අයිවන් පැව්ලෝගේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය..

අයිවන් පැව්ලෝව් රුසියන් ජාතික මනෝවිද්‍යාඥයෙකි. ඔහු රුසියාවේ කුඩා ගමක 1849 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වන දින උපත ලැබීය. ඔහුගේ පියා පැවිදි පුද්ගලයෙක් විය. ඔහුගේ මුල් කාලීන අධ්‍යාපන කටයුතු දේවධර්මය ආශ්‍රිතව සිදුවුනු අතර නමුත් පසුව චාල්ස් ඩාවීන්ගේ The Origin of the Species නැමැති කෘතිය කියවීමෙන් පසුව දේවධර්මය පිළිබඳ ඉගෙනීම අතහැර ඒ වෙනුවට විද්‍යාව පිළිබඳ ඉගෙනීමට පටන් ගන්නා ලදි. ඒ අනුව ඔහු 1870 දී ශාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳ හෑදෑඅරීම ආරම්භ කරන ලදි.

එමෙන්ම ඔහු චර්යා මනෝවිද්‍යාවට විශාල සේවයක් ඉටුකරන ලද අතර එම නිසා ඔහුගේ මෙම පරීක්ෂණ නොබෙල් ත්‍යාග ලැබීමට තරම් හේතු විය.

පුරුද්ද සංඛේතයක් ලෙස යොදා ගනිමින් චර්යාවේ කිසියම් වෙනසක් ඇතිවීම නම් වූ ඉතා සරල ආරෝපණයක් පිළිබඳ අදහසක් මෙම සම්භාව්‍ය ආරෝපණ න්‍යාය තුළින් ඉදිරිපත් වේ. ඕනෑම සත්වයෙක් උත්තේ්ජක කෙරෙහි ප‍්‍රතිචාර දක්වනු ලැබේ. ගින්දරට අත සමීප කළ සැනින් එය ආපසු ඇද ගැනීම සිදුවන්නේ අප නොදැනුවත්වමය. එය ඉබේ සිදුවන නිසා එම ක‍්‍රියා ප‍්‍රතීක චර්යා ලෙස හැඳින්වේ. ප‍්‍රතීක වශයෙන් ඇතිවන මෙවැනි ප‍්‍රතිචාර කිසියම් නියමිත උත්තේජකයන් වෙනුවට වෙනත් උත්තේජකයක් සම`ග සම්බන්ධ කිරීම ඉතා සරළ ලෙස ආරෝපණය ලෙස හැඳින්වේ. මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය වශයෙන් සිදුවන ප‍්‍රතිචාරයක් කිසියම් නියමිත උත්තේජකයක් සඳහා ලබා ගැනීමට හුරු කිරීමකි. මේ සඳහා අවශ්‍ය වන පුහුණුව තුළින් චර්යාවේ වෙනසක් සිදුවේ. මෙම චර්යාමය වෙනස දිගුකාලීනව පවතින්නේ ද යන්න තුළ ඉගෙනුමක් සිදුවී ඇද්ද යන්න තීරණය වේ. ආරෝපණයේදී ඉගෙනුමක් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ සම්පරීක්‍ෂණ මාලාවක් අයිවන් පැව්ලෝ 1927 සිට සිදුකොට ඇත. බල්ලා මස් සඳහා දක්වන ප‍්‍රතිචාරය සීනුවේ ශබ්දයකට ආරෝපණය කරගෙන මෙම සම්පරීක්‍ෂණ කොට ඇත.

මස් – අනාරෝපිත උත්තේජකය
මස් වලට කෙල ඉනීම – අනාරෝපිත ප‍්‍රතිචාරය
සීනු ශබ්දය – ආරෝපිත උත්තේජකය
සීනු ශබ්දයට කෙල ඉනීම – ආරෝපිත ප‍්‍රතිචාරය

අදාළ ක්‍රියාවලිය සිදුකරන වාර ගණන ඉහළ යාමත් සමග ප්‍රතිචාරයේ ඉහළ යාමක් සහ ස්ථාවර බවක් ද පෙන්නුම් කරයි.
සාමාන්‍ය චර්යාවේ සිදුවන උත්තේජක – ප්‍රතිචාර ක්ආ‍රියාවලිය රෝපිත උත්තේජක – ප‍්‍රතිචාර ක‍්‍රියාවලියක් බවට පරිවර්ථනය වීමක් මෙහිදී සිදුවේ.

