යහපත් මිතුදම් ජීව්තය සාර්ථක කර ගැනීමට මං පෙත් සාදයි……….

එදිනෙදා ජීවිතයේදී විවිධ පුද්ගලයින් අපට මුණගැහෙනවා. ඔයාලාටත් විවිධ අදහස් , සිතුමිපැතුමි තියෙන පුද්ගලයින් මුණගැහිලා ඇති.ඒ වගේම අනාගතයේදීත් හමුවෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලාටත් විවිධ අදහස් , සිතුමිපැතුමි තියෙන යාළුවන් ඉන්නවා ඇති.සමහර විට ළමා කාලයේ ඇතිකර ගන්නා සමහර යාළු මිත්‍රකමි ජීවිතය පුරාවටම පවතිනවා. දිගුකලක්  යහළුකමි පවතින්නේ තමන්ගේ යහළුවා   කල්්‍යාන මිත්‍රයකු  නමි පමණි.

නමුත් සමහර අයගේ යහළුවන් මත්‍රයන් නිසා තම ජීවිතය පවා විනාශ කරගන්න අවස්ථාවන් අද සමාජයේ දකින්නට ලැබෙනවා.අපි ඇසුරැ කළ යුත්තේ කවුද? ඇසුරැ නොකළ යුත්තේ කවුද? යන්න හොද අවබෝධයක් අප තුළ තියෙන්න ඕන.එසේම අප ඇසුරැ කළ යුත්තේ අපේ වයසට ගැලපෙන හැම අතින්ම යහපත් හොද මිතුරන්.එහෙම නේද?ඒ වගේම හොද මිතුරන් වගේම හොද වෙසින් සිටින නරක මිතුරන් ද සිටිනවා.අපි අයහපත් මිතුරන්ගෙන් ඈත් වෙලා ඉන්න උපරිම උත්සාහ ගන්න ඕන. ඒ වගේ වැරදි වැඩ කරන මිතුරන් හරිමගට යවන්න අපිට උදවි කරන්න පුළුවන්.
ඒ වගේම තමයි මට නමි මගේ යාළුවා  මාත් එක්ක තරහ වුණාම මට හරිම දුකයි. ඔයාලටත් ඔයාලාගේ යාළුවා තරහ උනොත් මට වගේම දුක හිතෙනවද?.මට නමි එහෙමයි. ඔයාලාට කොහොම කොහොම හිතෙනවද මන්දා.යාළුවෝ හැමදාම එක විධියට වෙනස්  නොවි ඉන්නවනමි කොචිචර හොදයිද? එතකොට අපේ ජීවතයේ ඇතිවන ගැටලු  ගොඩාක් දුරට විසදගන්න පහසු වෙනවා.
යාළුවෝ ගැන කොචිචර නමි ලියන්න පුළුවන්ද  ඒත් කාලය  ගෙවිල යනවනේ දන්නේම නැතුව. මම මේ ලිපිය අවසානයේ දීත් කියන්නේ කළ්‍යාන මත්‍රයින් ඇසුරැ කරන්න කියලා.

පුරාණ ගැමි දිවියේ සුන්දරත්වය.

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ආර්ථික රටාවකට හිමිකම් කී වැව්බැදි සංස්කෘතියෙන් පෝෂණය වූ රටකි. අතීතයේ පැවතියේ ගම මූලික කොට ගත් සමාජ රටාවකි. බොහෝ විට ගම් මුලාදෑනියාගේ යටතේ පාලනය වූ ගමට ගුරු හරුකම් ලැබුනේ ගමේ පන්සලෙනි. ජනතාව බහුල නොවූ ගම් හුදෙකලාව පිහිටා තිබූ අතර ඒවායේ මාර්ග පහසුකම් සුලභ නොවීය.ඒ හේතුවෙන් ගම්මුන්ට අවශ්‍ය දෑ ගමේම නිෂ්පාදනය කර ගත්තේය. විශේෂයෙන් උඩරට ප්‍රදේශය කදුහෙල් සහිත බිමක් වූ නිසා මාර්ග සකසා ගැනීම පහසු නොවිණි.ගම්වල වැසියෝ තමන්ට අවශ්‍ය කරන ධාන්‍ය වර්ග, අල, බතල හා එළවලු, පළතුරු සියල්ලම තමන්ගේ හේන් කුඹුරු වල වගා කර ගත්තේය. ඒ වගා කටයුතු වලට අවශ්‍ය පොහොර ආදිය තමන්ගේ ගොවිපළෙන්ම සකසා ගැනීමට ද උනන්දු විය.

