Archives

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ……

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

ගායනය – ලයනල් රන්වල, රන්වල බලකාය
ගී පද – ජයතිස්ස බොරළුගොඩ
සංගීතය – ලයනල් රන්වල

මිනිසා මනින්නට නැත්තේ ඇයි කෝදු

ලොව ඇති සියළු දේ මැනුමට මිමි            සෑදූ
මිනිසා මනින්නට නැත්තේ ඇයි            කෝදු
මිනිසට අන් දෙකක් දැන්වී ඇත             මෝදු
ඔක්කොම අමතකයි ඒකයි                   අරියාදු

පටු මඟක් ළඟ මිතුරකුට

සුමට පාෂාණ අතුරා ඇති
නුඹට පෙනෙනා ඔය මඟ එක
පහසුයි ඇවිද යන්නට
දුරත් නැහැ සොඳුරු පෙදෙසට

ඒත් හරි පටුයි නෙව
කොහිද ඉඩ අපි හැමෝට ම!
නුඹට ඉඩ හැර
මෙතැන නවතිනු හැකියි මට

වෙනත් මං පෙත් ඇතැයි
සිතන කිසිවකු හමුවේ යයි
පැතුමකින් නවතිනු හැකියි මට
මෙතැන මේ නොසොඳුරු පෙදෙසෙහිම!

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ…..

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ

ලේන කුලේ සිට ආ ගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවනැල්ලක් වී

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