සම්භව්‍යතා ආරෝපණයේ දී පැව්ලෝ ඉදිරිපත් කළ වැදගත්ම කරුණ නම් උගත් දේ තහවරු වීම පිළිබඳ අදහසයි. ඉහත සම්පරීක්‍ෂණයේදී මස් වලින් සීනු ශබ්දයට ඉගෙනුම ආරෝපණය වීමක් පෙන්නුම් කරන අතර එය තහවුරු වීමක් ද පැහැදිළි වේ. ඒ අනුව අදාළ උත්තේජක ඇතිවන වාර ගණන ඉහළ යාමේදී ඒ සමග බැඳුනු චර්යාව නැවත නැවතත් සිදුවීමට ඇති හැකියාව ස්ථම්භනය වශයෙන් අර්ථවත් කෙරේ. අදාළ ඉගෙනුම දිගින් දිගටම රදා පැවැත්මක් මෙහිදී විද්‍යමාන වේ. මෙම අධ්‍යයනය සතුන් ඇසුරින් සිදු කළ ද එය මිනිසාට ද සම්බන්ධ කොට විග‍්‍රහ කිරීමේ හැකියාව ඇත.

බොහෝවිට භාවමය ප‍්‍රතිචාරයන් සම්භව්‍යතා ආරෝපණය ඇසුරෙන් ඉගෙන ගන්නා බව මනෝවිද්‍යාඥයන්ගේ මතයයි. ඇතමුන් මීයන්ට, මකුළුවන්ට සහ කැරපොත්තන්ට බියක් දක්වනුයේ මෙබඳු ආරෝපිත තත්ත්‍වයක් මත බව පැවැසේ. මේ පිළිබඳ සිදුකර ඇති ප‍්‍රත්‍යෙක අධ්‍යනයේදී වැදගත් කරුණු රැුසක් අනාවරණය කරන්නට වොට්සන් සහ රේනර් සමත්වී ඇත. ඔවුන්ගේ මෙම අධ්‍යයනයේදී සම්භව්‍යතා ආරෝපණය මිනිස් ඉගෙනුම් සම්බන්ධයෙන් භාවිත වන ආකාරය පැහැදිළි කර ඇත.

එමෙන්ම ඉගෙනුම් නිවාරණය පිළිබඳ ද පැව්ලෝ විසින් කරුණු ගෙනහැර දක්වා ඇත. ඉගෙනුම් නිවාරණය යනු උගත්දේ මතකයෙන් බැහැරවීමයි. බල්ලා සම්බන්ධ උදාහරණයේදී බල්ලාට සීනුව නාදකොට ආහාර නොලැබී ගියහොත් ඔහු සම්භව්‍යතා ආරෝපණය තුළ ලත් අවබෝධය වෙනස්වී යන අයුරු පැහැදිළි වේ. ඒ අනුව බල්ලාට මෙම තත්ත්‍වය දිගටම සිදුවීමෙන් ඔහු සීනුවේ නාදයට ක‍්‍රියාකාරී වීම සමුපූර්ණයෙන්ම අත්හිටිනු ඇත. මෙය ඉගෙනුම් නිවාරණය ලෙස අපට හඳුනාගත හැක. එසේ නිවාරණය වීමේ වාසි සහ අවාසි ද දැකිය හැක. එමෙන්ම නිවාරණය වූ ප‍්‍රතිචාරයන් සදාකාලිකවම මැකී නොගොස් යළි ඒවා මතකයට පැමිණීමේ හැකියාව ද පවතී. එමෙන්ම මොහු විසින් අන්තරීක ස්ථම්භනය, උත්තේජක ව්‍යාප්තිකරණය සහ උසස් මට්ටමේ ආරෝපණය වැනි සංකල්ප පිළිබඳ ද සංපරීක්‍ෂණ කොට ඇත.