ඉතිරිය………(පුංච් කතාවක්)

මුදලේ අගය දන්නා සරිසේන මුදලාලි විය පැහැදම් කිරීමේදි බෝහොම කල්පනාකාරි වුණා. සතයෙන් සතය එකතු කොට දියුණු පමුණුවට ගත් වෙළදසැලේම නිවසද ඔහුගේ නිධානය බදු විය. අතමිට සරැවූ කල ගත් වෑන් රථය ද බලා කියාගත්තේ  දරැවකුට නොදෙවැනි ලෙසය.

සිරිසේන මුදලාලි දැන් දැන්  තම වැඩ කටයුතු සදහා තම  පුත්‍රයාගෙන්ද සහාය ලබා ගන්නේය. ඒ ඉදිරි අනාගතයේදි තම දායාද පුතණුවන්ට ලබා දීමට පෙරහුරැවක් මෙනි . ඒ නිසා පුත්‍රයාටද අරපිරිමැස්ම ද එතරම් නුහුරැ වූවාක් නොවේ. ඇතැම් විට පියාටද වඩා පුත්‍රයා අතින් ඒ කාර්ය වඩාත් හොදින් සිදුවිය.

අන්න අර කඩේ මේ වාහනයට ගැලපෙන ලයිට් තියෙනවා. හරියට හොයලා බලලා අඩු ගානකට ලයිට් එකක් අරන් එන්න.

සරිසේන මුදලාලි වහනයේ නොදැල්වෙන බල්බය ගලවා ඉවත් කරමින් පුත්‍රයාට කීවේය. ඔහුද පියා කී ලෙසින්ම එය ඉටු කිරීමේ අදහසින් පිටව ගියේය.

මහත්තයා ඔය කියන විධියට ලා‍භෙට  බඩු නෑ. ඒ ඉස්සර.කඩහිමියා කීවේය.

එහෙම කියලා බෑනේ.අපේ තාත්තා මෙතනින් තමයි හැමදාම බඩු ගත්තේ. ඉතින් ඒ ගානටම දෙන්නකෝ.පුත්‍රයා කඩ හිමියා ඉදිරියේ බැගෑපත් වුණා.

අනේ මහත්තයෝ මේ ගානට වඩා සතයක්වත් අඩු කරන්නේ නෑ. ගන්නවානම් ගන්නවා කඩහිමියා එසේ පවසා ඉවත්ව ගියාය. ඒ අතර සේවකයා පුත්‍රයා අසලට හෙමින් හෙම්න් කිට්ටු විය.

මහත්තයා ඔය අතේ තියෙන කීය හරි දීලා මේකත් අරගෙන ඉක්මනට යන්වා මෙතන තවත් මෙතන වද දෙන්න එපා. සේවකයා බෑගයකට දැමූ පාර්සලයක්  පුත්‍රයා අත තබා කීවේය.

ඉහේ මල් පිපුණු පුත්‍රයා අත තිබූ මුදල් සියල්ල ම සේවකයාට දී වට පිට නොබලා පාර්සලයත් අරන් ගියාය.

ජයග්‍රාහි ලීලාවකින් ගෙට ගොඩවන පුත්‍රයා දෙස බැලූ පියා ගේ මුවගට සිනා රැල්ලක් නැගුනේ  කොලුවා හපනා, බය‍ වෙන්න  කාරි නෑ.මටත් වඩා සූරයා යැයි සිතමිනි.පාර්සලය දිගහැර බල්බය සවි කිරීමට පියාද පුත්‍රයාද සූදානම් වූහ.එහෙත් එහි තිබුණේ ඉවතලන විදුලි පන්දමකි.පියාටද පුත්‍රයාටද හීන් දාඩිය දැමු‍වේය.පාඩුව විදගනු විනා දෙදෙනාටම කළහැකි වෙනත් දෙයක් නොවීය.

සංගීත රාජධානිය………….

ක් රජකුට දියණිවරු සත් දෙනෙක් සිටියෝ ය. රජු ගේ බිරිය මිය ගොසිනි. මේ දියණියෝ රාති‍්‍රයේ දී අතුරුදහන් වෙති. ඔවුහු කොහේ දෝ යති. උදෑසන යළි පැමිණෙති. කිසිවකුට මේ ගමන වැළැක්විය හැකි නො වේ. එය මහා අබිරහසකි.

රජුට මේ ගමන නවත්වන්නට වුවමනා ය. එහෙත් එය කළ හැකි නොවේ. මේ අබිරහස හෙළිදරව් කර ගැනීමට එරට විසූ එක් දිළිඳු තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු සතු ව මායාකාරී තොප්පියක් තිබිණි. එය පැළැඳි විට තරුණයා නොපෙනී යයි.

පිය රජුගේ අනුදැනුමින් යුතු ව තරුණයා රාත‍්‍රි කාලයක දී මාලිගාවට ඇතුළු විය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. කුමාරියෝ ගමනට සූදානම් වූහ. ඔවුහු වටිනා වස්ත‍්‍ර හැඳ, වටිනා සැරසිලි කළහ. වැඩිමහල් සොහොයුරිය සිය යහන පසෙකට කළ විට එතැන අබිරහස් දොරටුවක් මතු ව ආවේ ය. මායාකාරී හිස්වැස්ම පැළඳ ගත් තරුණයා මේ සියල්ල දුටුවේය.

විවර වූ අබිරහස් දොරටුවෙන් කුමාරියෝ ඇතුළු වූහ. එතැන වූ පිය ගැට පෙළ අවසානයේ සංගීත රාජධානිය හමුවිය. එහි සංගීතය වැයේ. ඒ හඬ අතිශය මියුරු විය.

මේ රාජ කුමාරියන් හට සිය පිය රජු ගේ රාජධානියෙහි සියලු ඉසුරු තිබූ නමුත් වින්දනයට යමක් තිබුණේ නැත. පිය රජතුමා සංගීතය ප‍්‍රිය නො කෙළේ ය. එහෙයිනි මේ දූ කුමාරියන් සංගීත රාජධානිය සොයා පැමිණ තිබුණේ.

මේ රාජධානියේ රන්වන් රෝස පිපේ. තරුණයා එයින් එකක් ද නෙළා ගත්තේ රජතුමාට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නට යි.

රැය පහන් වන තුරුම මධුර සංගීත ස්වර  අසමින් ගත කළ දූ කුමාරියෝ යළි උදාසන මාලිගයට ආහ. තරුණයා ද යළි ආවේ ය. කිසි ම අයකුට ඔහු පෙනුණේ නැත.

දැන් තරුණයා ගේ වාරය යි. ඔහු සියලු කරුණු රජතුමාට හෙළි කෙළේ ය. ධනවත් වීමට නම් පාවා දීම් කළ යුතු  බව ඔහු දැන සිටියේ ය. ඔහු ගේ පාවා දීම අකුරට ම වැඩ කළේ ය.

සිය රාජධානියෙන් අඩක් ද, ළාබාල ම කුමරිය ද ඔහුට රජතුමාගෙන් තිළිණ සේ ලැබිණි. ඔහු මේ කුමරිය සිය බිරිය කොට ගෙන සතුටින් දිවි ගෙවී ය. එහෙත් කුමරිය සතුටින් දිවි ගෙව්වා දැයි කිසිවෙක් නොදනී.