Tag Archive | Mother ஸ்ரீ ලංකා

”කුරුලු දරුවා”

ක් මවකට හා පියකුට ඉතා දක්ෂ දරුවෙක් සිටියේ ය. ඔහු ගේ නම වසීලි ය. ඔහු කෙතරම් දක්ෂ ද යත් කුරුල්ලන් ගේ භාෂාව පවා දැන සිටියේ ය.

දිනක් මාපියන් සමඟ වසීලි අහර ගනිමින් සිටිනා’තර එක් කොවුලෙක් ඔවුන් වෙත පැමිණ මිහිරි හඩින් නද දෙන්නට විය. වසිලිට කුරුල්ලා පවසන දෙය වැටහිණි.

”පුතේ මේකා මොනවා කියනවාදැයි අපටත් කියාපං”

”එය කියන්නට බයයි”

”බය නොවී කියාපං” මාපියෝ ඔහු පෙලැඹවූහ.

”යම් දිනෙක පියා මට දිය සපයමින් ද මවු මා සාළුවකින් පිස දමමින් ද මා හට සේවය කිරීමට නියමිත බව කුරුල්ලා කියනවා.”

මෙබස ඇසූ සැණින් මාපියෝ වසීලි හා උරණ වූහ. ඔවුන්ට දැන් කෙසේ හෝ දරුවාගෙන් ගැලවෙන්නට වුවමනා ය. කුඩා ඔරුවක් තැනූ ඔවුහු දරුවා එහි දමා මුහුදේ පා කර හැරියෝ ය.

ඒ ඔරුව මුහුදුබත් නො වී ය. එය සුවසේ එක්තරා ගොඩබිමකට සේන්දු විය. වසීලි තුරුණු වියට එළැඹෙත්ම ඔහු ගේ දස්කම් ද තව තවත් දියුණු විය. ඔහු කුරුලු බස මැනැවින් ප‍්‍රගුණ කෙළේ ය.

ඔහු ගේ මේ හැකියාව රට පුරා පතළ විය.

එකල ඒ රටේ රජතුමා විසඳගත නොහැකි ගැටලුවකට මැදි ව සිටියේ ය. කුරුලු යුවළක් රාජ මන්දිරයේ තැනූ කූඩුවක ය. ඔවුනට පැටියකු ද සිටී. මා පිය කුරුල්ලෝ හැමවිට ම මහා හඩින් හඬ දෙති. එතැන නිරන්තර කලබැගෑනියකි. ඔවුන් මැදුරෙන් පිටතට ගත හැකි ද නො වේ.

මේ අතර වසීලි පිළිබඳ මේ රජතුමාට ද දත හැකි විය. අරුම පුදුම කුරුලු කරදරය විසඳීම රජතුමා වසීලිට භාර කෙළේ ය. “රජතුමනි මේ කුරුලු යුවළට දරුවා පිළිබඳ අයිතිය ගැන ගැටලුවක් ඇතිවෙලා. ඔබතුමා තීරණය දෙන්න. දරුවා කාටද?”

”පියාට”

මේ පිළිතුර සමඟ ම කුරුලු පැටවා පියා සමඟ පියාඹා ගියේ ය. මවු ඊට විරුද්ධ දිශාවට පියසැරූ විට කුරුලු කරදරය නිමා විය. අතිශය සතුටට පත් රජතුමා වසීලිට සිය රාජධානියෙන් අඩක් ද දී තම දූ කුමරිය ද සරණ පාවා දුනි.

වසීලි ඉතාමත් සතුටින් මාලිගයේ කල්ගත කරන අතර ඔහුට විදේශ සංචාරයන් හි දොලක් ඉපැදිණි. රජතුමා ඒ සඳහා සිය කළමනා සම්පූර්ණ කෙළේ ඉතා කැමැත්තෙනි.

