Author Archives: ireshikamadhuwanthi
හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය..
බහුවිධ බුද්ධි න්‍යායේ නිර්මාතෘ හොවාර්ඩ් ගාඩ්නර් අධ්‍යාපන චින්තනයේ සහ ප්‍රායෝගිකත්වය වෙනුවෙන් විශේෂිත අධ්‍යයනයක යෙදුණි. ඇමරිකා එක්සත් ජනපදයෙන් උපන් මෙම සංකල්පය අධ්‍යාපනඥයන් අතර විවාදාත්මක මුහුණුවරකින් සංවර්ධනය ලබමින් පවතී. බහුවිධ බුද්ධි සංකල්පයේ සාක්ෂාත්කරණයන් තුළ යම් යම් වාද විවාදත් නැතුවාම නොවේ.
“මට දරුවන්ට ලෝකය ගැන වටහා දිය යුත්තේ එය විසිතුරු නිසාවත් මිනිස් මනස කුතුහලයෙන් යුක්ත විම නිසාවත් නොවේ. මට අවශ්‍ය ඔවුන් වෙනුවෙන් ලෝකය අපට ජීවත් විය හැකි යහපත් තැනක් බවට පත් කිරීමයි. දැනුම සදාචාරයට සමාන නොමැති වුණත් අතීතයේ අප විසින් කරන ලද වැරැදි නැවත නොකර පෙරට යැමට නම් අවබෝධය අවශ්‍යයි. අවබෝධයේ වැදගත්ම දෙයක් වේ නම් අප කවුද? …අපට කළ හැකි දෙය කුමක්ද? යන කාරණාවන් පිළිsබඳව අවබෝධයක් ලබා ගැනීමයි. අවසානයේදි අපේ අවබෝධය වෙනුවෙන් අපි සංශ්ලේෂණය කළ යුතු වෙමු. (Howard Gardner 1999: 180-181)
මනෝමිතික හා චර්යාවාදී ගුරුකුලයන්ගේ උන්නති සමයේදී මිනිසුන් හිස් පුවරුවක් ලෙසත් බුද්ධිය තනි ප්රපංචයක් ලෙසිනුත් සලකන ලදී. මේ අනුව , මනා ලෙස යම් දෙයක් ඉදිරිපත් කරන්නේ නම් සෑම දෙයක් ඉගෙනීමට ඔවුන් පුරුදු පුහුණු කළ හැකිය යන්න සාමාන්‍ය පිළිගැනීම විය. නමුත් අද වන විට පර්යේෂකයන් විශාල පිරිසක් දරනුයේ උක්ත මතයට විරුද්ධ අදහසකි. එනම් එකිනෙකින් ස්වාධීනව පවතින බුද්ධිsයේ බහුවිධ ස්වරූප ඇති බවයි. එනම් එක් එක් බුද්ධි ස්වරූපයට ඊටම අනන්‍ය වූ ප්රබලතා හා සීමාවීම් ඇති බව, උපතේදී මිනිස් මනස සියල්ලෙන්ම නිදහස් හිස් පුවරුවක් නොවන බව සහ බුද්ධියේ අන්තර්ගත බලයෙහි ස්වාභාවික පථයන්ට හා එහි ගැලපුම් ක්ෂේත්රයන්ට අභියෝග කරන ඉහත සඳහන් බොළඳ න්‍යායන්ට අනුව පහසුවෙන් ඉගැන්විය නොහැකි යෑයි සලකන ලද බොහෝ දෑ එතරම් පහසුවෙන් ඉගැන්විය නොහැකි බව බොහෝ පර්යේෂකයෝ විශ්වාස කරති. (Gardner 1993: xxiii)
මෙම අවදිය වෙන විට පැවැති පැරණි අදහස වුයේ බුද්ධිය යනු සියලුම ප්රජානන හැකියාවන් උත්පාදනය කරන අභ්‍යන්තරික ගති ලක්ෂණයක් බවයි. හර්බට් ස්පෙන්සර් කියා සිටියේ බුද්ධිය මැනීමට හෙවත් තක්සේරු කිරීමට හැකියාවක් ඇති බවයි.
මේ අනුව බුද්ධිය ඒකී ප්රපංචයක් වන අතර එය මැනිය හැකි සරලම ක්‍රමය නම් බුද්ධි පරීක්ෂණ (IQ) බවයි. නමුත් හොවාර්ඩ් මේ පිළිබඳව අභියෝග කරමින් කියා සිටියේ දරුවෙක් එක් අවස්ථාවකදී විවිධ අන්දමින් අවකාශීය සහ දෘශ්‍යමය සංවර්ධනයක් ලබන බවයි. මේ වෙනුවෙන් ගැළපෙන උදාහරණය වන්නේ ලියනාඩෝ ඩාවින්චිය. අප දන්නා තරමට සරලව කිවහොත් ඔහු චිත්‍ර ශිල්පියෙකි. නමුත් හොවාර්ඩ් ඉදිරිපත් කරන බහුවිධ බුද්ධි න්‍යායට අනුව බලන විට ඔහු සතුව තිබූ අවකාශමය බුද්ධිය ඉතා විශිෂ්ටය. හෙලිකොප්ටරයක් ගුවන්ගත කිරීමට වසර 400 කට පමණ පෙර ඔහු විසින් හෙලිකොප්ටරය චිත්‍රයට නඟන ලදී. රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට වසර 500 කට එපිට ඩාවින්චිs විසින් රොබෝ යන්ත්‍රය චිත්‍රයට නගන ලදී. මෙම චරිතය දෙස බලන විට පෙනී යන්නේ හොවාර්ඩ් පෙන්වා දෙන බහුවිධ බුද්ධිය එක් පුද්ගලයකුට සම්බන්ධව පැවැති බවට එක් උදාහරණයකි.
හොවාර්ඩ් ගාර්ඩ්නර් උපත ලැබුවේ 1943 වසරේ පෙන්සිල්වේනියාවේ ස්කැරටන් ප්‍රදේශයේදීය. ඔහුගේ දෙමව්පියෝ 1938 වසරේ ජර්මනියේ නම්බර්ග් සිට මෙම ප්‍රදේශයට සංක්‍රමණය වුහ. මේ වෙන විට ඔවුන්ගේ තුන් හැවිරිදි පුත් හිම ක්‍රිඩාවේ යෙදී සිටියදී අනතුරට පත්ව මිය යැම මව්පියන් ලෙසින් ලද ප්‍රබල කම්පනයක් විය. දෙමව්පියන්ගේ සංක්‍රමණය හෝ සහෝදරයාගේ වියෝව හොවාර්ඩ්ගේ ළමා අවධිය වෙනුවෙන් බලපෑමක් සිදු කළේ නැත. නමුත් ඔහුගේ චින්තනය බොහොම අපුර්ව විය. දුවන , පනින ශාරිරික ගති පැවැතුම් බොහොම සීමිත වුණත් නිර්මාණශීලිත්වයෙන් සහ බුද්ධිsමත් පන්නරයෙන් ඔහු සන්නද්ධ විය. මේ නිසාම තමන්ගේ පවුලේ රහසිගත තොරතුරු පවා ඉවෙන් මෙන් හොවාර්ඩ් වෙත සම්ප්‍රේෂණය වුයේ හාස්කමක් ලෙසින්ය. ඔහුගේ පවුලේ යුදෙව් ඉතිහාසය ඔහුට රහසක් වුණේ නැත. මේ නිසාම මවුපියන්ට සහ පවුලේ සාමාජිකයන්ට වඩා හොවාර්ඩ් බෙහෙවින් වෙනස් චරිතයක් ලෙස ගොඩ නැඟෙන්නට වූයේය.
හොවාර්ඩ්ගේ දෙමව්පියන් ඔහු මැෂසුෂෙට්ස්හි ඇන්ඩෝර්හි පිහිටි පිලිප් අධ්‍යාපන ආයතනයට ඇතුල් කරන්න වුවමනා වුණත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. මේ අතර හොවාර්ඩ් තෝරා ගත්තේ පෙන්සිල්වේනියාවේ කින්ස්ටන් පාසලයි. මේ පාසල හොවාර්ඩ්ගේ නව චින්තනයට ඉතා හොඳ තෝතැන්නක් විය.
මේ යුගය වනවිට හාවර්ඩ් විශ්ව විද්‍යාලය නීති අධ්‍යාපනයේ ඉතා සශ්‍රික කාල පරිච්ඡේදයක් විය. හොවාර්ඩ්ට මේ කාලයේ විශිsෂ්ටයකු වුන එරික් එරික්සන් නැමැති ප්රාඥයාගේ හමුවීම බෙහෙවින්ම දෛවෝපගත සිද්ධියක් විය. හොවාර්ඩ් සඳහන් කරන අන්දමට එරික් එරික්සන් යනු හොවාර්ඩ් විශ්ව විද්‍යාලයේ විශිෂ්ට සලකුණයි. මෙම චරිතය පූර්වාදර්ශයට ගෙන තමන්ගේ චරිතය ගොඩ නගා ගැනීමට හොවාර්ඩ් අපේක්ෂා කළේය.
“මගේ මනස ඇත්තටම විවෘත වුනේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේදී….මනෝ විද්‍යාඥ එරික් එරික්සන්… සමාජ විද්‍යාඥ ඩේවිඩ් රියස්මන්… සංජානන මනෝවිද්‍යාඥ ජෙරම් බෘනර්… මානවයාගේ දැනුම නිර්මාණය වෙනුවෙන් දායක වුණා. ඒ වගේම මිනිසාගේ ගති ස්වභාවයන් තේරුම් ගැනීමට මට ඔවුන්ගේ ඉගැන්වීම් බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. විශේෂයෙන්ම මිනිසා සිතන්නේ කොහොමද?. (Howard Gardner quoted by Marge Sherer 1999) යන්න මම මෙතැනදී තේරුම් ගත්තා. මනෝ විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳව සුවිශේෂී අවධානයක් දක්වන ලද ගාඩ්නර් 1965 වසරේදී sමපප් ජමප ක්මාe උපාධිය ලබා ගත්තේය.