අතීතයේ ගමේ සෑම ගෙදරකම එළදෙනුන් දෙතුන් දෙනෙක් සමන්විත ගව රැළක් හා කිකිළියන් හතර පස් දෙනකු ගෙන් යුතු කුකුළු රංචුවක් ද සිටීම සුලභ දසුනක් විය. තම ගොවි තැනට අවශ්‍ය පොහොර ද දරුවන්ගේ හා අනෙක් අයගේ පෝෂණයට අවශ්‍ය කිරි, බිත්තර ආදිය ද එයින් ලබා ගැනීමට ඔවුන්ට ඉන් හැකිවිය. ගවයින් තණබිමට දක්කා ගෙන යාමට වෙනත් මෙහෙකරුවන් නොසිටි අතර ගොවිතැනට යන ගෙහිමියා විසින්ම ඕවිටට දක්කනු ලබන අතර හවස් වරුවේ හේනට හෝ කුඹුරට යන ගෙවිලිය හෝ වැඩිහිටි දරුවන් නැවත හරකුන් ගාලට දක්කා ගෙන එයි. මේ එන අතර තුරදී පුරුද්දට මෙන් ගෙවිලිය ඕවිටෙන් පල නෙළා‍ ගෙන දරෙ මිටියක් ද බැඳ ගෙන හිසමත තබා ගෙන එයි. මේ අයුරින් අතීත ගම් වැසියන් තම ජීවිකාව සැහැල්ලුවෙන් ගෙන ගියේය. අල, බතල, ධාන්‍ය වර්ග පලාවර්ග සහිත වු ආහාර වේළ ඔවුන්ට සුපුරුදු දෙයකි. මේ නිසා අද කාලයේ මෙන් සමබර ආහාර වේලක ප්‍රශ්නයක් අමුතුවෙන් ඇති නොවිණි. එමෙන්ම කිසිදු කෘෂි නාශක වර්ගයක් භාවිත කිරීමට ද අවශ්‍ය නොවීය.තම ගොවිතැන් විවිධ උවදුරු වලින් බේරා ගැනීමට කෙම් ක්‍රම සහ වෙනත් කොහොඹ වැනි ස්වභාවික දෑ පාවිච්චි කරන ලදී. එමනිසා ආහාර වල අද මෙන් විෂ සහිත බවක් ‍නොමැති විය. පෝෂණය අතින් ද ඉතා උසස් මේ ආහාර ප්‍රියමනාප වූ අතර හැම දෙනාගේම වර්ධනයට එය රුකුලක් විය.

ශ්‍රී ලංකාවේ වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතිවල ජෛව විවිධත්වය

ලංකාවේ ජෛව විවිධත්වය උපරිම වශයෙන් දක්නට ලැබෙන එක් ස්ථානයක් ලෙස වනාන්තර හැඳින්විය හැකිය.තෙත් කලාපීය වැසි වනාන්තර විශ්මයජනක ලෙස ජෛව විවිධත්වයෙන් පොහොසත්ය. මේවායේ ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ඇත.එනම්, ආවේණික ශාක විශේෂ වලින් 90% ක් ද, ආවේණික සතුන්ගෙන් 75% ක් ද,මෙම වනාන්තරවල දැකිය හැකිය.ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන හොර ශාක විශේෂය ලංකාවේ පහතරට තෙත් කලාපයේ හා කඳුකර වනාන්තරවල බහුලව දැකිය හැකි ආවේණික ශාක විශේෂයකි.එමෙන්ම ඒ ඒ ප්‍රදේශවලට පමණක් ආවේණික ශාක විශේෂ ද ඇත.ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන ‘මෙන්ඩෝරා’ නකල්ස් වනාන්තරයේ කුඩා පෙදෙසකට පමණක් සීමා වෙයි. ආවේණික කටුසු විශේෂයක් වන ‘කුරු බෝදිලියා’ හෙවත් ඳුකර කටුස්සා හමුවන්නේ මීටර් 1300ට වඩා උස් කඳුකර වනාන්තර වලිනි.මෙන්ම ‘පෙති අග කටුස්සා’ නැමති සතුන් හමුවන්නේ මීටර් 800ට වඩා උස නකල්ස් කඳුකරයෙන් පමණි.නමුත් වර්තමානය වන විට මිනිසාගේ අනිසි ක්‍රියාකලාපය නිසා වනාන්තර පද්ධති විනාශ වෙමින් පවතී.

