හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය..

බහුවිධ බුද්ධි න්‍යායේ නිර්මාතෘ හොවාර්ඩ් ගාඩ්නර් අධ්‍යාපන චින්තනයේ සහ ප්‍රායෝගිකත්වය වෙනුවෙන් විශේෂිත අධ්‍යයනයක යෙදුණි. ඇමරිකා එක්‌සත් ජනපදයෙන් උපන් මෙම සංකල්පය අධ්‍යාපනඥයන් අතර විවාදාත්මක මුහුණුවරකින් සංවර්ධනය ලබමින් පවතී. බහුවිධ බුද්ධි සංකල්පයේ සාක්‌ෂාත්කරණයන් තුළ යම් යම් වාද විවාදත් නැතුවාම නොවේ.

“මට දරුවන්ට ලෝකය ගැන වටහා දිය යුත්තේ එය විසිතුරු නිසාවත් මිනිස්‌ මනස කුතුහලයෙන් යුක්‌ත විම නිසාවත් නොවේ. මට අවශ්‍ය ඔවුන් වෙනුවෙන් ලෝකය අපට ජීවත් විය හැකි යහපත් තැනක්‌ බවට පත් කිරීමයි. දැනුම සදාචාරයට සමාන නොමැති වුණත් අතීතයේ අප විසින් කරන ලද වැරැදි නැවත නොකර පෙරට යැමට නම් අවබෝධය අවශ්‍යයි. අවබෝධයේ වැදගත්ම දෙයක්‌ වේ නම් අප කවුද? …අපට කළ හැකි දෙය කුමක්‌ද? යන කාරණාවන් පිළිsබඳව අවබෝධයක්‌ ලබා ගැනීමයි. අවසානයේදි අපේ අවබෝධය වෙනුවෙන් අපි සංශ්ලේෂණය කළ යුතු වෙමු. (Howard Gardner 1999: 180-181)

මනෝමිතික හා චර්යාවාදී ගුරුකුලයන්ගේ උන්නති සමයේදී මිනිසුන් හිස්‌ පුවරුවක්‌ ලෙසත් බුද්ධිය තනි ප්‍රපංචයක්‌ ලෙසිනුත් සලකන ලදී. මේ අනුව , මනා ලෙස යම් දෙයක්‌ ඉදිරිපත් කරන්නේ නම් සෑම දෙයක්‌ ඉගෙනීමට ඔවුන් පුරුදු පුහුණු කළ හැකිය යන්න සාමාන්‍ය පිළිගැනීම විය. නමුත් අද වන විට පර්යේෂකයන් විශාල පිරිසක්‌ දරනුයේ උක්‌ත මතයට විරුද්ධ අදහසකි. එනම් එකිනෙකින් ස්‌වාධීනව පවතින බුද්ධිsයේ බහුවිධ ස්‌වරූප ඇති බවයි. එනම් එක්‌ එක්‌ බුද්ධි ස්‌වරූපයට ඊටම අනන්‍ය වූ ප්‍රබලතා හා සීමාවීම් ඇති බව, උපතේදී මිනිස්‌ මනස සියල්ලෙන්ම නිදහස්‌ හිස්‌ පුවරුවක්‌ නොවන බව සහ බුද්ධියේ අන්තර්ගත බලයෙහි ස්‌වාභාවික පථයන්ට හා එහි ගැලපුම් ක්‍ෂේත්‍රයන්ට අභියෝග කරන ඉහත සඳහන් බොළඳ න්‍යායන්ට අනුව පහසුවෙන් ඉගැන්විය නොහැකි යෑයි සලකන ලද බොහෝ දෑ එතරම් පහසුවෙන් ඉගැන්විය නොහැකි බව බොහෝ පර්යේෂකයෝ විශ්වාස කරති. (Gardner 1993: xxiii)

මෙම අවදිය වෙන විට පැවැති පැරණි අදහස වුයේ බුද්ධිය යනු සියලුම ප්‍රජානන හැකියාවන් උත්පාදනය කරන අභ්‍යන්තරික ගති ලක්‌ෂණයක්‌ බවයි. හර්බට්‌ ස්‌පෙන්සර් කියා සිටියේ බුද්ධිය මැනීමට හෙවත් තක්‌සේරු කිරීමට හැකියාවක්‌ ඇති බවයි.

මේ අනුව බුද්ධිය ඒකී ප්‍රපංචයක්‌ වන අතර එය මැනිය හැකි සරලම ක්‍රමය නම් බුද්ධි පරීක්‌ෂණ (IQ) බවයි. නමුත් හොවාර්ඩ් මේ පිළිබඳව අභියෝග කරමින් කියා සිටියේ දරුවෙක්‌ එක්‌ අවස්‌ථාවකදී විවිධ අන්දමින් අවකාශීය සහ දෘශ්‍යමය සංවර්ධනයක්‌ ලබන බවයි. මේ වෙනුවෙන් ගැළපෙන උදාහරණය වන්නේ ලියනාඩෝ ඩාවින්චිය. අප දන්නා තරමට සරලව කිවහොත් ඔහු චිත්‍ර ශිල්පියෙකි. නමුත් හොවාර්ඩ් ඉදිරිපත් කරන බහුවිධ බුද්ධි න්‍යායට අනුව බලන විට ඔහු සතුව තිබූ අවකාශමය බුද්ධිය ඉතා විශිෂ්ටය. හෙලිකොප්ටරයක්‌ ගුවන්ගත කිරීමට වසර 400 කට පමණ පෙර ඔහු විසින් හෙලිකොප්ටරය චිත්‍රයට නඟන ලදී. රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට වසර 500 කට එපිට ඩාවින්චිs විසින් රොබෝ යන්ත්‍රය චිත්‍රයට නගන ලදී. මෙම චරිතය දෙස බලන විට පෙනී යන්නේ හොවාර්ඩ් පෙන්වා දෙන බහුවිධ බුද්ධිය එක්‌ පුද්ගලයකුට සම්බන්ධව පැවැති බවට එක්‌ උදාහරණයකි.

