Tag Archive | Election Commissioner

Sinharaja Forest

sinharaja-for-webSinharaja Forest Reserve is a national park and a biodiversity hotspot in Sri Lanka. It is of international significance and has been designated a Biosphere Reserve and World Heritage Site by UNESCO.

The hilly virgin rainforest, part of the Sri Lanka lowland rain forests ecoregion, was saved from the worst of commercial logging by its inaccessibility, and was designated a World Biosphere Reserve in 1978 and a World Heritage Site in 1988. The reserve’s name translates as Lion Kingdom.

The reserve is only 21 km (13 mi) from east to west, and a maximum of 7 km (4.3 mi) from north to south, but it is a treasure trove of endemic species, including trees, insects, amphibians, reptiles, birds and mammals.

Because of the dense vegetation, wildlife is not as easily seen as at dry-zone national parks such as Yala. There are about 3 elephants and the 15 or so leopards are rarely seen. The most common larger mammal is the endemic purple-faced langur.

An interesting phenomenon is that birds tend to move in mixed feeding flocks, invariably led by the fearless greater racket-tailed drongo and the noisy orange-billed babbler. Of Sri Lanka’s 26 endemic birds, the 20 rainforest species all occur here, including the elusive red-faced malkoha, green-billed coucal and Sri Lanka blue magpie.

Reptiles include the endemic green pit viper and hump-nosed vipers, and there are a large variety of amphibians, especially tree frogs. Invertebrates include the endemic common birdwing butterfly and the inevitable leeches.

Advertisements

ඇත්ත තිත්තයිනේ….

ක්තරා ඈත රුසියානු ගම්මානයක සිය ශ්‍රමය වගුරුවා ජීවත්වන අහිංසක අවංක මිනිසෙක් වාසය කළේ ය. හෙතෙම දිනක් සිය වගා බිමෙහි වපුරමින් සිටින කල, එක් වළසෙක් ගුගුරමින් ඔහු වෙත ‘විත් මෙසේ කීය. “මා නුඹ කා දමනවා”

“අනේ එපා. මා අස්වැන්න නෙළා ගත් විට හොඳම කොටස නුඹට දෙන්නම්.” මරණ බිය දැනුණු මිනිසා පොරොන්දු විය. වළහා ද එකඟ විය.

අස්වනු නෙළන කාලය එළැඹිණි. ගොවියාට පොරොන්දු ප්‍රකාර කටයුතු කළ නොහැකි විය. තම අස්වැන්න වළහාට දුන් විට ඔහුගේ අඹු දරුවන් රැකෙන්නේ කුමකින් ද?

මෙයින් වළහා කිපිණි. ඔහු පළිගැනීමට සැරැසිණි. මෙවිට එක් කපටි නරියෙක් මේ මිනිසා ගේ පිහිටට පැමිණියේ ය.

“බිය වන්නට එපා. මා නුඹ ගලවාගන්නම්” ඒකා පොරොන්දු විය.

ඔවුහු උපක්‍රමයක් යෙදූහ. වළහා මිනිසා වෙත පැමිණි විට නරියා අමුතු ම ශබ්දයක් නිකුත් කරන්නට විය. මෙයින් වළහා තිගැස්සිණි.

“මොකක්ද ඒ සද්දේ?” ඔහු මිනිසාගෙන් ඇසීය. “ඒ දඩයක්කරුවන් වළසුන් අල්ලන හඬ” මිනිසා කීය.

වළහා මහත් සේ බියට පත් ව මිනිසාගේ ලී කරත්තය මතට පැන ගත්තේ පිළිසරණක් අපේක්ෂාවෙනි. එවිට මිනිසා සිය සුරතෙහි වූ පොරොවෙන් තලා වළසා ජීවිතක්ෂයට පත් කෙළේ ය.

හරි නුවණ ජය ගනී. එහෙත් නරි කිසිවිටෙකත් අනුන් වෙනුවෙන් නුවණ නොයොදවති. මෙවිට වනයෙන් පිටතට ආ නරියා මෙසේ කීය. “මා නුඹේ දිවි ගැලවූවා. දැන් මට වන්දි ගෙවාපං.”

මේ අවංක මිනිසාට මේ සියල්ල මහා වදයකි. ඔහු සිය නුවණින් ම උපායක් සිතුවේ ය.