එයින් පසු ටික කාලයක් සඳහා ගාඩ්නර් ජෙරමි බෘනර් වෙත ගියේ MACOS (‘Man: A course of study’ ව්‍යාපෘතියේ සේවය වෙනුවෙන්ය. බෘනර්ගේ වැඩසටහන වෙතින් විශේෂ අවධානයක් යොමු වුණේ අධ්‍යාපන ක්‍රියාවලිය වෙනුවෙන්ය. මෙම ව්‍යාපෘතියේ සේවය නිසා ගාඩ්නර් විෂයානුබද්ධව ලබා ගත් දැනුම තමන්ගේ පසුකාලීන අධ්‍යයනයන් සඳහා බෙහෙවින් දායක විය. මෙම කාලයේදී හොවාර්ඩ් විසින් ජීන් පියාඡේග් සහ ක්ලෝඩ් ලෙව් ස්ට්‍රාHqසිස් යන අධ්‍යාපන මනෝවිද්‍යාඥයන්ගේ පොත පත පරිශීලනය කරන ලදී.
1966 වසරේදී ඔහු උසස් උපාධි වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වුයේය. මේ වසරේදීම කලා සහ අධ්‍යාපනය වෙනුවෙන් Zero පර්යේෂණ ව්‍යාපෘතියට සම්බන්ධ වූ අතර 1971 වසරේදී හොවාර්ඩ් දර්ශනශූරී PhD උපාධිය ලබා ගත්තේය. ඔහුගේ උපාධි නිබන්ධය වුයේ දරුවන්ගේ සංවේදී විලාසය පිළිබඳව (style sensitivity in children) වූ අධ්‍යයනයකි. ඔහු අඛණ්ඩව Zero ව්‍යාපෘතිය සමග සම්බන්ධව සිටි අතර දැනටත් හොවාර්ඩ් ඩේවිර්කින්ස් සමග සම්බන්ධව කටයුතු කරනු ලබයි. 1971-1986 දක්වා වූ කාලයේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු= වූ ඔහු 1986 වසරේ මෙම අධ්‍යාපන විද්‍යාව වෙනුවෙන් මහාචාර්ය ධුරයට පත්විය. හොවාර්ඩ්ගේ ග්රන්ථ අතර Frames of Mind (1983) විශිsෂ්aට කෘතියක් විය. හොවාර්ඩ් දැනට අධ්‍යාපනය වෙනුවෙන් වූ හාවර්ඩ් විද්‍යාලයේ සංජානන සහ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරයා ලෙසින්ද, වෛද්‍ය විද්‍යාව පිළිබඳ බොස්ටන් විශ්aව විද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ සහය මහාචාර්යවරයා වේ.
හොවර්ඩ් ගාඩ්නර් බුද්ධිය දුටුවේ ගැටලු විසඳීමට තිබෙන ධාරිතාවය ලෙසින් හෝ තනි හෝ ඊට වැඩි සංස්කෘතික පසුතලයක වටිනාකමට ලක්වන (Gardner & Hatch, 1989)ග නිපැයුම් නිර්මාණයට ඇති අවස්ථාවක් ලෙසයි. ඔහු මෙම සංකල්පය විග්රහ කිරීමට නිර්ණායකයන් අටක් යොදා ගන්නා ලදී.
Ö මොළයට සිදු වෙන හානිවලින් හුදෙකලා වුවන් .
Ö බුද්ධිහීනයන් ලෙස සැලකුවත් හැකියාවන් තිබෙන පිරිස්
Ö අසාමාන්‍ය හැකියාවන් ඇති පිරිස් සහ වෙනත් ආශිර්වාදාත්මක ලෙසින් විශිsෂ්ට හැකියාවන් සහිත පිරිස්.
Ö හඳුනාගත හැකි තනි ක්‍රියාවලියක් හෝ ක්‍රියාවලි සමුහයක්.
Ö විශිෂ්ට ඉතිහාසයේ සංවර්ධනාත්මක බව වෙතින් අවසාන හැකියාවන් පැහැදිලි ලෙසින් හඳුනාගත හැකි චරිත.
Ö පරිණාමයේ ඉතිහාසය සහ පරිණාමිය සත්‍යතාවය.
Öමනෝවිද්‍යාත්මක පර්යේෂණයන්ගේ සහයෝගයෙන් ලබා ගත් තොරතුරු.
Ö මනෝමිතික අනාවරණයන්ගේ සහයෝගය සංකේත පද්ධතින් කේත කිරීම (Howard Gardner 1983: 62-69)
මෙහිදී ඔහු සැබෑ බුද්ධිමත් බව වෙනුවෙන් ඉදිරිපත් කළ නිර්ණායකය වූයේ අව්‍යාජමය ගැටලු හෝ දුෂ්කරතාවන් ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ විසඳා ගැනීමට තිබෙන හැකියාවයි. මේ තත්ත්වය නිසා ලැබෙන තීන්දුව බොහෝ දුරට විද්‍යාත්මක තක්සේරුවකට වඩා කලාත්මක (ibid.: 62). තීන්දුවක් බවට පත් වෙනු ඇත.
ඔහුගේ බුද්ධිමය න්‍යාය කොටස් හතකින් යුක්ත වූ අතර මුල් කොටස් දෙක පාසල් වෙනුවෙන්ද , අනිත් කොටස් තුන කලාව වෙනුවෙන්ද සෙසු කොටස් දෙක පුද්ගල බුද්ධිsය වෙනුවෙන්ද (Gardner 1999: 41-43). වර්ග කොට ඇත.
1983 වසරේදී Howard Gardner මිනිසා සතු කුසලතාවන් ගැන බහුවිධ බුද්ධි න්‍යායක් Theory of Multiple Intelligences පෙන්වා දුන්නද ඔහු කියා සිටියේ මිනිසාට මේ අංශ අතරින් ඇතැම් විට එක් අංශයකින් ඉහළ කුසලතාවයන් පෙන්විය හැකි බවයි. ඒ වගේම එම කුසලතාවයට සමානව තවත් අංශයකින් මෙම පුද්ගලයා විසින් කුසලතාවයන් පෙන්වන්නේද නැත.
Linguistic intelligence භාෂාමය බුද්ධිය
මෙහිදී යමෙකුගේ භාෂාමය බුද්ධිය ඔහු දකින්නේ භාෂාවක් කියවීමට හා ලිවීමට තිබෙන හැකියාවයි. එමෙන්ම විවිධ අරමුණු වෙනුවෙන් භාෂාව ආදේශ කර ගැනීමේ හැකියාව මෙන්ම කාව්‍යාත්මක ලෙසින් හෝ වචනාලංකාරයෙන් ඇසුරෙන් අදහස් සමීප කිරීමට තිබෙන හැකියාවත් මෙහි අන්තර්ගතය. භාෂාව යනු තොරතුරු ස්මෘතියේ දරා ගැනීමට තිබෙන මාධ්‍යක් බව ගාඩ්නර්ගේ අදහසයි. ලේඛකයන් නීතිඥයන් සහ කථිකයන් භාෂාමය බුද්ධියෙන් සන්නද්ධ බව ගාඩ්නර් විසින් පෙන්වා දෙනු ලබයි.
Logical-mathematical intelligence (තාර්කික ගණිතමය)
විද්‍යාත්මක සහ තාර්කික ගණිතමය බුද්ධිsය උපයෝගි කර ගෙන තාර්කික ලෙසින් ගණිතමය සංකල්ප විසඳීම සහ විශ්ලේෂණය මෙහිදී අදහස් කෙරේ. මෙවන් චරිතයක් වෙනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් විශිෂ්ට උදාහරණයක් වේ.
Musical intelligence සංගීතමය බුද්ධිය
සංගීතමය රටාවන් උපයෝගි කර ගෙන ප්‍රබන්ධ, රසාස්වාදනයන් වෙනුවෙන් වු පුද්ගල හැකියාව අර්ථවත් කරයි. සංගීත ස්වර, ශබ්ද, රිද්මයන් හඳුනා ගැනීම වෙනුවෙන් වු මෙම බුද්ධිය ගාඩ්නර්ගේ බහුවිධ න්‍යායේදී භාෂාමය බුද්ධිය සමග සම්බන්ධිතව ඇත.
Bodily-kinesthetic intelligence
ඔබේ සමස්ත සිරුර හෝ සිරුරේ කොටසක් භාවිතා කරමින් නිෂ්පාදනයක් හෝ නිර්මාණයක් කිරීමට තිබෙන හැකියාව මෙයින් අදහස් කෙරේ. උදාහරණයක් වශයෙන් ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් සිය අත හසුරුවන්නේ බුද්ධිය සමග බද්ධ වුන තොරතුරු සන්නිවේදන කාර්යය සමගින්ය.
Spatial intelligence අවකාශමය බුද්ධිය
යම් යම් දේ නිවරැදී ලෙස දකින්නට සහ ඒවා මනසින් වෙනස් කරමින් ඒ මේ අත හරවන්නටත් තිබෙන හැකියාව අර්ථවත් කොට ඇත.
Interpersonal intelligence පුද්ගලයන් අතර සබඳතා :
සමාජගත පුද්ගලයන් අතර වු හැසිරීම් විවිධය. විෂමය. නමුත් මේ විෂම සමාජ පරිසරයේ වෙසෙන සමාජ සත්වයන් සමග ඒකාත්මික ලෙසින් ජීවත්වීමත් එක්තරා අන්දමක කලාවකි. සෙසු පුද්ගලයන් වෙනුවෙන් සහජීවනය ගොඩ නගා ගැනීම මෙහිදී වඩාත් වැදගත්ය. ආගමික නායකයන් , වෙළෙන්දන්, දේශපාලඥයන්, සහ උපදේශකයන් ගාඩ්නර්ගේ න්‍යායට අනුව යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්හි බුද්ධිමත්බව ප්‍රදර්ශනය කරන ලද පිරිස් වේ.මහත්මා ගාන්ධි වැනි පුද්ගල චරිත මේ වෙනුවෙන් මනා උදාහරණ වේ.
Intrapersonal intelligence (අන්තඃපුද්ගල බුද්ධිය)
මෙම හැකියාව පිරිමින්ගේ මොලයේ දකුණු පසින්ද ,ගැහැනු මොලයේ ඉදිරිපසින්ද පිහිටා ඇත. මේ හැකියාවෙන් ස්වහැඟීම්, ආවේග, ශක්තීන්, අභිප්රායන්, තමා විසින්ම හඳුනා ගැනීමේ හැකියාව ඇත. මේ සඳහා හොඳම උදාහරණය ලෙස සිග්මන් ප්‍රොයිඩ් සඳහන් කළ හැක.