හොවාර්ඩ් ගාර්ඩ්නර් උපත ලැබුවේ 1943 වසරේ පෙන්සිල්වේනියාවේ ස්‌කැරටන් ප්‍රදේශයේදීය. ඔහුගේ දෙමව්පියෝ 1938 වසරේ ජර්මනියේ නම්බර්ග් සිට මෙම ප්‍රදේශයට සංක්‍රමණය වුහ. මේ වෙන විට ඔවුන්ගේ තුන් හැවිරිදි පුත් හිම ක්‍රිඩාවේ යෙදී සිටියදී අනතුරට පත්ව මිය යැම මව්පියන් ලෙසින් ලද ප්‍රබල කම්පනයක්‌ විය. දෙමව්පියන්ගේ සංක්‍රමණය හෝ සහෝදරයාගේ වියෝව හොවාර්ඩ්ගේ ළමා අවධිය වෙනුවෙන් බලපෑමක්‌ සිදු කළේ නැත. නමුත් ඔහුගේ චින්තනය බොහොම අපුර්ව විය. දුවන , පනින ශාරිරික ගති පැවැතුම් බොහොම සීමිත වුණත් නිර්මාණශීලිත්වයෙන් සහ බුද්ධිsමත් පන්නරයෙන් ඔහු සන්නද්ධ විය. මේ නිසාම තමන්ගේ පවුලේ රහසිගත තොරතුරු පවා ඉවෙන් මෙන් හොවාර්ඩ් වෙත සම්ප්‍රේෂණය වුයේ හාස්‌කමක්‌ ලෙසින්ය. ඔහුගේ පවුලේ යුදෙව් ඉතිහාසය ඔහුට රහසක්‌ වුණේ නැත. මේ නිසාම මවුපියන්ට සහ පවුලේ සාමාජිකයන්ට වඩා හොවාර්ඩ් බෙහෙවින් වෙනස්‌ චරිතයක්‌ ලෙස ගොඩ නැඟෙන්නට වූයේය.

හොවාර්ඩ්ගේ දෙමව්පියන් ඔහු මැෂසුෂෙට්‌ස්‌හි ඇන්ඩෝර්හි පිහිටි පිලිප් අධ්‍යාපන ආයතනයට ඇතුල් කරන්න වුවමනා වුණත් ඔහු එය ප්‍රතික්‍ෂේප කළේය. මේ අතර හොවාර්ඩ් තෝරා ගත්තේ පෙන්සිල්වේනියාවේ කින්ස්‌ටන් පාසලයි. මේ පාසල හොවාර්ඩ්ගේ නව චින්තනයට ඉතා හොඳ තෝතැන්නක්‌ විය.

මේ යුගය වනවිට හාවර්ඩ් විශ්ව විද්‍යාලය නීති අධ්‍යාපනයේ ඉතා සශ්‍රික කාල පරිච්ඡේදයක්‌ විය. හොවාර්ඩ්ට මේ කාලයේ විශිsෂ්ටයකු වුන එරික්‌ එරික්‌සන් නැමැති ප්‍රාඥයාගේ හමුවීම බෙහෙවින්ම දෛවෝපගත සිද්ධියක්‌ විය. හොවාර්ඩ් සඳහන් කරන අන්දමට එරික්‌ එරික්‌සන් යනු හොවාර්ඩ් විශ්ව විද්‍යාලයේ විශිෂ්ට සලකුණයි. මෙම චරිතය පූර්වාදර්ශයට ගෙන තමන්ගේ චරිතය ගොඩ නගා ගැනීමට හොවාර්ඩ් අපේක්‌ෂා කළේය.

“මගේ මනස ඇත්තටම විවෘත වුනේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේදී….මනෝ විද්‍යාඥ එරික්‌ එරික්‌සන්… සමාජ විද්‍යාඥ ඩේවිඩ් රියස්‌මන්… සංජානන මනෝවිද්‍යාඥ ජෙරම් බෘනර්… මානවයාගේ දැනුම නිර්මාණය වෙනුවෙන් දායක වුණා. ඒ වගේම මිනිසාගේ ගති ස්‌වභාවයන් තේරුම් ගැනීමට මට ඔවුන්ගේ ඉගැන්වීම් බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. විශේෂයෙන්ම මිනිසා සිතන්නේ කොහොමද?. (Howard Gardner quoted by Marge Sherer 1999) යන්න මම මෙතැනදී තේරුම් ගත්තා. මනෝ විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳව සුවිශේෂී අවධානයක්‌ දක්‌වන ලද ගාඩ්නර් 1965 වසරේදී sමපප් ජමප ක්‌මාe උපාධිය ලබා ගත්තේය.

එයින් පසු ටික කාලයක්‌ සඳහා ගාඩ්නර් ජෙරමි බෘනර් වෙත ගියේ MACOS (‘Man: A course of study’ ව්‍යාපෘතියේ සේවය වෙනුවෙන්ය. බෘනර්ගේ වැඩසටහන වෙතින් විශේෂ අවධානයක්‌ යොමු වුණේ අධ්‍යාපන ක්‍රියාවලිය වෙනුවෙන්ය. මෙම ව්‍යාපෘතියේ සේවය නිසා ගාඩ්නර් විෂයානුබද්ධව ලබා ගත් දැනුම තමන්ගේ පසුකාලීන අධ්‍යයනයන් සඳහා බෙහෙවින් දායක විය. මෙම කාලයේදී හොවාර්ඩ් විසින් ජීන් පියාඡේග් සහ ක්‌ලෝඩ් ලෙව් ස්‌ට්‍රාHqසිස්‌ යන අධ්‍යාපන මනෝවිද්‍යාඥයන්ගේ පොත පත පරිශීලනය කරන ලදී.

1966 වසරේදී ඔහු උසස්‌ උපාධි වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වුයේය. මේ වසරේදීම කලා සහ අධ්‍යාපනය වෙනුවෙන් Zero පර්යේෂණ ව්‍යාපෘතියට සම්බන්ධ වූ අතර 1971 වසරේදී හොවාර්ඩ් දර්ශනශූරී PhD උපාධිය ලබා ගත්තේය. ඔහුගේ උපාධි නිබන්ධය වුයේ දරුවන්ගේ සංවේදී විලාසය පිළිබඳව (style sensitivity in children) වූ අධ්‍යයනයකි. ඔහු අඛණ්‌ඩව Zero ව්‍යාපෘතිය සමග සම්බන්ධව සිටි අතර දැනටත් හොවාර්ඩ් ඩේවිර්කින්ස්‌ සමග සම්බන්ධව කටයුතු කරනු ලබයි. 1971-1986 දක්‌වා වූ කාලයේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු= වූ ඔහු 1986 වසරේ මෙම අධ්‍යාපන විද්‍යාව වෙනුවෙන් මහාචාර්ය ධුරයට පත්විය. හොවාර්ඩ්ගේ ග්‍රන්ථ අතර Frames of Mind (1983) විශිsෂ්aට කෘතියක්‌ විය. හොවාර්ඩ් දැනට අධ්‍යාපනය වෙනුවෙන් වූ හාවර්ඩ් විද්‍යාලයේ සංජානන සහ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරයා ලෙසින්ද, වෛද්‍ය විද්‍යාව පිළිබඳ බොස්‌ටන් විශ්aව විද්‍යාලයේ ස්‌නායු විද්‍යාව පිළිබඳ සහය මහාචාර්යවරයා වේ.

හොවර්ඩ් ගාඩ්නර් බුද්ධිය දුටුවේ ගැටලු විසඳීමට තිබෙන ධාරිතාවය ලෙසින් හෝ තනි හෝ ඊට වැඩි සංස්‌කෘතික පසුතලයක වටිනාකමට ලක්‌වන (Gardner & Hatch, 1989)ග නිපැයුම් නිර්මාණයට ඇති අවස්‌ථාවක්‌ ලෙසයි. ඔහු මෙම සංකල්පය විග්‍රහ කිරීමට නිර්ණායකයන් අටක්‌ යොදා ගන්නා ලදී.

Ö මොළයට සිදු වෙන හානිවලින් හුදෙකලා වුවන් .

Ö බුද්ධිහීනයන් ලෙස සැලකුවත් හැකියාවන් තිබෙන පිරිස්‌

Ö අසාමාන්‍ය හැකියාවන් ඇති පිරිස්‌ සහ වෙනත් ආශිර්වාදාත්මක ලෙසින් විශිsෂ්ට හැකියාවන් සහිත පිරිස්‌.

Ö හඳුනාගත හැකි තනි ක්‍රියාවලියක්‌ හෝ ක්‍රියාවලි සමුහයක්‌.

Ö විශිෂ්ට ඉතිහාසයේ සංවර්ධනාත්මක බව වෙතින් අවසාන හැකියාවන් පැහැදිලි ලෙසින් හඳුනාගත හැකි චරිත.

Ö පරිණාමයේ ඉතිහාසය සහ පරිණාමිය සත්‍යතාවය.

Öමනෝවිද්‍යාත්මක පර්යේෂණයන්ගේ සහයෝගයෙන් ලබා ගත් තොරතුරු.

Ö මනෝමිතික අනාවරණයන්ගේ සහයෝගය සංකේත පද්ධතින් කේත කිරීම (Howard Gardner 1983: 62-69)

මෙහිදී ඔහු සැබෑ බුද්ධිමත් බව වෙනුවෙන් ඉදිරිපත් කළ නිර්ණායකය වූයේ අව්‍යාජමය ගැටලු හෝ දුෂ්කරතාවන් ඕනෑම පරිසර තත්ත්වයක්‌ යටතේ විසඳා ගැනීමට තිබෙන හැකියාවයි. මේ තත්ත්වය නිසා ලැබෙන තීන්දුව බොහෝ දුරට විද්‍යාත්මක තක්‌සේරුවකට වඩා කලාත්මක (ibid.: 62). තීන්දුවක්‌ බවට පත් වෙනු ඇත.

ඔහුගේ බුද්ධිමය න්‍යාය කොටස්‌ හතකින් යුක්‌ත වූ අතර මුල් කොටස්‌ දෙක පාසල් වෙනුවෙන්ද , අනිත් කොටස්‌ තුන කලාව වෙනුවෙන්ද සෙසු කොටස්‌ දෙක පුද්ගල බුද්ධිsය වෙනුවෙන්ද (Gardner 1999: 41-43). වර්ග කොට ඇත.

1983 වසරේදී Howard Gardner මිනිසා සතු කුසලතාවන් ගැන බහුවිධ බුද්ධි න්‍යායක්‌ Theory of Multiple Intelligences පෙන්වා දුන්නද ඔහු කියා සිටියේ මිනිසාට මේ අංශ අතරින් ඇතැම් විට එක්‌ අංශයකින් ඉහළ කුසලතාවයන් පෙන්විය හැකි බවයි. ඒ වගේම එම කුසලතාවයට සමානව තවත් අංශයකින් මෙම පුද්ගලයා විසින් කුසලතාවයන් පෙන්වන්නේද නැත.

Linguistic intelligence භාෂාමය බුද්ධිය

මෙහිදී යමෙකුගේ භාෂාමය බුද්ධිය ඔහු දකින්නේ භාෂාවක්‌ කියවීමට හා ලිවීමට තිබෙන හැකියාවයි. එමෙන්ම විවිධ අරමුණු වෙනුවෙන් භාෂාව ආදේශ කර ගැනීමේ හැකියාව මෙන්ම කාව්‍යාත්මක ලෙසින් හෝ වචනාලංකාරයෙන් ඇසුරෙන් අදහස්‌ සමීප කිරීමට තිබෙන හැකියාවත් මෙහි අන්තර්ගතය. භාෂාව යනු තොරතුරු ස්‌මෘතියේ දරා ගැනීමට තිබෙන මාධ්‍යක්‌ බව ගාඩ්නර්ගේ අදහසයි. ලේඛකයන් නීතිඥයන් සහ කථිකයන් භාෂාමය බුද්ධියෙන් සන්නද්ධ බව ගාඩ්නර් විසින් පෙන්වා දෙනු ලබයි.

Logical-mathematical intelligence (තාර්කික ගණිතමය)

විද්‍යාත්මක සහ තාර්කික ගණිතමය බුද්ධිsය උපයෝගි කර ගෙන තාර්කික ලෙසින් ගණිතමය සංකල්ප විසඳීම සහ විශ්ලේෂණය මෙහිදී අදහස්‌ කෙරේ. මෙවන් චරිතයක්‌ වෙනුවෙන් ඇල්බට්‌ අයින්ස්‌ටයින් විශිෂ්ට උදාහරණයක්‌ වේ.

Musical intelligence සංගීතමය බුද්ධිය

සංගීතමය රටාවන් උපයෝගි කර ගෙන ප්‍රබන්ධ, රසාස්‌වාදනයන් වෙනුවෙන් වු පුද්ගල හැකියාව අර්ථවත් කරයි. සංගීත ස්‌වර, ශබ්ද, රිද්මයන් හඳුනා ගැනීම වෙනුවෙන් වු මෙම බුද්ධිය ගාඩ්නර්ගේ බහුවිධ න්‍යායේදී භාෂාමය බුද්ධිය සමග සම්බන්ධිතව ඇත.

Bodily-kinesthetic intelligence

ඔබේ සමස්‌ත සිරුර හෝ සිරුරේ කොටසක්‌ භාවිතා කරමින් නිෂ්පාදනයක්‌ හෝ නිර්මාණයක්‌ කිරීමට තිබෙන හැකියාව මෙයින් අදහස්‌ කෙරේ. උදාහරණයක්‌ වශයෙන් ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක්‌ සිය අත හසුරුවන්නේ බුද්ධිය සමග බද්ධ වුන තොරතුරු සන්නිවේදන කාර්යය සමගින්ය.

Spatial intelligence අවකාශමය බුද්ධිය

යම් යම් දේ නිවරැදී ලෙස දකින්නට සහ ඒවා මනසින් වෙනස්‌ කරමින් ඒ මේ අත හරවන්නටත් තිබෙන හැකියාව අර්ථවත් කොට ඇත.

