ජීවිතය ජයගන්න ක්‍රම 06ක්..

පැමිණෙන අභියෝගවලට මුහුණ දෙන්නට ශක්තිමත් මනසක් අත්‍යවශ්‍ය ය. සාර්ථක ජීවිතයක් උදාකර ගැනීමට උත්සාහ දරන පුද්ගලයකුට, මනසේ සිතුවිලිවල ස්වභාවය බෙහෙවින් ම වැදගත් ය. ශක්තිමත් මනසක් පවත්වාගෙන යමින් , ජීවිතය ජය ගැනීමට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ , විද්‍යාත්මකව සනාථ කරන ලද කරුණු හයකි මේ.

1. ඒකායන අරමුණකින් කටයුතු කිරීම

දැනුම යනු පුද්ගලයකුගේ ශක්තියයි. තමා පෙර සිටි ආකාරය සහ තමා අද ජීවත්වන ආකාරය පිළිබඳ වඩාත් සාධනීයව සිතා බලා, එම කාල පරාසය තුළදී තමාගෙන් සිදුවූ අඩුපාඩුකම් විසඳා ගැනීමටත්, ඒ ආකාරයට ක්‍රියා කරමින් සමාජයට වැඩදායි පුද්ගලයකු ජීවත් වීමටත් උත්සාහ දරන්නේ නම්, ජීවිතය ජය ගැනීමට පුළුවන. ඒ සඳහා තමාගේ උනන්දුව අත්‍යවශ්‍ය ය. උත්සාහය සහ ධෛර්ය මනසේ තැන්පත් කර ගනිමින්, අ‍නෙකාගේ අදහස්වලට ගරු කරමින් ජීවත් වනවානම්, ජීවිතය සාර්ථකව ගත කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ. එපමණක් නොව, තමා යනු කවරෙක් ද යන්න පිළිබඳ තමන් තුළ පවතින අවබෝධය මෙ‍හිදී වඩාත් වැදගත් ය. එසේ ම, දවසින් දවස එක්වන අත්දැකීම් මඟින් ජීවිතයට යමක් එක්කර ගැනීම ද වඩාත් ම සුදුසු ය.

2. තමා පිළිබඳ අවතක්සේරුවෙන් නොසිතීම

තමා කවරෙක්ද? තමාට අවශ්‍ය දෑ මොනවාද? යන්න පිළිබඳ සිතේ රූපයක් මවා තබා ගැනීම ඉතාමත් ම වැදගත් ය. තමා පිළිබඳ අවතක්සේරුවෙන් නොසිතා, තමන්ගේ සහජ හැකියා මඟින් තමන්ට කළ හැකි වැඩ කටයුතු ප්‍රමාණය පිළිබඳ තීරණයක් ගැනීමට තමන්ට හැකියාවක් තිබිය යුතු ය. යම් ගැටලුවක් පැමිණිවිට විචාරශීලීව බලා , එයට විසැඳුම් සොයන්නට උනන්දු විය යුතු අතර, සාධාරණ තීරණ ගැනීමට තමාට පුළුල් අවබෝධයක් තිබිය යුතු ය. තමාට අවැසි දේ පිළිබඳ ගවේෂණය කරමින්, නිවැරැදි දේ කිරීමට සැම විටම වගබලා ගත යුතු ය.