නරියා තමා වෙත ආ විට ඔහු සිය බලු රැල උසිගැන්වූවේ ඒ උපායට අනුව ය. මෙවිට නරියා බියපත් ව සිය නරි ගුහාව වෙතට ම දිව ගියේ ය. ගුහාවට වන් නරියා සිය නෙත් අමතා මෙසේ ඇසීය. “මා දිව යනවිට නුඹලා කුමක් කළා ද?”

“අප නුඹට නොවැටී සිටීමට උපකාර කළා.”

“අප බලු රැළ ගේ ශබ්දය හොඳින් ශ්‍රවණය වන්නට සලසා දුන්නා”

“එසේ නම් නුඹ කළේ කුමක් ද?” ඒකා සිය වලිගයෙන් ඇසූ විට ලැබුණේ මෙවන් පිළිතුරකි.

“නුඹේ දෙකකුල් අතර පටලැවී නුඹ බිම හෙළන්නට මාන බැලුවා”

“එසේ නම් නුඹ මගේ වලිගය ඒ බලු රැලට මා නුඹ ගොදුරු කරනවාද? යි කී නරියා සිය ගුහාවෙන් පිටතට වලිගය දිගු කළ විට ඒ වලිගයෙන් අල්වා ගෙන බලු රැළ නරියා පිටතට ගෙන කා දැමූහ.

කෙනකු තවක’කුට උපකාර කළ යුත්තේ ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් නොවේ.

ශ්‍රී ලංකාවේ සමනළයින් (ලයිකනිඩේ කුලය)

*common cerulean


*pale four lineblue *Angled pierrot

*pea blue

*indian cupid

*ceylon silverline


ශ්‍රී ලංකාවේ සුළු අපනයන බෝග

කිතුල්  –caryota urens

ආසියාතික රටවල මීටර් 20ක් පමණ උසට වැඩෙන ශාකයකි.කිතුල් නිෂ්පාදන මෙරට ජන ජීවිතය හා බැදී පවතී.ලෝක වෙළච පොළේ වැඩි විදේශ විනිමයක් ඉපයිය  හැකි බෝගයක් ලෙස කිතුල් වැදගත් වේ.ප්‍රධාන ගැනුමිකරැවන් එක්සත්රාජධානිය,ඉන්දියාව,බෙල්ජියම,ජර්මනිය,ඕස්ට්‍රේලියාවහා නෙදර්ලන්තය.නිෂ්පාදිත රටවල් වන්නේ ශ්‍රී ලංකාව ,ඉන්දියාව,පිලිපීනය හා මැලේසියාව වැනි නැගෙනහිර ආසියාතික රටවල්ය.මෙම ශාකයේ ප්‍රයෝජනයන් වන්නේ කිතුල් පැණි කිතුල් හකුරැ කිතුල් රා කිතුල් පිටි කිතුල් කෙදි ආදි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සදහා වැදගත් වේ.

බුලත් –piper betel

කි.පූ. 340 තරමි ඈත ඉතිහාසයට උරැමකමි කියන මෙරට බුලත් වගාව අපේ නොයෙක් සංස්කෘතික අංග සමග බැදී පවතී.මුහුදු මට්ටමේ සාට මීටර් 1000 ක් දක්වා හොදින් වැඩෙන බුලත් බහුරෑපි ශාකනය පෙන්නුමි කරයි.ශ්‍රී ලංකාවේ වගාවට පවතින හිතකර දේශගුණය නිසා ගුණාත්මක බවින් ඉහල බුලත් අපනයනය කිරීමට හැකිවී ඇත.ප්‍රධාන ගැනුමිකරැවන් වන්නේ ඉන්දියා හා පාකිස්ථානයයි.නිෂ්පාදිත රටවල් වන්නේ එක්සත් රාජධානිය ඉන්දියාව බෙල්ජියම ජර්මනිය ඕස්ට්‍රේලියාව හා නෙදර්වන්තය නිෂ්පාදිත රටවල් වන්නේ ශ්‍රී ලංකාව හා පාකිස්ථානයයි. මෙහි ප්‍රයෝජනයන් වන්නේ
*බුලත් විට සදහා
*දේශිය වෛද්‍ය ප්‍රතිකාර සදහා
*ආගමික කටයුතු සදහා
*වර්ණ නිෂ්පාදනයට යන ආදියට භාවිතා කරයි.