Interpersonal intelligence පුද්ගලයන් අතර සබඳතා :

සමාජගත පුද්ගලයන් අතර වු හැසිරීම් විවිධය. විෂමය. නමුත් මේ විෂම සමාජ පරිසරයේ වෙසෙන සමාජ සත්වයන් සමග ඒකාත්මික ලෙසින් ජීවත්වීමත් එක්‌තරා අන්දමක කලාවකි. සෙසු පුද්ගලයන් වෙනුවෙන් සහජීවනය ගොඩ නගා ගැනීම මෙහිදී වඩාත් වැදගත්ය. ආගමික නායකයන් , වෙළෙන්දන්, දේශපාලඥයන්, සහ උපදේශකයන් ගාඩ්නර්ගේ න්‍යායට අනුව යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්හි බුද්ධිමත්බව ප්‍රදර්ශනය කරන ලද පිරිස්‌ වේ.මහත්මා ගාන්ධි වැනි පුද්ගල චරිත මේ වෙනුවෙන් මනා උදාහරණ වේ.

Intrapersonal intelligence (අන්තඃපුද්ගල බුද්ධිය)

මෙම හැකියාව පිරිමින්ගේ මොලයේ දකුණු පසින්ද ,ගැහැනු මොලයේ ඉදිරිපසින්ද පිහිටා ඇත. මේ හැකියාවෙන් ස්‌වහැඟීම්, ආවේග, ශක්‌තීන්, අභිප්‍රායන්, තමා විසින්ම හඳුනා ගැනීමේ හැකියාව ඇත. මේ සඳහා හොඳම උදාහරණය ලෙස සිග්මන් ප්‍රොයිඩ් සඳහන් කළ හැක.

Frames of Mind කෘතියේ හොවාර්ඩ් ගාඩ්නර් බුද්ධිය දුටුවේ සංස්‌කෘතික පරිසරයක්‌ තුළ සහජීවනය ගොඩනඟා ගැනීමට තිබෙන හැකියාව අනුවයි. ඔහු කියා සිටියේ බහුවිධ බුද්ධිය එකිනෙකට වෙන්ව ක්‍රියාත්මක වනුයේ ඉතා දුර්ලභ ලෙසින්ය. පුද්ගලයන්ගේ හැකියාවන් සහ ගැටලු විසඳා ගැනීමේදී එකම අවස්‌ථාවකදී මෙම බුද්ධිsමය හැකියාවන් විසින් එම අවස්‌ථාව වෙනුවෙන් ඌන පුරණයන් සපයනු ඇත.

බහුවිධ බුද්ධි න්‍යායට අනුව හොවාර්ඩ් පෙන්වා දෙන්නේ මිනිස්‌ සංජානනය සම්පුර්ණත්වයෙන් යුක්‌ත බවයි. මිනිසා මෙම බහුවිධ බුද්ධියේ එකතුවකි. සංජානන ක්‍රියාවන් සමග බද්ධව ඇති මිනිස්‌ හැසිරීම් වෙනුවෙන් බහුවිධ බුද්ධි න්‍යාය නව නිරුක්‌තියක්‌ සපයා ඇති බව හොවාර්ඩ් සඳහන් කර සිටී. මිනිසාගේ බුද්ධිය ඒකීය ප්‍රපංචයක්‌ නම් මානව සම්පත් සංවර්ධනයේදී ඇති වෙන අභියෝග වෙනුවෙන් මුහුණදීම වෙනුවෙන් අපේ බුද්ධිමත් ගති පුරුදු ප්‍රදර්ශනය නොවන්නේ මන්දැයි හොවාර්ඩ් ප්‍රශ්න කරයි. නමුත් මෙම බුද්ධිය සදාචාරාත්මක නොවන අතර මෙම බුද්ධිය අර්ථකාරි ලෙස මෙන්ම අනර්ථකාරි ලෙසින්ද යෙදවිය හැකි බවයි. මේ වෙනුවෙන් මනා උදාහරණයක්‌ ලෙස ආචාර්ය පෝල් ජෝෂප් ගොබල්ස්‌ පෙන්වා දිය හැක. ඔහු නවකතා රචකයෙකි, කවියෙකි, මාධ්‍යවේදීයෙකි, චතුර කථිකයෙකි. හිට්‌ලර්ගේ ප්‍රචාරක අමාත්‍යවරයා ලෙසින්ද ඔහු බහුවිධ බුද්ධියෙන් යුක්‌ත වුයේය. නමුත් මාධ්‍ය හා කලාව අතර ඔහු වෙතින් සදාචාරයක්‌ ප්‍රදර්ශනය නොවීය. පොත් පත් ගිනි තබමින්, යුදෙව්වන්ට පහර දෙමින් සෙමිටික්‌ ආගම් විරෝධී චිත්‍රපට නිෂ්පාදනයේ යෙදුනා පමණක්‌ නොව හිට්‌ලර්ගේ පරාජයෙන් එතැනට පත් වුයේය. අවසානයේදී ඔහු සිය බිරිඳ හා දරුවන් සය දෙනා ඝාතනය කොට ඔහුද සිය දිවි හානි කර ගත්තේය.

ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය කිසිවෙකුත් ආදරයෙන් වැළඳ නොගත්තද බොහෝ අධ්‍යාපනඥයන් විසින් මෙම හඳුනා ගැනීම වෙත ධනාත්මක ප්‍රතිචාරයක්‌ දක්‌වන ලදී. බොහෝ අධ්‍යාපන න්‍යායචාරීන්, ගුරු වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙම න්‍යාය ආදේශ කර ගන්නට පසුබට වුයේ නැත. උතුරු ඇමරිකාවේ පාසල් කීපයක්‌ම විෂයමාලාවන් වෙනුවෙන් වූ ආකෘතික සැලසුම වෙනුවෙන් ගාඩ්නර් න්‍යාය යොදා ගෙන තිබුණි. එමෙන්ම පංති කාමරයේ පටන් සමස්‌ත පාසල් පරිශ්‍රය වෙතින්ම ගාඩ්නර්ගේ බහුවිධ න්‍යාය ප්‍රතිබිම්බයක්‌ ලෙසින් දෘශ්‍යමාන වෙන ලෙසින් නිර්මාණය වන්නට විය. පෙර පාසලේ පටන් පාසල , උසස්‌ අධ්‍යාපන ආයතන , වෘත්තීය අධ්‍යාපනය සහ වැඩිහිටි අධ්‍යාපනය දක්‌වාම මෙම න්‍යාය ආදේශ කර ගැනීම වෙනුවෙන් කිසිදු බාධාවක්‌ නොවීය.