3. අනුවේදනීයත්වය, ස්වයං ආදරය හා ආරක්ෂාව

තමන් තමාටම ආදරය විය යුතු අතර, තමා පිළිබඳ සංවේදීත්වයක් ඇතිකර ගත යුතු ය. එසේ නොමැතිකම හේතුවෙන් සියදිවි හානිකර ගැනීම් වැනි තත්ත්ව ඇතිවිය හැකි ය. ප්‍රථමයෙන්ම පුද්ගලයෙක් තමාට ආදරය දැක්විය යුතු අතර, පසුව සමාජයට ද ආදරය, රැකවරණය සහ සංවේදීත්වය දැක්විය යුතු ය. තමා පිළිබඳ ඇතිකර ගන්නා අවබෝධය තුළින් අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් පුද්ගලයකු විය යුතු ය. තමන්ට පැමිණෙන අභියෝග, ප්‍රශ්න ඉතාමත් ඉවසීමකින් යුක්තව විසඳා ගැනීමට හැකි වන්නේ, තම මනස ආදරයෙන් සහ සංවේදීත්වයෙන් පරිපූර්ණ වූ විට ය. නූතනයේ පවතින ඝාතන, මිනීමැරුම් ආදී අපරාධවලට මිනිසුන් පෙලඹෙන්නේ, තම දිවියේ වටිනාකම පිළිබඳ අවබෝධයක් නොමැති නිසාවෙ ය.

4. තමා තමාටම විශ්වාසවන්ත වීම

මේ සාධකය ද, තමාගේ මනසෙහි ශක්තිමත් භාවය රඳා පවත්වා ගැනීමටත්, පෞරුෂය වර්ධනය කර ගැනීමට හා ආත්ම ශක්තිය දියුණු කර ගැනීමට උපකාරී වේ. තමන්ට ලැබෙන අභියෝගවලට සාර්ථකව මුහුණදීම, තමන්ගේ අරමුණු , ඉලක්ක කරා පහසුවෙන් ගමන් කිරීමට ද ස්වයං විශ්වාසවන්ත භාවය වඩාත් වැදගත් ය. සමාජය තුළ ජීවත් වීමේදී ද එකිනෙකා සමඟ සහජීවනයෙන් ජීවත් වන්නට විශ්වාසවන්තභාවය අතිශයින් ම වැදගත් වන අතර, එමඟින් තම මිත්‍රයන් ප්‍රමාණය වැඩිකර ගැනීමට ද හැකියාව ලැබේ. තමන් තමන්ට විශ්වාසවන්ත වනවිට දී සමාජය ද තමන් විශ්වාස කරයි. ඒ හේතුවෙන් තමාට අවංකවම ස්වයං ආඩම්බරයක් උරුම කර ගැනීමට පුළුවන. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, තමා කවරෙක් ද යන්න පිළිබඳවිශ්වාසවන්තභාවය සිත තුළ රඳවා ගැනීම ය.

5. ජීවත් වීමේ අවශ්‍යතාව අවබෝධ කර ගැනීම

මනා පෞරුෂයකින් ජීවත් වන පුද්ගලයාට , තමා මේ ජීවත් වන්නේ කිනම් අරමුණු වෙනුවෙන්ද යන්න පිළිබඳ දැඩි අවධානය යොමු කළ හැකි ය. එවිට එම පුද්ගලයාට ඉතාමත් ම පහසුවෙන් පවුල් ජීවිතය ගොඩනගා ගැනීමට හැකියාව ලැබේ. එසේ ම, අනාගත අරමුණු සාර්ථකව ඉටුකර ගැනීමට මේ සාධකය බෙහෙවින් ම බලපායි. තමන් පරිභෝජනය කරනා මුදල් ප්‍රමාණය අරපිරිමැස්මෙන් භාවිතයට ගන්නේ කෙසේ ද? තමන්ට වියදම් කිරීමට හැකි ප්‍රමාණය කොපමණ ද? යන්න පිළිබඳ මනසෙහි අවබෝධයක් තිබිය යුතු ය. තමන් කැමති දේ නොව, තමන්ට අවශ්‍ය දේ පිළිබඳ අවධානය යොමු කරනවා නම් , ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන.