Frames of Mind කෘතියේ හොවාර්ඩ් ගාඩ්නර් බුද්ධිය දුටුවේ සංස්කෘතික පරිසරයක් තුළ සහජීවනය ගොඩනඟා ගැනීමට තිබෙන හැකියාව අනුවයි. ඔහු කියා සිටියේ බහුවිධ බුද්ධිය එකිනෙකට වෙන්ව ක්‍රියාත්මක වනුයේ ඉතා දුර්ලභ ලෙසින්ය. පුද්ගලයන්ගේ හැකියාවන් සහ ගැටලු විසඳා ගැනීමේදී එකම අවස්ථාවකදී මෙම බුද්ධිsමය හැකියාවන් විසින් එම අවස්ථාව වෙනුවෙන් ඌන පුරණයන් සපයනු ඇත.
බහුවිධ බුද්ධි න්‍යායට අනුව හොවාර්ඩ් පෙන්වා දෙන්නේ මිනිස් සංජානනය සම්පුර්ණත්වයෙන් යුක්ත බවයි. මිනිසා මෙම බහුවිධ බුද්ධියේ එකතුවකි. සංජානන ක්‍රියාවන් සමග බද්ධව ඇති මිනිස් හැසිරීම් වෙනුවෙන් බහුවිධ බුද්ධි න්‍යාය නව නිරුක්තියක් සපයා ඇති බව හොවාර්ඩ් සඳහන් කර සිටී. මිනිසාගේ බුද්ධිය ඒකීය ප්රපංචයක් නම් මානව සම්පත් සංවර්ධනයේදී ඇති වෙන අභියෝග වෙනුවෙන් මුහුණදීම වෙනුවෙන් අපේ බුද්ධිමත් ගති පුරුදු ප්‍රදර්ශනය නොවන්නේ මන්දැයි හොවාර්ඩ් ප්‍රශ්න කරයි. නමුත් මෙම බුද්ධිය සදාචාරාත්මක නොවන අතර මෙම බුද්ධිය අර්ථකාරි ලෙස මෙන්ම අනර්ථකාරි ලෙසින්ද යෙදවිය හැකි බවයි. මේ වෙනුවෙන් මනා උදාහරණයක් ලෙස ආචාර්ය පෝල් ජෝෂප් ගොබල්ස් පෙන්වා දිය හැක. ඔහු නවකතා රචකයෙකි, කවියෙකි, මාධ්‍යවේදීයෙකි, චතුර කථිකයෙකි. හිට්ලර්ගේ ප්රචාරක අමාත්‍යවරයා ලෙසින්ද ඔහු බහුවිධ බුද්ධියෙන් යුක්ත වුයේය. නමුත් මාධ්‍ය හා කලාව අතර ඔහු වෙතින් සදාචාරයක් ප්‍රදර්ශනය නොවීය. පොත් පත් ගිනි තබමින්, යුදෙව්වන්ට පහර දෙමින් සෙමිටික් ආගම් විරෝධී චිත්‍රපට නිෂ්පාදනයේ යෙදුනා පමණක් නොව හිට්ලර්ගේ පරාජයෙන් එතැනට පත් වුයේය. අවසානයේදී ඔහු සිය බිරිඳ හා දරුවන් සය දෙනා ඝාතනය කොට ඔහුද සිය දිවි හානි කර ගත්තේය.
ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය කිසිවෙකුත් ආදරයෙන් වැළඳ නොගත්තද බොහෝ අධ්‍යාපනඥයන් විසින් මෙම හඳුනා ගැනීම වෙත ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන ලදී. බොහෝ අධ්‍යාපන න්‍යායචාරීන්, ගුරු වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මෙම න්‍යාය ආදේශ කර ගන්නට පසුබට වුයේ නැත. උතුරු ඇමරිකාවේ පාසල් කීපයක්ම විෂයමාලාවන් වෙනුවෙන් වූ ආකෘතික සැලසුම වෙනුවෙන් ගාඩ්නර් න්‍යාය යොදා ගෙන තිබුණි. එමෙන්ම පංති කාමරයේ පටන් සමස්ත පාසල් පරිශ්‍රය වෙතින්ම ගාඩ්නර්ගේ බහුවිධ න්‍යාය ප්‍රතිබිම්බයක් ලෙසින් දෘශ්‍යමාන වෙන ලෙසින් නිර්මාණය වන්නට විය. පෙර පාසලේ පටන් පාසල , උසස් අධ්‍යාපන ආයතන , වෘත්තීය අධ්‍යාපනය සහ වැඩිහිටි අධ්‍යාපනය දක්වාම මෙම න්‍යාය ආදේශ කර ගැනීම වෙනුවෙන් කිසිදු බාධාවක් නොවීය.
හොවර්ඩ්ගේ බහුවිධ න්‍යාය විධිමත් අධ්‍යාපනය වෙනුවෙන් මළ සීනුවක් බවට පත් විය. විධිමත් අධ්‍යාපනය යනු පූර්ණ කාලීනව පංති කාමරයක් තුළ වයස, මට්ටමට ශ්‍රේණිsගත කරන ලද සහතික, ඩිප්ලෝමා සහතික වෙතින් පිරිවැය ගණනය කරමින් නිමැවුම හඳුනාගත හැකි අධ්‍යාපනයයි. මෙම න්‍යායේ අන්තර්ගත නිර්ණායකයන් අටක් තිබියදී එකක පමණක් ඉගැන්වීම අසීරුය. මානව ප්රජානනය සහ ඉගෙනීම වෙනුවෙන් විශේෂ සීමා බන්ධනයන් සහ නිරෝධයන් පවතින විට ඉගැන්වීම පහසු කාර්යයක් නොවනු ඇත (Howard Gardner 1993: xxiii)
හොවාර්ඩ් ගාඩ්නර් සිය ගැටලු සෘජු ලෙසින් ආදේශ කළේ මනෝවිද්‍යාවට වීම නිසා අධ්‍යාපනය වෙනුවෙන් වු ප්‍රමිති හඳුනා ගැනීම පහසු විය.මෙම බහුවිධ බුද්ධිය ඉගැන්වීමට යොදා ගත්තේ විවිධාකාර ඉගැන්වීම් ක්‍රම මිස එකම ක්‍රමයක් නොවේ. බුද්ධියේ පවතින ප්‍රබල සීමා බන්ධනයන් ඉතා පහසුවෙන් මෙම සංකල්ප වෙනුවෙන් යොදා ගත හැකි විය. මේ නිසාම දරුවන් ඉතා ආදරයෙන් මෙම අධ්‍යාපන සංකල්ප වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නට විය. එබැවින් මෙම න්‍යාය පිළිබඳව වැරැදී පැවසීමට වඩා මෙම න්‍යාය ඉගෙන ගැනීමේ ප්‍රවණතාවය ඇති විය. එමෙන්ම බහුවිධ බුද්ධි න්‍යාය ලෝක සම්මතයට විරුද්ධ වෙනවා වෙනුවට යෝජිත සහ ස්වාධීනත්වයේ පරම නිෂ්ටාවට පත් විය.
මේ අතර ව්‍යාපෘතියට සම්බන්ධ වුන මින්ඩි එල් කොම්ලර් Mindy L. Kornhaber (2001: 276), විසින් උතුරු ඇමරිකාවේ ගුරුවරුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් හොවාර්ඩ්ගේ න්‍යාය වෙත ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන්නේ ඇයිද යන්න පිළිබඳව අවධානය යොමු කරන ලදී. එහිදී ඔවුන් හඳුනාගත් අන්දමට දරුවන් නිතරම විවිධත්වයෙන් ඉගෙනුමට මහත් කැමැත්තක් දක්වන බැවින් එම පසුබිම අධ්‍යාපනඥයන් සඳහා විෂය තක්සේරුව සහ ප්‍රායෝගික අධ්‍යාපන පුහුණු වෙනුවෙන් සංකල්පීය අධ්‍යාපන රාමුවක් ගොඩනැගීමට අවශ්‍ය පසුබිම සලසන ලදී. මේ පසුබිම තුළිsන් අධ්‍යාපනඥයන්ට පංති කාමරයේ ඉගෙනුම දෙස නව ප්රවේශයකින් බැලීමේ ප්රවණතාවයන් ගොඩ නැඟෙන්නට විය.
හොවාර්ඩ්ගේ බහුවිධ න්‍යායට සමාන්තරව ගොඩ නැගුන Kolb’s ආකෘතිය මගින් වැඩිහිටි සහ නොවිධිමත් අධ්‍යාපනය වෙනුවෙන් විශේaෂ අවධානය යොමු කරන ලදී. නොවිධිමත් අධ්‍යාපනය යනුවෙන් අදහස් කරන්නේ සෑම පුද්ගලයකුටම අවශ්‍ය දැනුම, ආකල්ප සහ කුසලතාවන් පුද්ගලයා සම්බන්ධිත පරිසරයේ එදිනෙදා අත්දැකීම්පාදක කර ගෙන පවුල , අසල්වැසියන් සහ සම වයසේ කණ්ඩායම් හෝ විවිධ කාර්මික ඒකක, වාණිජ මධ්‍යස්ථාන, ආදී පුළුල් ආයතන වෙතින් ලැබෙන අධ්‍යාපනයයි. මේ නිසා සාධාරණ විනිශ්චයන් තුළින් ගොඩනැඟුන ප්‍රයෝජනවත් ප්‍රශ්න අධ්‍යාපනඥයන්ට තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් ප්‍රායෝගික ලෙසින් භාවිත කිරීමේ අවශ්‍යතාවය ගොඩ නැගෙන්නට විය. මෙම න්‍යාය අධ්‍යාපනඥයන්ට පමණක් හොවාර්ඩ් සිමා කළේ නැත. පාසල් වෙනුවෙන්ද බහුවිධ න්‍යාය ප්‍රායෝගික ලෙසින් යොදවන ලදී. මෙම බහුවිධ නයාය පාසල් ක්ෂේත්රය තුළ ආදේශ වන අන්දම පිළිබඳව සමීප අධ්‍යයනයේ යෙදුන ගාඩ්නර් සිය අත්දැකීම් අලලා ග්රන්ථ ත්‍රිත්වයක් රචනා කළේය. හික්මීම නොලද මනස (The Unschooled Mind), බුද්ධිය නැවත ආකෘතිගත (Intelligence Reframed) කිරීම සහ හික්මවනලද මනස (The Disciplined Mind) චින්තනය යන සුවිශේෂී අංශ තුනක් යටතේ පැහැදිලි කරන ලදී. මේ නිසා අධ්යාපඥයන්ට ප්‍රවර්තන විෂය මාලාවේ සිට අධ්‍යාපන ප්‍රතිපත්ති දීශාභිමුඛ කිරීමේදී නව දෘෂ්ටියකින් බැලීමේ හැකියාව ඇති විය.