පුවක් Areca catechu

ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ප්‍රදේශවල ගෙවතුවල බහුලව දක්නට ලැබේ.නොයෙකුත් බාහිර කටයුතු සදහා පුවක් ගස යොදා ගැනීම නිසා මෙම පුවක් ශාකය විනාශ වෙමින් පවතී.එබැවින් මෙය විනාශ වන්නට නොදී රැකගැනීම සදහා අපනයන බෝග දෙපාර්තුමේන්තවෙන් පුවක් වගාව සදහා වැවිලිකරැවන් දිරිගන්වා ඇත.ප්‍රධාන ගැණුමිකරැවන් වන්නේ ඉන්දියාව හා පකිස්ථානයයි.ප්‍රධාන නිෂ්පාදිත රටවල් වන්නේ ඉන්දියාව පාකිස්ථානය හා ශ්‍රී ලංකාවයි.මෙහි පුයෝජන නමි බුලත් විට සදහා භාවිතා කිරීම.

කරාබු නැටිsyzgium gromaticum

කරාබු වගා අප රටට හදුන්වා දෙනු ලැබුවේ ලන්දේසින් විසිනි.ඒ16 වන ශතවර්ෂයේදී පමණය. කරාබු නැටි ශාකය,ඔලිව් ශාකයට බෙහෙවින් සමාන බවක් දක්වයි.එහෙත් යම් වෙනසකට ඇත්තේ කරාබු නැටි ශාකයේ ශාකපත්රඔ ප්රෙමාණය බහුලවීමයි.Myrtaccae කුලයට අයත් Syzigium Aromaticium යන ජෛව විද්යාකත්මක නාමය දරන කරාබු නැටිවල ,අස්වැන්න ලෙස නෙළාගනු ලබන්නේ එහි පොහොට්ටුය.තද දුඹුරු පැහැයක් වන තෙක් වියළාගත් මෙම කරාබු නැටි කුඩු වශයෙන් ද භාවිතා කරනු ලබයි.ආහාර පිසීමේදී කරාබු නැටිවලින් සුවඳවත් බව මෙන්ම ආහාර ජීර්ණය පහසු කරවීම ද බලාපොරොත්තු වේ.එමෙන්ම මුඛය ආශ්‍රිත රෝග විශේෂයෙන් දත් කැක්කුම සඳහා විශිෂ්ට ඖෂධයක් වශයෙන්ද කරාබු නැටි භාවිතා කරනු ලබයි.ප්‍රධාන ගැනුමිකරැවන් වන්නේ ඉන්දියාව ඒක්සත් රාජධානිය ඇමරිකා එක්සත් ජනපදය හා බටහිර යුරෝපා රටවල්ය.නිෂ්පාදිත රටවල් වන්නේ සැන්සිබාරය,ටැන්සානියාව,මැඩගස්කරය, ශ්‍රී ලංකාව හා බ්‍රසීලයයි. මෙම ශාකයේ ප්‍රයෝජන-
*ආහාර සුවදකාරකයක්
*ආහාර රසකාරකයක්
*ඖෂධ
*සුවද විලවුන්
*දන්ත ඖෂධ ආදිය සදහා භාවිත කරයි.

