ බිම් ආශ්‍රිත ජෛව විවිධත්වය සංරක්‍ෂණයට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.තර්ජනයට ලක් වූ ශාඛ හා සත්ව විශේෂ වෙළඳාම් කිරීමද මෙමගින් තහනම් කර ඇත.


සංචාරක ජීවීන් ආරක්‍ෂා කිරීමේ සම්මුතිය

සංචාරක ජීවීන් ආරක්‍ෂා කිරීමේ සම්මුතිය මඟින් දේශභූමිය තුළ ජීවත් වන සතුන් පමණක් නොව දේශසීමාවට පිටින් එන හා දේශසීමාවෙන් මාරුවන ජීවීන්වද ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත. සංරක්‍ෂණය , ධරණීය භාවිතය හා ජාන සම්පත් වලින් ඇති ප්‍රයෝජන බෙදා ගැනීම මෙම සම්මුතිවල ප්‍රධාන අරමුණයි.


ජෛව විවිධත්ව සම්මුතිය

  • 5 වන වගන්තිය යටතේ සෑම පාර්ශවයක්ම අනෙකුත් පාර්ශවයන්ට ජෛව විවිධත්වය සංරක්‍ෂණය හා තිරසාර භාවිතය සඳහා සහයෝගය දැක්විය යුතු යි.
  • 10 වන වගන්තිය යටතේ ජීව විද්‍යාත්මක ක්‍රමයක් තිරසාර ලෙස භාවිත කළ යුතුයි.
  • 15,16,17 හා 18 යන වගන්ති යටතේ ජාන තාක්‍ෂණය සම්බන්ධ ප්‍රතිපාදන දක්වා ඇත.

කාටජීනා ප්‍රොටකෝලය

කාටජීනා ප්‍රොටකෝලය ජෛව සංරක්‍ෂණය සම්බන්ධයෙන් වැදගත් වන අතර නවීන තාක්‍ෂණය හා මහජනයාගේ සෞඛ්‍ය හා ජෛව විවිධත්වය අතර තුලනයක් ඇතිකර ඇත.

මූලාශ්‍ර

  • 1995 ශ්‍රී ලංකාවේ වන ක්‍ෂේත්‍ර ප්‍රතිපත්තිය

  • ජෛව විවිධත්ව අත්පොත – පරිසර අමාත්‍යාංශය

  • Wikipedia

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s