හොවර්ඩ්ගේ බහුවිධ න්‍යාය විධිමත් අධ්‍යාපනය වෙනුවෙන් මළ සීනුවක්‌ බවට පත් විය. විධිමත් අධ්‍යාපනය යනු පූර්ණ කාලීනව පංති කාමරයක්‌ තුළ වයස, මට්‌ටමට ශ්‍රේණිsගත කරන ලද සහතික, ඩිප්ලෝමා සහතික වෙතින් පිරිවැය ගණනය කරමින් නිමැවුම හඳුනාගත හැකි අධ්‍යාපනයයි. මෙම න්‍යායේ අන්තර්ගත නිර්ණායකයන් අටක්‌ තිබියදී එකක පමණක්‌ ඉගැන්වීම අසීරුය. මානව ප්‍රජානනය සහ ඉගෙනීම වෙනුවෙන් විශේෂ සීමා බන්ධනයන් සහ නිරෝධයන් පවතින විට ඉගැන්වීම පහසු කාර්යයක්‌ නොවනු ඇත (Howard Gardner 1993: xxiii)

හොවාර්ඩ් ගාඩ්නර් සිය ගැටලු සෘජු ලෙසින් ආදේශ කළේ මනෝවිද්‍යාවට වීම නිසා අධ්‍යාපනය වෙනුවෙන් වු ප්‍රමිති හඳුනා ගැනීම පහසු විය.මෙම බහුවිධ බුද්ධිය ඉගැන්වීමට යොදා ගත්තේ විවිධාකාර ඉගැන්වීම් ක්‍රම මිස එකම ක්‍රමයක්‌ නොවේ. බුද්ධියේ පවතින ප්‍රබල සීමා බන්ධනයන් ඉතා පහසුවෙන් මෙම සංකල්ප වෙනුවෙන් යොදා ගත හැකි විය. මේ නිසාම දරුවන් ඉතා ආදරයෙන් මෙම අධ්‍යාපන සංකල්ප වෙනුවෙන් ප්‍රතිචාර දක්‌වන්නට විය. එබැවින් මෙම න්‍යාය පිළිබඳව වැරැදී පැවසීමට වඩා මෙම න්‍යාය ඉගෙන ගැනීමේ ප්‍රවණතාවය ඇති විය. එමෙන්ම බහුවිධ බුද්ධි න්‍යාය ලෝක සම්මතයට විරුද්ධ වෙනවා වෙනුවට යෝජිත සහ ස්‌වාධීනත්වයේ පරම නිෂ්ටාවට පත් විය.

මේ අතර ව්‍යාපෘතියට සම්බන්ධ වුන මින්ඩි එල් කොම්ලර් Mindy L. Kornhaber (2001: 276), විසින් උතුරු ඇමරිකාවේ ගුරුවරුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් හොවාර්ඩ්ගේ න්‍යාය වෙත ධනාත්මක ප්‍රතිචාරයක්‌ දක්‌වන්නේ ඇයිද යන්න පිළිබඳව අවධානය යොමු කරන ලදී. එහිදී ඔවුන් හඳුනාගත් අන්දමට දරුවන් නිතරම විවිධත්වයෙන් ඉගෙනුමට මහත් කැමැත්තක්‌ දක්‌වන බැවින් එම පසුබිම අධ්‍යාපනඥයන් සඳහා විෂය තක්‌සේරුව සහ ප්‍රායෝගික අධ්‍යාපන පුහුණු වෙනුවෙන් සංකල්පීය අධ්‍යාපන රාමුවක්‌ ගොඩනැගීමට අවශ්‍ය පසුබිම සලසන ලදී. මේ පසුබිම තුළිsන් අධ්‍යාපනඥයන්ට පංති කාමරයේ ඉගෙනුම දෙස නව ප්‍රවේශයකින් බැලීමේ ප්‍රවණතාවයන් ගොඩ නැඟෙන්නට විය.

හොවාර්ඩ්ගේ බහුවිධ න්‍යායට සමාන්තරව ගොඩ නැගුන Kolb’s ආකෘතිය මගින් වැඩිහිටි සහ නොවිධිමත් අධ්‍යාපනය වෙනුවෙන් විශේaෂ අවධානය යොමු කරන ලදී. නොවිධිමත් අධ්‍යාපනය යනුවෙන් අදහස්‌ කරන්නේ සෑම පුද්ගලයකුටම අවශ්‍ය දැනුම, ආකල්ප සහ කුසලතාවන් පුද්ගලයා සම්බන්ධිත පරිසරයේ එදිනෙදා අත්දැකීම්පාදක කර ගෙන පවුල , අසල්වැසියන් සහ සම වයසේ කණ්‌ඩායම් හෝ විවිධ කාර්මික ඒකක, වාණිජ මධ්‍යස්‌ථාන, ආදී පුළුල් ආයතන වෙතින් ලැබෙන අධ්‍යාපනයයි. මේ නිසා සාධාරණ විනිශ්චයන් තුළින් ගොඩනැඟුන ප්‍රයෝජනවත් ප්‍රශ්න අධ්‍යාපනඥයන්ට තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් ප්‍රායෝගික ලෙසින් භාවිත කිරීමේ අවශ්‍යතාවය ගොඩ නැගෙන්නට විය. මෙම න්‍යාය අධ්‍යාපනඥයන්ට පමණක්‌ හොවාර්ඩ් සිමා කළේ නැත. පාසල් වෙනුවෙන්ද බහුවිධ න්‍යාය ප්‍රායෝගික ලෙසින් යොදවන ලදී. මෙම බහුවිධ නයාය පාසල් ක්‍ෂේත්‍රය තුළ ආදේශ වන අන්දම පිළිබඳව සමීප අධ්‍යයනයේ යෙදුන ගාඩ්නර් සිය අත්දැකීම් අලලා ග්‍රන්ථ ත්‍රිත්වයක්‌ රචනා කළේය. හික්‌මීම නොලද මනස (The Unschooled Mind), බුද්ධිය නැවත ආකෘතිගත (Intelligence Reframed) කිරීම සහ හික්‌මවනලද මනස (The Disciplined Mind) චින්තනය යන සුවිශේෂී අංශ තුනක්‌ යටතේ පැහැදිලි කරන ලදී. මේ නිසා අධ්‍යාපඥයන්ට ප්‍රවර්තන විෂය මාලාවේ සිට අධ්‍යාපන ප්‍රතිපත්ති දීශාභිමුඛ කිරීමේදී නව දෘෂ්ටියකින් බැලීමේ හැකියාව ඇති විය.