6. මානසිකව ශක්තිමත් වීම

පුද්ගලයකු මනස ශක්තිමත් කර ගැනීමට ක්‍රියා කරනවා නම්, අනිවාර්යයෙන්ම එම පුද්ගලයා මානසික වශයෙන් සුවතාවක් ලබයි.එමඟින් ජීවිතයේ අභියෝග ඉතාමත් ම සංයමයෙන් යුතුව ජය ගැනීමට පුළුවන. දවසින් දවස අපගේ සිත තුළ ධනාත්මක සිතිවිලි වඩවා ගන්නේ නම්, එබඳු ආකල්ප, අභිප්‍රායයන් වර්ධනය කර ගන්නේ නම් , ජීවිතය දිනෙන් දින ම ශක්තිමත් කර ගැනීමට හැකි ය. පෙර කළ වැරැදි, අඩුපාඩු නිවැරැදි කර ගනිමින්, යළිත් එම වැරැද්ද නොකර සිටීමට මනස ශක්තිමත් කර ගන්නවා නම්, ජීවිතය ජයගත හැකි ය. ශක්තිමත් මනසක් ඇති පුද්ගලයා ජීවිතයට පැමිණෙන ප්‍රශ්න මඟහැර දමා නොයයි. මානසික ශක්තිය දිනෙන් දින වැඩි දියුණු කර ගැනීම, වඩාත් සාර්ථක ජීවිතයකට මඟ පාදයි.

කරැණාබර, අහිංසක ජයග්‍රහණය..(පුංචි කතාවක්)

එක් කරුණාබර යුවතියක් එක්තරා කාලයක සිය පියා සහ කුඩම්මා සමඟ දිවි ගෙව්වා ය. මේ නපුරු කුඩම්මාටත් දියණියක සිටියා ය. කුඩම්මා ඇගේ දියණියට මිස පුරුෂයා ගේ දියණියට නම් කාරුණික වූයේ නැත. කුඩම්මා ගේ දියණිය වනාහි ඇගේ පෙර විවාහයේ දරුවා ය.

මේ නිවසේ ගැටුම් බහුල විය. දිනක් කුඩම්මා සිය පුරුෂයා අමතා මෙසේ කීවා ය: “නුඹේ දූ කොහොමටවත් හදන්නට බැරි එකියක්. ඈ වනාන්තරයේ බිම්ගෙට ඇරලවපං. එහිදී ඈ හොඳින් හැදේවි”

පුරුෂයාට කළ හැකි අන් දෙයක් නො වී. ඔහු ඈ ඒ බිම්ගෙ හි රඳවා කාරුණික අවවාදයක් ද දී පිට ව ගියේ ය: “දුවේ, නුඹට ගින්දර තිබෙනවා. කැඳ උයාපං. කිසිවක් නිකරුණේ නාස්ති කරන්නට එපා. කාලයත් ඒ වගේමයි”

ඈ කැඳක් පිසුවා ය. රාති‍්‍රය එළැඹිණි. එක්වර ම කුඩා මී පැංචෙක් ඈ වෙත ආවේ ය: “කෙලි පැංචියේ බොහොම බඩගිනියි. කැඳ හැන්දක් ඇත්නම් හොඳයි”

”හැන්දක් විතරක් මොකටද? ඇති වෙන්න ම කමු.” දියණි මී පැංචා සමඟ ඉක්මනින් මිතුරු වූවා ය.

මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. විසල් වළහෙක් ගොරවාගෙන බිම්ගෙට ඇතුළු විය.

දියණි බියෙන් වෙව්ලා ගියා ය. “බය වෙන්න එපා පුංචි කෙල්ලේ අපි ඒකා සෙල්ලමට ගනිමු. නුඹ පෝරණුව යට හැංගියන්. මං සීනුව හඬවා ඌ රවටන්නම්.”

මී පැංචා ගේ උපක‍්‍රමය සාර්ථක විය. වළහාට පරාජය පිළිගැනීමට සිදුවිය: “කෙල්ලේ නුඹ හපනියක්. මං පැරදුණා. හෙට උදේට රන් කාසි ගැලක් එවන්නම්.”

පසුදා දියණි ගැන සොයා බලන්නට පියා ආවේ ය. රන් කාසි ද ගෙන ඔවුහු යළි නිවෙස වෙත ගියෝ ය.

කාසි දකින කුඩම්මා ඊර්ෂ්‍යාවෙන් දැවේ.

”ඇයි නුඹේ දුව විතරක්? මගේ දු වත් බිම්ගෙට ගෙනියාපං” ඈ කීවා ය.

