ජීවිතය ජයගන්න ක්‍රම 06ක්..

පැමිණෙන අභියෝගවලට මුහුණ දෙන්නට ශක්තිමත් මනසක් අත්‍යවශ්‍ය ය. සාර්ථක ජීවිතයක් උදාකර ගැනීමට උත්සාහ දරන පුද්ගලයකුට, මනසේ සිතුවිලිවල ස්වභාවය බෙහෙවින් ම වැදගත් ය. ශක්තිමත් මනසක් පවත්වාගෙන යමින් , ජීවිතය ජය ගැනීමට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ , විද්‍යාත්මකව සනාථ කරන ලද කරුණු හයකි මේ.

1. ඒකායන අරමුණකින් කටයුතු කිරීම

දැනුම යනු පුද්ගලයකුගේ ශක්තියයි. තමා පෙර සිටි ආකාරය සහ තමා අද ජීවත්වන ආකාරය පිළිබඳ වඩාත් සාධනීයව සිතා බලා, එම කාල පරාසය තුළදී තමාගෙන් සිදුවූ අඩුපාඩුකම් විසඳා ගැනීමටත්, ඒ ආකාරයට ක්‍රියා කරමින් සමාජයට වැඩදායි පුද්ගලයකු ජීවත් වීමටත් උත්සාහ දරන්නේ නම්, ජීවිතය ජය ගැනීමට පුළුවන. ඒ සඳහා තමාගේ උනන්දුව අත්‍යවශ්‍ය ය. උත්සාහය සහ ධෛර්ය මනසේ තැන්පත් කර ගනිමින්, අ‍නෙකාගේ අදහස්වලට ගරු කරමින් ජීවත් වනවානම්, ජීවිතය සාර්ථකව ගත කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ. එපමණක් නොව, තමා යනු කවරෙක් ද යන්න පිළිබඳ තමන් තුළ පවතින අවබෝධය මෙ‍හිදී වඩාත් වැදගත් ය. එසේ ම, දවසින් දවස එක්වන අත්දැකීම් මඟින් ජීවිතයට යමක් එක්කර ගැනීම ද වඩාත් ම සුදුසු ය.

2. තමා පිළිබඳ අවතක්සේරුවෙන් නොසිතීම

තමා කවරෙක්ද? තමාට අවශ්‍ය දෑ මොනවාද? යන්න පිළිබඳ සිතේ රූපයක් මවා තබා ගැනීම ඉතාමත් ම වැදගත් ය. තමා පිළිබඳ අවතක්සේරුවෙන් නොසිතා, තමන්ගේ සහජ හැකියා මඟින් තමන්ට කළ හැකි වැඩ කටයුතු ප්‍රමාණය පිළිබඳ තීරණයක් ගැනීමට තමන්ට හැකියාවක් තිබිය යුතු ය. යම් ගැටලුවක් පැමිණිවිට විචාරශීලීව බලා , එයට විසැඳුම් සොයන්නට උනන්දු විය යුතු අතර, සාධාරණ තීරණ ගැනීමට තමාට පුළුල් අවබෝධයක් තිබිය යුතු ය. තමාට අවැසි දේ පිළිබඳ ගවේෂණය කරමින්, නිවැරැදි දේ කිරීමට සැම විටම වගබලා ගත යුතු ය.

3. අනුවේදනීයත්වය, ස්වයං ආදරය හා ආරක්ෂාව

තමන් තමාටම ආදරය විය යුතු අතර, තමා පිළිබඳ සංවේදීත්වයක් ඇතිකර ගත යුතු ය. එසේ නොමැතිකම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම් වැනි තත්ත්ව ඇතිවිය හැකි ය. ප්‍රථමයෙන්ම පුද්ගලයෙක් තමාට ආදරය දැක්විය යුතු අතර, පසුව සමාජයට ද ආදරය, රැකවරණය සහ සංවේදීත්වය දැක්විය යුතු ය. තමා පිළිබඳ ඇතිකර ගන්නා අවබෝධය තුළින් අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් පුද්ගලයකු විය යුතු ය. තමන්ට පැමිණෙන අභියෝග, ප්‍රශ්න ඉතාමත් ඉවසීමකින් යුක්තව විසඳා ගැනීමට හැකි වන්නේ, තම මනස ආදරයෙන් සහ සංවේදීත්වයෙන් පරිපූර්ණ වූ විට ය. නූතනයේ පවතින ඝාතන, මිනීමැරුම් ආදී අපරාධවලට මිනිසුන් පෙලඹෙන්නේ, තම දිවියේ වටිනාකම පිළිබඳ අවබෝධයක් නොමැති නිසාවෙ ය.

4. තමා තමාටම විශ්වාසවන්ත වීම

මේ සාධකය ද, තමාගේ මනසෙහි ශක්තිමත් භාවය රඳා පවත්වා ගැනීමටත්, පෞරුෂය වර්ධනය කර ගැනීමට හා ආත්ම ශක්තිය දියුණු කර ගැනීමට උපකාරී වේ. තමන්ට ලැබෙන අභියෝගවලට සාර්ථකව මුහුණදීම, තමන්ගේ අරමුණු , ඉලක්ක කරා පහසුවෙන් ගමන් කිරීමට ද ස්වයං විශ්වාසවන්ත භාවය වඩාත් වැදගත් ය. සමාජය තුළ ජීවත් වීමේදී ද එකිනෙකා සමඟ සහජීවනයෙන් ජීවත් වන්නට විශ්වාසවන්තභාවය අතිශයින් ම වැදගත් වන අතර, එමඟින් තම මිත්‍රයන් ප්‍රමාණය වැඩිකර ගැනීමට ද හැකියාව ලැබේ. තමන් තමන්ට විශ්වාසවන්ත වනවිට දී සමාජය ද තමන් විශ්වාස කරයි. ඒ හේතුවෙන් තමාට අවංකවම ස්වයං ආඩම්බරයක් උරුම කර ගැනීමට පුළුවන. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, තමා කවරෙක් ද යන්න පිළිබඳවිශ්වාසවන්තභාවය සිත තුළ රඳවා ගැනීම ය.

5. ජීවත් වීමේ අවශ්‍යතාව අවබෝධ කර ගැනීම

මනා පෞරුෂයකින් ජීවත් වන පුද්ගලයාට , තමා මේ ජීවත් වන්නේ කිනම් අරමුණු වෙනුවෙන්ද යන්න පිළිබඳ දැඩි අවධානය යොමු කළ හැකි ය. එවිට එම පුද්ගලයාට ඉතාමත් ම පහසුවෙන් පවුල් ජීවිතය ගොඩනගා ගැනීමට හැකියාව ලැබේ. එසේ ම, අනාගත අරමුණු සාර්ථකව ඉටුකර ගැනීමට මේ සාධකය බෙහෙවින් ම බලපායි. තමන් පරිභෝජනය කරනා මුදල් ප්‍රමාණය අරපිරිමැස්මෙන් භාවිතයට ගන්නේ කෙසේ ද? තමන්ට වියදම් කිරීමට හැකි ප්‍රමාණය කොපමණ ද? යන්න පිළිබඳ මනසෙහි අවබෝධයක් තිබිය යුතු ය. තමන් කැමති දේ නොව, තමන්ට අවශ්‍ය දේ පිළිබඳ අවධානය යොමු කරනවා නම් , ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන.

6. මානසිකව ශක්තිමත් වීම

පුද්ගලයකු මනස ශක්තිමත් කර ගැනීමට ක්‍රියා කරනවා නම්, අනිවාර්යයෙන්ම එම පුද්ගලයා මානසික වශයෙන් සුවතාවක් ලබයි.එමඟින් ජීවිතයේ අභියෝග ඉතාමත් ම සංයමයෙන් යුතුව ජය ගැනීමට පුළුවන. දවසින් දවස අපගේ සිත තුළ ධනාත්මක සිතිවිලි වඩවා ගන්නේ නම්, එබඳු ආකල්ප, අභිප්‍රායයන් වර්ධනය කර ගන්නේ නම් , ජීවිතය දිනෙන් දින ම ශක්තිමත් කර ගැනීමට හැකි ය. පෙර කළ වැරැදි, අඩුපාඩු නිවැරැදි කර ගනිමින්, යළිත් එම වැරැද්ද නොකර සිටීමට මනස ශක්තිමත් කර ගන්නවා නම්, ජීවිතය ජයගත හැකි ය. ශක්තිමත් මනසක් ඇති පුද්ගලයා ජීවිතයට පැමිණෙන ප්‍රශ්න මඟහැර දමා නොයයි. මානසික ශක්තිය දිනෙන් දින වැඩි දියුණු කර ගැනීම, වඩාත් සාර්ථක ජීවිතයකට මඟ පාදයි.

කොරෝනා වෛරසය-Corona virus

Screenshot_2020-02-26-14-36-49-1කොරෝනා වෛරසය යනු වෛරස කාණ්ඩයකි. කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ලෝ පුරා පැතිර යමින් පවතී මෙය මුලින් ම චීනයෙන් ව්‍යාප්ත වී ඇත .corona virus යනු සතුන් අතර බහුලව දක්නට ලැබෙන විශාල වෛරස් වර්ග සමූහයකි.SARS virusකුලයට මෙය අයත් වේ.කොරෝනා වෛරසය මිනිසාට හා කුරුල්ලන් ඇතුළු ක්ෂීරපායින්ගේ රෝග ඇති කරන වෛරස කාණ්ඩයකි.මිනිසුන් තුළ වෛරසය ශ්වසන ආසාදනයන් ඇති කරයි.නමුත් දුර්ලභ අවස්ථාවන්හිදී මාරාන්තික විය හැක.එළදෙනුන්ට හා ඌරන්ට පාචනය ඇති වන අතර පක්ෂීන් හට ඉහළ ශ්වසන ආසාධන ඇති කරයි.වැළැක්වීම හෝ ප්‍රතිකාර කිරීම සඳහා අනුමත කරන ලද එන්නත් හෝ ප්‍රතිවෛරස තවම සොයාගෙන නොමැත.
කොරෝනා වයිරස් 1960 ගණන්වලදී සොයා ගන්නා ලදී. සොයාගත් මුල්ම ඒවා වන්නේ කුකුළන් තුළ බෝවන බ්රොන්කයිටිස් වෛරසය සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති මිනිස් රෝගීන්ගේ නාසික කුහර වලින් වෛරස් දෙකක් වන අතර පසුව ඒවා මානව කොරෝනා වයිරස් 229 ඊ සහ මානව කොරෝනා වයිරස් ඕසී 43 ලෙස නම් කරන ලදී. 2003 සිට SARS-CoV, 2004 දී HCoV NL63,2005 දී HKU1, 2012 දී MERS-CoV, සහ 2019 දී 2019-nCoV ඇතුළුව මෙම පවුලේ අනෙකුත් සාමාජිකයින් හඳුනාගෙන ඇත; මේවායින් බොහොමයක් බරපතල ශ්වසන ආසාදන ඇති කිරිම සිදුකරයි.
කොරෝනා වයිරසයේ ආසාදන සෛල ඇතුල් වීමෙන් පසුව, වෛරස් අංශුව නිරාවරණය නොවන අතර එහි ජෙනෝමය සෛලසයිටොප්ලාස්මට ඇතුල් වේ.කොරෝනා වයිරස් ආර්එන්ඒ ජෙනෝමය 5 ′ මෙතිලයිට් කැප් එකක් සහ 3 ′ පොලිඇඩිනයිලේටඩ් වලිගයක් ඇති අතර එමඟින් ආර්එන්ඒ පරිවර්තනය සඳහා රයිබසෝම සමඟ සම්බන්ධ වීමට ඉඩ සලසයි.

කොරොන වයිරස් ජෙනෝමය මඟින් ප්‍රතිවිකුණුම් නම් ප්‍රෝටීනයක් සංකේතවත් කරන අතර එමඟින් ධාරක සෛල යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වෛරස් ජෙනෝමය නව ආර්එන්ඒ පිටපත් වලට සම්ප්‍රේෂණය කිරීමට ඉඩ ලබා දේ. අනුරූකරණය පළමු ප්රෝටීන් වේ; අනුරූපය ජාන කේතනය කළ පසු පරිවර්තනය නැවතුම් කෝඩෝනයකින් නතර වේ. මෙය කැදැලි පිටපතක් ලෙස හැඳින්වේ. එම්ආර්එන්ඒ පිටපත එක් ජානයක් පමණක් සංකේතවත් කරන විට එය මොනොසිස්ට්‍රොනික් වේ. කොරෝනා වයිරස් ව්‍යුහාත්මක නොවන ප්‍රෝටීනයක් ප්‍රතිවර්තනය සඳහා අමතර විශ්වාසයක් සපයයි, මන්ද එය සෝදුපත් කියවීමේ ශ්‍රිතයක් සපයන අතර එය ආර්එන්ඒ මත යැපෙන ආර්එන්ඒ පොලිමරේස් එන්සයිමවල පමණක් නොමැත.

ජෙනෝමය ප්‍රතිවර්තනය කර දිගු පොලිප්‍රෝටීන් සාදනු ලැබේ, එහිදී සියලුම ප්‍රෝටීන සම්බන්ධ වේ. කොරෝනා වයිරස වල ව්‍යුහාත්මක නොවන ප්‍රෝටීනයක් ඇත – ප්‍රෝටියේස් – එය පොලිප්‍රෝටීන ඉවත් කිරීමට සමත් වේ. මෙම ක්‍රියාවලිය ජාන ආර්ථිකයේ එක් ආකාරයක් වන අතර, නියුක්ලියෝටයිඩ කුඩා සංඛ්‍යාවක වැඩිම ජාන සංඛ්‍යාවක් කේතනය කිරීමට වෛරසයට ඉඩ සලසයි.