මිනිසෙකුට යහපත් ලෙසින් ජීවිතය ගෙවන්නට නම් බහු විධ බුද්ධිය අවශ්‍යම වේ. භාෂාමය බුද්ධිය සංස්කෘතික ගති පරිසරයන් මත යෑපුනද, ගුරුවරයකු මුල් කර ගෙන බලන විට මෙම බහුවිධ බුද්ධියෙන්ම සන්නද්ධ විය යුතු වේ.කෝන්හේබර් (Kornhaber 2001 : 276) සඳහන් කරන අන්දමට එක් අවස්ථාවක තවත් දෙයක් සම්බන්ධ කර ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම තිබිය යුතුය.
උදාහරණයක් වශයෙන් සාහිත්‍යමය පාඩමකදී අදාළ පාඩම සමග බද්ධව තිබෙන පද්‍යයක් ගායනීය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට මෙන්ම ඊට අදාළව සිතුවමක් චිත්‍රයට නැගීමේ හැකියාව ගුරුවරයා සතුව පැවැතියේ නම් අදාළ විෂය දරුවාට ඉතා සාර්ථක ලෙසින් ඉගෙනුමට හැකියාව ලැබෙනු ඇත. ශිෂ්‍යයෙකු සම්බන්ධ බලන විටත් මෙම සංකල්පය ඊට අනුරූප ලෙසින් බද්ධ වෙනු ඇත. එක් පාඩමක් අදාළව ඉගෙනුම ලබන දරුවා ඊට බද්ධව තිබෙන තවත් කරුණු සහ සංකල්ප සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඇත්නම් දරුවා බහුවිධ බුද්ධියෙන් ඉගෙනුම් කාර්යය සාර්ථක කර ගනු ඇත.
ගැඹුරු අවබෝධය, ක්රියාසාධනය, ගවේෂණය හා නිර්මාණශීලිත්වය වෙනුවෙන් හොවාර්ඩ් මහත් ලැදියාවක් දක්වන ලදී. ආසන්න අධ්‍යාපන සන්දර්භයෙන් බැහැරව සැලසුම් කරන ලද විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීම පහසුවෙන් ගැලපිය හැකි දෙයක් නොවේ.විෂය මාලාව (Gardner 1999: 147). රළු බවෙන් ඉහළ නම් හෝ එහිදී ක්‍රියාත්මක කළ හැක්කේ එක් තක්සේරුකරණ රටාවක් නම් බහුවිධ බුද්ධි පසුතලය වෙනස් කළ හැක. මේ පිළිබඳව ජෝන් ඩිවීගේ ඉගෙනුම් හොවාර්ඩ්ගේ අධ්‍යාපන සංකල්ප සමග මනා ගැලපීමක් දක්නට ලැබේ .ජෝන් ඩිවී ඉගෙනුම අර්කථනය කරනුයේ ළමයාට සිය වටපිටාව සහ ජීවත්වීමට අවශ්‍ය අත්දැකීම් උපයා දීමක් ලෙසින්ය.
Looking to morality. අප විසින් සෙවිය යුත්තේ බුද්ධිය සහ සදාචාරය අතර සහජීවනයයි. මිනිසුන් වශයෙන් අපි එකට ජීවත් විය යුතුයි. හොවාර්ඩ් තර්ක විතර්ක ගොඩ නගන ලදී. අපි ලෝකය ගොඩ නැගිය යුත්තේ විවිධාකාර පුද්ගලයන්ගේ Gardner 1999: 4). එකතුවක් ලෙසයි. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන සලකමින් විනයගරුක සමාජයක් සංවර්ධනය අත්‍යවශ්‍යයෙන්ම විය යුතු බව හොවාර්ඩ්ගේ න්‍යාය විය. යමෙක් බහුවිධ බුද්ධිs සියල්ල වර්ධනය කර ගත්තද, එම තැනැත්තා සදාචාර සම්පන්න හෝ ප්‍රඥාවන්ත තැනැත්තෙක් බවට සහතිකයක් නොලැබේ.
හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය වෙනුවෙන් ලියූ Frames of Mind (1983), ඇහුම්කම් දීමෙන් පසු තවත් අදහස් ගොඩ නැඟෙන්නට විය. මෙම කුසලතාවයන් හැර වෙනත් හැකියාවන් සහ ශක්තීන්ගෙන් යුක්ත පිරිස් පිළිබඳව අදහස් ගොඩ නැඟෙන්නට විය. හොවාර්ඩ් සහ ඔහුගේ අධ්‍යයන කණ්ඩායම විසින් තවත් හැකියාවන් තුනක් හඳුනාගන්නා ලදී. මෙම හඳුනා ගැනීම් පෙන්වා දෙන ලද බුද්ධි හතට අතිරේක වශයෙන් බැව් හොවාර්ඩ් (Gardner 1999: 52) සඳහන් කරන ලදී.
ගාඩ්නර්ගේ මුල් කෘතියේදී Frames of Mind (1983) ලැයිස්තුගත කිරීම විශාල ලෙසින් සාකච්ඡාවට භාජනය වූ අතර මෙම යුගයේ සමගාමි පර්යේෂකයන් විසින් පසුව සිදු කරන ලද පර්යේෂණ හා ප්‍රත්‍යාවර්ථ මගින් හඳුනාගත් අතිරේක සංකල්ප තුනක් වේ.
* Naturalist intelligence
* Spiritual intelligence
* Existential intelligence
Naturalist intelligenceපරිසරයෙන් විනිර්මුක්තව මිනිසාට ජීවත් විය නොහැක. පරිසරය සමග ජීවීන් බද්ධව ඇත. මේ නිසා තමා වෙසෙන පරිසර තත්ත්වයන් තුළ වර්ගීකරණය, රටාව සහ සංවිධානයන් හඳුනා ගැනීමට තිබෙන කුසලතාව ගැන හොවාර්ඩ් සඳහන් කරයි.(ibid.: 48). පරිණාමවාදය ඉදිරිපත් කරන ලද චාල්ස් ඩාවින් ස්වභාව ධර්මය වෙනුවෙන් සිය බුද්ධිය මෙහෙයවන ලද විශිsෂ්aටයෙකි.
Existential intelligenc සාන්දෘෂ්ටික බුද්ධිය
ඔහු විසින් ඉදිරිපත් කරන ලද නව වැනි බුද්ධිය හෙවත් මානව පැවැත්ම සමග බැඳුන බුද්ධියයි. මෙහිදී විශ්වය, ලෝකයේ පැවැත්ම වැනි සංසිද්ධීන් වෙත දක්වන කුතුහලය බුද්ධිමත් බවේ සංකේතය ලෙසින් සඳහන් කළ හැක. මේ සම්බන්ධයෙන් ඒකමතික නිර්වචනයක් ලබා දීම අපහසු බව සඳහන් කරන හොවාර්ඩ් මෙම අධ්‍යයනය ඉදිරියට ගෙන යමින් සඳහන් කරන්නේ ආකල්ප සහ හැසිරීම පාරිශුද්ධ ජීවිතය හසුරුවන ප්‍රධාන බලවේගය බවයි. පාරිශුද්ධත්වය විවිධ ලෙසින් අර්ථ දැක්විය හැක. මිනිස් ජීවිතයේ පාරිශුද්ධත්වය යනුවෙන් ජීවත් වෙන ලෝකය සහ ඔවුනොවුන් අතර ඇති අන්තර් සම්බන්ධතාවයයි. අපි සදාචාර විජීතයක පැවැත්ම පිළිගන්නවා නම් සදාචාර බුද්ධියක් පිළිබඳව කතා කළ හැකිද? මෙයින් වක්‍රව හඟවන්නේ සුවිශේෂී සදාචාර සංග්රහයක පිළිගැනීමක් නම් හොවාර්ඩ්ගේ සදාචාර බුද්ධිය ගාර්ඩ්නර් අරුත් දක්වන අන්දමට සදාචාර ක්ෂේත්රයේ වැදගත් සංඝටකය වන්නේ පුද්ගල නියෝජිතභාවය හා පුද්ගලයා සතු වැඩ කොටසයි. එය සමාජයේ අනෙකුත් අය සම්බන්ධයෙන් විච්äන්න කළ නොහැකි භුමිකාවක් තමාට ඇති බව උපකල්පනය කිරීමයි. සමාජයේ අනෙකුත් අය කෙරෙහි දක්වන තම චර්යාව සන්දර්භගත විශ්ලේෂණයේ ප්‍රතිඵල ප්‍රත්‍යාවර්ථ බව හා තම සිතැඟි ක්‍රියාත්මක කිරීම මෙහිදී අර්ථ ගැන්වෙනු ඇත. ඉහත භුමිකාවන් මැනවින් සාක්ෂාත් කර ගැනීමට නම් යම් බුද්ධි පරාසයක් නිසැකයෙන්ම අවශ්‍ය වේ. මෙම පරාසයට පුද්ගල, භාෂාමය, තාර්තික හා ඇතැම්විට පැවැත්ම පිළිබඳ (සාංදෘෂ්ටික) බුද්ධි ස්වරූප අඩංගු වෙන අතර මෙය එක් අතකින් සමාජයට ඇවැසි පුද්ගලයාගේ ස්වරූපය පිළිබඳ මූලික ප්‍රකාශයක්ද වේ. නමුත් ඒ නිසාම මෙය බුද්ධිය යෑයි කිව නොහැක. එසේනම් සදාචාරශීලීත්වය යනු ස්වීයත්වය (පෞරුෂය), පුද්ගලභාවය, පුද්ගල කැමැත්ත, අධිෂ්ඨානය, චරිතය හා ඉතාම සන්තුෂ්ටිදායක සිද්ධීන් සම්බන්ධයෙන් නම් එය මානව ස්වභාවයේ උත්කෘෂ්ටම සාක්ෂාත්කරණයයි.
ගාර්ඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යායට සම්බන්ධ විවේචන
හොවාර්ඩ්ගේ බහුවිධ බුද්ධි න්‍යාය වෙනුවෙන් විවිධ විවේචන ගොඩ නැඟුන අතර ඒ වටා ගොඩ නැගුන විවාදාත්මක ප්‍රධාන ප්‍රශ්න තුනක් විය.
හොවාර්ඩ් ගාඩ්නර් විසින් යොදාගත් නිර්ණායකයන් ප්‍රමාණවත්ද?
ජෝන් වයිට් ( 1997 ) හොවාර්ඩ්ගේ න්‍යායේ අඩුපාඩු ගැන අදහස් දක්වමින් කියා සිටින්නේ හොවාර්ඩ් විසින් ඉදිරිපත් කරනු ලබන බහුවිධ බුද්ධිය ඔහුගේ නිර්ණායකයන් වෙනුවෙන් වූ සංකේතයන් විය යුතුද? යන්නයි. මෙම නිර්ණායකයන් ඔහු තෝරා ගත්තේ කෙසේද? මෙම නිර්නායකයන් ඒ වෙනුවෙන් අදාළත්වයක් දක්වන්නේද? වයිට් කියා සිටින්නේ තමා හොවාර්ඩ්ගේ න්‍යාය වෙතින් කිසිදු පිළිතුරක් ලබා ගැනීමට අපොහොසත් වූ අතර මෙම න්‍යාය වයිට් විසින් දකින්නේ හොවාර්ඩ් විසින් ඉදිරිපත් කරන ලද විෂය විනිශ්චයක මුලිකාංගයක් පමණක් බවය.
හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය වෙනුවෙන් යොදා ගත් සංකල්ප වෙනුවෙන් භාවිතා කරන ලද සාක්ෂි ප්‍රමාණවත්ද ?
හොවාර්ඩ්ගේ න්‍යාය වෙනුවෙන් ගොඩනගන ලද විවේචනය වී ඇත්තේ මෙම න්‍යාය වෙනුවෙන් හොවාර්ඩ් පාදක කර ගෙන ඇත්තේ තමන්ගේ ආයතන මිස පර්යේෂණ භුමිකාවක බුද්ධිය මැනීමෙන් ලත් ප්‍රතිඵල නොවේ. විවිධ බුද්ධීන් ගණනය කොට අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා නිසි පරිදි භාවිතා කරන ලද මිනුම් ඇගයුම් නොවීය. ඔහු සඳහන් කරන්නේ මම වතාවක් එක් එක් බුද්ධිය වෙනුවෙන් ගණනයක් ගැන සිතුවා. බුද්ධිය කියන්නේ බොහොම නිවරැදී තොරතුරු දැක්වීමක්… මේ නිසා තීන්දුවක් ගැනීමේදී ලකුණු සහ විවිධ පරීක්ෂණ පිළිබඳව සහසම්බන්ධතාවයක් තිබිය යුතුයි. යම් තැනැත්තෙකුට එක් එක් බුද්ධිය පිළිබඳව මැනීමට විවිධ මානයන් තිබේ නම් හසල බුද්ධිය මැනීම වෙනුවෙන් මෙම ද්‍රව්‍ය සහ ක්‍රමවේදයන් පහසුවෙන් යොදා ගත හැකි බව ගාඩ්නර් (Gardner 1999: 98) සඳහන් කරයි.
නමුත් ගාඩ්නර් බුද්ධිය මැනීම වෙනුවෙන් හඹා ගියේ නැත. මේ වෙනුවෙන් පුද්ගලයන් ලේබල්ගත කිරීම ගැන ඔහු බෙහෙවින් කනස්සල්ලට පත් වූයේය. ඔහු කියා සිටින්නේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන විමසන මෙම පර්යේෂණයන්ද බහු විධ බුද්ධිය පිළිබඳව වූ සංකේත වෙනුවෙන් අඛණ්ඩව දක්වන සහයෝගයක් බවයි.
නිගමන
හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යායේ විවේචන පැවැතියද, තවමත් අධ්‍යාපනය වෙනුවෙන් මෙම න්‍යාය උපයෝගි කර ගෙන ඇත. අධ්‍යාපනඥයන්ට ඇති වෙන ගැටලු සමග සීමාවන් සමග ඔවුනට පරීක්ෂණ, හැකියාවන් පිළිබඳ දේශන සහ විෂයමාලාව සමග එයින් ඔබ්බට කටයුතු කිරීමේ හැකියාව ලැබෙනු ඇත. මින්ඩි කොන්හබර් සහ Mindy Kornhaber අනුගාමිකයන් විසින් ගෙන ගිය ව්‍යාපෘතියේ SUMIT (Schools Using Multiple Intelligences Theory) ප්‍රතිචාරවලදී පෙනී ගියේ මේ වෙනුවෙන් බොහෝ සෙයින් ගෞරවාන්විත පිළිගැනීමක් ලැබුණ බවයි. පාසල් කිපයක් වෙනුවෙන් මෙම බහුවිධ න්‍යාය ආදේශ කර ගත් අතර මව්පිය සහභාගිත්වය සහ විනය පිළිබඳව මෙහිදී ලද ඇගයීම් පාදක කර ගෙන හොවාර්ඩ්ගේ න්‍යාය පුළුල් කිරීමෙන් අධ්‍යාපන විද්‍යාඥයන්ට තමන්ගේ ක්ෂේත්රය වෙනුවෙන් මෙම න්‍යායේ පරාවර්තනයන් පිළිබඳව ස්වයං අධ්‍යයනයක යෙදීමේ අවස්ථාව ඇති විය. මෙම බහුවිධ බුද්ධි න්‍යායේ පුළුල් දැක්මත් සමගම මිනිසුන්ට ජීවත්වීම වෙනුවෙන් මෙම න්‍යාය ප්‍රයෝජනවත් අවස්ථාවක් බැව් පැහැදිලිව පෙනෙන්නට විය.
මෙම ව්‍යාපෘතිය SUMIT (2000) අධ්‍යාපනයේ යා යුතු ගමන්මඟ වෙනුවෙන් අධ්‍යාපනඥයන් හසුරුවන දර්ශකයක් වුවා යෑයි කිවහොත් එය වඩාත් නිවරැදී වේ. බහුවිධ බුද්ධි න්‍යාය ප්‍රායෝගික ලෙසින් යොදාගත් පාසල් සහ ශිෂ්‍යයන් වෙතින් විද්‍යමාන වූ සාර්ථකත්වය සමග බහුවිධ බුද්ධි න්‍යාය වෙනුවෙන් අවශ්‍ය පරිසර තත්ත්වයන් මේ අන්දමින් විස්තර කොට ඇත.
සංස්කෘතික පරිසරය -ඉගෙනුම පුදුමාකාර දෙයකි. ඒ වෙනුවෙන් මඟ පෙන්වන්නෝ ගුරුවරුන්ය. විවිධ ගති පැවැතුම් ඇති ශිෂ්‍යයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සාරධර්ම පද්ධතියක් ගොඩනැගීම අවශ්‍යය.
සුදානම ( වටපිටාව-ගොඩනැඟිලි වැනි භෞතික සම්පත් ශිෂ්‍යයන් වෙනුවෙන් විවිධාකාර සහ විචිත්‍ර ලෙසින් යොදා ගැනීම.
උපකරණ( බහුවිධ බුද්ධි න්‍යායට අනුව ශිෂ්‍යයන්ට ඉගෙනුම් ක්‍රියාවලියේදී න්‍යායාත්මක කරුණුවලට වඩා උසස් ප්‍රමිතියේ උපාංගයන් යොදා ගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් වෙනුවෙන් ශිෂ්‍යයන් යොමු කිරීම.
සහයෝගිතාවය- විධිමත් සහ නොවිධිමත් අධ්‍යාපනය පිළිබඳව ගොඩ නැඟෙන සංවාද මගින් ඉදිරිපත් වෙන අර්ථපූර්ණ යෝජනාවන්ගෙන් ඵලදායි සහයෝගිතාවයන් අධ්‍යාපනය ගොඩනඟා ගැනීම.
අවස්ථා- පුළුල් සංස්කෘතික පරිසරයේදී දරුවන්ට ලබා දෙන ක්‍රියාකාරකම් ලබා දෙමින් අර්ථවත් විෂය මාලාවන් සහ තක්සේරු වෙනුවෙන් අවස්ථාවන් ඇතුළත් කළ හැක.
කලාව – කලාව වෙත දරුවා යොමු කරමින් ඔහුගේ හැකියාවන් සහ විනය පිළිබඳව ශික්ෂණයද ලබා දීම.
නොවිධිමත් අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයින් විසින් මෙම න්‍යායට බෙහෙවින් සාවදානව ඇහුම්කන් දුන් අතර ව්‍යාපෘති සහ ඒජන්සි වෙනුවෙන් මෙම න්‍යාය ආදේශ කර ගත්තා පමණක් නොව තමන්ගේ අධ්‍යාපන කාර්යාවලිය තුළ එහි ප්‍රතිඵල පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණයේ යෙදුනාහ. විධිමත් අධ්‍යාපනඥයන් සම්ප්‍රදායානුකූලව අන්තර් පුද්ගල සහ අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් තුළ වූ සාරධර්ම වෙනුවෙන් විශේෂ අවධානයක් දක්වන ලදී. හොවාර්ඩ්ගේ හඳුනාගැනීමට අනුව කලාව මොළයේ සේවනයකි. භාෂාව සහ ගණිතය මිනිසාගේ ප්‍රායෝගික ජීවිතය උසස් ලෙසින් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ඇගයීමට ලක් කර ඇත. ගීතයක ගායනීය රටාව හඳුනාගත් දරුවා වෙතින් සංගීතමය බුද්ධිය ඔප් නැඟෙනු ඇත. චිත්‍රයක් දෙස බලා නව නිර්මාණයක් දරුවා වෙතින් බිහිවෙනු ඇත. මේ අන්දමට පංති කාමරය වෙතින් මතු දින බහුවිධ බුද්ධියෙන් සන්නද්ධ දරුවෙකු නිර්මාණය කිරීමට නම් සදාචාර සම්පන්න ගුරු භුමිකාව ඉතා වටිනා තෝතැන්නක් වෙනු ඇත.
උපුටාගැනීමකි.
කාල් මාක්ස්ගේ දර්ශනය..
කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් “කොමියුනිස්ට් ප්රකාශනය”(1848) සහ “දාස් කැපිටාල්” (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගනී.
ඵෙතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි. ප්‍රාථමික හා ද්විතික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සහයේදී ප්රතිවිරෝධතා යුගය ආරම්භ වේ. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමග ඵම ප්රතිවිරෝධ පංති වශයෙන්,ඵෙතිහාසිකව ගොඩනැගුනේ යයි මාක්ස් සඳහන් කරයි. මානව ඉතිහාසයේ ඵ් ඵ් යුගවල පංති අරගලයක් තිබු අතර ඵ්වා අතර සුවිශේෂතා පැවතිණ. සමාජ ක්‍රමය දේශගුණය හා භූගෝලීය සාධක නොව ඵෙතිහාසික පරිවර්තනයන් අනුව, වෙනස් වන බව මාක්ස් පැවසුවේය. සමාජය පංතිවලට බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන, ආචාරමය, ආගමික හා දාර්ශනික අදහස් ගොඩනැගෙන අතර ප්‍රබල පංතියේ බලය හා ආධිපත්‍ය ආචාර එමගින් ස්ථාපිත වන්නේ යැයි මාක්ස් සඳහන් කරයි. නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ යයි මාක්ස් සඳහන් කරයි. ප්‍රධාන නුතන පංති වනුයේ ශ්‍රමික පංතිය, ප්‍රාග්ධන හිමි පංතිය, හා ඉඩම් හිමි පංතියයි. පිලිවෙලින් මේ අයගේ ආදායම් මාර්ග වනුයේ වැටුප්, ලාභය හා ඉඩම්ය.
මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි. ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී.
- තමන් නිෂ්පාදනය කරන ද්‍යසයම හෝ නිෂ්පාදනයෙන් මිනිසා පරාරෝපනය වීම. කම්කරුවා තමා භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වුවත් එහි අයිතිය හිමි වී නැත. භාණ්ඩයේ වටිනාකම අනුවවැටුපක් ද ඔහුට නොලැබේ.
- කම්කරුවා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පරාරෝපනය වීම. නිෂ්පාදනයේ ශ්‍රමය පරාරෝපනය වීම පමනක් නොව නිෂ්පාදනයෙන් ද පරාරෝපනය වීමක් ද දැක්විය හැකිය.
- කම්කරුවා ඔහුගෙන්ම පරාරෝපනය වීම. නිෂ්පාදන ශ්‍රමයෙන් නිෂ්පාදනයෙන් පමණක් නොව ඔහුගෙන් ඔහුගේ පෞරුෂයෙන් පරාරෝපනය වේ. වැඩ සෙවකයාගෙන් පරිභාහිරව පවතී.
- පරාරෝපනය වු මිනිසා මානව ප්‍රජාවෙන් ද පරාරෝපනය වේ. සහචරයන්ගෙන් ද පරාරෝපනය වේ. එකිනෙක මිනිසා එකිනෙකාගෙන් පරාරෝපනය වීම දැකගත හැකිය.
පංති ගැටුම
කාල් මාක්ස් තම පංති ගැටුම පිළිබදව මුලින්ම අදහස් දක්වන්නේ 1848 දී පළ කළ කොමියුනිස් ප්‍රකාශය නම් ග්‍රන්තය මගිනි.මෙම කෘතියේ දී ඔහු මෙතෙක් පැවති සියළු සමාජවල ඉතිහාසය පංති අරගලයේ ඉතිහාසය යැයි මාක්ස් සදහන් කරයි.මාක්ස් විසින් සෑම සමාජයකම පංති ස්ථර දෙකක් පෙන්වා දෙයි.ඒ පංති දෙක පොදුවේ පාලක හා පාලිත ලෙස දැක්විය හැක.මෙහිදී ඔහු පංතිය නිර්වචනය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට දක්වන දායකත්වය මතය.සමාජ පරිණාමය සමග පංතීන් සංවර්ධනය වූ අයුරු මාක්ස් පෙන්වාදෙයි.මාක්ස් විසින් සමාජ සංවර්ධව අවධි 5ක් දෙයි.
- ප්‍රාථමික කොම්යුනිස්ට් අවධිය
- වහල් අවධිය
- වැඩවසම් අවධිය
- ධනවාදී අවධිය
- සමාජවාදී අවධිය
- සුපිරි කමියුනිස්ට් අවධිය
ප්‍රාථමික කොමියුනිස්ට් අවධිය පංති විරහිත සමාජයකි.එම අවධියේ මිනිසාට පෞද්ගලික දේපල පිළිබද අදහස් නැත.සියල්ලෝම පොදුවේ සම්පත් පරිහරණය කළහ.කිසිවකුට සම්පත් තනිව භුක්ති විදීමේ අවශ්‍යතාවයක් නැත.මෙම අවධිය දඩයම් හා එඩේර යුගයන්ට සමකල හැක.
මෙම ප්‍රාථමික සමාජයන්හි මිනිසා කාලයක් යනවිට පෞද්ගලික දේපල පිළිබද හැගීම වර්ධනය වීමත් සමග ප්‍රාථමික සමාජ තත්වයෙන් මිදී වහල් සමාජය දක්වා පරිණාමය වෙයි.ලොව බිහිවන මුල්ම පංති සහිත සමාජය වහල් සමාජයයි.වහල් සමාජයෙහි වහල් හිමියන් ධනයෙන් හා බලයෙන් ඉදිරියෙන් සිටී.වහල් හිමියන් විසින් තම බලය යොදාගනිමින් වහලුන් දැඩි පීඩනයට පත් කරමින් තම අවශ්‍යතා ඉටුකරගනී.වහලාට සමජීය වශයෙන් දැඩි පීඩනයන්ට පත්වීමට සිදුවේ.ඔවුනට අයිතිවාසියම් සීමා විය.ඔහුගේ සියලු ක්‍රියාකාරකම් වහල් හිමියාගේ පාලනයට නතුවිය.මේ ආකාරයට වහලුන්ට සිදුවූ අසාධාරණයන් යමුවේ වහලුන් විසින් වහල් හිමියන්ට විරුද්ධව සිදුකළ අරගල හේතුවෙන් වහල් සමාජය බිදවැටී වැඩවසම් සමාජය දක්වා සමාජය පරිණාමය විය.
වැඩවසම් සමාජය තුල ප්‍රධාන වශයෙන් පංති දෙකක් දක්නට ලැබේ.ඒ රදළ ඉඩම් හිමියන් හා ප්‍රෙව්ණිදාසයන් වශයෙනි.මෙම සමාජ ක්රමයේ දී ඉඩම් අයිතිය රදළයන් සතුවූ අතර ඔවුන් සතු ඉඩම් භුක්තිය වෙනුවෙන් ප්‍රෙවණිදාසයන් විසින් රදළයාට යම් වන්දියක් ගෙවිය යුතුය.මෙහි ප්‍රධාන නිෂ්පාදන සාධකය ඉඩමයි.රදළයාට අයත් ඉඩමේ සම්පත් පරිහෝජනය හා ආයොජනයද ප්‍රෙව්ණිදාසයා විසින් සිදුකරයි.බොහෝවිට රදළයාට අයත් ඉඩමේ වගා කිරීමත් ඒයින් කොටසක් රදළයාට ලබාදීමත් සිදුවිය.මීට අමතරව රදළයා වෙනුවෙන් ශ්‍රමය සැපයීමද සිදුවිය.මෙහි දීද රදළයන් විසින් ප්‍රෙව්ණිදාසයන් පීඩනයට පත් කිරීම හමුවේ ප්‍රෙව්ණිදාසයන් තම සදාරණත්වය උදෙසා කළ සටනේ ප්‍රථිපලයක් ලෙස වැඩවසම් සමාජය බිදවැටී ධනවාදී ජමාජ ක්‍රමය බිහිවේ.
වහල් සමාජෙය් වහලාත් වැඩවසම් සමාජයේ ප්‍රෙවේණිදාසයාත් කුමන අයුරින් නිෂ්පාදන කටයුතු සදහා තම ශ්‍රමය අසීමිතව කැප කලද ඔහුට උපතින් උරුමවූ ආරෝපිත තත්වයෙන් මිදීමට නොහැකි වුවද ධනවාදී සමාජ ක්‍රමයතුල නිර්ධනයාට උස්සාහය මගින් ධනපතියකුවීමේ භාග්‍ය ඇත.වහලා වහල් හිමියා මෙන්ම රදළයා හා ප්‍රෙව්ණි දාසයා යන තත්වයන් ආරෝපිත තත්වයන් වන අතර ධනවාදී සමාජයේ ධනපතියා හා නිර්ධනයා සාධිත තත්වයන් දෙකකි.ධනවාදී සමාජයතුල ප්‍රධාන නිෂ්පාදන සාධකය ශ්‍රමයයි.නිර්ධනයා විසින් තම ශ්‍රමය ධනපතින්ට වැටුපට විකුණයි.මෙම ධනවාදී සමාජ බොහෝවිට කාර්මික සමාජවේ.කර්මාන්ත හිමිකාරීත්වය ධනපතියාට අයත්ය.ධනපතියා විසින් නිර්ධනයාගේ ශ්‍රමය නිර්දයලෙස සූරාකෑම නිසා ධනපතියා හා නිර්ධනයා අතර ගැටුම ඇතිවේ.එහි ප්‍රථිපලයක් ලෙස පංති වරහිත සමාජයක්වන සමාජවාදී සමාජය දක්වා පරිණාමය සිදුවේ.
මීලගට බිහිවන සමාජවාදී සමාජයේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන බලවේගය වන්නේ රජ්‍යයයි.සමාජවාදී සමාජයේදී කම්කරු පංතිය ජන්දදායකයන් ලෙස රජ්‍ය හැසිරවීමේ බලය ලබාගනී.මෙහිදී ධනපතියාට බලය අහිමී ඇත.ජනතාව වෙනුවෙන් ජනතාව විසින්ම පත්කරනු ලැබූ පාලකයන් විසින් ආර්ථිකය හසුරුවන අතර සමාජ සේවා කටයුතු රජය විසින් සිදුකරයි.කෙසේ වෙතත් කිසිම සමාජයක සම්පූර්ණයෙන්ම සමාජවාදීවූ සමාජයක් හෝ ධනවාදී සමාජයක් ප්‍රාෙයා්ගිකව දක්නට නැත.සමාජවාදී සමාජවල දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් ලෙස ආදායම් විෂමතාව අවමවීම දැක්විය හැක.මෙවන් සමාජවල ධනවාදි සමාජවල මෙන් නොව ලාභ අපේක්ෂාවකින් තොරව සමාජ සුභසාධනයේ යෙදෙනු දක්නට ලැබේ.
මීලගට මාක්ස් දක්වන ආකාරයට සමාජයේ ඉහළම සමාජ පරිණාමීය අවධිය වන්නේ සුපර් කමියුනිස් සමාජයයි.මෙය ද පංති විරහිත සමාජයකි.මෙය පංති විරහිත සමාජයක් බැවින් ගැටුම් ඇති නොවේ.මෙය දේශපාලනමය නොවූ රජ්‍ය විරහිත සමාජයකි.මෙය කොමියුනිස්ට්වාදී ස්වංපාලනයක් ලෙස සංකල්පගත කෙරේ.කෙසේ වෙතත් මෙම සමාජය හුදෙක් මාක්ස් ගේ මනෝරාජිකයක් පමණක් පවත් එය කිසි විටෙක ප්‍රායෝගික නොවන හිතළුවක් පමණක් බවත් බොහෝ දේශපාලන විචාරකයන් සදහන් කරයි.
පරාරෝපණය
පරාරෝපනය යනු යමක් තමා සතුව තිබී පසුව එය තමාගෙන් ඈත්වී තමාට එරෙහි ශක්තියක්වී තවදුරටත් වර්ධනය වෙම්න් තමාව පීඩාවට පත්කරන ශක්තියකි.මෙය තවදුරටත් සරළව කිවහොත් තමාගේ දෑ තමාගෙන් වෙන්වී කිසියම් ශක්තියත් ලෙස වර්ධනය වෙමින් තමාව පීඩාවට පත්කිරීමයි.මෙම සංකල්පය මාක්ස් ගේ සොයා ගැනීමක් නොව මීට පෙරසිටි දාර්ශනිකයන්ද මෙම සංකල්පය භාවිතාකරඇත.එහෙත් අතීත දාර්ශනිකයන් මෙම සංකල්පය භාවිත කළේ ආගම පිළිබද අදහස් ප්‍රකාශ කිරීමටය.එනම් දෙවියන් යනු මිනිසාගේ නිර්මානයක් මිස මිනිසා යනු දෙවියන්ගේ නිර්මාණයක් නොවන බවයි.මිනිසා විසින් ස්වභාව ධර්මයේ තමාට වටහාගත නොහැකි සංසිද්දීන් අදෘශමාන දෙවියකුට බාරදී මිනිසා විසින්ම නිර්මානය කරගත් දෙවියන්ට යටත්වී ජීවත්වීම පරාරෝපනයට සම්භන්ධ කරමින් අදහස් දැක්වීය.එහෙත් මාක්ස් මෙම සංකල්පය භාවික කරන්නේ ආර්ථික හා දේශපාලන දෘෂ්ටි කෝණයකිනි.එනම් ධනවාදී අර්ථ ක්රමයේ දී නිර්ධනයා හෙවත් ශ්‍රමිකයා විසින් ධනපතියාට අයත් කර්මාන්ත ශාලාවල සේවය කිරීම මගින් තම ශ්‍රමය ද්‍රව්‍යකරණයට භාජනය කරමින් ආර්ථික භාණ්ඩ නිපදවයි.එමගින් කම්හල් හිමිකාරීත්වය දරණ ධනපතීන් ශ්‍රමියයන් විසින් නිපදවූ භාණ්ඩ වෙළදපොළේ විකිණිම මගින් ප්රාග්ධනය නිපදවයි.ධනපතියා සතුවන මෙම ප්රාග්ධනය පසුව නිර්ධනයා සූරාකෑමට යොදාගනී.නිර්ධනයාගේ ශ්‍රම ශක්තිය පසුව ධනපතියාගේ ප්රාග්ධනය බවට පත්වී ධනවාදී සමිාජය තුල බලවත්වී නැගී සිටින්කේ ධනපතියාය.
උපරි වයුහය හා අධෝ ව්‍යුහය
කාල් මාක්ස් විසින් සමාජයක ව්‍යුහය ප්‍රධාන කොටස් දෙකකට බෙදයි.ඒ අධෝ ව්‍යුහය හා උපරි ව්‍යුහය යනුවෙනි.මෙමගින් සමාජය දෙමහල් ගොඩනැගිල්ලකට සමාන කරයි.යම් ගොඩනැගිල්ලක ප්‍රධානම කොටස පදනමයි.එසේත් නැතිනම් බිම්මහළයි.මෙය ශක්කිමත් වන තරමට ගොඩනැගිල්ලේ ආයුෂ රදාපවතී.එසේම යම් සමාජයක වඩාත් ශක්තිමත් වියයුත්තේ ආර්ථික සංස්ථාව බව මාක්ස් අවධාරණය කරයි.ආර්ථිකය හැර අනෙකුත් සියළුම සංස්ථා උපරි ව්‍යුහයට අයත්ය.එනම් ආගම නීතිය අධ්‍යාපනය කලාව සදාචාරය සියල්ල උපරි ව්‍යුහයට අයත්ය.
ආගම පිළිබඳ මාක්ස්ගේ අදහස්
ආගම පිළිබද අදහස් දැක්වීමේදීද මාක්ස් පරාරෝපන සංකල්පය භාවිත කරයි.පරරෝපනය මගින් මිනිසා තම අවට පරිසරයේ තමාට තේරුම්ගත නොහැකි සිදුවීම් අදෘෂමාන බලවේගයන්ට පවරා ඊට යටත්ව ජීවත්වීමට පිනිසා පෙළඹේ.ප්‍රාථමික කමියුනිස්ට් අවධියේදී තමාට තේරුම්ගත නොහැකි දෑ විස්තර කිරීමට ආගමික හා අභිචාරාත්මක පදනමක පිහිටා දෙවියන් හා ආගමවෙත බලය පැවරුවද පංති සහිත සමාජයන් බිහිවීමත් සමග පාලක පංතිය විසින් පාලිතයන් කෙරේ තම බලය පතුරුවා හැරීමට දේව විශ්වාස හා ආගම භාවිත කළහ.මාක්ස් තවදුරටත් අගම පිළිබද දක්වන්නේ මෙවැනි අදහසකි˘මුළු මහත් ජීවිකාලයක් තිස්සේ වැඩකරමින් අග හිඟකම් වලින් මිරිකෙමින් මිහිපිට ජීවත්වනතුරු යටහත් පහත් කමින් හා ඉවසීමෙන් ජීවත්විය යුතු බවත් ඒ වෙනුවට මරණින්මතු ලැබෙන දිව්‍යමය සම්පත් බලාපොරොත්තුවෙන් සැනසුම ලැබිය යුතු බවත් ආගම උගන්වයි. එහෙත් අනුන්ගේ ශ්‍රමය සූරාකමින් ජීවත්වන අය මිහිපිට ජීවත්වන කාලය තුල පිනට දියයුතු බව ආගම උගන්වයි.˘
ඒ අනුව සූරා කන්නන් ගේ මුළු මහත් ජීවන පැවැත්මම සාධාරණ යැයි කියන ආගම දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් භුක්ති විදීම සදහා පහසු මිලට බලපත්‍ර විකුණයි.එබැවින් ප්රාග්ධනයේ වහලුන් විසින් තම මිනිස් ප්‍රතිරූපය ගිල්වා දමන අඩු වැඩි වශයෙන් මිනිසකුට තරම්වන ජීවිතයක් සදහා ඔවුන්ගේ ඉල්ලීම් ගිල්වා දමන ආගම වූකලී එක්තරා අතකින් ආද්‍යාත්මික මත්වීමක් වැනිය.ආගම යනු පුද්ගලයා මත් කරන අබිං වලට සමානය යනුවෙන් තවදුරටත් මාක්ස් ප්‍රකාශ කරයි.මාක්ස් දක්වන ආකාරයට ආගම සැමවිටම පාලක පංතියටම සේවය කරයි.ඒ අනුව ධනපති පංතිය ආගම වගා කරන අතර ධනපති ජංතියේ අවංක සඟයා ලෙස ආගම ක්‍රියා කරයි.පාලක පංතිය ආගමට සෑම සහයෝගයක්ම ලබාදෙමින් මනස්කාරවාදී දර්ශනය දිගටම පවත්වා ගනිමින් එය තම පාලන බලය තහවුරු කරන අවියක් බවට පත්කරගනී.ධනපති පංතියේ අණ පිළිපදින පූජකයන් හා ප්රතිගාමී විද්‍යාඥයන් විද්‍යවේ ප්‍රහාරයෙන් ආගම බේරා ගැනීම සදහා එකට එකතුව ක්‍රියාකරයි.සූරා කන්නන්ගේ බලය තහවුරු කිරීම සදහා ආගම දැඩි මෙහෙයක් ඉටුකරයි..මාක්ස් අවසාන වශයෙන් දක්වන්නේ මිනිස් සංහතියමත පටවා ඇති ආගම නැමැති වියගස සමාජයේ ඇති ආර්ථික වධබන්ධන නැමැති විය ගසේම ප්‍රතිබිම්බයක් බවයි.
කාල් මාක්ස් ප්‍රකාශකරන ආකාරයට ආගම සැමවිටම පංති සහිත සමාජයක් නිර්මාණය කිරීමට හා එහි පාලක පංතිය ආරක්ෂා කිරීමට වෙහෙසෙයි.ආගම විසින් වහලා ප්‍රෙව්ණිදාසයා මෙන්ම නිර්ධනයා තමාට උපතින් හිමිවූ තත්වයේම රැදී සිටීමට උපදෙස් දෙයි.තමා එසේ ඉපදීමට හේතුව දේව කැමැත්ත හෝ කර්මය බව ආගම උගන්වයි.ආගම මගින් ධනාත්මක චින්තනයට වඩා ඍණාත්මක චින්තනය වපුරුවයි.මිනිසා විසින්ම නිර්මානය කළ ආගමට සියළු බලය ලබාදී ආගමේ වහලකුවී මිනිසා ජීවත්වීම නිසා මිනිසාගේ තාර්කිත චින්තනය නිර්මාණාත්මකභාවය මොටවීයයි.ආගම සැමවිටම පවත්නා තත්වය වෙනස්කිරීමට නොව ඒතුලම ගැලී සිටීමට උපදෙස් දෙයි.ඉදිරි ගමන වලක්වයි.එබැවින් මාක්ස් ප්‍රකාශ කරන්නේ “මිනිසා ආගම නිර්මාණය කළද ආගම මිනිසාව නිර්මානය නොකරනබවයි”.එබැවින් මක්ස්වාදය අනුගමනය කළ රටවල් වේගයෙන් දියුණුවූ බවත් ආගම හා සංස්කෘතිය තුල ඇලීගැලී සිටි සමාජයන් සහිත රටවල් තවමත් දියුණුවෙමින් පවතින රටවල් ලෙසත් පවතිනබව මාක්ස්වාදී විශ්ලේෂකයෝ අවධාරණය කරයි.
ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්
සරළ බසින් පැවසුවහොත්, ආත්ම විශ්වාසය යනු, තමාගේ වටිනාකම සහ හැකියාවන් තමාට දැනෙන ආකාරයයි. ආත්ම විශ්වාසය පහළ වැටෙන විට ඔබේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය, රැකියාව, මිතුදම්, අනෙක් පෞද්ගලික සම්බන්ධතා ආදිය නිතැතින්ම අඩපණවීම සිදුවේ. ඔබ දිවිය පුරාම බිඳවැටුණු ආත්ම විශ්වාසය සමග ගැටෙමින් ජීවත් වූවා විය හැක. නැතහොත්, මෑතකදී සිදුවූ යම් යම් සිදුවීම් නිසා ආත්ම විශ්වාසය බිඳවැටුනා විය හැක. කෙසේ වුවත්, යලි ආත්ම විශ්වාසය ගොඩනංවා ගැනීමට ප්‍රමාද නැත. එසේ නම්, ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා කුමක් කල යුතුද?
ඵලදායී යමක් කරන්න.
ඔබ සතුව යම් කාර්යයන් ලැයිස්තුවක් තිබෙන මුත්, යම් යම් හේතූන් මත ඒවා ක්‍රියාත්මක නොකර පසෙකට කර තිබෙනවා විය හැක. එසේ නම්, යලි වැඩකිරීම ආරම්භ කිරීමට වෙලාව පැමිණ ඇත. කාමරය පිරිසිදු කිරීම හෝ පැල කිහිපයක් සිටුවීම වැනි සරළ දෙයක් මුලින්ම කරන්න. එවැනි කුඩා කාර්යයක් වුවද, සාර්ථකව අවසන් කිරීමෙන්, ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය වේ. එවිට ක්‍රමයෙන්, වඩා සංකීර්ණ කාර්යයන් කිරීම දක්වා එය වර්ධනය කරගත හැක.
යම් දක්ෂතාවයක් ප්‍රගුණ කරන්න.
ඔබව අන් අය අතර කැපීපෙනෙන හෝ අනෙක් අය විසින් අගය කිරීමට ලක්වන, යම් ක්‍රියාවක් හෝ දක්ෂතාවයක් සොයාගෙන එය ප්‍රගුණ කරන්න. එවිට, ඔබේ දක්ෂතාවය පිළිබඳ ඔබටම ආඩම්බර විය හැක. ඔබ නර්ථනයට දක්ෂ නම්, එය ප්‍රගුණ කලහැක. ඔබ චිත්‍ර ඇඳීමට දක්ෂ නම්, එය වැඩිදියුණු කරගත හැක. ඔබ ගීත ගායනයට දක්ෂ නම්, එය තවදුරටත් පුහුණු විය හැක. මෙසේ, ඔබ කුමන ක්‍රියාවකට දක්ෂ වුවද, එය වර්ධනය කරගැනීම ඔබටම අභියෝගයක් කරගෙන, වැඩිදියුණු කරගැනීමෙන් ආත්ම විශ්වාසය ඉක්මනින් වර්ධනය වේ.
ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් කරන්න.
ව්‍යායාම කිරීම ඔබගේ චිත්ත ස්වභාවය (Mood) ඉහළ දමන අතර, ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීමට හේතුවේ. රැකියාව නිමවීමෙන් පසුව, ඇවිදීම වැනි සරළ ක්‍රියාකාරකමකින් පවා ඔබේ ශරීරයේ ශක්තිය සහ සෞඛ්‍යය වර්ධනය වී ඇති බවට හැඟීමක් ඔබට ඇතිවේවි.
තමාටම කථා කරන රටාව වෙනස් කරන්න.
ඔබ පිළිබඳව ඔබටම හැඟෙන ආකාරය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට, ඔබ ඔබටම ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්නට හැකියාව ඇත. ඉතා කුඩා වැරදීමක් වූ විට පවා, එය විශාල වැරැද්දක් හෝ බිඳවැටීමක් ලෙස සිතන්නේ නම්, ඔබේ ආත්ම විශ්වාසයට සිදුවන්නේ විශාල හානියකි. ඕනෑම සිදුවීමක හෝ වැරදීමක, ධනාත්මක පැතිකඩ දැකීමට හුරුවන්නේ නම්, ඔබ පිළිබඳව ඔබ සිතන ක්‍රමය වෙනස් වී, ආත්ම විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. සැමවිටම, ඕනෑම වැරදීමක්, එය සාර්ථකව අවසන් කිරීමට පාඩමක් කරගන්න.
බාහිර පරිසරයේ කාලය ගතකරන්න.
බොහෝවිට, බොහෝ දෙනෙක් රැකියා කරන ස්ථානය තුළ සිරවී සිට නිවසට පැමිණි විටද, නිවස තුළටම වී කාලය ගතකරනු දැකිය හැක. නිදහසේ බාහිර පරිසරයට වී විනාඩි 5 ක් පමණක් ගතකිරීමෙන් වුවද, ආත්ම විශ්වාසය වැඩිවන බව සොයාගෙන ඇත. එමනිසා, විනෝදය සහ ව්‍යායාම යන දෙකම ලැබෙන, බයිසිකල් පැදීම, ඇවිදීම, කඳු නැගීම, හෝ පිහිනීම වැනි ක්‍රියාකාරකමක් කිරීමට යොමුවන්න.
බලාපොරොත්තු අඩුවෙන් තබාගන්න.
සැමවිටම, සර්ව සම්පූර්ණ වීමට උත්සාහ කිරීම, සාර්ථක වීමට වඩා බලාපොරොත්තු බිඳවැටීමට හේතුවිය හැක. එයින් වැළකීමට නම්, යම් ඉලක්කයක් සපුරාගැනීමට කටයුතු කරන විට, එය සර්ව සම්පූර්ණ විය යුතුම බවට ඇති අදහසේම සිට කටයුතු නොකරන්න. උදාහරණයක් ලෙස, ඔබ යම් පැවරුමක් හෝ වාර්තාවක් නිමකල විට, එය නිසි වෙලාවට අවසන් කිරීම ගැන ආඩම්බර වන්න. නමුත්, ඔබේ ප්‍රධානියා යම් වෙනස්කම් හෝ එකතුකිරීම් කිහිපයක් කලයුතු යැයි පැවසුවහොත්, ඔබ අසාර්ථක වූවා යැයි සිතන්නට එපා. ඒ වෙනුවට, එසේ කිරීමෙන් යමක් අලුතෙන් ඉගෙන ගැනීමට ලැබුනේ යැයි සිතන්න. එමගින්, ඉදිරියේදී එවැනි කාර්යයක් සාර්ථකව නිමකිරීමට, ඔබගේ ජීවිතයට යමක් එකතු වූවා යැයි සිතීමට පුරුදුවන්න.
ඉලක්කයන් ඇතිකරගන්න.
පහසුවෙන් සපුරා ගතහැකි ඉලක්ක කිහිපයක් ඇතිකරගෙන, ඒවා සාර්ථක කරගැනීමට සැලසුමක් සාදාගන්න. යම් ඉලක්කයක් සාර්ථකව අවසන් කලවිට, එය ආරම්භයේ සිට අවසානය දක්වා නිමකල ආකාරය පිළිබඳ සතුටක් ඔබට ඇතිවේවි.
හොඳින් අඳින්න, පළඳින්න
පිළිවෙලකට, පිරිසිදුව, තැනට සුදුසු ලෙස අඳින්න, පළඳින්න පුරුදුවන්න. එමගින්, ඔබටම ප්‍රියජනක හැඟීමක් ඇතිවනු ඇත. නිවසින් පිටතට යද්දී, හොඳින් හැඳ පැළඳ පිටත්වීමෙන්, ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය වේ. මෙය, හොඳින් ඇඳුම් ඇඳීම, ආභරණ පැළඳීම, කොන්ඩ මෝස්තරයක් දැමීම වැනි සරළ දෙයක් වුවද, ආත්ම විශ්වාසය වැඩිකරගැනීමට කදිම උපායකි.
ප්‍රියමනාප වන්න.
වෙනත් අයෙකු උදෙසා, යම් ප්‍රියමනාප, හොඳ යමක් කලේ නම්, එය ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට හේතුවේ. මිතුරෙකුට, සමීපතම කෙනෙකුට, හෝ ඥාතියෙකුට කුඩා ත්‍යාගයක් දීම, යම් පොදු කාර්යකදී ස්වේච්චාවෙන් ඉදිරිපත් වීම, සහ යමෙකුට උදවු කිරීම මෙයට උදාහරණ ලෙස දැක්විය හැක.
සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු ඇසුරු කරන්න හෝ අගයන්න.
ඔබට මිතුරන් ඇසුරු කිරීමට හෝ මිතුදම් පවත්වාගැනීමට අපහසු නම්, ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට හොඳම ක්‍රමයක් ලෙස, නිවේදකයෙක්, සංගීතඥයෙක්, රංගන ශිල්පියෙක් වැනි සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු අගය කරන්න සහ ඇසුරු කරන්න. ඒ සඳහා, ඔබට සංගීත ප්‍රසංගයක් හෝ වේදිකා නාට්‍යයක් නැරඹීමට ගිය අවස්ථාවක, අවස්ථාවක් ලදහොත් සංගීතඥයෙකු හෝ රංගන ශිල්පියෙකු සමග මදක් දොඩමළු වන්න සහ එක්ව ඡායාරූපයක් ගන්න. එමෙන්ම, ඔහු හෝ ඇය අගය කරන්න. එවැන්නෙක් සමග මුහුණුපොත (Facebook) තුලින් සම්බන්ධ වන්න. එවිට, ඔබගේ පරමාදර්ශී චරිත තුළ ඔබ දක්නා හොඳ ගුණාංග ඔබ තුළ ක්‍රමයෙන් වර්ධනය වන අතර, ආත්ම විශ්වාසය ද වැඩිදියුණු වේ. එය, මෑතදී කරන ලද පර්යේෂණයක් මගින්ද තහවුරු වී ඇති කරුණකි. මෙම ක්‍රියාවලිය සිදුවීමට, සමාජයේ කීර්තිමත් පුද්ගලයෙකු සමග සැබෑ සම්බන්ධතාවයක් තිබීම අත්‍යාවශ්‍ය නොවන අතර, තමාගේ පරමාදර්ශී චරිත අගය කිරීම පමණක් වුවද සෑහේ.
කාලය කළමනාකරණය කරගන්නේ කෙසේද?
“කාලය සමඟ සැහැල්ලුවෙන් පියාඹන්න.කාලය වෙඩිල්ලක් වැනි ය. ගියොත් ගියාම ය.” (විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්)
“කාලය රන් හා වටී.” “Time is money”