මිනිසෙකුට යහපත් ලෙසින් ජීවිතය ගෙවන්නට නම් බහු විධ බුද්ධිය අවශ්‍යම වේ. භාෂාමය බුද්ධිය සංස්‌කෘතික ගති පරිසරයන් මත යෑපුනද, ගුරුවරයකු මුල් කර ගෙන බලන විට මෙම බහුවිධ බුද්ධියෙන්ම සන්නද්ධ විය යුතු වේ.කෝන්හේබර් (Kornhaber 2001 : 276) සඳහන් කරන අන්දමට එක්‌ අවස්‌ථාවක තවත් දෙයක්‌ සම්බන්ධ කර ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

උදාහරණයක්‌ වශයෙන් සාහිත්‍යමය පාඩමකදී අදාළ පාඩම සමග බද්ධව තිබෙන පද්‍යයක්‌ ගායනීය ස්‌වරූපයෙන් ඉදිරිපත් කිරීමට මෙන්ම ඊට අදාළව සිතුවමක්‌ චිත්‍රයට නැගීමේ හැකියාව ගුරුවරයා සතුව පැවැතියේ නම් අදාළ විෂය දරුවාට ඉතා සාර්ථක ලෙසින් ඉගෙනුමට හැකියාව ලැබෙනු ඇත. ශිෂ්‍යයෙකු සම්බන්ධ බලන විටත් මෙම සංකල්පය ඊට අනුරූප ලෙසින් බද්ධ වෙනු ඇත. එක්‌ පාඩමක්‌ අදාළව ඉගෙනුම ලබන දරුවා ඊට බද්ධව තිබෙන තවත් කරුණු සහ සංකල්ප සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඇත්නම් දරුවා බහුවිධ බුද්ධියෙන් ඉගෙනුම් කාර්යය සාර්ථක කර ගනු ඇත.

ගැඹුරු අවබෝධය, ක්‍රියාසාධනය, ගවේෂණය හා නිර්මාණශීලිත්වය වෙනුවෙන් හොවාර්ඩ් මහත් ලැදියාවක්‌ දක්‌වන ලදී. ආසන්න අධ්‍යාපන සන්දර්භයෙන් බැහැරව සැලසුම් කරන ලද විෂය මාලාවක්‌ ක්‍රියාත්මක කිරීම පහසුවෙන් ගැලපිය හැකි දෙයක්‌ නොවේ.විෂය මාලාව (Gardner 1999: 147). රළු බවෙන් ඉහළ නම් හෝ එහිදී ක්‍රියාත්මක කළ හැක්‌කේ එක්‌ තක්‌සේරුකරණ රටාවක්‌ නම් බහුවිධ බුද්ධි පසුතලය වෙනස්‌ කළ හැක. මේ පිළිබඳව ජෝන් ඩිවීගේ ඉගෙනුම් හොවාර්ඩ්ගේ අධ්‍යාපන සංකල්ප සමග මනා ගැලපීමක්‌ දක්‌නට ලැබේ .ජෝන් ඩිවී ඉගෙනුම අර්කථනය කරනුයේ ළමයාට සිය වටපිටාව සහ ජීවත්වීමට අවශ්‍ය අත්දැකීම් උපයා දීමක්‌ ලෙසින්ය.

Looking to morality. අප විසින් සෙවිය යුත්තේ බුද්ධිය සහ සදාචාරය අතර සහජීවනයයි. මිනිසුන් වශයෙන් අපි එකට ජීවත් විය යුතුයි. හොවාර්ඩ් තර්ක විතර්ක ගොඩ නගන ලදී. අපි ලෝකය ගොඩ නැගිය යුත්තේ විවිධාකාර පුද්ගලයන්ගේ Gardner 1999: 4). එකතුවක්‌ ලෙසයි. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන සලකමින් විනයගරුක සමාජයක්‌ සංවර්ධනය අත්‍යවශ්‍යයෙන්ම විය යුතු බව හොවාර්ඩ්ගේ න්‍යාය විය. යමෙක්‌ බහුවිධ බුද්ධිs සියල්ල වර්ධනය කර ගත්තද, එම තැනැත්තා සදාචාර සම්පන්න හෝ ප්‍රඥාවන්ත තැනැත්තෙක්‌ බවට සහතිකයක්‌ නොලැබේ.

හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය වෙනුවෙන් ලියූ Frames of Mind (1983), ඇහුම්කම් දීමෙන් පසු තවත් අදහස්‌ ගොඩ නැඟෙන්නට විය. මෙම කුසලතාවයන් හැර වෙනත් හැකියාවන් සහ ශක්‌තීන්ගෙන් යුක්‌ත පිරිස්‌ පිළිබඳව අදහස්‌ ගොඩ නැඟෙන්නට විය. හොවාර්ඩ් සහ ඔහුගේ අධ්‍යයන කණ්‌ඩායම විසින් තවත් හැකියාවන් තුනක්‌ හඳුනාගන්නා ලදී. මෙම හඳුනා ගැනීම් පෙන්වා දෙන ලද බුද්ධි හතට අතිරේක වශයෙන් බැව් හොවාර්ඩ් (Gardner 1999: 52) සඳහන් කරන ලදී.

ගාඩ්නර්ගේ මුල් කෘතියේදී Frames of Mind (1983) ලැයිස්‌තුගත කිරීම විශාල ලෙසින් සාකච්ඡාවට භාජනය වූ අතර මෙම යුගයේ සමගාමි පර්යේෂකයන් විසින් පසුව සිදු කරන ලද පර්යේෂණ හා ප්‍රත්‍යාවර්ථ මගින් හඳුනාගත් අතිරේක සංකල්ප තුනක්‌ වේ.

* Naturalist intelligence
* Spiritual intelligence
* Existential intelligence

Naturalist intelligenceපරිසරයෙන් විනිර්මුක්‌තව මිනිසාට ජීවත් විය නොහැක. පරිසරය සමග ජීවීන් බද්ධව ඇත. මේ නිසා තමා වෙසෙන පරිසර තත්ත්වයන් තුළ වර්ගීකරණය, රටාව සහ සංවිධානයන් හඳුනා ගැනීමට තිබෙන කුසලතාව ගැන හොවාර්ඩ් සඳහන් කරයි.(ibid.: 48). පරිණාමවාදය ඉදිරිපත් කරන ලද චාල්ස්‌ ඩාවින් ස්‌වභාව ධර්මය වෙනුවෙන් සිය බුද්ධිය මෙහෙයවන ලද විශිsෂ්aටයෙකි.