එසේ නැව් නැගී සංචාරය කරන වසීලි එක්තරා රටක නගරයකට ගොඩ බට විට වියපත් පුරුෂයෙක් ඔහුට පැන් ගෙනැවිත් තැබුවේ රජතුමා ගේ විඩාව නිවනු පිණිස ය. ඒ හා සමඟ ම මහලු කතක් සාළුවකින් ඔහු පිස දැමුවා ය. වසීලිට එසේ සිය මාපියන් යළි මුණ ගැසිණි.

Advertisements

මැෂින්………..

දහදිය දුම් දමාගෙන
මැසිම අනයි කොන්කී‍්‍රට්
වටේ දහ පහළොවක්
නරඹති විමතියෙන් මෙන්
පෙන්වයි විසඳයි ලියයි
කොම්පියුටරය ලහිලහියේ
පුටුවලට බර දී
දනෝ නිදි කිරති සිත්සේ…….

පුංචි කතාවක්……

මෙය සිදුවූයේ ඉතා ඈත කාලයකදී ය. එක්තරා අඹුසැමි යුවළකට දරුවෝ නැත්තා හ. ඔවුහු කෙමෙන් මහලු වියට ද එළැඹුණා හ. මැහැල්ල හැමවිට ම කවුළුවෙන් පිටත බලමින් සුසුම් හෙළමින් සිටිනු දකින මහල්ලා ගේ සිත ද මහා දුකකින් පිරිණි. ඔවුනට සියල්ල තිබිණි. නොතිබුණේ සිතේ සතුට පමණි. ඒ දරුවකු නොමැති හෙයිනි.

මෙසේ හිම කාලය ද එළැඹිණි. එවිට මහල්ලා සිය බිරිය අමතා මෙසේ කීය;

”හැමදාම මෙහෙම ඉඳලා බෑ. යමු අපි මේ හිමෙන් දරුවකු තනමු. යමු.”

මැහැල්ල ගේ සිත සතුටින් පිරිණි. එය හොඳ යෝජනාවකි. ඔවුහු වහා හිම ගොඩැල්ල මැදට වැදී හිමෙන් දැරියක හිමෙන්  සෑදූහ. දැඩි ශීතය මැද හිම දැරිය සුදු නිල් පැහැයෙන් යුතු ව ගොඩ නැඟුණා ය. ඈ රච්කා යි.

පණ ලැබූ  රච්කා ද රැගෙන දෙමහල්ලෝ සිය නිවසට වන්හ. ඔවුහු ඉහවහා ගිය සතුටින් යුතු වූහ.

කලක් ගෙවිණි. ග්‍රීෂ්මය එළැඹිණි. හිම දියවිණි.

රච්කා දුකිනි. හේමන්ත මල් පිපී හාත්පස සුවඳ විහිදෙද්දී ඈ දුකින් ගෙතුළට වැදී සිටියා ය. හිරු එළිය ඈට හිරිහැරයකි.

යහළු යෙහෙළියෝ ඈ වෙත’විත් ඈ සෙල්ලමට කැඳවූහ. රච්කා අකැමැත්තෙන් මෙන් ඔවුන් සමඟ නික්මුණා ය.

යෙහෙළියෝ අසල කැලෑවට වන්හ. ඔවුහු වනමල් නෙළූ හ. මාලා ගෙතූහ. රච්කා අසල වූ කුඩා දිය කඳුර වෙත ගොසින් මහත්වූ ආශාවෙන් දිය බිඳු දෝතට ගෙන ඒවා හා සෙල්ලම් කළා ය.

මේ අතර ඇගේ මිතුරෝ ගිනිමැලයක් දැල්වූහ. එය සරුවට ඇවිලිණි. කුඩා කෙල්ලෝ ගිනිමැලය මතින් එහා මෙහා පනින්නට වූහ.

”රච්කා එන්න. එන්න. සෙල්ලම් කරමු” ඔවුන් ගේ ඇවිටිලි නිමා නොවූ තැන  රච්කා ගිනිමැලය වෙත ගියා ය. ඒ මතින් පැන්නා ය.

එවිට ඈ දිය වී කඩා හැලෙන්නට වූවා ය. ගිනිමැලය මත කුඩා වලාකුළක් සෑදිණි. එය අහසට ම එසැ වී ක්‍රමයෙන් නොපෙනී යන්නට විය.

රච්කා තවදුරටත් මෙලොව නොමැති විය.

දෙමහල්ලෝ හඬා වැළපී යමක් අවබෝධ කරගත්හ. එනම් ස්වභාවධර්මයා ට එරෙහිවීමට කිසිවකුට නොහැකි බව ය.

මුදල් වලට වඩා සහෝදරකම් කොච්චර වටිනවද…………

ඔන්න එක පවුලකට පුත්තු දෙන්නෙක් හිට්යා.ඉතින් මේ දෙන්නා ට්ක ට්ක ලොකු වෙලා පාසල් යන වයසට පත් වුණා.ඉතින් මේ දෙන්නා පාසල් ගිහින් ඉගෙන ගත්තා. ඒත් රැකියාවක් ලබාගන්න පුළුවන් තරමට නෙවෙයි. ඒ දෙන්නාගේ අම්මයි තාත්තයි මේ දෙන්නට උගන්වන්න ගොඩාක් මහන්සි වුණා.ඒත් ඵලක් වුණේනැ. මේ දෙන්නා ඉගෙන ගත්තෙත් ඒ තරම් උනන්දුවකින් නෙවේ.හරි කොහොම උනත් මේ දෙන්නට දැන් රස්සාවක් නැ.
ඉතින් ගෙදරිනුත්‍ මේ දෙන්නට බැනුම්ම තමයි අහන්න තියෙන්නේ ඇයි කිසිම වැඩක් කරන්නෙත් නැනේ. ඊට පස්සේ මේ දෙන්නත් බැනුම් අහලා බැරිම තැන රස්සාවක් හොයන්න පටන්න ගත්තා.ඒත් හොයා ගන්න බැරි වුණා.ඊට පස්සේ මේ දෙන්නගෙ අම්මයි තාත්තයි එකතු වෙලා මේ දෙන්නට රස්සාවක් හොයලා දුන්නා.මේ දෙන්නට ටිකක් Computer වැඩ පුළුවන්.මොකද එයාලයි ගෙදර පරිගණකයක් තිබුණා.කොමහරි ඉතින් මේ දෙන්නා කොම්පැණියක Typing වැඩ පටන් ගත්තා.එතකොට තමයි තේරැණේ මුදල් හොයන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා.අපි මේ මහන්සි වෙනවා වගේ අම්මලාත් අපිට උගන්වන් කොච්චර මහන්සි වෙන්න ඇත්ද  කියලා.මේ දෙන්නට හිතුනා.මාසයක් විතර යනකොට මේ දෙන්නට මාසික වැටුපක් හම්බ වුණා. මේ දෙන්නා ඉස්සර කොච්චර සමගියෙන් සතුටෙන් හිටියත්  දැන් එක්කෙනාට එක්කෙනා රණ්ඩු වෙනවා.මොකද දන්නවද දැන් දෙන්ටම ජීවත් වෙන්න රස්සාවකුත් තියෙනවනේ.අනික දැන් ඉස්සරට වඩා සල්ලිත් තියෙනවනේ..අනික තමයි මේ දෙන්නාත් සහෝදරයෝ වුණාට රණ්ඩු වෙලා වෙන් වුණා. බලන්න ඉස්සර මේ දෙන්නා කොච්චර සමගියෙන්ද හිටියේ.ඒත් මුදල් නිසා අද සමාජයේ සහෝදරකමුත් නැතිකරගෙන. පොඩ්ඩක් හිතලා බලන්න මුදල් වලට වඩා සහෝදරකම් කොච්චර වටිනවද කියලා.