ජෛව විවිධත්වය

ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්,ශාක හා සතුන්ගේ විවිධත්වයයි.එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වඩාත් පැහැදිලි එකකි.එනම්, ජෛව විවිධත්වය යනු ‘භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි’. තව ද, ‘ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ’.

තවත් ලෙසකින් කිවහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි.නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය,පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙසයි

ශ්‍රී ලංකාවේ තේ වගාව

ලෝකයේ විශාල වශයෙන් තේ නිපදවන්නන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාව තේ පානය කිරීම සම්බන්ධයෙන්ද අනෙකුත් රටවල් අභිබවා සිටියි. බොහොමයක් ශ්‍රී ලාංකිකයන් දිනකට අවම වශයෙන් උණු තේ කෝප්ප තුනකවත් රස බැලීමට අමතක නොකරති. ශ්‍රී ලංකාව ලෝකයේ උසස්ම තත්වයේ තේ නිපදවන රටවල් අතරින් එකක් වීම විශෙෂත්වයකි. එක්සත් රාජධානියේ රාජකීය පවුල පවා ස්වකීය පානයන් අතරට ලාංකීය තේ සඳහා ද මුල් තැනක් ලබා දීම තුලින් ලාංකීය තේ සඳහා ලෝකයේ ඇති ඉල්ලුම මොනවට පසක් වේ. නිවසට අමුත්තෙකු පමිණි අවස්ථාවකදී, උත්සව අවස්ථාවලදී මෙන්ම උදෑසන ආහාරයක් ලෙසද තේ පිලිගැන්වීමට හැක.

නව වසර වාසනා

ලා දළු මල් වඩාගෙන
තුරැලතා හිනැහුණා……
ඇසේ ගස් අතරින්
මිහිරි කුරැළු ගායනා
සාමයේ පරවියන්
නිදහසේ පියඹනා…..
නව වසරේ සතුට සැනසුම
රැගෙන එලැබුනා
රැදුරැ ගිනි අවි
සතුරැ අත් මගින්
ගිලිහුණා……
උන් තුටින් සාමයේ
මාවතට පිවිසුනා
ඇසේ සතරතින්
ජය මගුල් ගී ගායනා
මවිබිමේ සැමට වාසනා…….

අධ්‍යාපනයේ ඇති වැදගත්කම

අධ්‍යාපනයේ පරමාර්ථය වනුයේ රටට ගමට සමාජයට උගත් යහපත් පුද්ගලයකු බිහි කිරීමයි.පාසල් යන ශිෂ්‍යන් වශයෙයන අපද ‍යහපත් පුරවැසියන් වී රටට ගමට සේවයක් කළ යුත්තේ හොඳ පුරවැසියන් වී රටට ගමට සෙවයක් කිරීමට කල යුත්තේ හොඳ අධ්‍යාපනයක් ලැබීමයි.මවගේ කුස තුල සිටම ඉගෙගනීම ආරමිභ කළ අපට මිය යන තෙක් ඉගෙගනීමට බොහෝ දේ ඇත.දෙගුරැන් විසින් අපට දෙනු ලබන නොමද ධනය නමි අධ්‍යාපනයයි.ඔවුන්ගේ එකම බලපොරොත්තුව ණැනවත්,ගුණවත් සමාජයට වැඩැති යහපත් පුරවැසින් බිහි කිරීමයි.දෙමාපියන්ගේ එඒම අධිෂ්ඨානය අපි එලෙසින් ඉටුකර දීමට නමි නිසි අධ්‍යාපනයක් හදාරා ගුරැවරැ වැඩිහිටි අයගේ ගෞරවාදරය ලබා අනාගත පරපුරටත් අධ්‍යාපනයේ අගය පෙන්වා දී ඔවුනුත් යහමගට යොමු කිරීමට දිරි ගනිමු…

තිලොවග සමිද

උදය පිපි මල සවස මැලවී
උපත මරණය ,
එකට ඇති බව
……..
ලොවට පෙන්වා
සත්‍ය දුටුවෙ

බුදු සමිද ඔබ පැවසූ ලෙසමය…….

සුනිල කදුරැලි  අතර ඉපදී

ගැලූ නදියද
වියලි සමයක………
සිදියාමෙන් ඔබෙ වදනක
අරැත දුටුවෙමි
සමිද නිසි අයුරින්……….

සසරෙහි බියකරැ වළා අතරින්
එළිය ඇත්තේ
ඔබ පෙන්වූ
මගෙහි පමණකි…….
එවන් ආලෝකයෙන්

අපේ සිත්එළිය කළ
ඔබෙ පායුග බැති සිතින් නමදිමි……..