Existential intelligenc සාන්දෘෂ්ටික බුද්ධිය

ඔහු විසින් ඉදිරිපත් කරන ලද නව වැනි බුද්ධිය හෙවත් මානව පැවැත්ම සමග බැඳුන බුද්ධියයි. මෙහිදී විශ්වය, ලෝකයේ පැවැත්ම වැනි සංසිද්ධීන් වෙත දක්‌වන කුතුහලය බුද්ධිමත් බවේ සංකේතය ලෙසින් සඳහන් කළ හැක. මේ සම්බන්ධයෙන් ඒකමතික නිර්වචනයක්‌ ලබා දීම අපහසු බව සඳහන් කරන හොවාර්ඩ් මෙම අධ්‍යයනය ඉදිරියට ගෙන යමින් සඳහන් කරන්නේ ආකල්ප සහ හැසිරීම පාරිශුද්ධ ජීවිතය හසුරුවන ප්‍රධාන බලවේගය බවයි. පාරිශුද්ධත්වය විවිධ ලෙසින් අර්ථ දැක්‌විය හැක. මිනිස්‌ ජීවිතයේ පාරිශුද්ධත්වය යනුවෙන් ජීවත් වෙන ලෝකය සහ ඔවුනොවුන් අතර ඇති අන්තර් සම්බන්ධතාවයයි. අපි සදාචාර විජීතයක පැවැත්ම පිළිගන්නවා නම් සදාචාර බුද්ධියක්‌ පිළිබඳව කතා කළ හැකිද? මෙයින් වක්‍රව හඟවන්නේ සුවිශේෂී සදාචාර සංග්‍රහයක පිළිගැනීමක්‌ නම් හොවාර්ඩ්ගේ සදාචාර බුද්ධිය ගාර්ඩ්නර් අරුත් දක්‌වන අන්දමට සදාචාර ක්‍ෂේත්‍රයේ වැදගත් සංඝටකය වන්නේ පුද්ගල නියෝජිතභාවය හා පුද්ගලයා සතු වැඩ කොටසයි. එය සමාජයේ අනෙකුත් අය සම්බන්ධයෙන් විච්äන්න කළ නොහැකි භුමිකාවක්‌ තමාට ඇති බව උපකල්පනය කිරීමයි. සමාජයේ අනෙකුත් අය කෙරෙහි දක්‌වන තම චර්යාව සන්දර්භගත විශ්ලේෂණයේ ප්‍රතිඵල ප්‍රත්‍යාවර්ථ බව හා තම සිතැඟි ක්‍රියාත්මක කිරීම මෙහිදී අර්ථ ගැන්වෙනු ඇත. ඉහත භුමිකාවන් මැනවින් සාක්‌ෂාත් කර ගැනීමට නම් යම් බුද්ධි පරාසයක්‌ නිසැකයෙන්ම අවශ්‍ය වේ. මෙම පරාසයට පුද්ගල, භාෂාමය, තාර්තික හා ඇතැම්විට පැවැත්ම පිළිබඳ (සාංදෘෂ්ටික) බුද්ධි ස්‌වරූප අඩංගු වෙන අතර මෙය එක්‌ අතකින් සමාජයට ඇවැසි පුද්ගලයාගේ ස්‌වරූපය පිළිබඳ මූලික ප්‍රකාශයක්‌ද වේ. නමුත් ඒ නිසාම මෙය බුද්ධිය යෑයි කිව නොහැක. එසේනම් සදාචාරශීලීත්වය යනු ස්‌වීයත්වය (පෞරුෂය), පුද්ගලභාවය, පුද්ගල කැමැත්ත, අධිෂ්ඨානය, චරිතය හා ඉතාම සන්තුෂ්ටිදායක සිද්ධීන් සම්බන්ධයෙන් නම් එය මානව ස්‌වභාවයේ උත්කෘෂ්ටම සාක්‌ෂාත්කරණයයි.

ගාර්ඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යායට සම්බන්ධ විවේචන

හොවාර්ඩ්ගේ බහුවිධ බුද්ධි න්‍යාය වෙනුවෙන් විවිධ විවේචන ගොඩ නැඟුන අතර ඒ වටා ගොඩ නැගුන විවාදාත්මක ප්‍රධාන ප්‍රශ්න තුනක්‌ විය.

හොවාර්ඩ් ගාඩ්නර් විසින් යොදාගත් නිර්ණායකයන් ප්‍රමාණවත්ද?

ජෝන් වයිට්‌ ( 1997 ) හොවාර්ඩ්ගේ න්‍යායේ අඩුපාඩු ගැන අදහස්‌ දක්‌වමින් කියා සිටින්නේ හොවාර්ඩ් විසින් ඉදිරිපත් කරනු ලබන බහුවිධ බුද්ධිය ඔහුගේ නිර්ණායකයන් වෙනුවෙන් වූ සංකේතයන් විය යුතුද? යන්නයි. මෙම නිර්ණායකයන් ඔහු තෝරා ගත්තේ කෙසේද? මෙම නිර්නායකයන් ඒ වෙනුවෙන් අදාළත්වයක්‌ දක්‌වන්නේද? වයිට්‌ කියා සිටින්නේ තමා හොවාර්ඩ්ගේ න්‍යාය වෙතින් කිසිදු පිළිතුරක්‌ ලබා ගැනීමට අපොහොසත් වූ අතර මෙම න්‍යාය වයිට්‌ විසින් දකින්නේ හොවාර්ඩ් විසින් ඉදිරිපත් කරන ලද විෂය විනිශ්චයක මුලිකාංගයක්‌ පමණක්‌ බවය.

හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය වෙනුවෙන් යොදා ගත් සංකල්ප වෙනුවෙන් භාවිතා කරන ලද සාක්‌ෂි ප්‍රමාණවත්ද ?

හොවාර්ඩ්ගේ න්‍යාය වෙනුවෙන් ගොඩනගන ලද විවේචනය වී ඇත්තේ මෙම න්‍යාය වෙනුවෙන් හොවාර්ඩ් පාදක කර ගෙන ඇත්තේ තමන්ගේ ආයතන මිස පර්යේෂණ භුමිකාවක බුද්ධිය මැනීමෙන් ලත් ප්‍රතිඵල නොවේ. විවිධ බුද්ධීන් ගණනය කොට අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා නිසි පරිදි භාවිතා කරන ලද මිනුම් ඇගයුම් නොවීය. ඔහු සඳහන් කරන්නේ මම වතාවක්‌ එක්‌ එක්‌ බුද්ධිය වෙනුවෙන් ගණනයක්‌ ගැන සිතුවා. බුද්ධිය කියන්නේ බොහොම නිවරැදී තොරතුරු දැක්‌වීමක්‌… මේ නිසා තීන්දුවක්‌ ගැනීමේදී ලකුණු සහ විවිධ පරීක්‌ෂණ පිළිබඳව සහසම්බන්ධතාවයක්‌ තිබිය යුතුයි. යම් තැනැත්තෙකුට එක්‌ එක්‌ බුද්ධිය පිළිබඳව මැනීමට විවිධ මානයන් තිබේ නම් හසල බුද්ධිය මැනීම වෙනුවෙන් මෙම ද්‍රව්‍ය සහ ක්‍රමවේදයන් පහසුවෙන් යොදා ගත හැකි බව ගාඩ්නර් (Gardner 1999: 98) සඳහන් කරයි.

නමුත් ගාඩ්නර් බුද්ධිය මැනීම වෙනුවෙන් හඹා ගියේ නැත. මේ වෙනුවෙන් පුද්ගලයන් ලේබල්ගත කිරීම ගැන ඔහු බෙහෙවින් කනස්‌සල්ලට පත් වූයේය. ඔහු කියා සිටින්නේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන විමසන මෙම පර්යේෂණයන්ද බහු විධ බුද්ධිය පිළිබඳව වූ සංකේත වෙනුවෙන් අඛණ්‌ඩව දක්‌වන සහයෝගයක්‌ බවයි.

