ජින් පියාජේගේ ඉගෙනුම් න්‍යාය (Jean Piaget’s Learning Theory)

කීර්තිමත් මනෝවිද්‍යාඥයෙකුවූ ජීන් පියාජේ 1896 අගොස්තු මස 09 වන දින ස්විස්ටර්ලන්තයේදී උපත ලැබීය පියාජේ ප්‍රකට දාර්ශනිකයෙතු අද්‍යාපනඥයෙකු හා තර්ත ශාස්ත්‍රඥයෙකු ලෙසද ප්‍රකටය නියුචාටෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙකුවූ ආතර් පියාජේ ඔහුගේ පියාය ප්‍රංශ ජාතික රෙබේකා ජැක්ෂන් ඔහුගේ මව විය කුඩා අවධියේ සිටම ඉගෙනුමට දක්ෂතා දැක්වූ පියාජේ පාසැලේ දීප්තිමත්ම සිසුවා විය ඹහු වයස අවුරුදු 10 දී සත්ව විද්‍යාව පිළිබද වාර්ථා ලිවීම ආරම්භ කළේය ජීව විද්‍යාව හා සත්ව විද්‍යාව ඔහුගේ ප්‍රියතම විෂයන් විය නියුචාටෙල් පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ අතර උසස් අධ්‍යාපනය නියුචාටෙල් විශ්ව විද්‍යාලය හා සුරීචි විශ්ව විද්‍යාලයෙන් ලැබුවේය.

මනෝ විද්‍යා ක්ෂෙත්‍රය තුළ කාලීන වශයෙන් විවිධ වූ ඉගෙනුම් න්‍යායන් රාශියක්  මෙන්ම ඉදිරිපත්කිරීම් කිහිපයක් ම දැක ගත හැකි අතර ඒ වන විටත් ඉතා ඉහලින් අගය කරනු ලැබූ චර්යයාවාදී මනෝවිද්‍යායින් විසින් විවිධ සත්ත්වයන්ගේ චර්යාවන් නිරීක්ෂණ මගින් ගොඩ නගන ලද චර්යයා න්‍යායන් වෙනස් මගකට යොමු කරන ලද මනෝවිද්‍යාඥයෙක් ලෙස ජීන් පියාජේ දැක්විය හැකි ය. ස්විස් ජාතිකයෙකු වූ ඔහු සිය දරුවන් වූ ජැසලින්, ලුසියව් සහ ලොරේන්වේ යන තිදෙනා උපන් මොහොතේ සිට නව යෞවනයට පැමිණීම තෙක් කාලයම පරීක්ෂණයට ලක් කරමින් එනම් සිය දරුවන් ඇසුරෙන් සිදු කළ බුද්ධි වර්ධනය පිළිබඳ පරීක්ෂණ වැදගත් වෙයි. එය එතෙක් පැවති ඉගෙනුම් න්‍යායන් නව මන්පෙතකට හැරවීමක් ලෙස දැක්විය හැකි ය.

මොහු පෙන්වා දෙන අන්දමට බුද්ධි ව්‍යුහයන් උපතේ සිටඅවුරුදු 18 – 20 පමණ දක්වා ක්‍රමයෙන් අකණ්ඩව සංවර්ධනාත්මකව වර්ධනය වේ. එම අඛණ්ඩව සංවර්ධනය වන්නා වූ ක්‍රියාවලිය තුළ ඒ ඒ අවධි තුළ විවිධ බුද්ධිමය දක්ෂතා ඇතුලත් කර බුද්ධි සංවර්ධන අවධි කිහිපයකට දක්වා තිබේ. එනම්,

1. ඉන්ද්‍රියචාලක අවධිය (උපතේ සිට අවුරුදු 02 දක්වා)

2. පූර්ව ක්‍රියාකාරී චින්තන අවධිය ( අවුරුදු 2-7 දක්වා)

3. සංයුක්ත චින්තන අවධිය (අවුරුදු 7-11 දක්වා)

4. වියුක්ත චින්තන අවධිය (අවුරුදු 11 න් පසු)

මෙහිදී සෑම පුද්ගලයෙකුම මෙම අවධි 4ට අනුව පිළිවෙලට පසු කරන බව දක්වන මොහු එක් එක් අවධිවල දී චින්තය ක්‍රියාත්මක වන ආකාරය හා එහි දී මතුවන සුවිශේෂී චර්යා ලක්ෂණ ප්‍රජානන සංවර්ධන න්‍යායෙන් පෙන්වා දී ඇත. විශේෂයෙන් පියාජේ පෙන්වා දෙන ආකාරයට ගුරුවරයෙකුට සුවිශේෂී භූමිකාවක් වශයෙන් දැක්වෙන සිසුන් හඳුනා ගැනීමෙහිලා ප්‍රජානන සංවර්ධන න්‍යාය උපකාරී වේ.