රෝගය වැළක්වීම –

  • වෛරසය පැතිරියන කාල වකවානුව තුල ජනාකීර්ණ වු ප්‍රදේශ වල ගැවසිමෙන් වලකින්න. මෙගින් රෝගය පැතිරිම අඩුකරගත හැකිය.
  • ඔබේ දෑත් අවම වශයෙන් තත්පර 20ක් හෝ සබන් ගා පිරිසිඳු ජලයෙන් සෝදන්න.
  • කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවන්හිදී ඔබේ නාසය සහ මුඛය ආවරණය කරගන්න. එයට භාවිතා කරන ලේන්සුව හෝ ටිෂු එක වහාම කුණු බදුනකට දමා අත් සෝදා ගන්න.
  • දොරගුල වැනි නිතර ස්පර්ශ වන ස්ථාන වල විෂබීජ නාසනය සිදු කරන්න.
  • පිරිසිඳු නොකළ දෑත් මගින් ඔබේ නාසය, මුඛය හෝ මුහුණ ඇල්ලීමෙන් වලකින්න.
  • රෝගය වැළඳුණු පුද්ගලයන් සමග ඔබගේ භාණ්ඩ හුවමාරුවෙන් වලකින්න.
  • රටපුරා සංචාරය කිරීම මගින් රෝගය ඇතිවීමේ අවධානම වැඩිවිය හැක. එම නිසා ප්‍රවේශම් වන්න.
  • හොදින් උතුරවා නිවාගත් පිරිසිදු ජලය පානය කිරිම.
  • මස්මාංශ වර්ග හා බිත්තර අනුභවයේදි ආහාරය හොදින් පිස ගැනීම.
  • හොදින් උතුරවා නිවාගත් පිරිසිදු ජලය පානය කිරිම.

මුලික රෝගි ලක්ෂණ – උණ,කැස්ස හා ශ්වසන අපහසුතා.මෙයට අමතරව ඔක්කාරය,වමනය,සාමාන්‍ය සිතල,විඩා ගතිය,උගුරේ අපහසුතාව,වෙව්ලිම හා ⁣සෙම ගතිය දක්නට ලැබේ. මෙය බොහෝදුරට නියුමෝනියා රෝග ලක්ෂණ වලට පොදු වන අතර, සමහර අවස්ථාවන්හිදි වකුගඩු වලට හානි පමුණුවයි.
කොරෝනා වෛරසයේ දරුනු තත්වය

  • නියුමෝනියාව
  • වකුගඩු අක්‍රියතාවය
  • මරණය

දැනට පවතින ප්‍රතිකාර ⁣ලෙස – දියර වර්ග ලබාදිම, ශ්වසන අපහසුතා ඇති අය සදහා ඔක්සිජන් ප්‍රතිකාරය හා වේදනා නාශක ලබාදිම සිදුකරයි.පිරිසිදු ජලය හොදින් පානය කිරිමට ලබාදිම. හැකි තරම් විවේකය ලබා දිම.

(උපුටාගැනීමකි)

ශ්‍රි ලංකාවේ වනගහනය හා වන සංරක්ෂණය..

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් 23% ක් පමණ දැනට වනාන්තර වලින් වැසි ඇත. මින් 18% ක් වියළි කලාපයේ ද 2.1% ක් පහතරට තෙත් කලාපයේ ද 1.1% ක් කඳුකර කලාපයේද ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ වනාන්තර, ප්‍රධාන වර්ග 4 කි.

  1. නිවර්තන තෙත් සදාහරිත වනාන්තර

  2. කඳුකර වනාන්තර

  3. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර

  4. කටු පඳුරු හා ලඳු කැලෑ

ලෙසිනි.

1995 වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තිය

ලොව ජෛව විවිධත්වය සම්බන්ධ ප්‍රදේශ 18 න් 1ක් වශයෙන් සලකන්නේ වනාන්තරයි. ධරනීය සංවර්ධන උපාය මාර්ගත රියෝ සමුළුවේදී සම්මත කරන ලද 21 වන න්‍යාය පත්‍රයෙහි11.12(ආ) පරිච්ඡේදය වනහරනයට එරෙහිව වනාන්තර සංරක්‍ෂණයකර කළමනාකරනයට යටත්ව රටවල් ධරනීය සංවර්ධනය කරා යොමු කරන ජාතික වැඩසටහන් සකස් කොට ක්‍රියාත්මක කිරීමට පොළඹවන්නකි. එය ගුරුකරගනිමින් ශ්‍රී ලංකාව තුළ වනාන්තර සංරක්‍ෂණය කර කළමණාකරනය කර තිරසාර සංවර්ධනයක් සඳහා මෙහෙයවීමට 1995 දී ප්‍රථම වරට ජාතික වන‍ෂෙත්‍ර ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී.

වනගහනය

1995 වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තිය අනුව වන ගහනයක් යනු ඊටම අාවේනික වූ ජීව අජීව පදාර්ථවල හැඩය හෘ පැවැත්මේ ස්වාභාවය තීරණය කරන සංකීර්ණ භූගෝලීය තත්වයන් ඒකරාශී වූ විශේෂිතර කලාපයකි.

වන කළමනාකරණය

වන කළමනාකරණය යනුවෙන් හැඳින්වෙන්නේ වනාන්තරයක සංඝටක අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීමේදී ඊට හානි නොවන පරිදිත් අන්තර් පරම්පරා අතරත් තම පරම්පරා අතරත් තම පරම්පරාව තුළත් සමානාත්මතාව රැකෙන පරිදිත් ගෝලිය වගකීමක් වශයෙන් විධිමත්වූත් ක්‍රමානුකූලවූත් ප්‍රතිපත්තියක් තුළ සිට භාවිතයට ගැනීමයි.ප්‍රතිපත්තියේ 2,3,5 වගන්ති අනුව කළමනාකරණ රාමුවක් ඔස්සේ එය ක්‍රියාත්මක විය යුතුය.

වන විනාශය  යනු

ශ්‍රී ලංකාව තුළ පවතින වඩාත් බරපතල පාරිසරික ගැටලු වලින් එකකි.වර්ෂ 1920 දී,දිවයින සතුව පැවති වන වැස්ම 49% ක් වූ අතර වර්ෂ 2005 වන විට එය ආසන්න වශයෙන් 20% ක් දක්වා පහත වැටී ඇත. වර්ෂ 1990 -2000 අතර කාල පරාසයේදී මධ්‍යන්‍ය අගයක් ලෙස වසරකට හෙක්ටයාර 26800 බැගින් වන ගහනය අඩු වී ඇත.මේ අනුව සාමාන්‍ය වාර්ශික වන විනාශ සීඝ්‍රතාව 1.14% ක් පමණ වේ. වර්ෂ 2000 – 2005 අතර කාල සීමාව තුල මෙම සීඝ්‍රතාව වසරකට 1.43% කින් වැඩි වී ඇත. කෙසේ වුවත් පාරිසරික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති සහ නීති වල දීර්ඝ ඉතිහාසය හමුවේ සංරක්ෂණ මිනුම් වලට අනුව 1990 වසරේ සිට ප්‍රාථමික වන වැස්මේ වනනාශන සීඝ්‍රතාව 35% කින් පමණ අඩුවී ඇත. ශ්‍රී ලංකාවේ දකුණුදිග කඳුකර කලාපයේ පවතින ස්වාභාවික පරිසර ආරක්ෂාව නිසා එහි වනනාශනය, උතුරුදිග කඳුකර කලාපයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක නැත.

වන සංරක්‍ෂණය

වන සංරක්‍ෂණය යනුවෙන් හඳුන්වා දී ඇත්තේ අනාගත පරම්පරාවට ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි අවශ්‍යතා සරලව හා බුද්ධිමත්ව ඉටු කර ගැනීමට හානි නොවන පරිදි වන පරිහරණයයි .

ප්‍රතිපත්තිය යටතේ මූලික අරමුණු

  • වනහරනයට ලක්ව ඇති කැලෑවල ගස් වැවීම

  • තාක්‍ෂණික ආධාර ලබාදීම

  • ප්‍රජාව දැනුවත් කිරීම

තිරසාර සංවර්ධනයේදී අනාගත අරමුණු ඉටු කර ගැනීමට බාධා ඇති නොවන පරිදි වත්මන් අරමුණු ඉටු කර ගැනීමත් ආර්ථිකයේ නොවෙනස් විම් මත තත්වය පාලනය කරමින් සංවර්ධනය වීමත් මෙහි ප්‍රධාන අපේක්‍ෂාවයි. තිරසාර මට්ටමින් ඉඩම් භාවිතයට ගැනීම ,නිත්‍ය වනාන්තර පද්ධතියක් ගොඩ නැගීම මෙම වන ක්‍ෂෙත්‍ර ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයයි.

ක්‍රියාත්මකභාවය

වන සංරක්‍ෂණය ‍අදියරවල් 4ක්ඔස්සේ සිදු කිරීමට පියවර ගෙන ඇත.

  • පළමු අදියර 1995 දී ආරම්භ විය. එක් අවුරුදු වැඩසටහනක් සේ ආරම්භ වූ මෙය ලංකාවේ සියලුම වනාන්තර ආවරණය වන පරිදි සකස් වූවක් විය.

  • දෙවන අදියර වශයෙන් 1995-2000 දක්වා කෙටි කාලීන ප්‍රතිපත්තීන් ගැලපෙන තත්වයට පත් කරමින් ජනතාව දැනුවත් කිරීමට පුහුනු වැඩසටහන් ද නැවත වන වගා යටතේ නිත්‍ය වනාන්තර ද ඇති කරන්නට .

  • දැනට ක්‍රි‍යාත්මක 2000-2015 දක්වා වන මධ්‍ය කාලීන ක්‍රමෝපායන් ඔස්සේ රටම ආවරණය වන පරිදි නියමු ව්‍යාපෘති කරමින් පාරිසරික බලපෑම් ඇගයීම් කරගෙන යයි. තම ප්‍රදේශයේ ඇති වනාන්තර ප්‍රාදේශීය වශයෙන් රැකීමේ පිරමීඩාකාර වැඩසටහනක් ක්‍රියාත්මක වේ.පාරිසරික තක්සේරැ බලපෑම් වාර්තා ඔස්සේ වනාන්තරවලට හානිකර ව්‍යාපෘති තහනම් කරීමද මෙමගින් සිදුවේ.සිංහරාජ වනය සේම බඩල්කුඹුර,රාහුගල්ල,නාරංමාන හා

ආනපල්ලම වැනි වනාන්තර ආශ්‍රිත ජෛව විවිධත්වය රැකීමද මෙමගින් සිදුවේ.

  • සිව්වන අදියර වශයෙන් සියලු පාර්ශවයන් සම්බන්ධ කරගෙන අවසානයේ ජාතික වශයෙන් තිරසාර ඉලක්ක සපුරාලන දීර්ඝ කාලීන ප්‍රමෝපායන් ක්‍රි‍යාත්මක කිරීම අවසාන කඩ ඉමයි.පහළින් ඉහළට යොමු වන සැලසුම්කරණය හා පාරදෘශ්‍යතාව ඔස්සේ මෙය ක්‍රියාත්මක වේ. වසරින් වසර ජාතික රතු දත්ත ලැයිස්තුවට එකතු වන වඳවී යන ශාඛ හා සත්ව ප්‍රමාණය අඩු කිරීම,සිංහරාජ වැනි කාගේත් අවධානයට ලක්වන වනාන්තර සේම බදුලුවෙල ,මැදගම,පට්ටිපොළ,පටපිළිකන්ද වැනි ප්‍රදේශ වෙතද මෙමගින් අවධානය යොමු කර තිිිිබේ.

ජෛව විවිධත්වය

වනාන්තර ආශ්‍රිත වැදගත්ම තත්වය වනුයේ ජෛව විවිධත්වයයි.සිංහරාජ වනය 1988 ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කළේ එයටම ආවේණික පරිසර කලාපයකින් යුතු නිසාය.සිංහරාජයටම ආවේණික ක්‍ෂීරපායී හා සමනළ විශේෂ 50% කටත් වඩා සිංහරාජයේ ජීවත් වෙති.

Wildlife7.gif

වනාශ්‍රිත ජෛව විවිධත්ව ආකාරය

    • පරිසර පද්ධතිවල විවිධත්වය
    • විශේෂවල විවිධත්වය
    • ජානවල විවිධත්වය
210px-Diademed ready to push off.jpg

ලංකාව තුල ඇති වනාන්තර අතරින් සිංහරාජ වනාන්තරය ඉතා වැදගත් වනේන, එහි ඇති වටිනා ශාක නිසාය.

විශේෂ විවිධත්වය

භෞමික,සමුද්‍රීය හා වෙනත් ජලජ පරිසර පද්ධති ,ජීව විශේෂ තුළ විශේෂයන් අතර හා පරිසර පද්ධතීන්ගේ හා ජීවීන්ගේ විවිධත්වයද ඇතුළුව ප්‍රභවයන් අතර පවතින විපරීයතාවයයි.

250px-Blue Linckia Starfish.jpg

වනාන්තර ආශ්‍රිත ශ්‍රී ලංකා නීති

    • 1907 වන ආඥා පනත
    • 1953 වන සත්ව හා වෘක්‍ෂලතා පනත
    • 1992 පතල් හා කැණීම් පනත
    • 1991 සම්පත් කළමනාකරණ පනත
    • 1993 ජෛව ආරක්‍ෂණ පනත

1907 වන ආඥා පනත

1907 වන ආඥා පනතේ ප්‍රධාන අරමුණ වැසි වනාන්තර ආරක්‍ෂා කිරීමයි.පනතේ 7 වන වගන්තිය අනූව රක්‍ෂිත වනාන්තර තුළ සත්ව දඩයම එළිපෙහෙළි කිරීම් මෙන්ම අනවසර ඇතුළුවීම්ද තහනම් කර ඇත.1995 දී මීට කළ සංශෝධනයෙන් වඳවී යන සතුන් සංරක්‍ෂණය , පස සෝදායාම වැළැක්වීම හා ස්වාභාවික විපත් වලින් ආරක්‍ෂාවීම පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කර ඇත.

වනාන්තර රැකීම සම්බන්ධයෙන් පවතින අන්තර් ජාතික මූලධර්ම

    • වනාන්තර රැකීම සම්බන්ධයෙන් සියලුදෙනා ඇපකැපවීම
    • වනාන්තර සංරක්‍ෂණය සංවර්ධනයෙන් වෙන් කළ නොහැකි කොටසක්වීම
    • තිරසාර සංවර්ධනය
    • වනාන්තර විනාශ නොකිරීමේ යුතුකම
    • දූෂකයා විසින් වන්දි නොගෙවීමේ යුතුකම
    • නිවාරණ මූලධර්මය
    • පරම්පරා තුළ හා පරම්පරා අතර සාධාරණත්වය
    • පාරිසරික අයිතීන් හා මානව අයිතීන් සමාන වීම
    • සංවර්ධනයවීමට ඇති අයිතිය සමාන වීම
    • මහජන සහභාගීත්වය හා පොදු භාර සිද්ධාන්තය

ජාන විවිධත්වය

වනාන්තර ආශ්‍රිතව දක්නට ලැබෙන තවත් වැදගත් ලක්‍ෂණයක් වනුයේ ජාන විවිධත්වයකින් යුත් විශේෂ රාශියක පැවැත්මයි. විශේෂයන් දියුණු වන්නේ ජාන විවිධත්වයක් ඇත්නම් පමණි. වනාන්තර ආශ්‍රිත විශේෂයන්ගේ ජාන සමාන වන විට සතුන් හා ශාඛ වඳවීමට බොහෝ ඉඩකඩ ඇත.අප්‍රිකාවේ චීටාවන් වඳ‍වීමට ලක් වූ විශේෂයක් ලෙස බොහෝ කතා බහට ලක් වී ඇත්තේ ද මෙලෙස ජාන සමානවීම නිසාය.


වනාන්තර ආශ්‍රිතව ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරීම සඳහා පවතින අන්තර් ජාතික සම්මුති

    • 1971 රැම්සාර් සම්මුතිය
    • 1973 තර්ජනයට ලක් වූ ශාඛ හා සතුන් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය
    • 1979 සංචාරක ජීවීන් ආරක්‍ෂා කිරීම පිළිබඳ සම්මුතිය
    • 1993 ජෛව විවිධත්ව සම්මුතිය හා ජෛව ආරක්‍ෂණය පිළිබඳ කාටජීනා ප්‍රොටකෝලය

රැම්සාර් සම්මුතිය

රැම්සාර් සම්මුතිය මඟින් වගුරැ බිම් ආශ්‍රිත ජෛව විවිධත්වය සංරක්‍ෂණයට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.තර්ජනයට ලක් වූ ශාඛ හා සත්ව විශේෂ වෙළඳාම් කිරීමද මෙමගින් තහනම් කර ඇත.


සංචාරක ජීවීන් ආරක්‍ෂා කිරීමේ සම්මුතිය

සංචාරක ජීවීන් ආරක්‍ෂා කිරීමේ සම්මුතිය මඟින් දේශභූමිය තුළ ජීවත් වන සතුන් පමණක් නොව දේශසීමාවට පිටින් එන හා දේශසීමාවෙන් මාරුවන ජීවීන්වද ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇත. සංරක්‍ෂණය , ධරණීය භාවිතය හා ජාන සම්පත් වලින් ඇති ප්‍රයෝජන බෙදා ගැනීම මෙම සම්මුතිවල ප්‍රධාන අරමුණයි.


ජෛව විවිධත්ව සම්මුතිය

  • 5 වන වගන්තිය යටතේ සෑම පාර්ශවයක්ම අනෙකුත් පාර්ශවයන්ට ජෛව විවිධත්වය සංරක්‍ෂණය හා තිරසාර භාවිතය සඳහා සහයෝගය දැක්විය යුතු යි.
  • 10 වන වගන්තිය යටතේ ජීව විද්‍යාත්මක ක්‍රමයක් තිරසාර ලෙස භාවිත කළ යුතුයි.
  • 15,16,17 හා 18 යන වගන්ති යටතේ ජාන තාක්‍ෂණය සම්බන්ධ ප්‍රතිපාදන දක්වා ඇත.

කාටජීනා ප්‍රොටකෝලය

කාටජීනා ප්‍රොටකෝලය ජෛව සංරක්‍ෂණය සම්බන්ධයෙන් වැදගත් වන අතර නවීන තාක්‍ෂණය හා මහජනයාගේ සෞඛ්‍ය හා ජෛව විවිධත්වය අතර තුලනයක් ඇතිකර ඇත.

මූලාශ්‍ර

  • 1995 ශ්‍රී ලංකාවේ වන ක්‍ෂේත්‍ර ප්‍රතිපත්තිය

  • ජෛව විවිධත්ව අත්පොත – පරිසර අමාත්‍යාංශය

  • Wikipedia

ලංකාවේ ආර්ථිකය

ලංකාවේ ආර්ථික අංශ රැසක් දැකගත හැකිය. ඒ අතරින්  ප්‍රධාන ආර්ථික අංශ වන්නේ සංචාරක කර්මාන්තය, තේ අපනයනය, ඇගලුම් කර්මන්තය, වී නිශ්පාදනය, සහ අනෙකුත් කෘෂි නිශ්පාදනයි. ඉහත සඳහන් අංශ වලට අමතරව විදේශ රැකිය නියුක්තිකයන් මගින් විදේශ විනිමය සදහා ඉහල දායකත්වයක් ලැබෙයි. එහිදී ප්‍රධාන වශයෙන් මැද පෙරදිග රටවල රැකියා නියුක්තිකයන් සදහන් කල හැක.
1948 පෙබරවරි 04 වන දිනබ්‍රිතාන්‍යපාලනයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව උදාවූ කාලවකවානු වල ඇතිවූ සුනාමිව්‍යසනය වැනි ස්වාභාවික ආපදා, විටින් විට රට අභ්‍යන්තරයෙ අතිවූ කැරළි කෝළාහල සහ 1989 සිට 2009 වනතුරු පැවති යුධමය තත්වය හේතුවෙන් ශ්‍රි ලංකාවේ ආර්ථිකයට විශල බලපැමක් සිදුවුනි. නිවැරදි ආර්ථික සැලස්මක් හෝ ජාතික ප්‍රතිපත්තියක් අනුගමයන කිරීමට 1948 පසු බලයට පත් වූ දේශපලන පක්ෂ අසමත් විය.
1970-77 දක්වා පැවති රජය සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් අනුගමනය කළේය. 1977 – 1994 දක්වා කාලය තුල එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ අතර 1994 – 2004 දක්වා රාජ්‍ය පාලනය කරනු ලැබුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි. මෙම පක්ෂ දෙකම අනුගමනය කලේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියකි. 2001 වසරේදී ශ්‍රි ලංකා ආර්ථිකයේ ඉතා පසු බෑමක් දක්නට ලබෙනුයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 101% පමණ ණය ප්‍රතිශතයක් පෙන්නුම් කල නිසාවෙනි. මෙහිදී එල්. ටී. ටී. ඊ. සංවිධානයසමඟ සිදු කරන ලද කඩිනම් තාවකාලික සටන් විරාම සාකච්ඡා හා ප්‍රමාණවත් විදේශ ණය ලබා ගැනීම හේතුවෙන් සිදු වීමට ගිය මුල්‍ය අර්බුදයෙන් මිදීමට හැකි විය. මහා පරිමාණයෙන් වී, ධාන්‍ය වර්ග හා අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන ගෘහස්ථ පරිබෝජනය සඳහා නිපදවීම පිළිබඳව 2004 න් පසු බලයට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි අවදානයක් යොමු කලේය

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ආර්ථික අංශ

සංචාරක ක්ෂේත්‍රය

ශ්‍රි ලංකවේ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය පිළිගැනේ. ශ්‍රි ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රධාන ලෙස ශ්‍රි ලංකාව වටා ඇති විශේෂයෙන් දකුණු හා නැගෙනහිර මුහුදු තීරයන් ඓතිහාසික වටිනාකම් වලින් පිරිපුන් ලෝක උරුම නගර හා සුන්දර කඳුකරයේ පිහිටා අති ස්වාභාවික සෞන්දර්‍යෙන් අනූන වූ හරිත වර්ණ තානායම් ඉවහල් වේ.

රත්නපුර ප්‍රදේශයේ නිරන්තරයෙන් හමුවන පද්මරාග හා නිල් මැණික් වැනි වටිනා මැණික් ගල් කර්මාන්තය සහ ඒ අවට පරිසරයන් ද මෙරට සංචාරකයන්ගේ අවදානය යොමු වන තවත් ස්ථාන වේ. මෙලෙසින් වටිනා මැණික් ගල් නරඹන්නට පැමිණෙන සංචාරකයින් හට ශ්‍රි පාදය කන්ද, සිංහරාජය වැසි වනාන්තරය, උඩවළව ජාතික වනෝද්‍යානය හාකිතුල්ගල ( The Bridge on the River Kwai) චිත්‍රපටය රූපගත කල ස්ථානය ) වැනි සුවිශේෂි ස්ථාන ද නැරඹීමට අවස්ථාව ලැබේ.
2004 වසරේදී ඇතිවූ සුනාමි ව්‍යසනය හා දශක 3ක් පුරා පැවති යුධමය වාතාවරණය මෙරට සංචාරකයින්ගේ පැමිණීමට දැඩි බාධාවක් විය. එහෙත් ජ්‍යාත්යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ 2007 වර්ශය හා සන්සන්දනය කිරීමේදී 2008 වසරේ ජනවාරි මස 0.6% ලෙස පැවති සංචාරකයින්ගේ පැමිණීම 2008 මාර්තු මාසය වන විට 8.6% කින් ඉහළ ගිය බවයි.

තේ කර්මාන්තය

කඳුකරයේ පිහිටා ඇති තේ වතුයායක්

ශ්‍රි ලංකාවට විදේශ විනිමය දෙනු ලබන ප්‍රධානතම වැවිලි කර්මාන්තය වනතේ කර්මාන්තය , 1995 වසරේ ලෝකයේ තේ අපනයන වෙළඳපලෙන් 23%ක දායකත්වයක් ලබා දුනි. ඒ කෙන්යාව 22% වෙළඳපලක් හිමි කර ගන්න්න විටදීය. ඉහළ තත්වයෙන් යුත් තේ නිශ්පාදනය කිරීමටශ්‍රි ලංකාවට හැකි වී ඇත්තේ, තේ කර්මාන්තයට හිතකර භූගෝලීය සාධක වලින් අනූන වූ රට අභ්‍යන්තර ඇති සිසිල් බවෙන් යුත් කඳුකරය , අවුරුද්ද පුරා පවතින අඩු උෂ්නත්වයෙන් යුත් කාළගුණය, වාර්ශික වර්ශාපතනය හා ආර්ද්‍රතාවයයි.
තේ කර්මාන්තය ශ්‍රි ලංකාවට හදුන්වා දෙනු ලැබුවේ 1852 වසරේදී මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික වැවිලි කරුවකු වනජේම්ස් ටේලර් විසින් 1867 වසරේදීය. වර්තමානයේදී බ්‍රිතාන්‍ය හා අනෙකුත් යුරෝපා සහ බටහිර රටවලට තේ අපනයනය කරන්නන් අතර ශ්‍රී ලංකාවද ඉහළ ස්ථානයක සිටී. තේ කර්මාන්තයේ වර්ධනය තුළින් රට තුල ඇති දරිද්‍රතාවය පිටු දැකීමට හැකිවෙනු ඇත.

ඇඟලුම් කර්මාන්තය

ඉහළ තත්වයෙන් යුත් නිමි ඇඳුම් නිෂ්පාදනයේ නියුතු ශ්‍රි ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තවත් එක් ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයකි. ශ්‍රි ලංකාවේ ප්‍රධාන අපනයනකරුවන් වන්නේඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවල්ය. ප්‍රධාන පෙළේ විලසිතා නිපයුම් ව්‍යාපාර වන Victoria’s Secret, Liz Claiborne සහ Tommy Hilfiger සඳහා වන ඉහල තත්වයෙන් යුත් නිමි ඇඳුම් නිපදවන ඇඟලුම් කර්මාන්තශාලා 900 ක් පමණ රට පුරා විසිරී ඇත.

කෘෂිකර්මාන්තය

කෘෂිකර්මාන්තය ශ්‍රි ලංකවේ පැරණිතම ආර්ථික ක්ෂේත්‍රයයි. එය වසර 2500ක් පමණ පැවති කර්මාන්තයකි. ගෘහස්ත පරිභෝජනය් සඳහා වී, පොල් හාධාන්‍ය වර්ග නිෂ්පාදනය ශ්‍රි ලංකාවේ සංස්කෘතිය හා බැඳි පවතින්නා වූ අංගයක් වේ. 1967 වසරේ සිට පැවති තේ කර්මාන්තය කෘෂිකර්මාන්තය යටතට නොගන්නේ, එය හුදෙක්ම අපනයනය සඳහා යොදා ගන්නා බැවිනි.

(උපුටාගැනීමකි)

වර්ණ භේදයට එරෙහිව නැගී සිටි “නෙල්සන් මැන්ඩෙලා “

Screenshot_2020-02-23-10-37-57-1

මිනිසුන්ට මිනිසුන්  සේ සලකන පාලකයෝ ලෝකයේ දුර්ලභය.අපේ රටේ නම් එවැනි පාලකයන් බිහිවන්නේ බොහොම කලාතුරකිනි.මොහු නමින් නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලාය. විවිධ වර්ණනා මෙන්ම විවිධ විවේචනද මොහුගේ ජීවිත කතාවේ ඇත.ඒ සියල්ලෙන් පෙනියන්නේ අනෙකක් නොව මොහුගේ ජීවිත කතාවෙන් අපටද ආදර්ශ ලබාගත හැකි වගයි. මේ සටහන  ඒ උතුම් මිනිසා පිළිබඳය.

“හොඳ හිසක් මෙන්ම හදවතක්ද සෑම විටම තදින් එකිනෙක බැඳී පවතියි.”

“ලෝකය වෙනස් කිරීමට ඔබට පාවිච්චිකල හැකි හොඳම ආයුධය නම් අධ්‍යාපනයයි.”

“එක්සත් ජනපදය හෝ එංගලන්තය ඔවුන්ගේ ඡන්ද කටයුතු වලදී ආසියාවෙන් හෝ අප්‍රිකාවෙන් නිරීක්ෂකයන් ඉල්ලන්නේ නැත. නමුත් අපේ (අප්‍රිකාවේ හෝ ආසියාවේ) ඡන්ද වලදී ඔවුන්ට නිරීක්ෂකයන් අවශ්‍යය.”

“ඔබගේ සතුරන් සමග සාමය අවශ්‍ය නම් ඔවුන් සමග එකට වැඩ කරන්න. එවිට ඔවුන් ඔබගේ සහකරුවන් වේවි.”

“යමක් කර අවසන් වනතුරුම එය කල නොහැකි ලෙසටම පෙනෙනු ඇත.”

“කෙනෙකුට තේරෙන භාෂවකින් ඇමතූ කල් හි එය ඔහුගේ හිසට ඇතුල් වෙයි. නමුත් ඔහුගේ භාෂාවෙන් ඇමතූ කල් හි එය ඔහුගේ හදවතට ඇතුල් වෙයි.”

“ඉතා අමාරුවෙන් කන්දක් තරණය කල පසු පමණක් කෙනෙක් දකියි, තරණය කිරීමට තවත් බොහෝ කඳු ඇති බව.”

1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපති නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලාප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.

දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට ‍එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳු විය. නමුදු එවකට පැවති රජය විසින් ඔහුව බොහෝ‍සේ විවේචනයට භාජනය කරන ලදී. ANC ය විසින් මැන්ඩෙලා ඇතුළු පිරිස කොමියුනිස්ට්වාදීන් හා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අතර ඇමරිකාව තවමත් හඳුන්වනුයේ ත්‍රස්තවාදියෙකු සේය.

1990, පෙබරවාරි මස 11 වන දින සිරෙන් නිදහස් වීමත් සමඟම මැන්ඩෙලා සමඟි සන්ධාන‍වීමට හා සාකච්ඡා මාර්ගයට පිවිසීමේ ප්‍රතිපත්තියට අවතීර්ණ විය. දකුණු අප්‍රිකාවේ බහු ජාතීය ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනසක් ඇති කිරීමට එය ඉවහල් වන බව ඔහුගේ විශ්වාසය විය. වර්ණභේද යටතේ අවසාන දක්වාම මැන්ඩෙලා අතීත විරුද්ධවාදීන්ගේ පවා පැසසුමට පුළුල් ලෙස භාජනය විය.

දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහ‍ු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය. එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව හඳුන්වනු ලබන්නේ කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඬ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකු වශයෙනි. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් මැන්ඩෙලාට තිළිණ කළ ගරු නම්බුනාමය “මැඩිබා” නම් වේ. එකී නාමය නෙල්සන් මැන්ඩෙලා යන නාමයන් සමඟ අපූරුවට පෑහිණි.

මහත්මා ගාන්ධි යනු මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශය කොට ගත් විශිෂ්ට චරිතයකි. මැන්ඩෙලා එකී චරිතය තම ජීවතයට නව අදහස් හා හැඟීම් ජාතික කරවීමට සමත් වූ වටිනා සම්පතක් ලෙසින් සලකනු ලබයි. එමෙන්ම මහත්මා ගාන්ධිතුමාගේ අවිනිසොවාදී දර්ශනයත්, විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කිරීමේ හැකියාවක් මැන්ඩෙලා විසින් ස්වකීය ජීවිතයට ද ඈඳා ගත් යහපත් ගුණාංග වේ.

      නෙල්සන් මැන්ඩෙලා දිගු කලක් පැවති ශ්වසන ආසාදනයකින් ගැහැට විඳීමෙන් පසුව, 2013 දෙසැම්බර් 5 දිනදී වයස අවුරුදු 95 ක් ආයු වැළඳීමෙන් පසුව මැන්ඩෙලා මිය ගියේය. මොහු දකුණු අප්‍රිකානුවන්දිගේ චින්තනය වෙනස්ම අතකට පෙරලූ අසහාය පාළකයකු ලෙස සඳහන් කළ යුතුමය.අවිශ්වාසය අනවබෝධය වෙනුවට ඔහුමිනිසුන් තුළ ගොඩනැගුවේ විශ්වාසයයි.අවබෝධයයි. එබැවින් මෙතුමාගේ ජීවිත කතාවෙන් වත්මන් පාළකයින්ට මෙන්ම සිවිල් වැසියන්ටද ලබාගත හැකි ආදර්ශ බොහෝය.

පාඩම් මතක තබාගන්නා පහසුම ක්‍රම..

Screenshot_2020-02-22-17-37-49-1
                   මතකය යනු තොරතුරු කේතාංකනය කිරීම, ගබඩා කිරීම සහ නැවත ලබා ගැනීම සිදු කෙරෙන මනසට අයත් ඉන්ද්‍රියය යි. මතකය අත්දැකීම් සඳහා අත්‍යවශ්‍ය වන අතර limbic පද්ධති වලට සම්බන්ධ වී ඇත, එමෙන්ම එමගින් අනාගත ක්‍රියාවලට බලපෑම් කිරීමේ අරමුණින් කාලයක් පුරා තොරතුරු ධාරණය කර තබාගනී. මනෝ විද්‍යාවේ මතකය යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට , රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි. 
අපි ඉපදුන දා පටන් මැරෙන දවස වෙනකන්ම ඉගෙනගන්නව. ඉගෙන ගැනීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනව. විධිමත් ඉගෙනුම සහ නොවිදිමත් ඉගෙනුම. නොවිධිමත් ඉගෙනුමට අදාළ වෙන්නෙ අපි එදිනෙදා ජීවිතයේ අත්දැකීම් මගින් ඉගෙනීම. විධිමත් ඉගෙන ගැනීම කියන්නෙ නිශ්චිත විෂය මාලාවකට අනුව අපි ලබන අධ්‍යාපනය. අපි පාසල් වල, සරසවියෙදි ලබන්නෙ විධිමත් අධ්‍යාපනය.  විධිමත් ඉගැනුමේදී අපිට අනිවාර්යෙන් මුහුණ දෙන්නට වෙන අභියෝගයක් තමයි විභාග. එම විභාග සමත් වෙන්න නම් අපි විෂය කරුණු මතකයේ තබාගන්න අවශ්‍ය වෙනව. අපි මේ ලිපියෙදි අවධානය යොමු කරන්නේ විධිමත් ඉගෙනගැනීමේදී මතක තබා ගැනීම සඳහා උදව් කර ගත හැකි ක්‍රම 10 ක් පිළිබඳව.

1. ඔබේ විෂය කරුණු කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන්න.

 
අවධානය, අවධානය අවධානය.  මතක තබා ගැනීම සඳහා ඉතා වැදගත් අංගයක් තමයි අවධානය.අපට ලැබෙන තොරතුරු අපේ කෙටි කාලීන

මතකයේ සිට දිගු කාලීන මතකයට අතුල් කිරීමට අවධානය අත්‍යාවශය වූවක්. එනම් තොරතුරු පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම. නිතරම අවධානය රඳවා ගැනීම සඳහා රූපවාහිනිය, රේඩියෝව වැනි උපකරණවලින් බාධා ඇති නොවන ස්ථානයක් පාඩම් කිරීම සඳහා යොදා ගන්න. අවට පරිසරය නිරවුල් සහ සාමකාමී වීම අප අවධානය රඳවා ගැනීමට පැහැදිළිව බලපානු ලබනව. එමෙන්ම අපේ අභ්‍යන්තර නිරවුල් බවත් ඉතා වැදගත්. විශේෂයෙන් අපේ පිරිසිදු බව. ස්නානය කර පිරිසිදු වී පාඩම් කරන විට අප අවධානය යොමු කිරීම වඩා සක්‍රීය බව පර්යේෂණයන් පෙන්වාදෙනව.

2.එක දිගට කට පාඩම් කිරීමේ ක්‍රමය අත්හැර ක්‍රමානුකූල වාර ක්‍රමයක් භාවිත කරන්න.

කාල රාමුවකට අනුව විවේක ලබා ගනිමින් පාඩම් කිරීම එක දිගට කරනු ලබන වෙහෙසකර පාඩම් කිරීමට වඩා ඵලදායී බව පර්යේෂණයන් මගින් තහවුරු කරයි. මැරතන් එකක් දුවන අයුරින් පාඩම් කිරීම ඵලදායී නොවන බව මෙම පර්යේෂණ අපට පෙන්වා දෙයි.අපට අහන්න දකින්න ලැබෙනව අපේ සමහර යහළුවො එක දිගට පැය ගණන් නිදිමරාගෙන පාඩම් කරනව.  සමහරවිට අපිත් එහෙම කරනව. ඒත් බොහෝ විට එයින් අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබෙන්නෙ නෑ. එයට හේතුව තමයි මිනිහෙකුට යම් දෙයක් කෙරෙහි එක දිගට අවධානය රඳවා ගත හැකි කාලය සීමා සහිත වීම.

නීරෝගී වැඩිහිටියෙකුට එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරගෙන සිටීමට හැකි උපරිම කාලය මිනිත්තු 30 ත් 40 ත් අතර කාලයක්. ඉන් පසු අප කොපමණ පාඩම් කලත් බොහෝ විට එය නිශ්ඵල උත්සහයක්. එම නිසා හොඳම ක්‍රමය වන්නේ වාර ක්‍රමය භාවිත කිරීම. එනම් මිනිත්තු 30 ක් පමණ පාඩම් කිරීමෙන් අනතුරුව විනාඩි 5ක 10ක විවේකයක් ලබා ගැනීම. මෙම විවේකයේදි ගීතයක් ශ්‍රවණය කිරීම, නිවසින් පිටතට ඇවිද ඒකාකාරී බව නැති කර ගැනීම, වැනි දෙයක් කරන්න පුළුවන්. ඉන් පසු නැවත පාඩම් කිරීම ආරම්භ කරන්න පුළුවන්.

3. ඔබේ විෂය කරුණු නිතරම සංවිධානය කරන්න.

පර්යේෂණයන් පෙන්වාදෙන්නේ නිතරම අප තොරතුරු මොළය තුළ ඊට අදාල කොටසට ගමන් කරන බවයි. එනම් තොරතුරු කාණ්ඩ වශයෙන් පවතින බවයි. අප පාඩම් කිරීමේදී මෙයින් ප්‍රයෝජන ලබා ගත හැකිය. නිතරම අපේ තොරතුරු ඊට අදාළ කාණ්ඩය වෙත යැවීම තුළින් අපට පහසුවෙන් මතක තබා ගත හැකි වෙයි. සාමාන අදහස් දනවන සංකල්ප නිතරම එක්  කාණ්ඩයකට ඒකරාශී කිරීමට උත්සහ කරන්න.
උදා :-  හපුතලේ, කැළණි,වික්ටෝරියා, හන්තාන,විමලසුරේන්ද්‍ර,මහවැලි, ලක්ෂපාන,පිදුරුතලාගල,මැණික්
ඉහත වචන සමූහය අපට මේ අකාරයෙන් තිබෙන විට මතක තබා ගැනීම ඉතා අපහසු කටයුත්තකි. එනමුත් අපට එම වචන පහත අකාරයට අදාළ කාණ්ඩ වලට වෙන් කර සංවිධානය කර ගැනීම මගින් මතක තබා ගැනීම පහසු වේ.
ගංගා – කැළණි, මහවැලි, මැණික්
කඳු – හපුතලේ, හන්තාන, පිදුරුතලාගල
විදුලි බලාගාර – වික්ටෝරියා, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන

නිතරම අප මොළය සංවිධානය කරන ලද තොරතුරු පහසුවෙන් මතක තබා ගනී.

4. තොරතුරු මතකයේ තබා ගැනීමට ස්මෘති උපක්‍රම (mnemonic devices) භාවිත කරන්න.

ස්මෘති උපක්‍රම යනු තොරතුරු නැවත මතකයට නගා ගත හැකි සරල උපක්‍රමයන්ය.  උදාහරණයක් ලෙස ඔබට මතක තබා ගත යුතු කරුණු ඔබට ඉතා සමීප දෙයක් සමග සම්බන්ධ කර මතක තබා ගන්න. වඩා සාර්ථක ස්මෘති උපක්‍රම වන්නේ උපහාසය දනවන එළි සමය අනුව යන කවි, ගීත හෝ කුඩා වාක්‍ය කණ්ඩ ආදියයි.
උදා :- අප නිතරම භාවිත කරන ස්මෘති උපක්‍රමයක් වන්නේ දිශා මතකයේ රඳවා ගැනීමට ඇති කෙටි වාක්‍යයි.
උපුල් ඊලඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්
මින් අට දිශාවන් වන උතුර, ඊසාන, නැගෙනහිර, ගිණිකොන, දකුණ, නිරිත, බස්නාහිර සහ වයඹ යන ඒවා පහසුවෙන් මතකයට නගා ගනී.

5. අවබෝධයෙන් සහ සවිස්තරාත්මකව පාඩම් කරන්න.

අවබෝධයක් නොමැතිව පාඩම් කරන දෑ මතකයේ ‍රැඳී නොසිටියි. අප පාඩම් කළ දෙයක් නැවත මතකයට නගා ගැනීමට නම් අප එය දිගු කාලීන මතකයේ තැන්පත් කර තැබිය යුතුයි. එලෙස දිගු කාලීන මතකයට අප තොරතුරු ඇතුළත් කිරීමේ වඩා සාර්ථක උපක්‍රමයක් ලෙස අවබෝධයෙන් යුතුව පාඩම් කිරීම සැලකිය හැකිය. අවබෝධයක් නොමැතිව පාඩම් කරන දෑ මතකයේ ‍රැඳී නොසිටියි.
මේ සඳහා උදාහරණයක් ලෙස විෂය කරුණක්  මතකයේ රඳවා ගැනීමට අවශ්‍ය නම් පළමුව එම  කරුණ නිර්වචනය කරගන්න. ඉන් පසු එය පිළිබඳ තව විස්තර කියවමින් අධ්‍යනය කරන්න. මේ අකාරයට කිහිප වරක් කිරීමෙන් ඔබට පහසුවෙන් මතක තබාගත හැකි බව ඔබට වැටහෙනු ඇත.

6. ඔබ පෙර ඉගෙනගත් කරුණු සමග නව තොරතුරු ගලපන්න.

 
අලුත් යමක් පාඩම් කරන විට නිතරම ඔබ උගත් පැරණි කරුණු හා මේවා අතර ඇති සම්බන්ධය සොයන්න. එලෙස නව කරුණු සහ පැරණි කරුණු
අතර සම්බන්ධය සොයාගැනීමෙන් ඒවා නැවත මතකයට නගා ගැනීම ඉතා පහසු වේ.  අලුත් කරුණ නිසා පැරණි කරුණ හෝ පැරණි කරුණ නිසා අලුත් කරුණ නිරායාසයෙන් මතකයට නැගේ.
උදා :-  ඔබ ලෝක ඉතිහාසය පිළිබඳ පාඩම් කරමින් සිටින විට ඊශ්‍රායලය 1948 නිදහස ලැබූ බව සඳහන් වෙයි. එවිට ඔබ එය ඔබ දන්නා පැරණි කරුණක් සමග ගලපයි. එනම් ලංකාවද 1948 නිදහස ලබයි. ඉන් පසු ඔබට ශ්‍රි ලංකාවේ නිදහස් දිනය මතකයට නැගෙනවිට ඊශ්‍රායලයේ නිදහස් දිනයද, ඊශ්‍රායලයේ නිදහස් දිනය මතකයට නැගෙන විට ශ්‍රී ලංකාවේ නිදහස් දිනයද නිරායාසයෙන් සිහියට පැමිණෙයි.

7. මතක තබා ගැනීම සඳහා මානසික චිත්‍ර උපයෝගී කරගන්න.

බොහෝ විට සාර්ථක ක්‍රමවේදයකි පාඩම් කිරීමේදී මානසික චිත්‍ර භාවිතය. මානසික චිත්‍රයක් යනු අප යම් පින්තූරයක් ආකාරයට මතක තබා ගැනීමයි.  මානසික චිත්‍ර භාවිතයේදී බොහෝ විට සාර්ථක වන්නෙ රූප සටහන්, වගු, ප්‍රස්ථාර වලදීය. එම නිසා ඔබේ දීර්ඝ ඡේද ආකරයේ විෂය කරුණු එවැනි වගු, රූප අසටහන්, ප්‍රස්ථාර ආදියට පරිවර්තනය කරගන්න. තවද ඔබේ සටහන් තුළම වර්ණ පෑන් යොදාගනිමින් වැදගත් කරුණු විශේෂීකරණය කිරීමද මෙහිදී සාර්ථකය. එවිට ඔබට ඒවා මානසික චිත්‍ර ලෙස මතකයට පැමිණේ.
උදා :- ලංකාවේ පිහිටීම ඔබට එක්වරම මතක් වන්නේ ලෝක සිතියමක් මනසින් චිත්‍රනය කිරීම මගිනි.

8. ඔබ උගත් දෑ තව අයෙකුට උගන්වන්න.

පර්යේෂණ මගින් පෙන්වාදෙනුයේ ශබ්දනගා කියවීම මතක තබා ගැනීමේදී සාර්ථක ක්‍රමයක් වන බවයි. මනෝවිද්‍යාඥයින් හෙළිකරගෙන ඇති තවත් කරුණක් වනුයේ අප උගත් දෙයක් තවත් අයෙකුට කියා දෙන විට ඒ සම්බන්දයෙන් අපගේ අවබෝධය සහ මතකය වර්ධනය වන බවයි. ඔබගේ යහළුවෙකුට ඉගැන්වීම මගින් මෙය ක්‍රියාවේ යෙදිය හැක. එය ඔබ උගත් දෑ පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරනු ඇති අතරම මතකයද වර්ධනය කරනු ඇත.

9. අසීරු කරුණු වලදී වැඩිපුර කාලය වැය කරන්න.

 
නිතරම පරිච්ඡේදයක මුල් සහ අවසාන කරුණු පහසුවෙන් මතකය තුළ තැන්පත් වෙයි. අතර මැද ඇති කරුණු මතකයට නගා ගැනීම අපහසු කටයුත්තක් බව පර්යේෂණ පෙන්වා දෙයි. මෙහිදී අමතර කාලයක් මෙම අපහසු කරුණු සඳහා යෙදවීම මගින් ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැකිය. නිතරම පාඩම අමාරු වන විට අමතර කාලයක් ඒ සඳහා වැය කරන්න.

10. ඔබ පාඩම් කරන ආකාරය නිතරම වෙනස් කරන්න.

මතකය වර්ධනය කරගැනීමේ තවත් ක්‍රමයක් වන්නේ කලින් කලට ඔබ පාඩම් කරන ක්‍රමය වෙනස් කිරීමයි. උදාහරණයක් ලෙස ඔබ නිතරම එකම ස්ථානයක සිට පාඩම් කරන්නේ නම් එයින් මිදී වෙනත් ස්ථානයකට ගොස් පාඩම් කරන්න. ඔබ පාඩම් කරන්නේ හවස නම් උදෑසන පාඩම් කළ දෑ නැවත සිහිපත් කරන්න උත්සහ ගන්න. මේ අයුරින් පාඩම් කරන ආකාරය කලින් කලට වෙනස් කිරීම මගින් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.
ඉහත සඳහන් කර ඇත්තේ මතක තබා ගැනීමේ උපක්‍රම අතුරින් කිහිපයකි. එම ක්‍රම උපයෝගී කරගනිමින් ඔබ ඔබේ කටයුතු සාර්ථක කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
(උපුටාගැනීමකි)

රැකියා ආතතිය අඩුකරගැනීමට උපක්‍රම..

Screenshot_2020-02-22-08-39-01-1

වැඩ රාජකාරි සමහර වෙලාවට අපිව යටකර ගන්නවා

** මෙම ලිපිය මුල් වරට “12 Strategies to Handle Stressful Careers” යන සිරස්තලය සහිතව clicktime වෙබ් අඩවියේ පළ වූවක්.

කර වටක් ගිලිලා, බරෙන් යට වෙලා. චකිතයට පත් වෙලා. හති වැටිලා. කැලඹිලා. වේදනාවට පත් වෙලා. මේ සේරම එකට. ඔබටත් එහෙම වෙලා තිබෙනවාද?

ඔව්. ඔබත් අනිත් හැම සේවකයෙක් වගේම නම්, අපි මේ කතා කරන්නෙ මොකක් ගැනද කියලා ඔබ දන්නවා. ඒ තමයි ආතතිය. තවත් විදිහකට කියනවා නම් අපට පහසුවෙන්ම දැනෙන්න පුළුවන් මානසික පීඩනයක්. ඔබේ රැකියාව මොකක් වුනත්, රැකියාව ආශ්‍රිත ආතතිය සාමාන්‍ය තත්ත්වයක්.

වාසනාවකට වගේ අපි ජීවීන් විශේෂයක් හැටියට ආතතිය අවම කරගැනීම සඳහා ලොකු සහ කුඩා ක්‍රමවේද ගණනාවක් ඇති කරගෙන තියෙනවා.අපි එයින් 12 ක් දැන් ඔබත් එක්ක බෙදාහදා ගන්නයි සූදානම. ඇයි 12ක්? ඒ තමයි අනිවාර්යයෙන්ම ආතතිය අඩුම අංකය!*

*සටහන: මේ පිළිබඳ විද්‍යාත්මක සාධක අවම වෙන්න පුළුවන්.

healthy life

සමබර ජීවිතයක් තිබීම ඔබේ වැඩ කළමනාකරණය සඳහා වැදගත්

1. ලොකුම දේවල්: නින්ද, නිවැරදි ආහාර, ව්‍යායාම

ඔබ මේ හැම එකක්ම මීට ඉස්සර අහල තියෙන බවට සැකයක් නෑ. විද්‍යාත්මක පර්යේෂණ ගණනාවකින් ඔප්පු වෙලා තියෙනවා, මේ සියල්ලම ආතතිය අඩු කරන්න හේතු වෙන බව.

නින්දනිවැරදි ආහාරසහ ව්‍යායාම කියන සියල්ලම ඔබේ ශරීර සෞඛ්‍යය පවත්වාගෙන යාම සඳහා වැදගත්. ඒත් ඊටත් වඩා, ඒ හැම එකක්ම, ඔබේ මානසික සෞඛ්‍ය සඳහාත් ඉතාම සුවිශාල සේවයක් ඉටු කරනවා. ඒ තුනම, එන්ඩෝෆින් (endorphins)වර්ධනය කරන්නත්ඩොපමයින් (dopamine)නියාමනය කරන්නත්ඔබව වඩාත් සතුටින් තියන්නත් උදව් වෙනවා.

ඒ කියන්නේ ඔබට වංචා කරන්න බැහැ කියන එක නෙවෙයි. (මොකද සමහර වෙලාවට ආතතිය නැති කිරීමේ හොඳම විදිය, චොකලට්-චිප්-කුකී අයිස්ක්‍රීම් පයින්ට් එකකුත් එක්ක Game of Thronesකොටස් ගණනාවක් එක දිගට බලන එක තමයි.) ඒත් ඔබට දැනටමත් තියෙන ආතතිය කළමනාකරණය කරන ගමන් අනාගතයේදී ඇති වියහැකි ආතතියට වැට බඳින්නත් ඕන නම්, මේ හැම දෙයක් ගැනම හිතන්න පටන්ගන්න වෙනවා.

 

barrier

වැඩ සම්බන්ධයෙන් සීමාවන් දමාගැනීම වැදගත්

2. සීමාවන් දාගන්න

බොහෝවිට වැඩ සම්බන්ධ ආතතිය ඇති වෙන්නේමේ වැඩ කවදාවත් ඉවරයක් වෙන්නෙ නෑ කියන හැඟීම නිසයිවිද්‍යුත් සන්නිවේදනයේ දියුණුව නිසා ඔබට වැඩ පවරන අයටපහසුවෙන්ම ඕනෑම මොහොතක ඔබ ගැන සොයන්න පුළුවන් වීමත් එක්ක, මේ හැඟීම තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා.

ඒත් ඒක එහෙමමද? සමහර වෙලාවට ආතතිය වළක්වාගැනීමේ හොඳම විදියමේ වැඩේ මට මේ වෙලේ කරන්න බෑකියන්න හුරු වීමයි. රෑ 9න් පස්සෙ ඊමේල් එවන්න එපාසති අන්තයේ වැඩ කරන්න මට බෑවගේ සීමාවන් එයින් අදහස් වෙනවා. දැනටමත් සීමාව ඉක්මවා ගිහින් තියෙන ඔබේ වැඩ කන්දරාවට තවත් වැඩරාජකාරි එකතු කරන්න කළමනාකරුවන්ට ඉඩ තියන්න එපාඔබ මේ හැම දෙයක්ම තෝරාගන්න අවශ්‍ය නෑ. ඒත් ඔබ ඔබට වැදගත් වන දේවලින් එකක් දෙකක් තෝරාගත යුතුයි.

 

interruptions

කාර්යාලය තුළ ඇති වන බාධාකිරීම් නිසා ඔබේ වැඩට අවධානය යොමු කරන්න අමාරු වෙනවා

3. බාධාවන් අඩු කරගන්න

අධ්‍යයන මගින් එය ඔප්පු වෙලා තියෙනවා බාධාකිරීම් නිසා අපි වඩාත් කැළඹෙනවාබාධාකිරීම් අවම කිරීම හොඳ උපක්‍රමයක් වන්නේ ඒ නිසයිටික වෙලාවකට ඔබේ අන්තර්ජාල සම්බන්ධය විසන්ධි කරන්න.නැත්නම්, අඩු තරමින් ඔබේ ඊමේල් සහ චැට් පහසුකම් වසා දමන්න.විශාල හෙඩ්ෆෝන් දාගෙන ඉන්නඑතකොට අනෙක් අයට තේරේවි ඔබට කරදර නොකර ඉන්න ඕනෙ කියල.

එතකොට, ඔබව හතර අතට ඇදිලා යනවා කියල දැනෙන එක නැතිවෙලා, වැඩි වැඩ කොටසක් කරගන්න පුළුවන් වෙයි.

Todo list

හැම දෙයක්ම මතකයේ තියාගන්න උත්සාහ කිරීමේ ආතතිය නැතුව ඔබ කළ යුතු දේ ගැන අවධානය තියාගන්න, TO DO list එකක් උදවු වෙනවා.

4. වැදගත් දේවල් ලියාගන්න

ඔබේ ඔළුවේ වැඩ කෝටියක් එහාමෙහා දුවනවද? ඉපැරණි තාක්ෂණයක් උදව්වට ගන්න: පැන්සලයි කඩදාසියයි. මතක තබාගත යුතු වැඩකටයුතු නිසා ආතතියෙන් පෙළෙනවා නම්, කඩදාසියක් අරන් ඔබ කළ යුතු සියලු දේ ලියාගන්න(එහෙමත් නැත්නම් RTM හෝ Trello වගේ ඇප් එකක් පාවිච්චි කරන්න.)

ඔබ කළ යුතු දේ මොනවාදැයි මතක් කරගැනීම ගැන කරදර වෙන්න අවශ්‍ය නැත්නම්, ඔබ ඇත්තටම ඒ දේවල් කරන්න අවශ්‍ය මානසික ශක්තියනැත්නම්emotional energy, පුදුම සහගත ප්‍රමාණයක් නිදහස් වෙනවා.

Agenda

වැඩ කළ යුතු පිළිවෙල තෝරා බේරා ගැනීමට, වැඩසටහන් පෙළගැස්මකින් (agenda) උදව්වක් සැපයෙනවා

5. වැඩවල ආතතිය වහා අඩු කරගන්න, ප්‍රමුඛතා අනුව වැඩ පෙළගසන්න

ඔබට කරන්න තියෙන හැම දෙයක් ම කරගන්න බැරි වෙයි කියලා හිතෙනවා නම්, එහෙම හැම දෙයක් ම කළ යුතු නැති බව සමහර වෙලාවට තේරුම් ගන්න වෙනවා. ඔබ කළ යුතු සියලු දේ ලැයිස්තුවක් හදලා, ඒ අනුව ඔබ ඇත්තටම කළ යුතු දේ සහ ඔබ කර අවසන් කිරීමට කැමති දේ මොනවාදැයි තීරණය කරන්න.

ඔබ අවසන් කරන්න අවශ්‍ය අනිත් වැදගත් නැති බවක් මේකෙන් අදහස් වෙන්නෙ නෑ. ඒත් ඔබට ඒ ගැන පසුව කරදර වෙන්න පුළුවන්.

 

 

messy desk

විවිධ දේවල් පිරී විසිරුණු මේසයක් ඇති විට, අත්‍යවශ්‍ය දේට අවධානය යොමු කිරීම අමාරු වෙනවා

6. ඔබේ මේසය හෝ වැඩ අවකාශය අනවශ්‍ය දෙයින් තොරව පිරිසිදුව තියාගන්න

අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේවිවිධ දේවල් පිරී විසිරී ගිය මේසයක්වැඩවල ආතතිය වැඩි කරන බවයි.බොහෝවිට, අනිත් හැම දෙයක්ම අපිළිවෙලට තියෙන බව දැනෙද්දී, ඔබේ වැඩ මේසය පිළිවෙලකට සකස් කරගන්න මිනිත්තු 30ක් ගත කිරීමෙන් යම් සැනසිලිදායක මානසික සංහිඳියාවක් ඇති වෙන්න පුලුවන්.

සටහනමේ ක්‍රමවේදය ඔබේ මහල් නිවාසය, නිවස, ඔබේ වාහනය, ඔබේ බ්‍රීෆ්කේසය, හෝ ඔබේ බඩු භාණ්ඩ තියාගන්නා වෙන ඕනම තැනක් සම්බන්ධයෙනුත් එක වගේ අදාළයි.

 

waking up early

ඔබේ මොළය එක තලයකින් තවත් තලයකට මාරු වෙද්දී, අවදි වෙන්න සෑහෙන අදිමදියක් දක්වන්න පුළුවන් . අතාරින්න එපා!

7. වේලාසනින් වැඩට එන්න

ඔබට ආතතියක් ඇති වෙන්නේ ඔබ හැම වෙලේම අදාළ වෙලාවට වඩා ප්‍රමාද නිසා නම්, එක් ප්‍රතිකර්මයක් වෙන්නේනියමිත වේලාවට මිනිත්තු 10කට කලින් වැඩට ඒමයි. කොපි කෝප්පයක් හදාගෙන, ඔබේ බඩුමුට්ටු ටික එකලසක් කරගෙන, ඔබේ දවසේ වැඩසටහන සැලසුම් කරගන්න. “වැඩ වෙලාව” ආවාම, ඔබ ඒ දැනටමත් වැඩ පටන්ගෙන ඉවරයි!

 

girl listening to music

සංගීතයට සවන් දෙමින් වැඩේට බහින්න

8. සංගීතයට සවන් දෙන්න

“ඕන දැඩි හදවතක් නිවා සනහන විස්ම හැකියාවක් සංගීතයට තියෙනවා” යැයි විලියම් කොන්ග්‍රෙව් වරක් ලිව්වා. ඔහු හරියටම හරි!

ඔබට වැඩ අතරේ ආතතිය අඩු කරගන්න විදියක් ඕන නම්, ඔබේ හෙඩ්ෆෝන්ස් දාගෙන කැමති ඕනෑම සංගීතයක් හෝ ගීතයක් අහන්න. බියොන්සේ? බාක්? 2Pac? නැත්නම් වෙනත් ඕනෑම ගායකයෙක්…කවුරු වුණත් ප්‍රශ්නයක් නෑ.

 

 

Take a break

වැඩ අතරේ පොඩි පොඩි විරාම4 ගන්න

9. වැඩ අතරට විරාමයන් ඇතුළු කරගන්න

ආතතියෙන් පිරුණු වැඩ කන්දරාවක් කළමනාකරණය කරන්න තියෙන එකම විදිහ නොනවත්වා ඒ වැඩවල යෙදෙන එක කියල හිතෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඇත්තටම බැලුවොත් ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ. මේක අනිවාර්ය සත්‍යයක්‘ විවේක කාල මගින් වැඩිපුර වැඩ කිරීමේ ඉඩ ලබාගන්න පුලුවන්.

කළ යුතු වැඩ සියල්ල ගැන ඔබ කනස්සල්ලෙන් පසුවෙනවා නම්, ඔබම ඔබේ විවේක කාල නියම කරගන්න.විනාඩි 25ක් මහන්සි වෙලා වැඩ කරන්නඊට පස්සේ විනාඩි 10ක් ටිකක් එහෙමෙහෙ ඇවිදින්න.තව විනාඩි 25ක් මහන්සි වෙලා වැඩ කරන්න. ඊට පස්සෙ අන්තර්ජාලයේ තියෙන දෙයක් කියවන්න. ඔබට නැවත පණගැහිල එන්න වෙලාවක් දෙන්නතමන්ව සම්පූර්ණයෙන් හෙම්බත් වීම වළක්වාගන්න මේකෙන් පුලුවන්

 

 

  • boring meetings

හොඳින් සැලසුම් නොකළොත්, රැස්වීම් වෙහෙසකර හා අතිශයින් පලරහිත වෙන්න පුළුවන්

10. අනවශ්‍ය රැස්වීම් අහෝසි කරන්න

මේක වැඩියෙන් වැටෙන්නේ “මේ දැන් කළයුතු දේ” අතරට වඩා, “වඩාත් විශාල මූලෝපායන්” අතරටයි. ඒ වුණත්, හුඟක් සේවා ස්ථානවල, වෙන කිසිම දෙයක් නැතුව, ඉඳගෙන වැඩකරන්න කාලයක් නැතිවෙන තරමට රැස්වීම් ගණනාවක් පවත්වන්න නියම වෙලා තියෙන්න පුළුවන්. ඒක ආතතිකරයි.

ඔබ ආයතනයේ කුමන තලයක හිටියත්, අනවශ්‍ය රැස්වීම් අතහැර දමන්න වැඩ කළොත්ඒක ඔබේ කණ්ඩායමේ හැමදෙනාටම කරන උදව්වක්. එතකොට හිත් කරදර කරගන්න තියෙන්නෙ දේවල් ටිකයි. ඒ වගේම ඔබ හැම දෙනාටම වැඩි කාලයක් නිදහස් කර දෙනවා.

 

11. තමන් කළ වැඩ වෙනුවෙන් තමන්ටම තෑගි දෙන්න

සමහර වෙලාවට, ආතතියට හොඳම විසඳුමතමන්ටම හොඳින් සැලකීමයි.ඉතින් තමන්ටම හොඳින් සලකන්න, හොඳ වැඩ ටිකක් ඉවර කිරීම තරම් අගේ ඇති හේතුවක් තවත් තියෙනවද?

විවේක කාල වගේම (ඉහත #9 බලන්න), පොඩිපහේ තෑගි දීගැනීමත් ඔබව කාර්යක්ෂමව තියාගන්න හොඳ විධියක්. ඒ අතරෙම, ඔබ ඉවර කළ වැඩ ප්‍රමාණය ගැන යම් ඇස්තමේන්තුවක් ලබාගන්නත් ඒක උදව් වෙනවා. ඒ නිසා, ටික වෙලාවක් මහන්සිවෙලා වැඩ කරන්න. ඊටපස්සේ, යාළුවෙකුට ලියල තමන්ටම පොඩි තෑග්ගක් දීගන්න. එහෙම නැත්නම් පොඩි සංග්‍රහයක් කරගන්න. එහෙමත් නැත්නම් විනාඩි 10කට කාර්යාලයෙන් එළියට යන්න. ඔබ මේ තෑගි උපයා ගන්නා තුරු මේවා ලබාදීම නවතාගෙන ඉඳීමෙන්, ඔබට වැඩ කරන්න වැඩි ගැම්මක් ගන්න පුළුවන්. ඒ වගේම ඒවා තමන්ටම ලබා දීම මගින්, ඔබ ඒවා ලබාගැනීමට සුදුස්සෙක් වන බව ඔබ ඔබටම කියනවා.

 

Treat yourself

සමහර වෙලාවට තමන්ටම සලකාගැනීම වැදගත්

11. තමන් කළ වැඩ වෙනුවෙන් තමන්ටම තෑගි දෙන්න

සමහර වෙලාවට, ආතතියට හොඳම විසඳුමතමන්ටම හොඳින් සැලකීමයි.ඉතින් තමන්ටම හොඳින් සලකන්න, හොඳ වැඩ ටිකක් ඉවර කිරීම තරම් අගේ ඇති හේතුවක් තවත් තියෙනවද?

විවේක කාල වගේම (ඉහත #9 බලන්න), පොඩිපහේ තෑගි දීගැනීමත් ඔබව කාර්යක්ෂමව තියාගන්න හොඳ විධියක්. ඒ අතරෙම, ඔබ ඉවර කළ වැඩ ප්‍රමාණය ගැන යම් ඇස්තමේන්තුවක් ලබාගන්නත් ඒක උදව් වෙනවා. ඒ නිසා, ටික වෙලාවක් මහන්සිවෙලා වැඩ කරන්න. ඊටපස්සේ, යාළුවෙකුට ලියල තමන්ටම පොඩි තෑග්ගක් දීගන්න. එහෙම නැත්නම් පොඩි සංග්‍රහයක් කරගන්න. එහෙමත් නැත්නම් විනාඩි 10කට කාර්යාලයෙන් එළියට යන්න. ඔබ මේ තෑගි උපයා ගන්නා තුරු මේවා ලබාදීම නවතාගෙන ඉඳීමෙන්, ඔබට වැඩ කරන්න වැඩි ගැම්මක් ගන්න පුළුවන්. ඒ වගේම ඒවා තමන්ටම ලබා දීම මගින්, ඔබ ඒවා ලබාගැනීමට සුදුස්සෙක් වන බව ඔබ ඔබටම කියනවා.

Be thankful

ස්තූතිවන්ත වීමෙන් ආතතියෙන් තොරව සිටීමේ හැකියාව ලැබෙනවා

12. ස්තූතිවන්ත වන්න

ඒක ටිකක් ළාමක ගතියක් පෙනුණට, ස්තූතිවන්ත වීමේ ස්වභාවයක් ඇති කරගැනීමෙන් සාමාන්‍යයෙන් හටග්නා ආතතිය වගේම වැඩරාජකාරිවලට අදාළ ආතතියත් අවම කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔබට වඩාත් සතුටින් ඉන්නත් පුළුවන් වෙනවා. සාමාන්‍ය ජීවන භාවිතයක් හැටියට, වැඩියෙන් ස්තූතිවන්තවීමට උත්සාහ කිරීම ඔබ ආතතියෙන් තොරව (හෝ අඩු තරමින් අවම ආතතියකින්) තියාගන්න හොඳම ක්‍රම අතරින් එකක්.

මේක කරන්න ක්‍රම ගණනාවක් තියෙනවා. ස්තූතිවන්තභාවය සම්බන්ධ දිනපොතක් තියාගන්න. දිනකට තුන්දෙනෙක්ට “ස්තූතියි” කියන්න ඔබටම බල කරගන්න. හැම රැයකමඔබ ස්තූතිවන්ත වන දේවල් ගැන හිතමින් විනාඩි 5ක් ගතකරන්න.

ඔබ මෙයින් කුමක් තෝරාගත්තත්, එය දිගින් දිගටම කරන්න. එයින් කොපමණ හොඳක් වෙනවාද කියන එක කෙටි කාලයක් ඇතුළත ඔබටම පෙනේවි.

(උපුටාගැනීමකි)

 

 

 

කම්කරු නීතිය – සේවා සහ වේතන

dc01bf3150476e930311b3971d7e2b30.0

අවම වේතනය

“ශ්‍රී ලංකාවේ තනි එකම අවම වේතනයක් නොමැත. ශ්‍රී ලංකාවේ වෘත්තින් 40කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඒ ඒ අංශයට සුවිශේෂී ත්‍රෛපාර්ශ්වික මණ්ඩල මගින් අවම වේතන නිශ්චය කරනු ලැබේ. පඩිපාලක සභා ආඥා පනත යටතේ පිහිටුවන ලද පඩිපාලක සභා මගින් පැය, දින, සති මාස පදනම මත අවම වැටුප් තිරණය කරනු ලැබේ. කිසියම් නිශ්චිත වෘත්තියකට අදාල පඩිපාලක සභාවක් මගින් තීරණය කරන ලද අවම වැටුප සේවායෝජකයන් විසින් ගෙවිය යුතු වේ.

අවම වැටුප් අනුපාතය තීරණය කිරීම පිලිබඳ නිශ්චිත නිර්ණායක නොමැත. එම වෘත්තිය තුළ සේවකයන්ට අදාල වන ජීවන වියදම් දර්ශකයේ විචල්‍යතාවයට අනුව එය සකසනු ලැබේ. වෘත්තිය අංශය, ප්‍රදේශය සහ සේවක කාණ්ඩය අනුව අවම වැටුප් අනුපාතික වෙනස් වේ. රජය වෘත්තිය සමිති නියෝජිතයන් සහ සේවායෝජකයන් අන්‍යොන්‍ය ලෙස එක්ව අවම වැටුප් අනුපාතිකයේ වැඩිවීම් තිරණය කරනු ලැබේ.

ශ්‍රමිකයන් සඳහා ජාතික අවම වැටුප් පනත 2016 යටතේ, ඕනෑම කර්මාන්තයක හෝ සේවාවවක සියලු කම්කරුවන් සඳහා ජාතික මාසික අවම වැටුප රුපියල් 10,000 (දස දහස) ලෙස සකසන අතර කම්කරුවෙක් සඳහා ජාතික අවම දෛනික වැටුප් රුපියල් 400 (හාරසියය) ලෙස රුපියල් සකසනු ඇත. සේවා යෝජකයා පරිශ්‍රයේ පහත සඳහන් තොරතුරු අඩංගු ලේඛනයක් පවත්වාගෙන යාමට අනිවාර්ය වේ: ඔහු යටතේ වන එක් එක් කම්කරුවකුගේ නම; එක් එක් සේවකයෙකු විසින් ඉටුකරන වැඩ පන්තිය; සහ එක් එක් සේවකයකු වෙත ගෙවන මුදල් පමාණය කොපමණද. සේවා යෝජකයා වසර 6 ක කාලයක් සඳහා එම ලේඛනය ආරක්ෂා කිරීම අවශ්‍ය වේ.

රාජකාරී කළ කාලය සඳහා අවම වැටුප් අනුපාතයක් (සාමාන්‍ය අවම කාල අනුපාතය ලෙස සඳහන්), රාජකාරී කොටසකට කම්කරුවන් සඳහා අදාළ අවම කාල අනුපාතයක් (සාමාන්‍ය රාජකාරී කොටස ලෙස සඳහන්), රාජකාරියේ නියුතු කාලය මත පදනම්ව අවම පාරිතෝෂිකයක් සහතික කිරීමට සේවක රාජකාරී කොටසකට අදාළ අවම කාල අනුපාතයක් (සහතික කළ කාල අනුපාතය ලෙස සඳහන්), සහ සේවකයින් විසින් සිදු කළ අතිකාල කාර්යයක් සඳහා අවම අනුපාතයක් (අතිකාල අනුපාතය ලෙස සඳහන්) වැටුප් මණ්ඩලය තීරණය කරයි.

කම්කරු අයවැය සහන දීමනා පනත 2016 යටතේ, සේවා යෝජකයන් සෑම සේවකයෙකුටම පහත මුදල් ප්‍රමාණ සේවකයාගේ සුපුරුදු වේතනය මත පදනම්ව “අයවැය සහන දීමනා” ලෙස 2015 මැයි මස 01 වන දින සිට(2015 දෙසැම්බර් දක්වා) ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් මුදල් ප්‍රමාණ ගෙවීමට අවශ්‍ය වේ:

අ) මාසික වැටුප රුපියල් 40,000 නොඉක්මවයි නම්, මසකට රුපියල් 1,500 බැගින්;

ආ) ඔහුගේ / ඇයගේ දෛනික අනුපාතය රුපියල් 1,600 නොඉක්මවයි නම්, දිනකට රුපියල් 60;

ඇ) රාජකාරී කොටස් ශ්‍රේණිගත සේවකයන් සඳහා මාසයක් තුළ සේවකයෙක් සඳහා ගෙවිය යුතු

වැටුපෙන් හෝ වේතනයෙන් 15% ක්;

ඉ) වැටුප් අනුපාතය රුපියල් 40,000 ට වැඩි එහෙත් රුපියල් 41,500 (උපරිම වැටුප්) නොඉක්මවන

අවස්ථාවලදී සැබෑ වැටුප් හා උපරිම වැටුප් අතර වෙනස; සහ

ඊ) දෛනික අනුපාතය රුපියල් 1,600 සහ 1,660 සඳහා අතර නම්, රුපියල් 41,500 ක් සහ ඊට අදාළ

මාසයේ මුළු වැටුප් අතර ඇති වෙනසෙන් 4% ක්.

පළමු අවස්ථා තුන සඳහා අයවැය සහන දීමනා උපරිම මුදල රුපියල් 1,500 ක් වේ.

2016 ජනවාරි මස සිට, කම්කරුවන්ගේ සුපුරුදු වේතනය මත පදනම්ව පහත වටිනාකම් “අයවැය සහන දීමනා” ලෙස ගෙවනු ලැබේ:

අ) මාසික වැටුප රුපියල් 40,000 නොඉක්මවයි නම්, මසකට රුපියල් 1,000;

ආ) ඔහු/ඇය මාසික වැටුප රුපියල් 1,600 නොඉක්මවයි නම්, දිනකට රුපියල් 40; සහ

ඇ) රාජකාරී කොටස් ශ්‍රේණිගත සේවකයන් සඳහා මාසයක් තුළ සේවකයෙක් සඳහා ගෙවිය යුතු වැටුපෙන් හෝ වේතනයෙන් 10% ක්;

2016 දී අයවැය සහන දීමනා උපරිම මුදල රුපියල් 1,000 ක් වෙයි.

මූලාශ්‍රය: වැටුප් පාලක සභා ආඥා පනත – 21-22 නීති සංග්‍රහ; කම්කරු අයවැය සහන දීමනා පනත, 2016 – 3 නීති සංග්‍රහය; කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් පනත, 2016 – 3 සහ 5 නීති සංග්‍රහ

නිතිපතා ගෙවීම් සිදු කිරීම
“පඩිපාලක සභා ආඥා පනත අනුව වේතනය‍ට යන්නට අතිකාල සේවය හෝ කිසියම් නිවාඩු දිනයක සේවය සඳහා ගෙවන පරිශ්‍රමිකයද ඇතුළත් වේ. වේතන ගෙවීමට අදාළ විධිවිධාන පඩිපාලක සභා ආඥාපනත සහ සාප්පු හා කාර්යාල සේවක පනත යන නීති මුලාශ්‍ර දෙක තුළ අඩංගුව ඇත.

කිසියම් නිශ්චිත වෘත්තියක් සඳහා වන වේතන කාල පරිච්ඡේදය පඩිපාලක සභාවක් විසින් තීරණය කොට සේවකයන්ට වැටුප් ගෙවිය යුත්තේ දින කීයක් ගත වුණු පසුවද යන්න නියම කරනු ලැබේ.

කිසියම් සේවකයෙකු පඩිපාලක සභාවක තීරණය මගින් ආවරණය කරනු නොලැබේ නම් වේතන කාල පරිච්ඡේදය සේවා යෝජකයා විසින් තීරණය කරනු ලැබිය හැකිය. කෙසේ වුවද මෙම එක් අවස්ථාවකදීවත් වේතන කාල පරිච්ඡේදය එක් මාසයක් නොඉක්මවිය යුතුය. පහත සඳහන් විරාමයන්ට අනුව වේතන ගෙවිය යුතු බවට පඩිපාලක සභා ආඥා පනත සහ සාප්පු හා කාර්යාල සේවක පනත මගින් නියම කරනු ලැබේ.

– කාල පරිච්ඡේදය සතියක් ඉක්මවා නොයයි නම් එම කාල පරිච්ඡේදය අවසන් වී දින 3 ක් ඇතුලත

– කාල පරිච්ඡේදය සති 2 ක් ඉක්මවා නොමැති නම් වේතන කාල පරිච්ඡේදය අවසන් වී දින 5 ක් ඇතුලත

– කාල පරිච්ඡේදය සති දෙක ඉක්මවන්නේ නම් (නමුත් එය මාසයකට අඩු නම්) වේතන පරිච්ඡේදය නිමවී දින 10 ක් ඇතුලත

යම් යම් නොවැලැක්විය හැකි හේතු මත නියමිත කාල පරිච්ඡේදය තුළදී සේවකයා හට පාරිශ්‍රමිකය ගෙවීමට සේවා යෝජකයාට හැකියාවක් නොලැබේ නම්, සේවායෝජකයා විසින් පාරිශ්‍රමිකය රඳවා තබා ගෙන හැකි ඉක්මනින් එය ගෙවිය යුතු වේ.

නීතිය මගින් අවසර දී ඇති අඩුකිරීම් හැර වෙනත් කිසිම ආකාරයකින් වැටුපෙන් අඩු කිරීම් සිදු නොකරන ලෙසට පඩි පාලක සභා ආඥාපනත සහ සාප්පු සහ කාර්යාල සේවක පනත මගින් සේවායෝජකයාට නියම කර ඇත. නීතිය මගින් අවසර දී ඇති අඩු කිරීම් වන්නේ ආදායම් බදු අය කර ගැනීමට අදාළ අඩු කිරීම්, සේවක අර්ථසාධක අරමුදල සඳහා අඩු කර ගැනීම් සහ අනුමත අර්ථසාධක අරමුදල් ආදිය සඳහා සිදු කරනු ලබන අඩුකිරිම්ය. සේවායෝජකයෙකු නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයාගේ වැටුපෙන් අඩු කරගැනීම් සිදු කරයි නම් ඔහුට විරුද්ධව නඩු පැවරීමේ අවදානමක් ඇත.

අයහපත් කල් ක්‍රියාව හේතු කොටගෙන කිසියම් මුදලක් සේවක වැටුපෙන් අඩු කිරීමට සේවායෝජකයාට අවසර ඇත. ඒ වෙනුවට එවැනි දඩ පැනවීම් වැළැක්වීම පිණිස කිසියම් ආකාරයක පිළිගත් හැසිරීමක් පවත්වා ගෙන යන ලෙස සේවකයාට නියම කළ හැකිය. සේවකයා විසින් සපුරාලිය යුතු බවට නීතිය මගින් නියම කරනු ලබන සැබෑ වගකීමක් ලෙස එවැනි පිලිගත් හැසිරීම් කෙනෙකුට අර්ථ නිරූපණය කළ හැකිය. උදා : සාධාරණ හේතුවක් නොමැතිව සේවයට නොපැමිණීම, සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රමාද වී සේවයට පැමිණීම, තම රාජකාරියට අදාළ දෙන ලද නීත්‍යානුකූල විධානයක් අනුව කටයුතු කිරීම චේතනාන්විතවම පැහැර හැරීම සහ වැඩ කරන කාලය තුලදී බීමත්ව සිටීම ආදිය දැක්විය හැකිය. කෙසේ වුවද එවැනි දඩ අදාළ කාල පරිච්ඡේදයට නියමිත සම්පූර්ණ වැටුපෙන් 5% නොඉක්මවිය යුතු අතර එය එම ප්‍රමාණය ඉක්මවයි නම් ඒ සඳහා කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබා ගත යුතු වේ.

සාප්පු හා කාර්යාල සේවක පනත 17 නියාමනය යටතේ සේවායෝජකයා වැටුප් වාර්තාවක් තබා ගැනීම අවශ්‍ය වන අතර, එහි පහත තොරතුරු ඇතුලත් විය යුතුය: සේවානියුක්තිකයාගේ නම; වයස; ස්ත්‍රී පුරුෂ භාවය; පංතිය හෝ ශ්‍රේණිය, කුමන හෝ; කොටස හෝ තනතුර සහ රැකියාව; වේතන කාල සීමාව (මාසික, සති දෙකකට හෝ සතියකට වරක්); මෙම වේතන කාල සීමාව තුළ රාජකාරී කළ පැය සංඛ්‍යාව; මෙම වේතන කාල සීමාව තුළ අතිකාල රාජකාරී කළ පැය සංඛ්‍යාව; ගෙවිය යුතු වේතන අනුපාතය; ගෙවිය යුතු දීමනා (එම එක් එක් දීමනාවන් වෙන් වශයෙන් පෙන්වමින්); වේතන කාල සීමාව උපයා ඇති දළ වැටුප; දළ වැටුපෙන් කළ සියලුම කපාහැරීම් (එම එක් එක් කපාහැරීම් වෙන් වශයෙන් පෙන්වමින්); වේතන කාල සීමාව තුළ වැටුප මත සිදුකළ සියලුම අත්තිකාරම්; වේතන කාල සීමාව සම්බන්ධව ඕනෑම විශ්‍රාමික හෝ දූරදර්ශී අරමුදලක් වෙත පිළිවෙලින් සේවායෝජකයා සහ සේවානියුක්තිකයා විසින් සිදුකළ දායකත්වයන්; එක් එක් වේතන කාල සීමාව සම්බන්ධයෙන් ගෙවන ලද මුළු අතිකාල වේතනය; ආදායම් බදු ආඥා පනත හෝ වෙනත් ඕනෑම ලිඛිත නීතියක් හෝ අධිකරණ ඇණවුම් යටතේ උපයා ඇති මුදල; ශුද්ධ වේතනය ලැබුණු බවට සාක්ෂි සඳහා සේවා නියුක්තිකයාගේ පිළිගත් කුවිතාන්සිය. සේවායෝජකයන් මේ දක්වා වේතනය වාර්තා තබා ගත යුත් අතර එය වසර 4 ක කාලයක් සඳහා ආරක්ෂා කිරීමට අවශ්‍ය වේ.

සේවායෝජකයන් සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ වේතනය නීත්‍යානුකූල ටෙන්ඩරයේ වන පුද්ගලයාට කිසිදු කපාහැරීමකින් තොරව (එවැනි පුද්ගලයෙකුගේ එකඟතාවය ඇතිව සහ නීතිය යටතේ බලයලත් පුද්ගලයන් හැර) ගෙවිය යුතුය. කෙසේ වෙතත් නීතිය අනුව සේවකයෙක් හේතුවෙන් අයකර ගන්නා ලද එවැනි සමස්ත වේතනය කපාහැරීම් 60% ක් නොඉක්මවිය යුතුය.

කෙසේ වෙතත් වැටුප් මණ්ඩල ආඥා පනතේ විවිධ විධිවිධාන ඇත. එසේම සේවායෝජකයා වේතනය සෘජුවම නීත්‍යානුකූල ටෙන්ඩරයේ වන සේවකයාට කිසිදු අනවසර කපාහැරීමකින් තොරව ගෙවිය යුතුය. කෙසේ වෙතත් අමාත්‍යවරයා විසින් නිශ්චිතව දක්වා වෘත්තීයක යෙදී සිටින සේවකයන් සඳහා එවැනි අඩු කිරීම් 75% ක් නොඉක්මවිය යුතු අතර වෙනත් ඕනෑම වෘත්තියක යෙදී සිටින සේවකයන් සඳහා එය 50% නොඉක්මවිය යුතුය.

මූලාශ්‍රය: වැටුප් පාලක සභා ආඥා පනත – 2, 5 සහ 23 නීති සංග්‍රහ; සාප්පු හා කාර්යාල සේවක පනත යටතේ 19 නීති සංග්‍රහය සහ 17 නියාමනය

සේවා සහ වේතන පිලිබඳ රෙගුලාසි :
1941 අංක 27 දරණ පඩි පාලක සභා ආඥාපන
1954 සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත
කම්කරු අයවැය සහන දීමනා පනත 2016
කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් පනත 2016

කඩොලාන පරිසර පද්ධතියේ වැදගත්කම..

          කඩොලාන පරිසර පද්ධති ලෝකයේ තිබෙන පරිසර පද්ධතීන් අතරින් වැදගත්මින් මෙන්ම වටිනාකමින් ඉහල පරිසර පද්ධති ලෙස දැක්විය හැකිය.කඩොලාන යනු බීජ දරන, අතිශය විශේෂණය වූ,පඳුරුවල සිට උස් ගස් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වන ශාක වේ. මේවා සාමාන්‍යයෙන් ආවරණය සහිත මුහුදු තීරයේ මෝය සහ කලපු ආශ්‍රිතව දක්නට ලැබේ.

කඩොලාන සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂිත ශාක ප්‍රජාවකි.නමුත් ජපානය,ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලොරීඩා වෙරළ ආශ්‍රිත නිරක්ෂයට උතුරින් පිහිටි කොටස්වල සිට නවසීලන්තය,ආජන්ටිනාව වැනි නිරක්ෂයට දකුණින් පිහිටි ප්‍රදේශ දක්වා ම කඩොලාන ශාක ප්‍රජාව ව්‍යාප්ත වී ඇත. මෙම ශාක ප්‍රජාව වඩාත් පුළුල්ව ව්‍යාප්තව ඇත්තේ ඝර්ම කලාපීය රටවල පුහුදු ප්‍රදේශවල කලපු සහ බොකු ආශ්‍රිතව ය. ලෝකයේ ඇති කඩොලාන ශාක ප්‍රජාවන්ගේ ප්‍රමාණය හෙක්ටයාර මිලියන 15.9ක් ලෙස ගණනය කර ඇති අතර මින් හෙක්ටයාර මිලියන 4.25ක් එනම්, 27%ක් ඇත්තේ ඉන්දුනීසියාවේ ය. බ්‍රසීලයේ 16%ක් ද ඕස්ට්‍රේලියාවේ 7%ක් පමණ ද දැකිය හැක.

ශ්‍රී ලංකාවේ කඩොලාන ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12500ක් පමණ වේ. කඩොලාන වඩා විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතව ය. ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇත.

          කඩොලාන ශාකවල සුවිශේෂී බවට ප්‍රධානම හේතුව ඒවා වැඩෙන පරිසරයයි. සාමාන්‍යයෙන් කඩොලාන ශාක වර්ධනය වන්නේ අන්තර් උදම් කලාපය තුල මෝය හා කලපු ආශ්‍රිතව ය. මෙම ප්‍රදේශය විටින් විට ජලයෙන් වට වීම හේතුවෙන් මෙහි පස ආම්ලික හා මඩ සහිත වේ. ඒ නිසා මෙම පරිසරයේ නොනැසී පැවතීමට සුවිශේෂී අනුවර්තන අත්‍යවශ්‍ය වන අතර එවැනි අනුවර්තන පැවතීම නිසා කඩොලාන පරිසරයේ අයිතිය කඩොලාන ශාකවලට හිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ බහුල කඩොලාන ශාක විශේෂ

ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කලපු හා මෝය ආදී ස්ථාන ආශ්‍රිතව කඩොලාන ශාක විශේෂ 23ක් පමණ දක්නට ලැ

මහ කඩොල්- Rhizophro mucronta / Rhizophro apiculata

මල් කඩොල්- Bruguera gymnorhiza

රතු කඩොල්- Ceriops tagal

මණ්ඩා- Avicennia marina

බෑරිය- Lumnitzera recemosa

තෙල- Excoecarias agallocha

හීන් කඩොල්- Aegiceras cornicul

කටු ඉකිලිය- Acanthus ilicifolius

ගිංපොල්- Nypa fruticans

කඩොලාන පරිසරයේ වැදගත්කම

බොහෝ මසුන්, ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්ව විශේෂවල ලාබාල අවධි ගත කරන ස්ථාන මෙන් ම අභිජනන ස්ථානයක් වීම.

කුඩා සතුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහාසැඟ වී සිටීමට හැකි වීම හා ආහාර සුලභ වීම.

කඩොලාන ශාක මඟින් පත්‍ර හා අනෙකුත් ශාක කොටස් ලෙස කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු කිරීම.

ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය අධික වීම.

මෙම පරිසර පද්ධතිය මගින් ජීවීන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයීම.

වෙරළාසන්න ප්‍රදේශවලින් මුහුදට එකතු වන දූෂිත ජලය රඳවා තබා ගනිමින් ඒවායේ විෂ බව පහත හෙළීම මගින් පරිසර දූෂණය අවම කිරිමට දායක වීම.

මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීම.

ධීවර කර්මාන්තය සඳහා මසුන් බහුල ස්ථානයක් වීම හා මත්ස්‍ය උගුල් ලබා ගත හැකි ස්ථානයක් වීම.

මාළු දැල් සඳහා සායම් ලෙස ද ඔරු සඳහා දැව ද මෙම පරිසරයෙන් ලබා ගත හැක.

කඩොලාන ශාක ඉන්ධන, දැව, පොහොර හා ඖෂධ ලෙස ද යොදා ගනි.

පරිභෝජනය සඳහා කැරන් කොකු ද පැදුරු හා කූඩා විවීමට පන් වර්ග ද සපයා ගත හැකිවීම.

ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ජීව විද්‍යාව හදාරන්නන්ට කඩොලාන පරිසරය එළිමහන් විද්‍යාගාරයක් වීම.

             කඩොලාන යනු පාරිසරික හා  ආර්ථික අංශවලින් ඉතා වැදගත් පරිසර පද්ධතියකි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන මෙම පරිසර පද්ධතිය විනාශවීමේ තර්ජනයට මුහුණ දී තිබේ. එබැවින් අනාගත පරපුරේ පැවැත්ම උදෙසා කඩොලාන පරිසරය ආරක්ෂා කිරීම අද පරපුරේ යුතුකමක් මෙන් ම වගකීමක් ද වේ.

ශ්‍රී ලංකාවේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය..

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූයේ 1972 දීය. කෙසේනමුත්, වසර කීපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය.

මේ වන විට 1978 දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19 ක් හඳුන්වා දී ඇති අතර ඒ සියල්ල මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර, 2015 මැයි මස සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොහෝ‍ දෙනාගේ ප්‍රසාදයට හේතු වූ අතරම, මෙයින් විධායක බලය සීමා කිරීමක් හෝ කපා හැරීමක් සිදුවී නැති බව ඇතැම් නීති විශාරදයන් සහ දේශපාලනඥයන්ගේ මතයයි. එමෙන්ම, සංශෝධනය තුළ අපැහැදිලි තැන් ද බොහෝමයක් දක්නට ලැබෙන බවට මත පළ වී තිබේ.

දැනට වසර කීපයකට පෙර සිට ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් දේශපාලන ක්‍රමයක් පිළිබඳ කතිකාවක් ගොඩ නැඟෙමින් පවතින අතර, පුළුල් බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය සීමා කිරීම හෝ අහෝසි කිරීමට දේශපාලනික වශයෙන් සහ සිවිල් සමාජය වෙතින් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී.

1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ “ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි” යනුවෙන් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක බලතල

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබෙන අතර, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණ ද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.

කෙසේවෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය.

19 වෙනි සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ,පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය.

ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වු ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.

එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලය සීමා කර තිබේ.

ජනාධිපති බලතල යටතේ අමාත්‍යාංශ මෙහෙයවීම ව්‍යවස්ථානුකූල ද?

19 වෙනි සංශෝධනයේ 51 වෙනි වගන්තිය අනුව, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැණිව කුමක් සඳහන් වුවද ජනාධිපති ධුරය දරණ තැනැත්තා, එම කාලය අවසන් වන තෙක් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවාට අදාළ කාර්යයන් තමන් යටතට පවරා ගත හැකිය. එකී කාර්යය ඉටු කිරීමට ඔහු හෝ ඇය වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කිරීම ද කළ හැකිය.”

“ජනාධිපතිවරයාට තමන් යටතේ තියා ගන්න පුළුවන් අමාත්‍යාංශ ගැන මේ වනතෙක් කිසි කෙනෙක් අභියෝගයට ලක් කරලා නැහැ,” යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් වරක් පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීම පිළිබඳ අදහස් විමසූ විට ජනාධිපති නීතිඥවරයා කියා වරක් කියා සිටියේ , “පොලිසිය විතරක් නෙමෙයි, ආරක්ෂක අමාත්‍යාංශය යටතට විශේෂ කාර්ය බලකාය, පාතාලය මර්දනය, හෙරොයින් ඇතුළු නීති විරෝධී මත් ද්‍රව්‍ය මර්දනය වගේ කාර්යත් අයත් වෙනවා. ඒ සියල්ල ජාතික ආරක්ෂාව අදාළ දේවල්. ඒ නිසා පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමේ වැරද්දක් නැහැ. එයට අවශ්‍ය නීතිමය රාමුව 19 වෙනි සංශෝධනයෙන් ලැබී තිබෙනවා” ඔහු තවදුරටත් පවසා ඇත.

කෙසේවෙතත්, 19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය.

එමෙන්ම, 42, 43 සහ 44 වගන්තිවල සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවල දී ඔහුගෙන් අදහස් විමසා අමාත්‍ය ධූර සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂය පිළිබඳ තීරණය කළ යුතුය.

“43 සහ 44 වගන්තිවලට අනුව ජනාධිපතිට පුළුවන් අමාත්‍යාංශ වෙනත් අයට භාර දෙන්න. නමුත් 19 වෙනි සංශෝධනයේ අවසාන වගන්තියෙන් (51 වෙනි වගන්තිය) විෂයන් තුනක අමාත්‍යංශ ජනාධිපති යටතේ තබා ගන්න පුළුවන් බලතල දීලා තිබෙනවා” යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න වරක් පවසා ඇත.

“අවසාන වගන්තියේ සඳහන් විෂයන්වලට අදාළ නොවන අමාත්‍යාංශ ජනාධිපතිතුමා යටතට ගැනීම කළ නොහැකියි. නමුත්, මේ වගන්තිවල සඳහන් සියල්ල යම් කෙනෙකු අභියෝගයකට ලක් කළ අවස්ථාවක දී අර්ථ නිරූපණය කරන්න පුළුවන්” ඇය තවදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් “හැබැයි මෙහෙම දෙයක් තිබෙනවා. මාධ්‍ය වැනි විෂයයක් ජනාධිපති යටතට ගන්නව නම් එතන දී ප්‍රශ්නයක් මතු වෙනවා” යැයි ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පවසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු ආකාරය

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XII පරිඡේදය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු ආකාරය දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පූර්ණ බලතල හිමි වන්නේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට වන අතර, ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කළ හැකි ක්‍රමවේද දෙකක් පිළිබඳ එහි සඳහන් වී තිබේ.

ඉන් පළමුවැන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය මත ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකි වීමය.

දෙවැන්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතියට අමතරව ජනමතවිචාරණයක් ද සිදු කළ යුතුය. විශේෂයෙන්ම ජාතික වැදගත්කමින් යුත් කාරණා ජනමතවිචාරණයක් සඳහා යොමු කෙරේ.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහයට හා ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරයේ සංශෝධනයක් සිදුකිරීමේ දී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක දී දෙවෙනි ක්‍රමවේදය අනුගමනය කළ යුතුය.

19 වෙනි සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින්, විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව තීන්දු කරන ලදී.
මෙම තීන්දුවෙන් පසු විධායක බලය අගමැතිට ලබා දීම සම්බන්ධයෙන් වූ වගන්ති එකී කෙටුම්පතින් ඉවත් කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත පමණක් අවශ්‍ය වන වගන්ති සහිත සංශෝධයන් සම්මත කර ගැනීමට හිටපු ආණ්ඩුව ක්‍රියා කරන ලදී.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය

1972 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වීමෙන් පසු පළමුවන සංශෝධනය 1978 සිදු කරන ලද්දේ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන යටතේය.

දෙවන සංශෝධනය 1979 දීත් තෙවන හා සිව්වන සංශෝධන 1982 දී සිදුවිය.1983 දී පස්වන, සයවන හා සත්වන සංශෝධන සිදු විය.

අටවන සහ නවවන සංශෝධන සිදු කරන ලද්දේ 1984 දීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දසවන සංශෝධනය සිදු කරන ලද්දේ 1986 දී වන අතර, එකෙළොස්වන සංශෝධනය සිදු වූයේ 1987 දීය.

දොළොස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවූ අතර, ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 1987 දී හඳුන්වා දෙන ලදී.

දාහතර, පහළොව සහ දාසය වෙනි ව්‍යවස්ථා සංශෝධන 1988 දී ක්‍රියාත්මක විය.

එවකට විධායක ජනාධිපති ධුරය හිමිව තිබූ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යටතේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 වසරේදී සිදු කරන ලදී.

එම සංශෝධනය බල රහිත කරමින් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2010 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කළේය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධයන ක්‍රියාත්මක කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගෙන ගිය පසුගිය ආණ්ඩුව විසිනි.

19 වෙනි සංශෝධනයේ වැදගත් වන තවත් කරුණු

19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් “තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඇති අයිතිය” මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කළේය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෙවන පරිඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට නව එකතු කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

14 (අ) වගන්තිය අනුව, සෑම පුරවැසියෙකුටම, රජයට, රාජ්‍ය අමාත්‍යංශයකට හෝ දෙපාර්තමේන්තුවකට, පළාත් සභා ප්‍රඥප්තීන්ට අනුව පිහිටුවනු ලැබූ ආයතනයකට, පළාත් පාලන ආයතනයකට, පුරවැසියකුගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ ආරක්ෂා කිරීම සඳහා යම් තොරතුරක් ඇත්නම්, නීතියේ සලසා ඇති පරිදි තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත.

(සංක විදානගේ ෆේස්බුක් පිටුව ඇසුරිණි)