නිගමන

හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යායේ විවේචන පැවැතියද, තවමත් අධ්‍යාපනය වෙනුවෙන් මෙම න්‍යාය උපයෝගි කර ගෙන ඇත. අධ්‍යාපනඥයන්ට ඇති වෙන ගැටලු සමග සීමාවන් සමග ඔවුනට පරීක්‌ෂණ, හැකියාවන් පිළිබඳ දේශන සහ විෂයමාලාව සමග එයින් ඔබ්බට කටයුතු කිරීමේ හැකියාව ලැබෙනු ඇත. මින්ඩි කොන්හබර් සහ Mindy Kornhaber අනුගාමිකයන් විසින් ගෙන ගිය ව්‍යාපෘතියේ SUMIT (Schools Using Multiple Intelligences Theory) ප්‍රතිචාරවලදී පෙනී ගියේ මේ වෙනුවෙන් බොහෝ සෙයින් ගෞරවාන්විත පිළිගැනීමක්‌ ලැබුණ බවයි. පාසල් කිපයක්‌ වෙනුවෙන් මෙම බහුවිධ න්‍යාය ආදේශ කර ගත් අතර මව්පිය සහභාගිත්වය සහ විනය පිළිබඳව මෙහිදී ලද ඇගයීම් පාදක කර ගෙන හොවාර්ඩ්ගේ න්‍යාය පුළුල් කිරීමෙන් අධ්‍යාපන විද්‍යාඥයන්ට තමන්ගේ ක්‍ෂේත්‍රය වෙනුවෙන් මෙම න්‍යායේ පරාවර්තනයන් පිළිබඳව ස්‌වයං අධ්‍යයනයක යෙදීමේ අවස්‌ථාව ඇති විය. මෙම බහුවිධ බුද්ධි න්‍යායේ පුළුල් දැක්‌මත් සමගම මිනිසුන්ට ජීවත්වීම වෙනුවෙන් මෙම න්‍යාය ප්‍රයෝජනවත් අවස්‌ථාවක්‌ බැව් පැහැදිලිව පෙනෙන්නට විය.

මෙම ව්‍යාපෘතිය SUMIT (2000) අධ්‍යාපනයේ යා යුතු ගමන්මඟ වෙනුවෙන් අධ්‍යාපනඥයන් හසුරුවන දර්ශකයක්‌ වුවා යෑයි කිවහොත් එය වඩාත් නිවරැදී වේ. බහුවිධ බුද්ධි න්‍යාය ප්‍රායෝගික ලෙසින් යොදාගත් පාසල් සහ ශිෂ්‍යයන් වෙතින් විද්‍යමාන වූ සාර්ථකත්වය සමග බහුවිධ බුද්ධි න්‍යාය වෙනුවෙන් අවශ්‍ය පරිසර තත්ත්වයන් මේ අන්දමින් විස්‌තර කොට ඇත.

සංස්‌කෘතික පරිසරය -ඉගෙනුම පුදුමාකාර දෙයකි. ඒ වෙනුවෙන් මඟ පෙන්වන්නෝ ගුරුවරුන්ය. විවිධ ගති පැවැතුම් ඇති ශිෂ්‍යයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සාරධර්ම පද්ධතියක්‌ ගොඩනැගීම අවශ්‍යය.

සුදානම ( වටපිටාව-ගොඩනැඟිලි වැනි භෞතික සම්පත් ශිෂ්‍යයන් වෙනුවෙන් විවිධාකාර සහ විචිත්‍ර ලෙසින් යොදා ගැනීම.

උපකරණ( බහුවිධ බුද්ධි න්‍යායට අනුව ශිෂ්‍යයන්ට ඉගෙනුම් ක්‍රියාවලියේදී න්‍යායාත්මක කරුණුවලට වඩා උසස්‌ ප්‍රමිතියේ උපාංගයන් යොදා ගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වෙනුවෙන් ශිෂ්‍යයන් යොමු කිරීම.

සහයෝගිතාවය- විධිමත් සහ නොවිධිමත් අධ්‍යාපනය පිළිබඳව ගොඩ නැඟෙන සංවාද මගින් ඉදිරිපත් වෙන අර්ථපූර්ණ යෝජනාවන්ගෙන් ඵලදායි සහයෝගිතාවයන් අධ්‍යාපනය ගොඩනඟා ගැනීම.

අවස්‌ථා- පුළුල් සංස්‌කෘතික පරිසරයේදී දරුවන්ට ලබා දෙන ක්‍රියාකාරකම් ලබා දෙමින් අර්ථවත් විෂය මාලාවන් සහ තක්‌සේරු වෙනුවෙන් අවස්‌ථාවන් ඇතුළත් කළ හැක.

කලාව – කලාව වෙත දරුවා යොමු කරමින් ඔහුගේ හැකියාවන් සහ විනය පිළිබඳව ශික්‌ෂණයද ලබා දීම.

නොවිධිමත් අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයින් විසින් මෙම න්‍යායට බෙහෙවින් සාවදානව ඇහුම්කන් දුන් අතර ව්‍යාපෘති සහ ඒජන්සි වෙනුවෙන් මෙම න්‍යාය ආදේශ කර ගත්තා පමණක්‌ නොව තමන්ගේ අධ්‍යාපන කාර්යාවලිය තුළ එහි ප්‍රතිඵල පිළිබඳව ප්‍රත්‍යවේක්‌ෂණයේ යෙදුනාහ. විධිමත් අධ්‍යාපනඥයන් සම්ප්‍රදායානුකූලව අන්තර් පුද්ගල සහ අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් තුළ වූ සාරධර්ම වෙනුවෙන් විශේෂ අවධානයක්‌ දක්‌වන ලදී. හොවාර්ඩ්ගේ හඳුනාගැනීමට අනුව කලාව මොළයේ සේවනයකි. භාෂාව සහ ගණිතය මිනිසාගේ ප්‍රායෝගික ජීවිතය උසස්‌ ලෙසින් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ඇගයීමට ලක්‌ කර ඇත. ගීතයක ගායනීය රටාව හඳුනාගත් දරුවා වෙතින් සංගීතමය බුද්ධිය ඔප් නැඟෙනු ඇත. චිත්‍රයක්‌ දෙස බලා නව නිර්මාණයක්‌ දරුවා වෙතින් බිහිවෙනු ඇත. මේ අන්දමට පංති කාමරය වෙතින් මතු දින බහුවිධ බුද්ධියෙන් සන්නද්ධ දරුවෙකු නිර්මාණය කිරීමට නම් සදාචාර සම්පන්න ගුරු භුමිකාව ඉතා වටිනා තෝතැන්නක්‌ වෙනු ඇත.

උපුටාගැනීමකි.

කාල් මාක්ස්ගේ දර්ශනය..

Marxකාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් “කොමියුනිස්ට් ප්‍රකාශනය”(1848) සහ “දාස් කැපිටාල්” (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගනී.