ඇත්ත තිත්තයිනේ….

ක්තරා ඈත රුසියානු ගම්මානයක සිය ශ්‍රමය වගුරුවා ජීවත්වන අහිංසක අවංක මිනිසෙක් වාසය කළේ ය. හෙතෙම දිනක් සිය වගා බිමෙහි වපුරමින් සිටින කල, එක් වළසෙක් ගුගුරමින් ඔහු වෙත ‘විත් මෙසේ කීය. “මා නුඹ කා දමනවා”

“අනේ එපා. මා අස්වැන්න නෙළා ගත් විට හොඳම කොටස නුඹට දෙන්නම්.” මරණ බිය දැනුණු මිනිසා පොරොන්දු විය. වළහා ද එකඟ විය.

අස්වනු නෙළන කාලය එළැඹිණි. ගොවියාට පොරොන්දු ප්‍රකාර කටයුතු කළ නොහැකි විය. තම අස්වැන්න වළහාට දුන් විට ඔහුගේ අඹු දරුවන් රැකෙන්නේ කුමකින් ද?

මෙයින් වළහා කිපිණි. ඔහු පළිගැනීමට සැරැසිණි. මෙවිට එක් කපටි නරියෙක් මේ මිනිසා ගේ පිහිටට පැමිණියේ ය.

“බිය වන්නට එපා. මා නුඹ ගලවාගන්නම්” ඒකා පොරොන්දු විය.

ඔවුහු උපක්‍රමයක් යෙදූහ. වළහා මිනිසා වෙත පැමිණි විට නරියා අමුතු ම ශබ්දයක් නිකුත් කරන්නට විය. මෙයින් වළහා තිගැස්සිණි.

“මොකක්ද ඒ සද්දේ?” ඔහු මිනිසාගෙන් ඇසීය. “ඒ දඩයක්කරුවන් වළසුන් අල්ලන හඬ” මිනිසා කීය.

වළහා මහත් සේ බියට පත් ව මිනිසාගේ ලී කරත්තය මතට පැන ගත්තේ පිළිසරණක් අපේක්ෂාවෙනි. එවිට මිනිසා සිය සුරතෙහි වූ පොරොවෙන් තලා වළසා ජීවිතක්ෂයට පත් කෙළේ ය.

හරි නුවණ ජය ගනී. එහෙත් නරි කිසිවිටෙකත් අනුන් වෙනුවෙන් නුවණ නොයොදවති. මෙවිට වනයෙන් පිටතට ආ නරියා මෙසේ කීය. “මා නුඹේ දිවි ගැලවූවා. දැන් මට වන්දි ගෙවාපං.”

මේ අවංක මිනිසාට මේ සියල්ල මහා වදයකි. ඔහු සිය නුවණින් ම උපායක් සිතුවේ ය.

නරියා තමා වෙත ආ විට ඔහු සිය බලු රැල උසිගැන්වූවේ ඒ උපායට අනුව ය. මෙවිට නරියා බියපත් ව සිය නරි ගුහාව වෙතට ම දිව ගියේ ය. ගුහාවට වන් නරියා සිය නෙත් අමතා මෙසේ ඇසීය. “මා දිව යනවිට නුඹලා කුමක් කළා ද?”

“අප නුඹට නොවැටී සිටීමට උපකාර කළා.”

“අප බලු රැළ ගේ ශබ්දය හොඳින් ශ්‍රවණය වන්නට සලසා දුන්නා”

“එසේ නම් නුඹ කළේ කුමක් ද?” ඒකා සිය වලිගයෙන් ඇසූ විට ලැබුණේ මෙවන් පිළිතුරකි.

“නුඹේ දෙකකුල් අතර පටලැවී නුඹ බිම හෙළන්නට මාන බැලුවා”

“එසේ නම් නුඹ මගේ වලිගය ඒ බලු රැලට මා නුඹ ගොදුරු කරනවාද? යි කී නරියා සිය ගුහාවෙන් පිටතට වලිගය දිගු කළ විට ඒ වලිගයෙන් අල්වා ගෙන බලු රැළ නරියා පිටතට ගෙන කා දැමූහ.

කෙනකු තවක’කුට උපකාර කළ යුත්තේ ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් නොවේ.