කුඩම්මා ගේ දියණි ගේ වාරය ආවේ ය. ඈ ද බිම්ගෙට වැදී කැඳක් පිසුවා ය. රාති‍්‍රය එළැඹිණි. මී පැංචා ද ආවේ ය. එහෙත් මී පැංචා ගේ ආයාචනය මේ දියණි ඉවසුවේ නැත.

”නුඹ ජරා මීයා. වහා ම මේ ගෙයින් පිටවෙයං”

මී පැංචා යන්නට ගියේ ය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. පෙරදා මෙන් ම වළහා පැමිණ ගොරවන්නට විය. කළ යුත්තේ කුමක් දැයි මේ දියණි නො දනී.

ඈ වළහා ගේ ගොදුරක් බවට පත්වූවා ය.

නියම කතාවක්……කියවලාම බලන්නකෝ………

ඔන්න ඉතින් දවසක් හොදටෝම වැස්සා.ඉතින් ඔන්න කටිටියක් බස් එක එනකම් බස් හෝල්ට් එකට වෙලා හිට්යා. ඉතින් වහින නිසා පයින් යන්නත් බෑනේ.ට්ක වෙලාවක් යනකොට ගෑණු ළමයෙක් මෙතනට ආවා කුඩයකුත් ඉහලගෙන.මේ බස් හෝල්ට් එකේ හිට්යේ සාමාන්‍ය මිනිස්සු ටිකක්.ඉතින් මේ ගෑණු ළමයාට හෑන්ඩ් ෆෝන් එකක් තිබුණා.ඊට පස්සේ මෙයා එයාට හෑන්ඩ් ෆොන් එකට කොල් එකක් ආවා. ඒ එයාගේ යාළුවගෙන් .ෆෝන්  එක කනේ තියාගත්තා. කොහොමත් ඉතින් මෙයා හරි ආඩම්බර ගෑණු ළමයෙක්. අනික තමයි ඒ වෙලාවේ බස් හොල්ට් එකේ කට්ට්යත් හිට්යනේ. එයාගේ ආඩම්බරකම තවත් වැඩි වුණා.
ඊට පස්සේ උන දේ ඔයාලා දන්නවද. ම්නිස්සු  ටික බස් එක ආවම එකේ නැගලා ගියා .ඉතින් මේ ගෑණු ළමයාගේ කනේ තාම  ෆෝන් එක  එයාට සිහියක්  නෑ. ඊට පස්සේ මොකද දන්නවද උනේ.වර්ෂාව නිසා කැලේ හිටපු නයෙක් මෙතනට ආවා.නයා ආපු වග මේ ගෑණු ළමයා දන්නේ නෑනේ.ඉතින් ඊට පස්සේ නයාට හිතලක් හැදුනා. ඊට පස්සේ නයා උණුසුම් තැනක් හෙව්වා.නයා මේ ගෑණු ළමයාගේ  ඇගේ  එතුනා.‍ගෑණු ළමයා  ‍ෆෝන් එකෙන් කතා කර  කර හිටිය මිස නයාඇගේ එතුනු බව දැනුනේවත් නෑ.ඊට පස්සේ ගෑණු ළමයා ෆෝන් එකෙන් කතාකරලා  ඉවර වුණා. ඊට පස්සේ පස්සේ තමයි මෙයා දැක්කේ නයෙක් එයාගේ ඇගේ එතිලා ඉන්න බව.එකපාරටම ගෑණු ළමයා බුදු  අම්මෝ කියලා හයියෙන් කෑ ගැහුවා.ඊට පස්සේ දන්නවද මොක උනේ කියලා නයා කලබල වෙලා මේ ගෑණු ළමයාට දෂ්ට කළා. නයෙක් දෂ්ට කළාම ඉතින් කියන්න දෙයක් නෑනේ.ඒ ගෑණු ළමයා බස් හෝල්ට් එකේම පරලොවප්‍රාප්ත වූණා.
ඒක තමයි කියන්නේ හැම වෙලාවේම විමසිල්ලෙන් ඉන්න කියලා.ඕනෑවට වඩා ආඩම්බරකම් පෙන්නන්න ගියාමත් ඔහොම තමයි වෙන්නේ…….