හීන් පැඟිරි – Cymbopogon nardus

හීන් පැඟිරි මුහුදු මට්ටමේ සිට මීටර් 600 තෙක් උස් බිමිවල වැඩෙන ශාකයකි.පසෙහි ගඹුරට විහිදෙන තන්තු මුල්, දිගැටි පත්‍ර සහිත කටු පදුරැ ශාකයකි.ලේන බටු ,සිලෝන් සිට්‍රොනෙල්ලා ලෙස හදුන්වන්නේ ද මෙයයි.හීන් පැඟිරි වගාව මෙරට අරඹන්නට ඇත්තේ රැහුණේ ගිරැවාපත්තුවෙන් යැයි සැලකේ.වර්ෂ 1900 දක්වාම ලෝකයේ පැගිරි වෙළදපොළ සමිපුර්ණෙයෙන්ම රැදී තිබුණේ ශ්‍රී ලංකාවේය.ප්‍රධාන ගැණුමිකරැවන් වන්නේ ඒක්සත් රාජධානිය ,ඇමරිකි එක්සත් ජනපදය ,ඕස්ට්‍රේලියාව ,ජර්මනිය ,ජපානය ,බෙල්ජියම ,දකුණු අප්‍රිකාව හා සිංගප්පූරැවයි.නිෂ්පාදිත රටවල් වන්නේ ශ්‍රීලංකාව, ඉන්දියාව,ජාවා දූපත් හා සීෂේල්ස් දූපත්ය. මෙම ශාකෙයන් *ඇති ප්‍රයෝජන
*සුවද විලවුන් නිෂ්පාදනයට
*තින්ත වර්ග
*කෘමිනාශක
*බාමි වර්ග
*සබන්
අයිස්ක්‍රීමි හා වෙනත් පැණිරස කෑම ආදිය නිපදවීම සදහා

රසගුණ පිරි පලතුරැ කිහිපයක්

ජමිබෝල

විද්‍යාත්මක නම- Citrus   Maxima
ඉංග්‍රීසි නම- Pummelo

පැගිරි කුලයට අයත් පලතුරකි.පැගිරි කුලයේ අනෙක් පලතුරැ වලට වඩා තරමක් විශාල ගෙඩි හට ගනී.මයි සිට අගෝස්තු දක්වා කාලය තුල ඵල හට ගනී.ජමිබෝල ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීම පහසු වේ.මළබද්ධය සමනය වේ.සමේ රෝග, හෘද නාළ ආශ්‍රිත රෝග,ඇදුම,දත්හා අස්ථි ආබාධවලටද ඖෂධයකි.

මැංගුස්

විද්‍යාත්මක නාමය – Garcinia Mangostana
ඉංග්‍රීසි නම – Mangosteen

ගෙවතු වගාවක් ලෙස ප්‍රවලිතව පවතින පලතුරකි.මැංගුස් සදහා විදේශ රටවලින්ද ඉතා හොද ඉල්ලුමක්ද පවතී.ඉදුණු විට පිටත දමි පැහැයක් ගනී.ඇතුලත සුදුපාට ඉතා රසවත් මද පිරී ඇත.
කළුතර ,කොළඹ ,ගමිපහ ,ගාල්ල ,කෑගල්ල ,මහනුවර සහ මාතලේ යන ප්‍රදේශ වල බහුලව වගා කෙරේ.මැංගුස් ගෙඩි ඵල දරන්නේ මැයි ,සැප්තැමිබර් යන මාසවලදීය.

නෙල්ලි

විද්‍යාත්මක නාමය – Phyllanthus Emblica
ඉංග්‍රීසි නම – Anola

ඖෂධීය වටිනාකමින් ඉහළ පලතුරකි.පැහුණු නෙල්ලි ගෙඩි හෝ නෙල්ලි යුෂ ආකාරයෙන් ආහාරයට ගත හැකිය.සමේ රෝග සදහා යෝග්‍ය වේ.හෘදනාළ, පිත ආශ්‍රිත රෝග සදහා සුදුසුය.තෙත් හා වියලි කලාපය තුල දක්නට ලැ‍බෙයි.

සීනි අනෝදා

විද්‍යාත්මක නාමය – Anona Squamosa
ඉංග්‍රීසි නම – Sugar Apple

අනෝදා පවුලට අයත් පලතුරකි.පලතුරක් හා රසවත් බීමක් ලෙසත් ආහාරයට ගත හැකිය.සාරවත් වගාවක් ලෙස ව්‍යාප්තව නැති අතරතෙත් හා අතරමැදි කලාප ආශ්‍රිතව දක්නට ලැබේ.අමු සීනි අනෝදා ගෙඩි ඖෂධීය වටිනාකමක් දක්වයි.ශරීරයේ ලේ විෂවීමි නිසා ඇතිවන තුවාල හෝ ගෙඩි ආදිය සමනය කිරීමටත් පාචනය රෝගයටත් ගුණදායක පලතුරකි.