”කුරුලු දරුවා”

ක් මවකට හා පියකුට ඉතා දක්ෂ දරුවෙක් සිටියේ ය. ඔහු ගේ නම වසීලි ය. ඔහු කෙතරම් දක්ෂ ද යත් කුරුල්ලන් ගේ භාෂාව පවා දැන සිටියේ ය.

දිනක් මාපියන් සමඟ වසීලි අහර ගනිමින් සිටිනා’තර එක් කොවුලෙක් ඔවුන් වෙත පැමිණ මිහිරි හඩින් නද දෙන්නට විය. වසිලිට කුරුල්ලා පවසන දෙය වැටහිණි.

”පුතේ මේකා මොනවා කියනවාදැයි අපටත් කියාපං”

”එය කියන්නට බයයි”

”බය නොවී කියාපං” මාපියෝ ඔහු පෙලැඹවූහ.

”යම් දිනෙක පියා මට දිය සපයමින් ද මවු මා සාළුවකින් පිස දමමින් ද මා හට සේවය කිරීමට නියමිත බව කුරුල්ලා කියනවා.”

මෙබස ඇසූ සැණින් මාපියෝ වසීලි හා උරණ වූහ. ඔවුන්ට දැන් කෙසේ හෝ දරුවාගෙන් ගැලවෙන්නට වුවමනා ය. කුඩා ඔරුවක් තැනූ ඔවුහු දරුවා එහි දමා මුහුදේ පා කර හැරියෝ ය.

ඒ ඔරුව මුහුදුබත් නො වී ය. එය සුවසේ එක්තරා ගොඩබිමකට සේන්දු විය. වසීලි තුරුණු වියට එළැඹෙත්ම ඔහු ගේ දස්කම් ද තව තවත් දියුණු විය. ඔහු කුරුලු බස මැනැවින් ප‍්‍රගුණ කෙළේ ය.

ඔහු ගේ මේ හැකියාව රට පුරා පතළ විය.

එකල ඒ රටේ රජතුමා විසඳගත නොහැකි ගැටලුවකට මැදි ව සිටියේ ය. කුරුලු යුවළක් රාජ මන්දිරයේ තැනූ කූඩුවක ය. ඔවුනට පැටියකු ද සිටී. මා පිය කුරුල්ලෝ හැමවිට ම මහා හඩින් හඬ දෙති. එතැන නිරන්තර කලබැගෑනියකි. ඔවුන් මැදුරෙන් පිටතට ගත හැකි ද නො වේ.

මේ අතර වසීලි පිළිබඳ මේ රජතුමාට ද දත හැකි විය. අරුම පුදුම කුරුලු කරදරය විසඳීම රජතුමා වසීලිට භාර කෙළේ ය. “රජතුමනි මේ කුරුලු යුවළට දරුවා පිළිබඳ අයිතිය ගැන ගැටලුවක් ඇතිවෙලා. ඔබතුමා තීරණය දෙන්න. දරුවා කාටද?”

”පියාට”

මේ පිළිතුර සමඟ ම කුරුලු පැටවා පියා සමඟ පියාඹා ගියේ ය. මවු ඊට විරුද්ධ දිශාවට පියසැරූ විට කුරුලු කරදරය නිමා විය. අතිශය සතුටට පත් රජතුමා වසීලිට සිය රාජධානියෙන් අඩක් ද දී තම දූ කුමරිය ද සරණ පාවා දුනි.

වසීලි ඉතාමත් සතුටින් මාලිගයේ කල්ගත කරන අතර ඔහුට විදේශ සංචාරයන් හි දොලක් ඉපැදිණි. රජතුමා ඒ සඳහා සිය කළමනා සම්පූර්ණ කෙළේ ඉතා කැමැත්තෙනි.

එසේ නැව් නැගී සංචාරය කරන වසීලි එක්තරා රටක නගරයකට ගොඩ බට විට වියපත් පුරුෂයෙක් ඔහුට පැන් ගෙනැවිත් තැබුවේ රජතුමා ගේ විඩාව නිවනු පිණිස ය. ඒ හා සමඟ ම මහලු කතක් සාළුවකින් ඔහු පිස දැමුවා ය. වසීලිට එසේ සිය මාපියන් යළි මුණ ගැසිණි.

උස් හඩින් හැඬූ වටුවා………..

එක් වනයක උස් හඩින් හඬන වටුවෙක් විය. ඒකා දිනක් ගසක් මතට වී කල්පනාවෙන් බර වූ සිතින් නිහඬ ව සිටියේ ය. මෙවිට එක්වර ම යමක් ඒකා ගේ හිස මත වැටිණි.

”අහස කඩා වැටෙනෝ” වටුවා උස් හඩින් හඬ ගෑවේ ය. “මේ ගැන රාජාලියාට කිව යුතුයි” යැයි ද කියූ වටුවා වහා රාජාලියා සොයා දිව යන්නට විය.

අතරමඟ දී වටුවා ට වැලි කුකුළා මුණ ගැසිණි.

”මිත‍්‍රයා මොකෝ හදිස්සිය?” වැලි කුකුළා වටුවා ඇමතී ය.

”අහස කඩා වැටෙනවා. මං රාජාලියාට ඒක කියන්න දුවනවා”

”මාත් එන්නම්. යමු.” වැලි කුකුළා ද ගමනට පිටත් විය.

දෙමිතුරන් මෙසේ දිවයන අතර ඔවුනට තාරාවා හමුවිය.

”යාළුවනේ කොහේ දුවනවාද?” තාරාවා ඇසී ය.

”අහස කඩා වැටෙනවා. අප රාජාලියාට ඒ බව දන්වන්න යනවා.”

”හොඳමයි. මාත් එන්නම්”

දැන් තිදෙනෙක් දුවති. මෙසේ දිවයන්නන්ට මීළඟට රතු දුඹුරු වැලි කුකුළා මුණ ගැසේ. ඒකා ද පෙර පරිදි ම පැන විමසා ඔවුන් හා ගමනට පිටත් විය.

මේ සිව්දෙනා යති. යති. ඉදිරියට ම යති.

මෙවිට මොවුන් හමුවට එන්නේ නරියෙකි. නරියා ගේ නම ටි‍්‍රක්සි  ය.

”යාළුවනේ, හදිස්සියක්වත් ද?” නරියා ඇසී ය.

මිතුරෝ කරුණු පැහැදිලි කළහ.

නරියා ගේ කපටි නුවණ පණ ගැන්විණි. ඒකා මෙසේ කී ය. “හොඳයි, හොඳයි. රාජාලියාට කිව යුතු ම තමා. ඒත් නුඹලා පාර වරද්දාගෙන. මා සමඟ වරෙල්ලා. පාර පෙන්වන්නම්.”

මෙවිට සියල්ලෝ නරියා පසුපස ඇදුණා හ. නරියා මොවුන් කැඳවාගෙන ගියේ අන් කවර තැනකට නොව ඒකා ගේ ම නිවෙසට යි.

”මෙන්න තැන.” නරියා සිය නිවෙස ඉදිරිපිට නැවතී කී ය. “මා මුලින්ම යන්නම්. ඊළඟට එක එක්කෙනා ඇතුළට වරෙල්ලා.”

නරියා නිවෙසට ඇතුළු වූ පසු, වැලි කුකුළා ද තාරාවා ද එහි ඇතුළු වූහ. ඒ දෙදෙනාට ම සිදුවූයේ සිය ජීවිතවලින් වන්දි ගෙවන්නට යි. මීළඟට වටුවා ගේ වාරය ආවේ ය. ඒකා නිවෙසට ඇතුළු වූ සැණින් නරියා වටුවා ගේ බොටුව තද කරන්නට විය.

මෙවිට වටුවා කෙතරම් හඩින් ලතෝනි නැඟුවේ ද යත්, රතු දුඹුරු වැලි කුකුළා ද තැති ගෙන නිවෙස තුළට වැදුණේ ය. මෙයින් ඒ දෙදෙනා ගේ දිවි ගැලවිණි. අහස කඩා වැටෙන පුවත තවමත් කිසිවෙක් රාජාලියාට කියා නැත.

මැෂින්………..

දහදිය දුම් දමාගෙන
මැසිම අනයි කොන්කී‍්‍රට්
වටේ දහ පහළොවක්
නරඹති විමතියෙන් මෙන්
පෙන්වයි විසඳයි ලියයි
කොම්පියුටරය ලහිලහියේ
පුටුවලට බර දී
දනෝ නිදි කිරති සිත්සේ…….

