Tag Archive | ලාංකීය සිතුවිලි

”කුරුලු දරුවා”

ක් මවකට හා පියකුට ඉතා දක්ෂ දරුවෙක් සිටියේ ය. ඔහු ගේ නම වසීලි ය. ඔහු කෙතරම් දක්ෂ ද යත් කුරුල්ලන් ගේ භාෂාව පවා දැන සිටියේ ය.

දිනක් මාපියන් සමඟ වසීලි අහර ගනිමින් සිටිනා’තර එක් කොවුලෙක් ඔවුන් වෙත පැමිණ මිහිරි හඩින් නද දෙන්නට විය. වසිලිට කුරුල්ලා පවසන දෙය වැටහිණි.

”පුතේ මේකා මොනවා කියනවාදැයි අපටත් කියාපං”

”එය කියන්නට බයයි”

”බය නොවී කියාපං” මාපියෝ ඔහු පෙලැඹවූහ.

”යම් දිනෙක පියා මට දිය සපයමින් ද මවු මා සාළුවකින් පිස දමමින් ද මා හට සේවය කිරීමට නියමිත බව කුරුල්ලා කියනවා.”

මෙබස ඇසූ සැණින් මාපියෝ වසීලි හා උරණ වූහ. ඔවුන්ට දැන් කෙසේ හෝ දරුවාගෙන් ගැලවෙන්නට වුවමනා ය. කුඩා ඔරුවක් තැනූ ඔවුහු දරුවා එහි දමා මුහුදේ පා කර හැරියෝ ය.

ඒ ඔරුව මුහුදුබත් නො වී ය. එය සුවසේ එක්තරා ගොඩබිමකට සේන්දු විය. වසීලි තුරුණු වියට එළැඹෙත්ම ඔහු ගේ දස්කම් ද තව තවත් දියුණු විය. ඔහු කුරුලු බස මැනැවින් ප‍්‍රගුණ කෙළේ ය.

ඔහු ගේ මේ හැකියාව රට පුරා පතළ විය.

එකල ඒ රටේ රජතුමා විසඳගත නොහැකි ගැටලුවකට මැදි ව සිටියේ ය. කුරුලු යුවළක් රාජ මන්දිරයේ තැනූ කූඩුවක ය. ඔවුනට පැටියකු ද සිටී. මා පිය කුරුල්ලෝ හැමවිට ම මහා හඩින් හඬ දෙති. එතැන නිරන්තර කලබැගෑනියකි. ඔවුන් මැදුරෙන් පිටතට ගත හැකි ද නො වේ.

මේ අතර වසීලි පිළිබඳ මේ රජතුමාට ද දත හැකි විය. අරුම පුදුම කුරුලු කරදරය විසඳීම රජතුමා වසීලිට භාර කෙළේ ය. “රජතුමනි මේ කුරුලු යුවළට දරුවා පිළිබඳ අයිතිය ගැන ගැටලුවක් ඇතිවෙලා. ඔබතුමා තීරණය දෙන්න. දරුවා කාටද?”

”පියාට”

මේ පිළිතුර සමඟ ම කුරුලු පැටවා පියා සමඟ පියාඹා ගියේ ය. මවු ඊට විරුද්ධ දිශාවට පියසැරූ විට කුරුලු කරදරය නිමා විය. අතිශය සතුටට පත් රජතුමා වසීලිට සිය රාජධානියෙන් අඩක් ද දී තම දූ කුමරිය ද සරණ පාවා දුනි.

වසීලි ඉතාමත් සතුටින් මාලිගයේ කල්ගත කරන අතර ඔහුට විදේශ සංචාරයන් හි දොලක් ඉපැදිණි. රජතුමා ඒ සඳහා සිය කළමනා සම්පූර්ණ කෙළේ ඉතා කැමැත්තෙනි.

එසේ නැව් නැගී සංචාරය කරන වසීලි එක්තරා රටක නගරයකට ගොඩ බට විට වියපත් පුරුෂයෙක් ඔහුට පැන් ගෙනැවිත් තැබුවේ රජතුමා ගේ විඩාව නිවනු පිණිස ය. ඒ හා සමඟ ම මහලු කතක් සාළුවකින් ඔහු පිස දැමුවා ය. වසීලිට එසේ සිය මාපියන් යළි මුණ ගැසිණි.

Advertisements

අළුත් සිරිතක් වෙන්නැති…………නේද?

ඔන්න මම අද පුංචි කතාවක් කියන්න  හදන්නේ.එක ගමක හිස උදුම්මවාගත් ආරච්චි කෙනෙක් සහ ඔහුටම හරියන බිරිදක්ද හිටියා.මේ දෙන්නට හිටියේ එකම එක් දරැවයි.ඒ දියණියක්. මේ දියනියගේ පැවැත්ම එච්චර හිතකර වූයේ නෑ.මොකද කියනවනම් මේ දෙන්නට විශාල හිසරදයක් වුණේ මේ දියණියගේ කෑදරකම. ඉතින් ආරච්චිලගේ නිවස  ඉතා පොහොසත් නිවසක්නේ. ඉතින් කෑම බීමෙනුත් මෙහි කිසි අඩුවක් වූයේද නෑ .මේ දියණිය වෙලාවට කෑම ගන්නේ නෑ.ඒ වගේම තමයි පෙනෙන්නට කොච්චර කෑවත් හොරෙන්  කන  එකත් අඩුවක් වුණේ නෑ.

තම එකම දියණියගේ මේ වැඩ කටයුතු නිසා මේ දෙමහල්ලෝ මහත් වදයක් වින්දා. ගමේ අනිත් අය දැනගත්තොත්  තමාගේ ආරච්චි පට්ටමටත් ලැජ්ජාවක් කියලා නිතරම මේ ආරච්චි හා හාමිනේ  නිතරම  ඇයට කියයි. කොතරම් තරවටු කළත් අඩම් තේට්ටම් කලත් මෑගේ කෑදරකමනම් අඩු වුණේ නෑ.මැය තරැණ වීමෙන් පසුව වත් ඇයගේ මේ කෑදරකම අඩු වේයැයි සිතුවත් එය සීතු පරිදි  අඩු වූ බවක් පෙනුනේ නෑ.

මෙහෙම ටික කාලයක් යන විට මේ දියණියගේ විවාහ මංගල්‍ය ද එළඹුණා.මේ දෙමහල්ලොන්ට අවශ්‍ය වූයේ මෙකලක් ගමේ සිදු නොවූ ආකාරයට ඉතා ඉහලින් මේ දියණියගේ මංගල උත්සවය සිදු කිරිමට. ඒ අනුව පිටස්තර උසස් ධනවතුන්ට ආරාධනා කර තිබුණා. දියණියගේ වැඩ මෙයාගේ මව හොදට දනි.ඒ නිසා මෙදිනට මගුල් මේසයේ කෑම ගන්නා ආකාරය ගැන ගම හාම්නේ කියා දුන්නා.
රසවත් ආහාර වලින් මෙදින මගුල් මේසය පිරිලා තිබුණා. මංගල කටයුතු අවසන් වුණා.මේ මනාල යුවල සමග අමුත්තෝ කෑම මේසයේ වාඩිවුණා. ආරච්චිත් ගම හාම්නේත් දියණියගේ කෑම ගැනීම ගැන විමසිල්ලෙන් හිටියා.ඇය බොහෝම පිළිවෙලට කෑම කෑවා.ඉතින් මවුපියෝ ‍දෙදෙනාට මේ දියණියගේ යහපත් ක්‍රියාව ගැන ගොඩාක් සතුටට පත්වුණා.

බත් කෑමෙන් පසු අතුරැපස කෑමක් වූ කිරිපැණි කෝප්පයක් බැගින් එක් එක්කෙනාට ගෙනත් තිබුණා.ඒ අනුව මේ මනාලියටද ලැබූණේ කිරි කෝප්ප එකක්. ඒත් ඇයට එකකින් සෑහීමට පත්විය නොහැකිව තව තව කෑමේ  ආසාවක් ඇතිවුනා. එහෙත් පිරිස ඉදිරියේ කෑමට නොහැකිය. කෑමෙන් පසු මේ මනාල යුවල පිටත්ව යන වෙලාව ළගාවුණා. සියළු දෙනාම ඒ ගමන සුදානම් කිරිමට කටයුතු කළා. මේ අතර මනාලිය ඉඩ ප්‍රස්ථාව ලැබුණු විගස ගේ ඇතුළට ගොස් කෑම බීම තබා ඇති කාමරයට වැදී වටපිට බලා හොරෙන්ම කිරිපැණි පුරවා තිබුණු භාජනය පිටින්ම කටට හලා ගත්තා. මනාලිය මෙ‍හෙම කිරිපැණි කෑම නිසා කට පුරාමත් මූණ පුරාමත් කිරිපැණි තැවරැණා. එහෙත් ඇයට ඒවා පිසදමා ගැනිමට අවස්ථාවක් නොලැබුණේ මනාල යුවල පිටත්වන සුභ මුහුර්තිය එළඹී තිබුණ නිසා පිරිස යුහුසුළුව මනාලියව සොයාගෙන ගෙයි ඉදිරියට කැදවාගෙන ගිය නිසා. මනාලියගේ මුහුණෙහි තිබුණු වෙනස දුටුව අමුත්තෝ කසු කුසු ගෑමට පටන් ගත්තේය.ආරච්චිලටත් ගම හාම්නේටත් මේ දියණිය කළ දේ වැටහිණි.ඉතින් මේක අනිත් අය දැන ගත්තොත් අපිට වස ලැජ්ජාව.ඒ නිසා ආරච්චිය කල්පනා කෙරැවා.අදහසක් පහල වුණා. ආ හාමිනේ සිරිත් විරිත් එහෙම හරියට කෙරැවද .කිරි මූණේ ගෑවද යැයි හාමිනේගෙන් ඇසුවා. ඉතින් හාමිනේටත් මේ ආරචිචිගේ අදහස වැහුණී.සේරම හරියැයි කීවාය.ඊට පසුව පැමිණි අමුත්තන් මේ ගමේ අළුත් සිරිතක් වෙන්නැති කියම්න් මනාලිය යුවල කැන්දාගෙන මනාලයාගේ පාර්ශවයේ අය සමග මනාලිය  පිටත් වුණාය. බලන්න කපටිකමින් සහ තැනට සුදුසු නුවණ මේ ආරච්චි යෙදුව හැටි.

මුදල් වලට වඩා සහෝදරකම් කොච්චර වටිනවද…………

ඔන්න එක පවුලකට පුත්තු දෙන්නෙක් හිට්යා.ඉතින් මේ දෙන්නා ට්ක ට්ක ලොකු වෙලා පාසල් යන වයසට පත් වුණා.ඉතින් මේ දෙන්නා පාසල් ගිහින් ඉගෙන ගත්තා. ඒත් රැකියාවක් ලබාගන්න පුළුවන් තරමට නෙවෙයි. ඒ දෙන්නාගේ අම්මයි තාත්තයි මේ දෙන්නට උගන්වන්න ගොඩාක් මහන්සි වුණා.ඒත් ඵලක් වුණේනැ. මේ දෙන්නා ඉගෙන ගත්තෙත් ඒ තරම් උනන්දුවකින් නෙවේ.හරි කොහොම උනත් මේ දෙන්නට දැන් රස්සාවක් නැ.
ඉතින් ගෙදරිනුත්‍ මේ දෙන්නට බැනුම්ම තමයි අහන්න තියෙන්නේ ඇයි කිසිම වැඩක් කරන්නෙත් නැනේ. ඊට පස්සේ මේ දෙන්නත් බැනුම් අහලා බැරිම තැන රස්සාවක් හොයන්න පටන්න ගත්තා.ඒත් හොයා ගන්න බැරි වුණා.ඊට පස්සේ මේ දෙන්නගෙ අම්මයි තාත්තයි එකතු වෙලා මේ දෙන්නට රස්සාවක් හොයලා දුන්නා.මේ දෙන්නට ටිකක් Computer වැඩ පුළුවන්.මොකද එයාලයි ගෙදර පරිගණකයක් තිබුණා.කොමහරි ඉතින් මේ දෙන්නා කොම්පැණියක Typing වැඩ පටන් ගත්තා.එතකොට තමයි තේරැණේ මුදල් හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා.අපි මේ මහන්සි වෙනවා වගේ අම්මලාත් අපිට උගන්වන් කොච්චර මහන්සි වෙන්න ඇත්ද  කියලා.මේ දෙන්නට හිතුනා.මාසයක් විතර යනකොට මේ දෙන්නට මාසික වැටුපක් හම්බ වුණා. මේ දෙන්නා ඉස්සර කොච්චර සමගියෙන් සතුටෙන් හිටියත්  දැන් එක්කෙනාට එක්කෙනා රණ්ඩු වෙනවා.මොකද දන්නවද දැන් දෙන්ටම ජීවත් වෙන්න රස්සාවකුත් තියෙනවනේ.අනික දැන් ඉස්සරට වඩා සල්ලිත් තියෙනවනේ..අනික තමයි මේ දෙන්නාත් සහෝදරයෝ වුණාට රණ්ඩු වෙලා වෙන් වුණා. බලන්න ඉස්සර මේ දෙන්නා කොච්චර සමගියෙන්ද හිටියේ.ඒත් මුදල් නිසා අද සමාජයේ සහෝදරකමුත් නැතිකරගෙන. පොඩ්ඩක් හිතලා බලන්න මුදල් වලට වඩා සහෝදරකම් කොච්චර වටිනවද කියලා.

කාලය රන් හා සමානයි. එහෙම නේද?……..

තප්පර , විනාඩි ,පැය ,දින , සති , මාස , අවුරැදු  ආදි වශයෙන් කාලය ගෙවිලා යනවා.අපි දන්නෙම නැතුව. ඒ වගේම කාලය ඉතාම වටිනවා. විශේෂයෙන් පාසල් යන අපිට.
කාලය රන් හා සමානයි.කාලය කියන්නේ ඒ තරමිම වටිනා දෙයක්. කාලය මිළ කරන්න බෑ. කාලය ගෙවිල ගෙවිල යනවා. ලෝකේ වෙනස් වෙනවා. මිනිස්සුත් වෙනස් වෙනවා. ඉතින් අපි ඉන්න ටික කාලේදි  අපිට කොචිචර දේවල් කරන්න තියෙනවද? කාලය වැදගත් සමාජීය වැදගත්කමකින් ආර්ථිකමය වටිනාකමකින් (කාලය රන් හා සමානයි) හා පුද්ගල වටිනාකමකින්යුක්ත යි. එය එසේ වන්නේ එක් එක් දවසේ හා මනුෂ්‍ය ජීවන කාලයේ සිමාකාරී කාලය පිළිබඳ දැනීමක් ඇති කරවන හින්දා. .ඇත්තටම කාලය  ගෙව්ල යන එක වෙනස් කරන්න කාටවත් බෑ. ඒත් ඒ කාලය තුලදී අපිට වැදගත් වන වැඩක් කරන්න පුළුවන් නේ. අපේ රටේ සමහරැන් කාලය කියන දේ පිළිබද වට්නාකම දන්නේ නැතිව කාලේ කා දමනවා.  අන්න ඒ අයට තමයි කාලකණ්නියෝ කියන්නේ.
මේ කාලේට නමි අපේ පැත්තතට ටිකක් වහිනවා. ඒ කියන්නේ කාලෙන් කාලේට කාලගුණේත් වෙනස් වෙනවා කියන එකනේ.ඒ කියන්නේ කාලයට හැමදේම වෙනස් කරන්න පුළුවන් කියන එකනේ. ඒත් අපි කාලය වෙනස් කරනකන් බලන් ඉන්න ඕනේ නෑනේ. පමණක් අය කියනවා –ඔය ගැන හිතන්නෙපා කාලය හැම දේම වෙනස් කරාව් කියලා හැමදේම කාලෙට බාරදෙන අයත් අප සමාජෙ ඉන්නවා.  එහෙම නෙවෙයි අපි දැගන්න ඕන කාලෙන් ප්‍රයෝජන ගන්න හැට්.
තව දෙයක් කියන්න තියෙනවා. දැන්  හැම ගෙදරම රෑ 7.00 ඉදන් රෑ 10.00 ව්තර වෙනකන් රෑපවාහිනිය ගාව. මොකට ද දන්නවද? දැන් ඒ වෙලාවට ටෙලිනාට්‍ය පෙට්ට්යක් තියෙනවනේ  බලන්න. පළක් ඇති දෙයක් නමි කමක් නෑ. නිකන් කාලේ කා දමනවා. ඒ වගේම රෑපවහිනියේ හැම දෙයක් වැරදි නෑ.වැදගත් කාටත් ප්‍රයෝජනවත් වැඩ සටහනුත් බලන්න තියෙනවා. අන්න ඒ වගේ ප්‍රයෝජනවත් දෙයක් බැලුවට නමි කමක් නෑ. මොකක්ද ටෙලිනාට්‍ය වලින් ඇති ප්‍රයෝජනේ. හැම දෙනාම නෙමේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා.  ඇත්තටම පාසල් යන අයට නම් ටෙලි නාට්‍ය මොකටද? ඒ කාලයේදි‍ පොතක් බලා ගන්න බැරිද? ඇයි පමණක් අය නම් පාසල් වැඩ අතපසු කරගනිමින් රෑපවාහිය නරඹමින්  නැත්නමි පළක් නැති දේවල් කරනවා.
මම නමි ඔයාලට කියන්නේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. ගිය කාලේ ආයිමත් ගන්න බෑනේ. කාලයෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නැතොත් පස්සේ පසුතැවිලි වෙන්න සිද්ද වෙයි.

ඒකනේ කියන්නේ කාලය රන් හා සමානයි කියලා………