අන්නාසි

අන්නාසි අප රටේ ජනප්‍රිය පලතුරකි. එමෙන්ම එහි වාණිජ වටිනාකම ද ඉහළ මට්‌ටමක පවතී. බ්‍රොඩිලියේසි කුලයට අයත් අන්නාසිවල උද්භිද නාමය වනුයේ අනානාස්‌ කොමොසස්‌ (Ananas Comosis) වේ. අන්නාසි සඳහා දේශීය වෙළෙඳපොළේත් විදේශ වෙළෙඳපොළේත් පවතින ඉල්ලුම නිසා බොහෝ දෙනෙක්‌ වගා කිරීමට කැමැත්තක්‌ දක්‌වති. දීර්ඝකාලීනව මේ බෝගය ඉඩම්වල වගා කිරීම හේතුකොටගෙන නිසරු වන පස නිතර පරීක්‌ෂා කළ යුතු ය. එවිට ඒකාකාර වගා ක්‌ෂේත්‍ර පවත්වාගත හැකි ය. මේ අනුව ආර්ථික ලාභයක්‌ උපදවා ගැනීම ඉහළ මට්‌ටමක පවත්වා ගැනීමට ශාකයේ වර්ධනයටත් අස්‌වැන්නේ ගුණාත්මය සඳහාත් අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය ලබා දිය යුතු ය. අන්නාසි ඉතාමත්ම ගුණාත්මක පෝෂ්‍යදායි ආහාරයකි.

අපේ ජාතික වීරයෝ

පෘතුගීසින්, ලන්දේසින් හා ඉංගී‍්‍රසින් වරින්වර අපේ ශී‍්‍ර ලංකාව යටත් රටක් බවට පත්කර ගත් නිසා නිදහස යන්න අතීත අපට සිහිනයක්ම විය. අපේ සිංහලයන් යටත් වහලුන් බවට පත් කරමින් ඔවුහු අප රට සම්පත් සහ රට සූරාකන්නට වූහ. විදේශකයන් ගේ මෙම දරුණු අසාධාරණ වධ හිංසා ඉවසන්නට අකමැති වූ අපේ නිර්භීත ලාංකිකයෝ වරින්වර කැරලි ගසන්නට වූහ. ටිබෙට් ජාතිකයකු වුවද එස්. මහින්ද හිමි මෙම රට නිදහස් අරගලයට කවියෙන් දුන් සටන ඉතා විශිෂ්ටය. කුඩාපොල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ වාරියපොල ශී‍්‍ර සුමංගල හිමි නිර්භීත සටන්කාමී හිමිවරු වූහ. ඉංගී‍්‍රසින්ට විරුද්ධව කැරලි ගැසූ අය අතරින් කිවුලේ ගෙදර මොහොට්ටාල, කැප්පෙටිපොළ මහ දිසාව, වීර පුරන් අප්පු හා ගොංගාලේ ගොඩ බණ්ඩා යන විරුවෝ ප‍්‍රධාන තැනක් ගති. ද්‍රවිඩ ජාතික අරුණාචලම් පොන්නම්බලම් මහතා ද නිදහස් සටනට එක්වූ ප‍්‍රබල වීරවරයෙකි. සිංහල ජාතිය සහ බෞද්ධ ආගම නඟා සිටුවීමට අනගාරික ධර්මපාල තුමාගෙන් ලද පිටුවහල අතිමහත්ය. ඇතැමුන් කවියෙන් ද තවත් අය ආයුධවලින් මෙන්ම තැනට සුදුසු නුවණින් ද ගෙන ගිය මෙම සටනේ ප‍්‍රතිඵලය ලෙස 1948 පෙබරවාරි 04 වැනිදා අප රටට උතුම් නිදහස ලැබිණි.

සොබා දහම

හිරැ පිබිදී මල් විකසිත වි
සොබාදහමි මව
සැරසී
සදාරිතව සිහිල්සෙවණ
දෙනතුරැ ගොමු
නීල වර්ණ සේලයක් මෙනි
මහ සයුර
විදු මන පුබුදුවා
විෂ වායු වාතලය
මත සයුරැ දුෂ්‍ය වී
තුරැ ලතා ඇද වැටී
පවිටු මිතුරෙකු වෙයි
විද්‍යාව
සොබාදහමි මෑණියනි
මේ වියවුලට
වගකියන්නේ කවුරැන්ද