ඊතලය පරිගණකයට ගිය හැට්……………

දී මිනිසා ඉලක්කය දැක්වීමට යොදා ගත් සංකේතය ඊතලයයි. ඊතලය අදත් යම් එල්ලයක් දැක්වීමට යොදා ගැනීම    ඇත්තෙන්ම හරිම පුදුමයි.    පරිගණකයේඇති ඊතලය  (කර්සරය  ) ද දැන් කාලය වන විට භාවිත වන්නේ ද  ඒ අරැතින්ය.එය අපේ මිනිසාගේ සංනිවේදන අරමුණු  තවමත් වෙනස්  නොවී පවතිනවා කියා අපට මතක් කර දෙනවා……….

ජීවිතයේ යථාර්ථය තේරැමි ගන්න…..

ජීවිතයේ යථාර්තය තේරැමි ගැනීමට අප සමාජයේ  සමහර මිනිසුන් අසමත් ය. එසේ වීමට හේතුව මිනිසා සමාජය පිළිබද අවබෝධයක් නොමැති වීමයි. එසේම නිසි අධ්‍යාපනයක් නොලැබ සිටීමයි.
ඇත්තෙන්ම ජීවිතයේ යථාර්ථය තේරැමි ගැනීම කියන්නේ ජීවිතය සැබැවින්ම තේරැමි ගැනීමයි. එසේම යථාර්තය තේරැමි ගැනීම කියන්නේ ජීවිතයේදි මුහුණ දී අති අභියෝග මුහුණ දීමට ඉඩ ඇති අභියෝග වැන්න ජය ගෙන ඒ වගේම ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. එසේම ජීවිතය වටහා  ගන්න පුළුවන් නමි ජිවිතය යථාර්ථය තේරැමි ගත්තා කියලා  කියන්න පුළුවන්. ඒ වගේම ජීවිතයේ යථාර්ථය තේරැමි ගැනීමෙන් ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්.
අප සමාජයේ සමහර මිනිසුන් සිතන්නේ ඔවුන් හැමදාම ජීවත් වනවා කියාය. එහෙත්  මිනිසා තේරැමි නොගත් දේවල් අප සමාජයේ කෙතරමි තීනවද? ඒ වගේම අප සමාජයේ මිනිසුන් කුමන ආකාරයේ අයද කියා තේරැමි ගත යුතුය.එවිට තම ජීවිතයේ යථාර්ථය තේරැමි ගැනීමට වඩාත් පහසු වනු ඇත. සෑම දෙයක් දිහාම සුබවාදීව බලමින් ජීවිතයේ යථාර්ථය තේරැමි ගන්න   හැකිතාක් උත්සාහ ගන්න ඕන.

පුරාණ ගැමි දිවියේ සුන්දරත්වය.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ආර්ථික රටාවකට හිමිකම් කී වැව්බැදි සංස්කෘතියෙන් පෝෂණය වූ රටකි. අතීතයේ පැවතියේ ගම මූලික කොට ගත් සමාජ රටාවකි. බොහෝ විට ගම් මුලාදෑනියාගේ යටතේ පාලනය වූ ගමට ගුරු හරුකම් ලැබුනේ ගමේ පන්සලෙනි. ජනතාව බහුල නොවූ ගම් හුදෙකලාව පිහිටා තිබූ අතර ඒවායේ මාර්ග පහසුකම් සුලභ නොවීය.ඒ හේතුවෙන් ගම්මුන්ට අවශ්‍ය දෑ ගමේම නිෂ්පාදනය කර ගත්තේය. විශේෂයෙන් උඩරට ප්‍රදේශය කදුහෙල් සහිත බිමක් වූ නිසා මාර්ග සකසා ගැනීම පහසු නොවිණි.ගම්වල වැසියෝ තමන්ට අවශ්‍ය කරන ධාන්‍ය වර්ග, අල, බතල හා එළවලු, පළතුරු සියල්ලම තමන්ගේ හේන් කුඹුරු වල වගා කර ගත්තේය. ඒ වගා කටයුතු වලට අවශ්‍ය පොහොර ආදිය තමන්ගේ ගොවිපළෙන්ම සකසා ගැනීමට ද උනන්දු විය.

අතීතයේ ගමේ සෑම ගෙදරකම එළදෙනුන් දෙතුන් දෙනෙක් සමන්විත ගව රැළක් හා කිකිළියන් හතර පස් දෙනකු ගෙන් යුතු කුකුළු රංචුවක් ද සිටීම සුලභ දසුනක් විය. තම ගොවි තැනට අවශ්‍ය පොහොර ද දරුවන්ගේ හා අනෙක් අයගේ පෝෂණයට අවශ්‍ය කිරි, බිත්තර ආදිය ද එයින් ලබා ගැනීමට ඔවුන්ට ඉන් හැකිවිය. ගවයින් තණබිමට දක්කා ගෙන යාමට වෙනත් මෙහෙකරුවන් නොසිටි අතර ගොවිතැනට යන ගෙහිමියා විසින්ම ඕවිටට දක්කනු ලබන අතර හවස් වරුවේ හේනට හෝ කුඹුරට යන ගෙවිලිය හෝ වැඩිහිටි දරුවන් නැවත හරකුන් ගාලට දක්කා ගෙන එයි. මේ එන අතර තුරදී පුරුද්දට මෙන් ගෙවිලිය ඕවිටෙන් පල නෙළා‍ ගෙන දරෙ මිටියක් ද බැඳ ගෙන හිසමත තබා ගෙන එයි. මේ අයුරින් අතීත ගම් වැසියන් තම ජීවිකාව සැහැල්ලුවෙන් ගෙන ගියේය. අල, බතල, ධාන්‍ය වර්ග පලාවර්ග සහිත වු ආහාර වේළ ඔවුන්ට සුපුරුදු දෙයකි. මේ නිසා අද කාලයේ මෙන් සමබර ආහාර වේලක ප්‍රශ්නයක් අමුතුවෙන් ඇති නොවිණි. එමෙන්ම කිසිදු කෘෂි නාශක වර්ගයක් භාවිත කිරීමට ද අවශ්‍ය නොවීය.තම ගොවිතැන් විවිධ උවදුරු වලින් බේරා ගැනීමට කෙම් ක්‍රම සහ වෙනත් කොහොඹ වැනි ස්වභාවික දෑ පාවිච්චි කරන ලදී. එමනිසා ආහාර වල අද මෙන් විෂ සහිත බවක් ‍නොමැති විය. පෝෂණය අතින් ද ඉතා උසස් මේ ආහාර ප්‍රියමනාප වූ අතර හැම දෙනාගේම වර්ධනයට එය රුකුලක් විය.

ශ්‍රී ලංකාවේ වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිවල ජෛව විවිධත්වය

ලංකාවේ ජෛව විවිධත්වය උපරිම වශයෙන් දක්නට ලැබෙන එක් ස්ථානයක් ලෙස වනාන්තර හැඳින්විය හැකිය.තෙත් කලාපීය වැසි වනාන්තර විශ්මයජනක ලෙස ජෛව විවිධත්වයෙන් පොහොසත්ය. මේවායේ ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ඇත.එනම්, ආවේණික ශාක විශේෂ වලින් 90% ක් ද, ආවේණික සතුන්ගෙන් 75% ක් ද,මෙම වනාන්තරවල දැකිය හැකිය.ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන හොර ශාක විශේෂය ලංකාවේ පහතරට තෙත් කලාපයේ හා කඳුකර වනාන්තරවල බහුලව දැකිය හැකි ආවේණික ශාක විශේෂයකි.එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පමණක් ආවේණික ශාක විශේෂ ද ඇත.ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන ‘මෙන්ඩෝරා’ නකල්ස් වනාන්තරයේ කුඩා පෙදෙසකට පමණක් සීමා වෙයි. ආවේණික කටුසු විශේෂයක් වන ‘කුරු බෝදිලියා’ හෙවත් ඳුකර කටුස්සා හමුවන්නේ මීටර් 1300ට වඩා උස් කඳුකර වනාන්තර වලිනි.මෙන්ම ‘පෙති අග කටුස්සා’ නැමති සතුන් හමුවන්නේ මීටර් 800ට වඩා උස නකල්ස් කඳුකරයෙන් පමණි.නමුත් වර්තමානය වන විට මිනිසාගේ අනිසි ක්‍රියාකලාපය නිසා වනාන්තර පද්ධති විනාශ වෙමින් පවතී.

ජෛව විවිධත්වය

ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්,ශාක හා සතුන්ගේ විවිධත්වයයි.එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වඩාත් පැහැදිලි එකකි.එනම්, ජෛව විවිධත්වය යනු ‘භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි’. තව ද, ‘ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ’.

තවත් ලෙසකින් කිවහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි.නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය,පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙසයි