ශ්‍රී ලංකාවේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය..

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූයේ 1972 දීය. කෙසේනමුත්, වසර කීපයක් ගතවන විට, 1978 වසරේදී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද නිර්මාණය විය.

මේ වන විට 1978 දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19 ක් හඳුන්වා දී ඇති අතර ඒ සියල්ල මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර, 2015 මැයි මස සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොහෝ‍ දෙනාගේ ප්‍රසාදයට හේතු වූ අතරම, මෙයින් විධායක බලය සීමා කිරීමක් හෝ කපා හැරීමක් සිදුවී නැති බව ඇතැම් නීති විශාරදයන් සහ දේශපාලනඥයන්ගේ මතයයි. එමෙන්ම, සංශෝධනය තුළ අපැහැදිලි තැන් ද බොහෝමයක් දක්නට ලැබෙන බවට මත පළ වී තිබේ.

දැනට වසර කීපයකට පෙර සිට ප්‍රජාතන්ත්‍රවාදය මුල් කරගත් දේශපාලන ක්‍රමයක් පිළිබඳ කතිකාවක් ගොඩ නැඟෙමින් පවතින අතර, පුළුල් බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය සීමා කිරීම හෝ අහෝසි කිරීමට දේශපාලනික වශයෙන් සහ සිවිල් සමාජය වෙතින් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී.

1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට නොහැකි වන්නේ “ගැහැණියක පිරිමියෙකු කිරීමට හෝ පිරිමියෙකු ගැහැණියක කිරීමට පමණයි” යනුවෙන් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වරක් ප්‍රකාශ කළේය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක බලතල

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබෙන අතර, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි නොවුණ ද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.

කෙසේවෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය.

19 වෙනි සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර ,පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන්ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය.

ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වු ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වෙනි සංශෝධනයෙන් ලැබී ඇත.

එමෙන්ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේ දී පෙර පැවති ජනාධිපති බලය සීමා කර තිබේ.

ජනාධිපති බලතල යටතේ අමාත්‍යාංශ මෙහෙයවීම ව්‍යවස්ථානුකූල ද?

19 වෙනි සංශෝධනයේ 51 වෙනි වගන්තිය අනුව, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටහැණිව කුමක් සඳහන් වුවද ජනාධිපති ධුරය දරණ තැනැත්තා, එම කාලය අවසන් වන තෙක් රාජ්‍ය ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරය යන විෂය සහ ඒවාට අදාළ කාර්යයන් තමන් යටතට පවරා ගත හැකිය. එකී කාර්යය ඉටු කිරීමට ඔහු හෝ ඇය වෙත පවරා ගත යුතු අමාත්‍යාංශ තීරණය කිරීම ද කළ හැකිය.”

“ජනාධිපතිවරයාට තමන් යටතේ තියා ගන්න පුළුවන් අමාත්‍යාංශ ගැන මේ වනතෙක් කිසි කෙනෙක් අභියෝගයට ලක් කරලා නැහැ,” යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් වරක් පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීම පිළිබඳ අදහස් විමසූ විට ජනාධිපති නීතිඥවරයා කියා වරක් කියා සිටියේ , “පොලිසිය විතරක් නෙමෙයි, ආරක්ෂක අමාත්‍යාංශය යටතට විශේෂ කාර්ය බලකාය, පාතාලය මර්දනය, හෙරොයින් ඇතුළු නීති විරෝධී මත් ද්‍රව්‍ය මර්දනය වගේ කාර්යත් අයත් වෙනවා. ඒ සියල්ල ජාතික ආරක්ෂාව අදාළ දේවල්. ඒ නිසා පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමේ වැරද්දක් නැහැ. එයට අවශ්‍ය නීතිමය රාමුව 19 වෙනි සංශෝධනයෙන් ලැබී තිබෙනවා” ඔහු තවදුරටත් පවසා ඇත.

කෙසේවෙතත්, 19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය.

එමෙන්ම, 42, 43 සහ 44 වගන්තිවල සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවල දී ඔහුගෙන් අදහස් විමසා අමාත්‍ය ධූර සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂය පිළිබඳ තීරණය කළ යුතුය.

“43 සහ 44 වගන්තිවලට අනුව ජනාධිපතිට පුළුවන් අමාත්‍යාංශ වෙනත් අයට භාර දෙන්න. නමුත් 19 වෙනි සංශෝධනයේ අවසාන වගන්තියෙන් (51 වෙනි වගන්තිය) විෂයන් තුනක අමාත්‍යංශ ජනාධිපති යටතේ තබා ගන්න පුළුවන් බලතල දීලා තිබෙනවා” යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න වරක් පවසා ඇත.

“අවසාන වගන්තියේ සඳහන් විෂයන්වලට අදාළ නොවන අමාත්‍යාංශ ජනාධිපතිතුමා යටතට ගැනීම කළ නොහැකියි. නමුත්, මේ වගන්තිවල සඳහන් සියල්ල යම් කෙනෙකු අභියෝගයකට ලක් කළ අවස්ථාවක දී අර්ථ නිරූපණය කරන්න පුළුවන්” ඇය තවදුරටත් පවසා ඇත.

කෙසේ වෙතත් “හැබැයි මෙහෙම දෙයක් තිබෙනවා. මාධ්‍ය වැනි විෂයයක් ජනාධිපති යටතට ගන්නව නම් එතන දී ප්‍රශ්නයක් මතු වෙනවා” යැයි ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පවසා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු ආකාරය

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XII පරිඡේදය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු ආකාරය දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පූර්ණ බලතල හිමි වන්නේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට වන අතර, ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කළ හැකි ක්‍රමවේද දෙකක් පිළිබඳ එහි සඳහන් වී තිබේ.

ඉන් පළමුවැන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය මත ව්‍යවස්ථාව සංශෝධනය කළ හැකි වීමය.

දෙවැන්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතියට අමතරව ජනමතවිචාරණයක් ද සිදු කළ යුතුය. විශේෂයෙන්ම ජාතික වැදගත්කමින් යුත් කාරණා ජනමතවිචාරණයක් සඳහා යොමු කෙරේ.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහයට හා ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරයේ සංශෝධනයක් සිදුකිරීමේ දී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක දී දෙවෙනි ක්‍රමවේදය අනුගමනය කළ යුතුය.

19 වෙනි සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින්, විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව තීන්දු කරන ලදී.
මෙම තීන්දුවෙන් පසු විධායක බලය අගමැතිට ලබා දීම සම්බන්ධයෙන් වූ වගන්ති එකී කෙටුම්පතින් ඉවත් කර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත පමණක් අවශ්‍ය වන වගන්ති සහිත සංශෝධයන් සම්මත කර ගැනීමට හිටපු ආණ්ඩුව ක්‍රියා කරන ලදී.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය

1972 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වීමෙන් පසු පළමුවන සංශෝධනය 1978 සිදු කරන ලද්දේ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන යටතේය.

දෙවන සංශෝධනය 1979 දීත් තෙවන හා සිව්වන සංශෝධන 1982 දී සිදුවිය.1983 දී පස්වන, සයවන හා සත්වන සංශෝධන සිදු විය.

අටවන සහ නවවන සංශෝධන සිදු කරන ලද්දේ 1984 දීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දසවන සංශෝධනය සිදු කරන ලද්දේ 1986 දී වන අතර, එකෙළොස්වන සංශෝධනය සිදු වූයේ 1987 දීය.

දොළොස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවූ අතර, ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 1987 දී හඳුන්වා දෙන ලදී.

දාහතර, පහළොව සහ දාසය වෙනි ව්‍යවස්ථා සංශෝධන 1988 දී ක්‍රියාත්මක විය.

එවකට විධායක ජනාධිපති ධුරය හිමිව තිබූ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යටතේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 වසරේදී සිදු කරන ලදී.

එම සංශෝධනය බල රහිත කරමින් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2010 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කළේය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධයන ක්‍රියාත්මක කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගෙන ගිය පසුගිය ආණ්ඩුව විසිනි.

19 වෙනි සංශෝධනයේ වැදගත් වන තවත් කරුණු

19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් “තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඇති අයිතිය” මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කළේය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෙවන පරිඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට නව එකතු කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

14 (අ) වගන්තිය අනුව, සෑම පුරවැසියෙකුටම, රජයට, රාජ්‍ය අමාත්‍යංශයකට හෝ දෙපාර්තමේන්තුවකට, පළාත් සභා ප්‍රඥප්තීන්ට අනුව පිහිටුවනු ලැබූ ආයතනයකට, පළාත් පාලන ආයතනයකට, පුරවැසියකුගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ ආරක්ෂා කිරීම සඳහා යම් තොරතුරක් ඇත්නම්, නීතියේ සලසා ඇති පරිදි තොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත.

(සංක විදානගේ ෆේස්බුක් පිටුව ඇසුරිණි)

රැකියා ආතතිය..

            Screenshot_2020-02-21-09-17-20-1

                 ආතතිය යනු උද්වේගකර චිත්තවේග නිසා මානසිකව ඇතිවෙන පීඩාකාරී තත්ත්වය ලෙස හඳුනාගත හැකි තත්ත්වයකි. මෙය ශරීරයේ හෝමෝන ක‍්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් සිදු කරනු ලබයි. අවස්ථාවෝචිතව පුද්ගලයාට ජිවිතයේද ආතති තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවේ.

          රැකියාවක් කරනු ලබන අතරතුරේදි බොහෝ සේවාදායකයන්ට අනතුරැ හා වෙනත් අපහසුතාවන් වලට මුහුණ පෑමට සිදුවන අවස්තාවන් අපට දැකිය හැකිය. සමහර අවස්ථාවන් වලදී සිය රැකියාවන් ඉටු කරනු ලබන විට, සිය ඡිවිතය පවා අහිමි වූ හෝ අහිමි කරගත් අවස්ථාවන් ඉතිහාසය තුලින් අපට ඉනෙගත හැකිය. මේ අනුව ‍මෙවැනි අවස්ථාවන් දෙස විපරම් කර බැලූ විට අපට පෙනී යන කරුණක් වන්නේ මෙම සියලුම අවස්ථාවන් සදහා සේවාදායකයන් විසින් සිය රැකියා කටයුතු වලදී අත්දකිනු ලබන අසහනය (tention) බලපානු ලබන බවයි. ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය (WFMH) සඳහන් කරන අකාරයට සේවා ස්ථාන වල සිටින සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් කිසියම් මානසික ගැටලුවකින් පීඩා විඳී.මෙම අසහනය ඇතිවිම සදහා රැකියා පරිසරය හා සම්බන්ධ විවිධ සාධකයන් බලපානු ලබයි. සේවාදායකයින් විසින් ඉටු කල යුතු කාර්්‍යයන් සහ වගකීම් පැහැදිලි නොවීම,අවශ්‍යය ප්‍රමාණයට වඩා වැඩියෙන් සේවාදායකයන්ට කාර්්‍යයන්සහ වගකීම් පැවරීම, සේවාදායක ශුභසාධනය පහල මට්ටමක තිබීම,අවශ්‍යය පුහුණුව සහ සංවර්ධනය ලබා නොදීම, වෘත්තීය උපදේශක සේවාවන් ලබා නොදීම, නොමනා කළමනාකරණ චර්යාව, දුර්වල රැකියා තත්වයන්,අහිතකර සංවිධාන සංස්කෘතිය ආදී විවිධාකාරයේසාධක ඉහත සදහන් කරන ලද සේවක අසහනය ඇතිවීම සදහා හේතු වන බැව් පෙනේ.

              මේ අනුව රැකියා ආතතිය යන්න “විවිධ මිනිසුන්ට විවිධ දේවල්” ලෙස ඉතා සරලව හැදින්විය හැක. ආතතිය යනු “යම්කිසි භාහිර ක්‍රියාවක්, අවස්ථාවක් ‍හෝ සිදුවීමක් යම්කිසි පුද්ගලයකුගේ විශේෂිත භෞතික සහ/හෝ මානසික ඉල්ලීමක් ඇතිවීමේ ප්‍රතිඵලයකින් සිදු වී, එම පුද්ගලයාගේ හැසිරීම් වල සහ/හෝ මානසික ක්‍රියාවලියේ ඇති වන්නා වු යම් ප්‍රතිචාරයක් වේ.”

                ඒ අනුව රැකියා ආතතිය යන්න පොදුවේ නිර්වචනය කරන්නේ නම් “කෙනෙකු තුලින් මතුවන ඡීව විද්‍යාත්මක හා කායික අවශ්‍යතාවයන් මෙන්ම භාහිර වශයෙන් ඇතිවන විවිධ ඉල්ලීම් හා බලපෑම්, අදාල පුද්ගලයා තුල ඒවාට නිසි අයුරින් හැඩගැසීමට ඇති හැකියාවට වඩා වැඩි වන අවස්ථාවන් රැකියා ආතතිය ලෙස හැදින්විමට හැක.

              මේ අනුව රැකියා ආතතිය හා අන්තර් සම්බන්ධිතව පවතින ප්‍රධාන නිර්ණායකයන් 03ක් හදුනාගත හැකිය.

1. අප ඡීවත් වන පරිසරය තුලින් ආතතිය සදහා බලපානු ලබන උත්තේඡකයන් ඇති වේ.

2. පරිසරය තුලින් ඇතිවන උත්තේඡකයන් සදහා පුද්ගලයන් විසින් ප්‍රතිචාර දැක්වීමට හැඩ ගැසෙනු ලැබේ.

3. ආතතිය ඇතිවීම සදහා පුද්ගලයන් තුල පවතින පුද්ගලික වෙනස්කම් ද බලපානු ලැබේ.

            ආතතිය ඇතිවීම සදහා පලමුවෙන්ම අප අවට පරිසරයෙන් යම් බලපෑමක් ‍හෙවත් උත්තේඡකයක් ඇතිවිය යුතුය. උදාහරණයක් වශයෙන්, යම් සංවිධානයක සේවාදායකයින්ගේ කායික හා මානසික ප්‍රතිචාර වලට හේතුවක් ලෙස අදාල සංවිධානයේ කළමණාකාරිත්වයේ ක්‍රියාකලාපය බලපානු ලබන ආකාරය දැක්විය හැකිය.

                 ආතතිය ඇතිවීම සදහා මීලගට බලපානු ලබන කොන්දේසිය වන්නේ පරිසරයෙහි ඇතිවන්නා වු බලපෑම් සහ උත්තේඡකයන් වලට ප්‍රතිචාර දැක්වීමට සදහා පුද්ගලයන් විසින් උනන්දු වීමයි. උදාහරණයක් වශයෙන් ඉහත සදහන් කරන ලද ආකාරයට සංවිධාන කළමණාකාරිත්ව විසින් සේවාදායකයින් කෙරෙහි අයහපත් ආකාරයට බලපෑම් කරන විට, සේවකයින් කායික ‍හෝ මානසික වශයෙන් ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දැරිය හැකිය. මේ අනුව, සේවකයින් විසින් සිය කාර්්‍යඵලයන් අවම කිරීම, රැකියාවට නොපැමිණීම, රැකියා අතෘප්තියට පත්වීම, සංවිධානය අතහැර යාම ආදිය දැක්විය හැක.

               ආතතිය ඇතිවීම සදහා පුද්ගලයන්ගේ චර්යාත්මක වෙනස්කම් ද දැඩි වශයෙන් බලපානු ලබන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෙම පුද්ගල වෙනස්කම් යටතට, පුද්ගලයන්ගේ අදහස්, ආකල්ප, දැනුම, කුසලතාවන්, හැකියාවන්, මතයන්, පෞරැෂත්ව ලක්ෂණයන් ආදී විවිධාකාර සාධක අයත් වේ. මෙවැනි සාධකයන් බලපානු ලබන ආකාරය එක් එක් පුද්ගලයාගෙන් තවත් පුද්ගලයකුට වෙනස් වේ.

“හැන්ස් සෙලින්” සදහන් කරන ආකාරයට,

1. ආතතිය සැම විටම පුද්ගලයන් තුල අසහනකාරී තත්වයන් ඇති නොකරන බවත්

2. ආතතිය තුලින් ධනාත්මක ප්‍රතිඵලද ඇති වන බවත්

3. ආතතිය සැම විටම මග හැරිය හෝ වැලැක්විය යුතු දෙයක් නොවන බවත්

4. පුද්ගලයකු විසින් සම්පූර්ණයෙන්ම මෙම ආතතියෙන් අත්මිදෙන්නේ ඔහු හෝ ඇය මරණයට පත් වූ විට පමණක් වන බවත් ප්‍රකාශ වේ.

          අද වනවිට බොහෝ දෙනා ජීවත් වන්නේ, රැකියාව නිසා ගැටලුකාරි තත්ත්වයක ය. එයට විවිධ හේතු බලපා තිබේ. සුදුස්සන්ට සුදුසු තැන නො දී, නුසුදුස්සන්ට නිලතල හිමි වීමත්, රැකියාවට සරිලන වැටුපක් නොලැබීම, ශ්‍රම සූරාකෑම්, දිනකට දරන්නට බැරි තරමට වැඩ අධික වීම, කොපමණ හොඳින් වැඩ කළ ද නිතරම ආයතනය මඟින් එහි ගුණ නොව අගුණ දැකීම ආදී මෙකී නොකී ගැටලු රැසකි.මෙම තත්ත්වයන් මනාලෙස කළමනාකරණය කර මනස නිරවුල්ව තම රැකියාවේ නියලීමට හැකියාව තමා තුළින්ම නිර්මාණය කරගත යුතුය.එය ආතති කළමනාකරණයයි.

          රැකියා ආතතියෙක් මිදෙන ආකාරය හා ආතති කළමනාකරණය පළිිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි ලිපි වලදී බලාපොරොත්තු වන්න…

Sinharaja Forest

sinharaja-for-webSinharaja Forest Reserve is a national park and a biodiversity hotspot in Sri Lanka. It is of international significance and has been designated a Biosphere Reserve and World Heritage Site by UNESCO.

The hilly virgin rainforest, part of the Sri Lanka lowland rain forests ecoregion, was saved from the worst of commercial logging by its inaccessibility, and was designated a World Biosphere Reserve in 1978 and a World Heritage Site in 1988. The reserve’s name translates as Lion Kingdom.

The reserve is only 21 km (13 mi) from east to west, and a maximum of 7 km (4.3 mi) from north to south, but it is a treasure trove of endemic species, including trees, insects, amphibians, reptiles, birds and mammals.

Because of the dense vegetation, wildlife is not as easily seen as at dry-zone national parks such as Yala. There are about 3 elephants and the 15 or so leopards are rarely seen. The most common larger mammal is the endemic purple-faced langur.

An interesting phenomenon is that birds tend to move in mixed feeding flocks, invariably led by the fearless greater racket-tailed drongo and the noisy orange-billed babbler. Of Sri Lanka’s 26 endemic birds, the 20 rainforest species all occur here, including the elusive red-faced malkoha, green-billed coucal and Sri Lanka blue magpie.

Reptiles include the endemic green pit viper and hump-nosed vipers, and there are a large variety of amphibians, especially tree frogs. Invertebrates include the endemic common birdwing butterfly and the inevitable leeches.

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ……

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

ගායනය – ලයනල් රන්වල, රන්වල බලකාය
ගී පද – ජයතිස්ස බොරළුගොඩ
සංගීතය – ලයනල් රන්වල

අපේ අප්පච්චී……

ගිනි ගහන මද්දහන රළු පොළව රත්වෙලා
දෙපා දැවුණා ඔබේ අපෙ කුසගිනි බලා
නීල දලු නැගී එන හේන් ඉම දෙස බලා
නුඹේ වතේ මල් පිපෙනු දුටිමි මම නෙතු සලා

වැවට බට අහස් දිය ඔබේ දහඩියට සරී
හේන් යායේ දිලුණු නීල පැළ මලින් පිරී
ගැයුණු සී පදය හිඳ තුරු මතේ පැලක සරී
කුරුල්ලන් අඬහැරය ඇසේ සවනට සපිරී

පුතේ පෙරටම යන්න ඉගෙනීම පල දරා
විෂම ලොව ජයගන්න මෙත්‍රිය සිත දරා
දෙමින් ඔවදන් මෙමට පාරමී දම් පුර පුරා
මගේ ලොව රජ නුඹයි මිණි කිරුළ හිස දරා

කාලය මැව් වෙනසක අරැමේ….

සුළගේ ලෙලෙනා
මල් සේ දග පා
අප පාසැල් ගිය කාලයේ
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරැමේ….
සුළගේ ලෙලෙනා…..
ලොකු පන්තියෙ අය පොඩි පන්තියේ අය
සැමදෙන එක පන්තියේ විලසේ//
අප පොත්වල දුටු රජවරැ සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ…
සුළගේ ලෙලෙනා…..
සාමල අමරලා පොත් තුළ තව ඇත
එන එන අය හා යාළු වෙතේ//
අපේම පාසැල අපේම මව විය
එදවස් අප හට නැත ආයේ…
සුළගේ ලෙලෙනා…..//