ජීවිතය………

පිනි බිදුවක් වැනි ජීවිතය
නැවතිය නොහැක කිසිවිට
ඉමක් කොනක් නැත…….
අවසානයක් නැත
පටන් ගත් විටම එහි අවසානය
සිදුවිය හැකිය…….
ජීවිතය ගෙවන විට
හමුවන දෑ බොහෝය
එහි හොද නරක ……
තේරැමි ගැනීමට අපහසුය
එවිට වරදින තැන් බොහෝය
ජීවිතයේ මුල්තැන
අධ්‍යාපනයටය…….
එවිට ජීවිතය විදිය හැක
නැතහොත් විදවන්නට සිදු වේ…….

සිනහව සහ සතුට………..

අපි කොචිචර  හිනා වෙනවද?අපි හිනාවෙන්නේ සතුටට, නැත්නමි වෙන කාගෙ හරි වැරද්දක් දැකලා. අපි හිනාවෙනකොට කොතරමි ලස්සනද?ඒත් සමහර මිනිසුන් නම් මුවග සිනහවක් කිසිදාකවත් නැති තරහ මුහුණින් ඉන්නවා අපි කොතරම් දැක තීනවද? සිනහව කියන්නේ ලස්සන දෙයක්.අපි  හිනාවෙන්න ඕන. ඒත් අපි හිනාවෙන්න ඕන සතුටකදී මිසක් කාට හරි වැරදුණු වෙලාවකදී හෝ කාගේ හරි අඩුපාඩුවක් දැක්ක විටදි ‍නොවන අතර එවැනි අවස්ථා වලදී  හිනාවෙන්නේ ඔවුන්ගේ ඇති මෝඩ ගතිය නිසාවෙනි.
අපි ‍කොචිචර සතුටු වෙනවද? ඒ වගේම අපිට අන් අයට යහපතක් වූ විටදී සතුටු වන්න පුළුවන් නමි ඒක උතුමි මනුෂ්‍ය ගුණයක්. අද සමහර මිනිසුන් සිහනව කියන දේ වෙනුවට මුවේ තිබෙන්නේ නපුරැකම නැත්නමි නැත්නමි තරහ ගතිය.අද  සමහරැන් බලාගෙන ඉන්නේ අනුන්ට හිනාවෙන්න අවස්ථාවක් ලැබෙනකන්. ඒ වගේම අප රටේ සමහර මිනිසුන්ගේ සතුට ‍නැතිකරන අය අප රටේ බොහෝමයක් සිට්නවා.ඒ ඔවුන්ගේ සතුට සහ සිනහව උදුරා ගැනීමක් නොවේද? ඇයි අපි අනුන්ගේ සතුට අදුරාගෙන සිනහ වෙන්නේ?එහෙම සිනහ වෙලා වැඩක් නෑ.
ඒ වගේම තව කියන්න දෙයක් තීයෙනවා.අද සමාජෙ සමහර මිනිස්සු අන් අයට සමච්චලේට හිනා වෙනවා.ඒ හිනාවෙන අය දන්නේ නෑ තමන් මොටද හිනාවෙන්නේ කියලා?  ඒ වගේම සිනහවෙන් අයෙකු සතුටු තරන්න වගේම බය කරන්නත් පුළුවන්.අපි කවුරැත් හිනාවෙලා ඉනන්වනම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද? ඔයාලා හිනාවෙකොට කාටද? මොකටද? හිනාවෙන්නේ කියලා දෙපාරක් හිතන්න. ඒ වගේම හිනාවෙන්න ඕන හිතේ ඇතිවන අවංක සතුටත් එක්ක මිසක් අන් අයව අපහාස කරමින්, කාට හරි වැරදුණු වෙලාවකදී හෝ කාගේ හරි අඩුපාඩුවක් දැක්ක විටදි නොවේ.
හැමදාම හිනාවෙන් ඉන්න එතකොට මුළු ලෝකෙම ලස්සන වේව්……………