1. ඉන්ද්‍රියචාලක අවධිය

දරුවකුගේ වර්ධන අවධිය අනුව වර්ග කිරීමේදී පළමුව කතා කෙරෙන අවධිය ලෙස ඉන්ද්‍රිය චාලක අවධිය දැක්විය හැකි ය. මෙහි දී ව්‍යුහාත්මක වැඩීම හා කායික මානසික පරිණතිය දක්වා ඇත. සිතීම ආරම්භ කරන මුල් වකවානුව මෙය වන අතර ජීවිතය, ලෝකය, මමත්වය ආදී සංකල්ප ගොඩනගා ගන්නේ මේ අවධියේ දී බව පියාජේ පෙන්වා දේ. මෙහිදී දරුවකුගේ පෞරුෂ වර්ධනයට බලපාන ආදරය, ආරක්ෂාව, අවධානය, බාහිර පරිසරය වැනි බාහිර උත්තේජක නිසි පරිදි ලබා දීමට දැනුවත් වීම වැදගත් වේ.

2. පූර්ව ක්‍රියාකාරී චින්තන අවධිය

ඉන් පසුව පියාජේ දක්වන්නේ පූර්ව ක්‍රියාකාරී චින්තන අවධියයි. මෙම අවධිය කොටස් දෙකකින් සමන්විත වේ. එනම්,

I. පූර්ව සංකල්පන අවධිය

II. ප්‍රතිභා චින්තන අවධිය

මෙය ප්‍රජානන ශක්තීන් සංවර්ධනය වෙමින් ආරාම්භ වන අවධියයි. මෙම කාල වකවානුව අතිශයින් තීරණාත්මක වන අතර ලෝකය පුද්ගලයා හා සමාජය පිළිබඳ අත්දැකීම් මගින් ඉගෙන ගන්නටත් එමගින් යම් යම් නිගමනයන්ට එලඹී සංකල්ප ගොඩනගා ගැනීමටත් පෙළඹේ. පියාජේ දක්වන ආකාරයට මෙම අවධියේදී දරුවා ඒකමාන චින්තනයට උරුමකම් කියන අතර දරුවාගේ පරිණතියට ද ගැලපෙන පරිදි සමාජය හැසිරීම් සංවිධානය කළ යුතු වේ. මෙම කාල වකවානුවේදී දරුවාගේ චින්තනය නොදියුණු අතර යථා ස්වභාවය පිළිබඳව ඇත්තේ ව්‍යාකූල හැගීමකි. මෙම වයස් කාණ්ඩවලට අදාලව ඉගැන්වීම කටයුතු කිරීමේ දී එකී සිසුන්ගේ මානසික තතත්වයන් පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් තිබිය යතුය. ඉගෙනුම් ඉගැන්වීම් කාර්ය සම්පාදනයේදී සිසුන්ගේ ප්‍රජානන හැකියාවන්ට අනුරූප වන පරිදි සැලසුම් කල යුතු බව දක්වයි. මෙහි දී ආදරය, කරුණාව,සෙනෙහස සුවිශේෂී සාධකයක් වන අතර මනා ගුරු සිසු සම්බන්ධ තාවයක් ගොඩ නගා ගැනීමට මෙම අවබෝධය අත්‍යවශ්‍ය වේ. දෙවැනි මවක් පියෙක් වැනි ගුරු භූමිකා තුළින් සිසු චින්තන අවධි කරන ප්‍රජානන් කුසලතා ඔප් නංවන පරිදි ඉගෙනුම් සංවිධානය, උපකරණ භාවිතය, පන්ති කාමර අලංකරණය, හා උත්තේජන සැපයීම පියාජේගේ ප්‍රජානන න්‍යායෙන් ඉදිරිපත් කරනු ලබයි. තවද මෙම චින්තන අවධිය තුළ දී දරුවන්ගේ ප්‍රත්‍යාවර්ථන හැකියාව නොමැති බව පියාජේ පෙන්වා දේ. මෙහි දී සංඛ්‍යා, වෙලාව, ප්‍රමාණය, එකට එක අනුරූපීතාව ආදී සංකල්ප ක්‍රමිකව වර්ධනය වන බව පියාජේ පෙන්වා දේ. මෙකී චින්තන අවධියේ දී ගුරුවරයා වචනයෙන් පමණක් විස්තර නොකොට හැකිතාක් නිවැරදි ශ්‍රව්‍ය දෘෂ්‍ය ආධාරක ඇසුරින් පැහැදිලි කරගත් යුතු වේ. තවද ගණිතමය සංකල්ප ගොඩ නැගීමේ දී හැකි තාක් ද්‍රව්‍ය සමග ක්‍රියා කරම්න් අවශ්‍ය අවස්ථා සලසා දීම ගුරුවරයෙක්ගේ ප්‍රමුඛ කාර්යභාරය වේ. තවද සිසුන් වෙත දෙ උපදෙස් පැහැදිලිව ලබා දිය යුතු අතර වචන වලින් පමණන් නොව ක්‍රියාවෙන්ම ආදර්ශනය කළ යුතුය. එහිදී ලබා ගන්නා අත්දැකීම් තුළින් ඉගෙන ගනීමට ඉඩ සැලසිය යුතුය. තවද ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ඉගෙනුම් ක්‍රියාවලිය සැලසුම් කළ යුතුය.

3. සංයුක්ත චින්තන අවධිය.

පියාජේ දක්වන පරිදි ඊළගට එළඹෙන්නේ සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධියයි. මෙම අවධිය තුළදී ක්‍රමයෙන් අනුපිළිවෙල පිළිබඳ අදහස් වර්ධනය වන අතර තර්කානුකූල හැකියාව, සංරක්ෂණ හැකියාව, වර්ගීකරණය හා අනුපිළවෙල හැකියාවන්ගෙන් දරුවා පෝෂණය වේ. මෙම ප්‍රජානන මට්ටමේ ඇති සිසුන් හට අධ්‍යාපනය ලබා දීමේදී ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක මගින් කරුණු පැහැදිලි කිරීම සිදු කළ යුතු බව අනධාරණය කරන පියාජේ විද්‍යාත්මක පර්යේෂණ හා අත්හදා බැලීම තුළින් ඉගෙනීමට අවස්ථාව සැලසිය යුතු බවද ඔහුගේ න්‍යායෙන් ඉදිරිපත් කෙරේ. තවද සංකීරණ අදහස් පැහැදිළි කිරීමේ දී හුරුපුරුදු නිදසුන් යොදා ගැනීමට පෙළඹිය යුතුය.

4. වියුක්ත චින්තන අවධිය අනතුරුව එළඹෙන්නේ වියුක්ත චින්තන අවධියයි.මෙම අවධියේ දී තමාට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා සම්බන්ධයෙන් විවිධාකාරයේ විග්‍රහයන්ට නතු කිරීමට යෞවනයා සමත් වේ.වඩාත් සංවිධානාත්මක හා තර්කානුකූලව පදනමක් සහිතව ගැටළු විසඳයි. මෙම අවධිය ආත්ම කේන්ද්‍රීය වන අතර නමුත් පූර්ව චින්තන අවධියට වඩා වෙනස් වේ. මෙකී චින්තන අවධියේ සිටින සිසුන්ට ප්‍රජානන කුසලතා ඉහල දමා ගැනීමට ගැටළු විසදීමේ දී විද්‍යාත්මක තර්කනය යෝදා ගැනීම හා එම ගැටළු විසදන ආකාරය ආවර්ජනය කිරීමට ඉඩ සැලසිය යුතු වේ. කල්පිත ගොඩනැගීමටත් ගැටළු විසදීමට ගවේෂණයට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. තවද බුද්ධිය විකසිත වන තර්ක, වාද, විවාද, සංවාද වැනි වැඩසටහන් තුළින් සිසුන්ගේ ප්‍රජානන කුසලතා වැඩි දියුණු කළ හැකි බව දක්වයි.

පියාජේගේ මෙම ප්‍රජානන න්‍යාය සිසුන්ගේ ප්‍රජානන කුසලතා වර්ධනය කිරීම සඳහා යොදා ගත හැකි බව මේ අනුව පැහැදිලි වන කරුණකි.

උපුටා ගැනීමකි

This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s